IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සයිටම් ආයතනය එංගලන්ත වෛද්‍ය සභාවේ අසාදු ලේඛනයට

මහා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සභාව මගින් මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය අසාදු ලේඛන ගත කර ඇත.

සයිටම් ආයතනය පිරිනමනු ලබන උපාධි පිළිනොගන්නා බව එංගලන්ත වෛද්‍ය සභාව සනාථ කර ඇති අතර ලොව පුරා එසේ පිළිනොගත් උපාධි පිරිනමන ආයතන කිහිපයක් එම අසාදු ලේඛනයට අන්තර්ගත කර තිබිණි. සයිටම් ආයතනයද මේ වනවිට එම අසාදු ලේඛනයට ඇතුළත් කරනු ලැබ තිබේ.

ඒ අනුව එංගලන්ත වෛද්‍ය සභාවේ පීඑල්ඒබී පරීක්ෂණයට පෙනී සිටීමට හෝ එරට වෛද්‍ය සභාවේ ලියාපදිංචිවීමට එම අසාදු ලේඛනයේ ඇති කිසිදු ආයතනයකින් පිරිනමනු ලබන උපාධියක් තිබීම සුදුසුකමක් ලෙස නොසැලකේ.

සයිටම් වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළ ශිෂ්‍යයකු බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ පීඑල්ඒබී විභාගයට පෙනී සිටීමට අයදුම්පතක් ඉදිරිපත් කර ඇති අතර එම සභාව එය ප්‍රතික්ෂේප කළ බව සයිටම් ආයතනයේ ප්‍රකාශිකාවක සඳහන් කළාය.

අදාළ සයිටම් ශිෂ්‍යයා පීඑල්ඒබී විභාගයට අයදුම්පතක් ඉදිරිපත් කළ පසුව බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව සයිටම් වෛද්‍ය විද්‍යාලය ගැන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් කරුණු විමසා තිබෙන බවද එහිදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සයිටම් ආයතනය පිළිනොගන්නා බව දන්නා ඇතැයිද  ඇය කීවාය.

ඒ අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කරුණු පදනම් කරගනිමින් බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව සයිටම් ශිෂ්‍යයාගේ අයදුම්පත ප්‍රතික්ෂේප කර ඒ බව එම ශිෂ්‍යාවටත් සයිටම් ආයතනයටත් දැන්වූ බවද ඇය ප්‍රකාශ කර සිටියාය.

http://www.gmc-uk.org/doctors/registration_applications/14390.asp#2

 



අදහස් (71)

සයිටම් ආයතනය එංගලන්ත වෛද්‍ය සභාවේ අසාදු ලේඛනයට

sara Thursday, 14 September 2017 09:14 AM

දැන්වත් ඇස් ඇරෙයිද අපේ ලොක්කන්ගේ

:       730       7019

ලුම්බිණි Thursday, 14 September 2017 09:24 AM

මේක සදාකාලික තත්වයක් නොවෙයි. වෙනස් වෙන්න පුලුවන්. සයිටම් එකට හරියට උපාධි පාඨමාලා කරන්න ඉඩදුන්නේ නැත්තේ හීනමානයෙන් පෙලෙන නොමිලේ ඉගෙනගෙන දොස්තරලා වුණ ඉරිසියාවෙන් ඉන්න අපේම කට්ටිය මිසක් වෙන කවුද?

:       5747       4400

perakumFriday, 15 September 2017 07:48 AM

ඉරිසියාවට බෙහෙත් නැද්ද? මට හිතෙන්නේ ජී.එම්.ඕ.ඒ. දොස්තරලා ළඟ තියෙනවා... ඒත් දෙන්නේ නැහැ.

:       40       0

sachith Thursday, 14 September 2017 09:40 AM

දැන් අපේ ඇමැතිතුමාලා දෙන්න මොකක්ද දන්නේ කියන්නේ? එක්කෙනෙක් කියයි ඕනි ගොනෙකුට සයිටම් අසාදු ලේඛනයට දැම්මහැකි කියල. එත් අපි ඕව පිළිගන්නේ නෑ, මේ ආයතනය දිගටම පවත්වාගෙන යන්න අධිකරණ නියෝගයක් දීල තියෙන්නේ කියල.

:       350       527

MPFriday, 15 September 2017 07:10 AM

දැන් සමහරු කියයි "අසාදු නෙවේ සාධු - සාධු" කියල. සල්ලිවලට දොස්තරල බිහි කරලා ජනතාව අසරණ කරන්නයි මේ හදන්නේ. මේ ඔක්කොම කරන්නේ ඒ අයගේ පවුල්වල අය දොස්තරල කරන්න. මේ තරම් කාලයක් නාස්තිකරෙත් ඒ නිසයි.

:       0       0

SIRI Thursday, 14 September 2017 09:48 AM

ඕකටත් මොනවා හරි කියයි

:       27       640

ravi Thursday, 14 September 2017 10:06 AM

සයිටම් එකට කඩේ යන කට්ටියට සෑහෙන්න රිදෙයි

:       281       855

RANJANA Thursday, 14 September 2017 10:08 AM

ජය වේවා.. සයිටම් විරෝධී සටනට තවත් ශක්තියක්.

:       477       2988

dilanka Thursday, 14 September 2017 10:15 AM

එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ ......විලි ලැජ්ජයි

:       177       655

lalith Thursday, 14 September 2017 10:19 AM

එංගලන්තේ නැතුවට ඔය ඇති තරම් තවත් රටවල් තියෙන්නේ. ඒ රටවල්වලත් දොස්තරලා ඉන්නවා. එංගලන්තෙට වඩා හොඳට ඒ සමහර රටවල්වල බෙහෙත් කරනවා. වෙන එකක් තියා එංගලන්තේ ඔය කියන සභාව ඇමෙරිකාවටත් වැඩක් නැහැ. ප්‍රංශය සහ ප්‍රංශේ යටත් විජිතයන්ව තිබුණු රටවල්, චීනය, රුසියාව, ඔය කාටවත් මේ සභාවෙන් වැඩක් නැහැ. දියවැඩියාවට මෑත කාලයේ හොඳම බෙහෙත සොයාගත් කියුබාව, ඔය සභාව මොකක්ද කියල දන්නෙත් නැහැ. හරියට දෙවියන් අදහන කෙනා යක්ෂය ගණන්ගන්නේ නැහැ වගේ ඔය සභාවට වන්දනා මාන කරන කට්ටියට තමයි ඔය සභාව වැදගත් වෙන්නේ.

:       2778       1980

kumar (gulf)Thursday, 14 September 2017 10:41 AM

ලලිත් මොනව කරන්නද සයිට්ම් යන ළමයෙක් විදියට ඔයාට දුක ඇති. ඒත් ඉතින් ඇත්ත වෙනස් කරන්න බැහැනේ. ඔය හොර ගුහාව වහනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. සයිට්ම් මුදලාලිව හම්බ වෙලා එයාට දීපු ගානවත් ඉල්ලගන්න බලන්න. සමහර විට ඒ ගානෙන් කොටසක් හරි ගන්න පුළුවන් වෙයි.

:       32       478

Ajith NissankaThursday, 14 September 2017 02:38 PM

ලලිත් ඔයා සමහර රටවල් කියන්නේ අර ස්වාසිලන්තය වගේ රටවල් වෙන්න ඇති ! මෙම සයිටම් ආයතනය පිලි ගන්නේ නැති ප්‍රධාන හේතුව ඔවුන්ගේ පිළිගත් තත්වයන්ට නොගැලපෙන නිසා! ඇමෙරිකාව කැනඩාව වැනි බොහෝ රටවල වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වෙන්න නම් පළමුව අවුරුදු 4 ක උපාධියක් ලබා ගන්න ඕන! එම උපාදිය ඉහල සමාර්ථයක් විය යුතු අතර එයට අමතරව MCAT කියන විභාගය සමත් වෙන්න ඕනා ! කොතරම් මුදල් තිබුනත් ඉතාමත් ඉහල සුදුසුකම් නැතිව වෛද්‍ය විද්‍යාලයට යන්න බැහැ! ඔවුන් වෛද්‍යවරයන් වී මිනිස් ජීවිතවල වගකීම ගන්න සිද්ධ වෙන නිසා තමා ඔය තරම් අමාරු ක්‍රම වේදයක් අනුගමනය කරන්නේ !

:       25       422

kamani Thursday, 14 September 2017 03:01 PM

ඔබත් සයිටම් එකේ හොර උපාධියක් තියෙන එම් බි බි එස් - මාලබේ වැඩබැරි කෙනෙක් වගෙයි පෙනෙන්නේ.

:       5       291

ගයාන් Thursday, 14 September 2017 03:30 PM

ඕනෙම රටක වෛද්‍ය සභාවේ තමා මහත්‍තයෝ ඒ රටේ වෛද්‍ය අධ්‍යාපනය ගැන නියාමනය කරන්නේ. ඒක කාටවත් කඩේ යන ආයතනයක් නෙමෙයි. අනික බ්‍රිතන්‍යයෙන් තමා මන් හිතන්නේ අනිත්‍ රට වලටත් ඔය ක්‍රමය ගියේ. ඇයි ඔච්චර ඕකට වද වෙන්නේ. ආණ්ඩුව කරන හැම වැඩේම හරි වෙන් නෑ. වැරදි දේට වැරදි කියන්න පුරුදු වෙන්න. ලෝකෙම පිලිගත්ත ආයතනයක් ඕක කියන්නෙ.ඔයා කොහොමද එහෙම නෙමෙයි කියන්නෙ

:       12       288

samanThursday, 14 September 2017 03:45 PM

ලලිත් ඕවට කියන්නේ හිතේ දුකට කියවෙන කවි කියල..

:       34       224

Charith Thursday, 14 September 2017 05:32 PM

ඒකනේ මෙයානේ. එංගලංතෙත් රටක්යැ. මෝඩයෝ දැන්වත් තේරුම් ගන්න මේක මල ජරාවක් කියල.

:       1       74

SamiThursday, 14 September 2017 05:47 PM

ලිලිත්- එංගලන්ත වෛද්‍ය සභාවේ අසාදු ලේඛනයට දැම්ම එකට එංගලන්තයට බෑනලා වෑඩක්නෑ

:       1       41

maheeThursday, 14 September 2017 08:11 PM

ඔබ හරි ලලිත්, දොස්තර මාෆියාව විසින් නටවනු ලබන රුකඩ සභාවෙන අහල එංගලන්ත වෛද්‍ය සභාව මේ තීරණය අරන් තියෙන්නේ. මේකේ තියෙන එකම දේ දැනට සෛටම් ළමයින්ට එංගලන්තේ විභාගවලට පෙනී ඉන්න බැහැ කියන එකයි. ඒක පුදුමයක්ද, මෙහෙ තමන්ගේ රටේම සායනික පුහුණුව ලබන්නවත් අපේම කුහක මාෆියා කාරයින් ඉඩ නෙදෙනකොට? මේක දොස්තර මාෆියාවේ මහන්තත්තකම සහ මුදල් හම්බ කිරීමේ ප්‍රශ්නයක්. දැන්වත් රජයට අහ ඇරෙන්න ඕන අපේ රටේ වෛද්‍ය අද්‍යාපනය නිසි ප්‍රමිතියකින් පවත්වාගන්න ඉඩ නොදෙන මාෆියාවන්ට යට නොවී එඩිතරව කටයුතු කරන්න.

:       49       94

nishan Thursday, 14 September 2017 10:37 AM

එතකොට අපි දොස්තරලා බිහිකරන්න ඕනේ එංගලන්තෙට සේවය කරන්නද?

:       1647       1208

බණ්ඩාර(කැකිරාව) Thursday, 14 September 2017 10:44 AM

එංගලන්තේ එහෙම කලත් අපේ රටේ එහෙම වෙන්නේ නැහැ.

:       0       19

daham Thursday, 14 September 2017 10:47 AM

සයිටම් එකෙන් පිටවෙන එක්කෙනෙකුටවත් එංගලන්තේ කිසිම පශ්චාත් උපාධියකට පෙනී ඉන්න බැහැ.

:       1       34

naradha Thursday, 14 September 2017 10:48 AM

නිදහස් ජාතියක් කියා මහා හඩින් බෙරිහන් දුන්නට, තවම සුද්දා දෙයක් කිව්වොත් හතරට නැවිලා පිළිගන්නේ. නිදහස් යයි කියාගත්තට, තාම සිතින් පරගැතියි.

:       312       141

p.d goonawardena Thursday, 14 September 2017 11:06 AM

සයිටම් එකට කඩේ යන කට්ටියට සෑහෙන්න රිදෙයි

:       25       38

ruwi Thursday, 14 September 2017 11:42 AM

අද වෙච්ච සිදුවීම සමහරු හරියට තේරුම් අරන් නෑ. GMC එකෙන් පිලිගන්නා උපාධි පිරිනමන ආයතන ලැයිස්තුවෙ ආයතන දහස් ගාණක් තියෙනව. ඒකෙ සයිටම් කවදාවත් හිටියෙනෑ. සයිටම් එක කලින් තිබුනෙ අවිනිශ්චිත ආයතන කියල ලයිස්තුවක. අද වුනේ සයිටම් පිලිගත් උපාධි ආයතන ලිස්ට් එකෙන් අයින් වුන එක නෙවෙයි. හිටියෙත් නැති කෙනෙක් අයින් වෙන්න දෙයක් නෑනෙ. අද උනේ සයිටම් එක GMC එක විසින් මුලු ලෝකයෙන්ම පිලිනොගන්නා උපාධි ප්‍රධානය කරන ආයතන කියන Black list එකට ඇතුලත් කිරීමයි. මේක සුවිශේෂී ලිස්ට් එකක්. කොච්චර සුවිශේෂද කියනවනම් ලෝකෙන්ම මේ ලිස්ට් එකට දාන්න තරම් චාටර් ආයතන තිබුනෙ දහතුනයි. සයිටම් එක්ක දාහතරයි. අද උනේ සයිටම් එක ලෝකෙන් චාටර්ම උපාධි පිරිනමන ආයතන දාහතර අතරට නිල වශයෙන් ඇතුලත් වීම. ලෝකෙම මීට වඩා අවුල් වෛද්‍ය උපාධි පිරිනමන ආයතන තියෙන්නෙ 13යි. මුලු ලෝකෙන්ම සයිටම් දාහතර.

:       17       770

දිනේෂ් Thursday, 14 September 2017 11:43 AM

එතකොට ලංකාවේ අනාධිමත් කාලයක පටන් බුද්ධදාස රජතුමාගේ කාලේ සිට පැවත එන ආයුර්වේද වෙදකමත් එංගලන්තෙන් අනුමත වුනාද? තවමත් ලංකාව පරගැති මානසිකත්වයෙන් මිදිල නෑ. එංගලන්තෙන් බ්ලැක් ලිස්ට් කලා කියලා අපිට මොකද

:       322       313

samiraFriday, 15 September 2017 07:39 AM

හා, දැන් ඔන්න නියම ජාති ආලේ එළියට ඇවිත් තියෙන්නේ... හලෝ ආයුර්වේදය කියන්නේ එකක් බටහිර වෙදකම කියන්නේ තව එකක් එගොල්ලට ප්‍රශ්නයක් නෑ ආයුර්වේදයේ මොනවා කරගත්තත්, ඒ ගොල්ලන් බලන්නේ බටහිර වෙදකම ගැන මතක තියා ගන්න. බටහිර ඒකත් ඒ කියන්නේ අයුර්වේදයත් පිළිඅරගෙන තියෙන්නේ ඒකතමයි... ඒ ගොල්ලන් රංචු පිටින් ආයුර්වේදය හොයාගෙන මෙහාට එන්නේ...

:       0       30

chandra Thursday, 14 September 2017 11:46 AM

මේකේ කමෙන්ට්ස් දාන සමහර අය කඩේ යන්නේ කාටද කියලා තේරෙනවා. ඒ කිසි කෙනෙක් ඇයි අසාදු ලේඛනයට ඇතුලත් කලේ කියල හිතන්නේ නැහැ. සෛටම් එකේ අවශ්‍ය පහසුකම් නැති නිසා බව පිළිගන්නේ නැහැ.

:       336       351

dingirala Thursday, 14 September 2017 12:10 PM

එංගලන්තේ බොහෝ දෙනකුට රාජ ද්‍රෝහියකු වූ කැප්පෙටිපොල තුමා අපට ජාතික වීරයෙක්. එංගලන්තයේ බොහෝ දෙනකුට වීරයකුවූ ප්‍රභාකරන් අපට දුෂ්ටයෙක්. හැමදේටම එංගලන්තේ අනුමැතිය අපට අවශ්‍ය නැහැ.එංගලන්තයට නොගැලපුනට SAITM ලංකාවට හොඳටම ගැලපෙනවා. ලංකාවේ දුෂ්ට බලවේග විසින් එංගලන්තේ වෛද්‍ය සභාව නොමග යැවීමේ ප්‍රතිපලයක් ලෙස මෙය සිදුවුණා වියහැකියි. නැත්නම් එංගලන්තෙන් කවුරුවත් ඇවිත් SAITM වල ප්‍රමිතිය මේ හදිසියේ පරීක්ෂා කලේ නැහැනේ. එංගලන්තයට කිවයුතුයි ලංකාවට ඇවිත් ලංකාවේ වෛද්‍ය විද්‍යාල සියල්ලේම ප්‍රමිතිය බලන්න කියල එතකොට කාටත් තේරේවි සයිටම් එකේ ප්‍රමිතියේ සැබෑ තත්වයත් ලංකාවේ තිබෙන ප්‍රමිතිය ඉහලයි කියන සමහර වෛද්‍ය විද්‍යාල දෙකතුනක සැබෑ තත්වයත්. ඔවුන්ට කියන්න ඕනේ ලංකාවේ වෛද්‍ය විද්‍යාල සියල්ලටම එකම අවසාන පරීක්ෂණයක් තියන්න කියා. එතකොට තේරේවි කාගෙ කාගේත් ප්‍රමිතිය කුමක්ද කියා. මොන ද්‍රෝහීකම කලත් කවද හරි සත්‍යය ජයගන්නවා නියතයි.

:       1129       3204

Ajith NissankaThursday, 14 September 2017 07:18 PM

SAITM ගැලපෙනවා ඇති අර බිලියන් ගණන් කළු සල්ලි උපයපු සල්ලි වලට කර කියා ගන්න දෙයක් නැතුව ඉන්න අයට! නමුත් රටට ගැලපෙන්නේ නැහැ !

:       205       54

Ajith NissankaThursday, 14 September 2017 07:36 PM

රාජ ද්‍රෝහියකු වූ කැප්පෙටිපොල තුමා අපට ජාතික වීරයෙක්! එකේ ගැටළුවක් කාටවත් නැහැ! ඒ වගේම බටහිරට ගැතී නොවී යුද්ධය අවසන් කරපු නායකයොත් අපිට වීරයෝ! නමුත් අවසන් කරපු යුද්ධය මාකට් කරලා ඊට පස්සේ පරම්පරා ගානකට හොරකම් කරපු නායකයෝ අපේ වීරයෝ නොවේ! අකමැති වුනත් නැතත් අපි කතා කරන්නේ "බටහිර" වෛද්‍ය ක්‍රමය පිළිබද උපාදි විකුණන ආයතනයක් ගැන මිසක් අර බුද්දීධාස රජතුමා අදුන්වා දුන්න දේශීය වෙදකම නොවේ ! ඒක නිසා "බටහිර "වෙදකම පිළිබද උපාදධි දෙන ආයතනයක් අනුගමනය කල යුතු වන්නේ බටහිර තත්ව පාලනය (Western Standards) මිසක් වෙන මොකක්ද???

:       100       29

d.upul Thursday, 14 September 2017 12:50 PM

නම වෙනස් කර ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය යටතට පවරා ගන්න. අන්තරේ කට්ටියට ඕනේ ඒකත් වෛද්‍ය විද්‍යාලය යටතට පවරා ගත්තට පස්සේ නොමිලේ ඒකටත් රිංගල අධ්‍යාපනය කඩාකප්පල් කරන්න.

:       237       319

Sam Thursday, 14 September 2017 12:54 PM

මේ තීරණය අරන් තියෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දීපු තොරතුරු මත. බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව කෙලින්ම පරීක්ෂණයක් කලානම් හොඳයි.

:       316       428

Mahesh Thursday, 14 September 2017 12:58 PM

කුහක දොස්තරයන් විසින් කරන ජාතික අපරාධයක් මේ.

:       211       330

Nalin Thursday, 14 September 2017 01:01 PM

මේක හරියට හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වගේ.

:       127       116

akila Thursday, 14 September 2017 01:29 PM

කට්ටිය හරියට නිවුස් එක කියවල නැහැ වගේ. ලංකාවේ විද්‍යා සභාව එය පිලිනොගන්න බව කීම නිසා තමයි ඔවුන් එය අසාදු ලේඛනයට දමා තිබෙන්නේ. ඒක හරියට හොරාගේ අම්මගෙන් පේන අහනව වගේ වැඩක්

:       232       308

sameera Thursday, 14 September 2017 01:44 PM

හොඳට කියවල බලන්න ඕක කරලා තියෙන්නේ ලංකාවේ වෛද්‍ය සභාව.

:       141       192

rohana Thursday, 14 September 2017 02:07 PM

2011 ඕක පටන් ගන්න කොට කවුරුත් කෑ ගැහුවේ නැහැ ඇයි බයයිනේ

:       77       132

RANJITH SILVA Thursday, 14 September 2017 02:15 PM

මේ තීරණයට පාදක වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා විද්‍යා සභාවේ නිර්දේශ බැවින් නඩුත් හාමුගේ බඩුත් හාමුගේ වැඩක් වෙලා තියෙන්නේ. GMOA එක විසින් නටවන විද්‍යා සභාව වෙන මොකවත් කරන්න දන්නේ නැහැ. ටික කලක් මෝඩ චුන් වෙලා හිටපු දෙන්

:       208       263

Saman Thursday, 14 September 2017 02:20 PM

ප්‍රවෘත්තියේ පැහැදිලිවම මෙහෙම කියනව "බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව සයිටම් වෛද්‍ය විද්‍යාලය ගැන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් කරුණු විමසා තිබෙන බවද එහිදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සයිටම් ආයතනය පිළිනොගන්නා බව දන්නා ඇතැයි ' ඉතින් තව මොනවද ?, ප්‍රතික්ෂේප කරල තියෙන්නෙ ලංකාවෙ වෛද්‍ය සභාව සයිටම් පිලිනොගන්න නිසා මිසක් වෙන කාරණයක් නිසා නෙවෙයි, ලංකාව සයිටම් නීතිගත කලොත් මේ තීරනය වෙනස් වෙනව.

:       121       151

බද්රානි Thursday, 14 September 2017 02:34 PM

1975 වසර වනතෙක් එංගලන්ත වෛද්‍ය සභාවෙන් නියාමනයවූ වෛද්‍ය පීඨ වල වර්තමාන තත්වය ගැන එංගලන්ත වෛද්‍ය සභාව දැනුවත් නැතිව ඇති. එදා බිහිවුන වෛද්‍යවරු අතරේ හා මෑත කාලයේ බිහි වුන දේශපාලන වෛද්‍යවරු අතර වෙනස අපිට නම් හොඳට පෙනෙනවා. අනික ඉතින්, එංගලන්තේ වෛද්‍යවරයෙක් කියන්නේ මිහිපිට දෙවියෙක්. ලෙඩ්ඩුන්ව සුරාගෙන කන දොස්තර මුදලාලිලා නොවෙයිනේ . අන්න ඒ ටික එංගලන්ත වෛද්‍ය සභාවට වැටහුනා දාට අපේ දොස්තරලට එංගලන්තේ දුවන්න පාරවල් මදිවෙයි???

:       333       420

ChandraFriday, 15 September 2017 03:06 AM

භද්‍රනි, ඔබ සයිටම් ඉගෙන ගන්න කෙනෙක් වෙන්න ඇති. ඔබලාට සමහරවිට ඔය දේශපාලන බෙබිලට වැඩිය සුදුසුකම් ඇති වේදකම ඉගෙනගන්න. ඔබල ගැන ඇත්තටම් කනගාටුවක් ඇතිවෙනවා හරියට සක්විතිට අහුවුනමුදල් තැන්පත් කල අය වගේ නිසා. එහෙත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කියන්නේ රජයේ වෛද්‍ය සභාව නොවෙයි. එයට බොහෝ විශේෂඥයන නියෝජනය වෙනවා.

:       100       16

සපූ Thursday, 14 September 2017 02:45 PM

ලලිත් මහත්තයෝ මම ඔබතුමා ගාවට බෙහෙත් ගන්න නොවරදවාම එනවා.

:       3       19

විකුම් රංගන Thursday, 14 September 2017 02:55 PM

සුද්දන්ගෙන් තොර ලෝකයක් ඔබලට නැහැ කියලා දැන්වත් තේරෙනවද?එදා සුද්ද හදලා දුන්නු රට හා අධ්‍යාපනයත් විනාශකර ගෙන ගොන් රෑනක් බිහිවෙලා ඉන්න රටේ සයිටම් දොස්තරලට විතරක් නෙමේ, හොරට වීසා ගහගෙන එංගලන්තෙට පනින අයවත් පයින් ගහලා එලවන දවස වැඩි ඈතක නැහැ. කට්ටියට ගැලපෙන්නේ අරාබියේ ජාතික සේවය තමයි.

:       105       46

menna Thursday, 14 September 2017 03:15 PM

එංගලන්තේට ඕන විදියටද අපි ඉගෙන ගන්න ඕනේ? ලංකාවට හරියන දෙයක් කරානම් හරි. මොන පෞද්ගලික විශ්ව විද්‍යාල තිබුනත් ඒවායේ උගන්වන්නේ උපාධියක් ගත්ත අයනේ. ලංකාවේ විශ්ව විද්‍යාල වල අයත් ඕවයේ උගන්වයි.

:       128       180

ප්‍රීති Thursday, 14 September 2017 03:29 PM

අපේ අයට රටේ කාටහරි වල කපලා ලබන්න පුවන් තරම් සතුටක් තවත් තියනවද?. මේ වගේ පුවත් වලින් ප්‍රීතියෙන් උන්මාදයට පත්වෙනවා හැරෙන්න අපි ඉතින් වෙන මොනවා කරන්නද? ඒ තරමටම ජොලි..ඇත්තටම සුද්දන්ටම මේ රට භාර දෙන්න කාලය ඇවිල්ල එදා සුද්දෝ මේ රට හැර නොගියා නම්, අද මනුශ්‍යයින්ගෙන් මේ රට පිරිලා උතුරන්න තිබුනා.

:       188       221

ගයාන් Thursday, 14 September 2017 03:34 PM

නිශාන් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ කමෙන්ට් දාන්න එපා.ඔයා හරියට කතා කරන්නේ ඔයා අතින් වියදම් කලා වගේනේ.

:       32       29

Daya Thursday, 14 September 2017 03:52 PM

එහෙම කොහොමද එංගලන්ත වෛද්‍ය සභාව අපේ ළමයි හොඳ නැ කියන්නේ. බය නැතුව ගිහින් එංගලන්තේ බෙහෙත් කරන්න.

:       66       9

niranji Thursday, 14 September 2017 03:55 PM

මේ රටේ ඉන්න කුහක සිංහලයෝ ටික අසාදු ලේඛන ගත කරන්නේ කවදාද? සයිටම් වෛද්‍යවරු වෙනුවට, පිටරටින් වෛද්‍යවරු ගෙන්වන්නේ කවදාද? අපේ රටේ වෛද්‍ය මාෆියාව ගැන එංගලන්ත වෛද්‍ය සභාව දැනුවත්ද? වඳ වීමට නියමිත ජාතියකට මොන වෛද්‍ය වරුද?දැනට, මේ රටට හිගව පවතින පශු වෛද්‍ය වරු එංගලන්තයෙන් ආනයනය කරමුද?

:       297       184

Daya Thursday, 14 September 2017 03:59 PM

ලලිත් මහත්මයා මොනාද මේ කියන පණ්ඩිත කතා. GMC එකේ වැදගත්කම දන්නේ නැත්නම් මෝඩකම් පෙන්නනේ නැතිව ඉන්න. ඔබ හිතුවේ GMC කියන්නේ ගාල්ලේ මහා නගර සභාව කියලද?

:       17       98

Sameera Thursday, 14 September 2017 05:38 PM

GMOA එක කිව්ව කතා ඇත්ත බව පේනවා, ලංකාවේ හැම විශේශ වෛද්‍යවරයම පුහුණු වෙන්නේ එංගලන්තයේ , එත් සයිටම් උපාධි රටට කැලලක්.

:       48       351

Ck Thursday, 14 September 2017 06:20 PM

කවුරු කොහොම එංගලන්තෙ නෙවෙයි මුලු ලෝකෙම කිව්වත් සයිටම් එකට කඩේ යන අය හරි. ඒත් එක දෙයක් මතක තියා ගත යුතුයි. ප්‍රමිතියක් නැති වෛද්‍ය සේවයක් නිසා එදාට තමන්ගේ පවුලේ කෙනෙක්ගෙ ජීවිතයක් නැති වෙන්නත් පුලුවං කියන එක. මුලු අධ්‍යාපන ක්‍රමයටමයි මේකෙන් හානි වෙන්නෙ. මේ සයිටම් එක වහන එක ප්‍රායෝගික වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. ඒත් ඇයි කවුරුත් ප්‍රමිතිකරණ යක් ගැන කතා නොකරන්නෙ කියන එකයි තීයෙන ගැටලුව

:       232       167

chandana Thursday, 14 September 2017 06:33 PM

පසුගිය රජය සයිටම් පටන් ගත්තේ. දැන් අවුරුදු 7-8 වෙනවා. නියපොත්තෙන් කඩන්න තිබුන දේ දැන් වනයක් වෙලා.ඒ කලේ මෙහෙම ස්ට්‍රියික් කලාද සයිටම් අල්ලාගෙන. එහෙම කරන්න වෛද්‍ය සබාව බය වුණා. අදටත් පෙර රජයම තිබුනානම් මෙහෙම සද්ද නැහැ. වෛද්‍ය සබාවේ යටි අරමුණු ගොඩක් තියනවා. ඇත්ත ඒකයි. මමත් සයිටම් එකට විරුද්දයි.

:       91       587

kumara (gulf) Thursday, 14 September 2017 07:00 PM

මේකෙ අදහස් පල කරලා තියෙන සයිටම් දරුවන් බොහොමයක් සම්බන්දයෙන් අපි කණගාටුව පල කරමු. මේක ඒ දරුවන්ගේ වැරද්දක් නෙමෙයි. සයිටම් මුදලාලි මේ දරුවෝ රවට්ටල සල්ලි ගත්ත එකේ ප්‍රතිපල. දරුවනේ ඔයගොල්ලො ගිහින් ඔයගොල්ලන්ගෙන් ගත්ත සල්ලි ටික ඉල්ල ගන්න.

:       213       1513

lasantha Thursday, 14 September 2017 07:52 PM

සයිටම් ආයතනයේ ප්‍රමිතිය හදන්න ඉඩ නොදුන්න හා සායනික පුහුණුව කඩාකප්පල් කල දොස්තරලා එංගලන්ත වෛද්‍ය සභාවට ගතු කියලා ඔවුන් මේ ඇති කර ගත්තු තුච්ච ජයග්‍රහණය ඔවුන්ගේ ජයග්‍රහණයක් උනාට එය මුළු ශ්‍රී ලංකාවටම කැළලක්. අපිට කියන්න තියෙන්නේ පාරවල් වල ඩෙගා නටන වෙද නඩයක් ඉන්න මේ රටේ ඉන්නේ සැබෑ වෛද්‍යවරු නොවේ. හුදු කළුකඩ දොස්තරලා පමණයි. අනාගතයේදී අපිත් සුද්දන්ට ගතු කියලා මේ මාෆියා වෙද නඩය ගැන ලොවම දැන්වත් කරනවා. දැනටමත් ලංකාවේ තිබෙන තානාපති කාර්යාල වල නිලධාරීන්ට අවබෝධ වෙලා ඇති මේ වෙද මාෆියාවේ ස්වභාවය. අසරණ රෝගීන්ගේ ජීවිත මුදල මත තීරණය කරන මෙවැනි දොස්තර මුදලාලිලා ලොවෙත් නැතිව ඇති. මෙවැනි තුප්පහි ජාතියකට සුද්දන්ගේ සරණ හැර වෙන පිළිසරණක් නැති බවත් අපි දනිමු.

:       1       128

siriwardhana Thursday, 14 September 2017 11:39 PM

පිටරටින් දෙන පෞද්ගලික උපාදියට විරුද්ද වෙන ගම්මන්ම එංගලන්තයෙන් දෙන රිපොර්ට් පිලිගන්නවා. විලි ලජ්ජය්. කිසිම ප්‍රතිපත්තියක් නැති කබරගොයත් තලගොයා කරගන්න හැටි, හිරිකිතය්.

:       1       15

maal Friday, 15 September 2017 01:24 AM

මහින්දගේ කාලේ සෛටම් ඕනෑම කියපු පාදෙණිය කාලෝ ෆොන්සේකා ඇතුළු වෛද්‍ය සභාවේ ඔය නඩයම නේද දැන් වග කියන්න ඕකට. දැන් ලංකාවේ දොස්තරලා කියාගන්න අය මුළු ලෝකෙටම විහිළුවක් වෙලා ඉවරයි. විශ්ව විද්‍යාල වල කුජීත සංගම් වල ශිෂ්‍යයෝ කියන කොටස වල්මත් වෙලා තම සහෝදර ශිෂ්‍යින්ගේ අනාගතය විනාශ මුඛයට යවනවා. දැනට රටේ තියෙන නීතියෙන් බැරිද මේ නොමග යවන ශිෂ්‍ය නායකයෝ ටික අල්ලලා තාවකාලිකව රිමාන්ඩ් කරන්න එතකොට අනිත් 95% වත් ඉගෙනීම කරගෙනයාවී.

:       21       56

MP Friday, 15 September 2017 02:30 AM

එන්ගලන්තයේ හෝ තූත්තුකුඩියේ වුනත් අපට කමක් නෑහෑ, ඒත් වෙදකම් කරන්නේ බල්ලෝ බලලුන්ට නොවේ, මිනිසුන්ට බව මතක තියාගන්න.

:       1       19

chandana Friday, 15 September 2017 03:46 AM

සයිටම් එකට කඩේ යන ලංකාවේ කළු සොද්දෝ ටිකටත් දැන් හරි ඇස් ඇරිලා මේ උපාධි කඩේ වැහුවොත් ඇති.

:       28       109

mangala Friday, 15 September 2017 04:09 AM

දැන්වත් අපේ medical college වල දක්ෂ ළමයිනට ඉගෙන ගැනීමට අවශ්‍ය වටපිටාව සකසන්න. මේ ළමයිනට එම අවස්ථාව දුන්නේ නැත්නම් එක ජාතික අපරාධයක්. එක කුහකයින්ට තේරෙන්නේ නැති වෙයි.

:       1       37

Sena Friday, 15 September 2017 04:17 AM

දැන් අවලංගු උපාධිය කරලා ගෙදර ඉන්න සයිටම් ළමයි ගොඩක් මෙතන කොම්මෙන්ට් දමන බව පේනවා ඔවුන් ගැන දුකයි . මේක වැඩි දුර හිතන්න දෙයක් නැහැ, මෙම අසාදු ලේඛනයේ ඉන්න අනෙක් වෛද්‍ය පීඪ මොනවද කියල බලන කෙනෙකුට තේරෙනවා සයිටම් සමග රජය අපේ වෛද්‍ය අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය අරන් යන්න හදන්නේ කොහාටද කියල.

:       44       176

Wijebahu Friday, 15 September 2017 04:25 AM

මේක අලුත් නෙව්ස් එකක් නෙවයි. ලංකාවේ වෛද්‍ය සභාව අනුමත නොකරපු ආයතනක් පිටරටකින් පිළිගන්නේ නැහැ. මේ ඔක්කොම් අවුල වෛද්‍ය සභාව පිළිගන්නේ නැති නිසානේ? එකට පිළියම් තමයි මේ දැන් හොයන්න යන්නේ.

:       136       59

සිදු Friday, 15 September 2017 04:28 AM

ලංකාවේ ඉන්න ලොකු කෙරුමො ඇහුවනම් ඕක අහන්නේ සයිටම් එකෙන්. එන්ගලන්තයේ ඉන්නෙත් ඉරිසියාකාරයො. ඕක මොකට සභාවෙන් අහුවද මන්දා.

:       26       4

boru Friday, 15 September 2017 04:31 AM

කලබල වෙන්නේ එපා. සයිටම් එක ලංකාවේ SLMC එකත් තාම පිළිඅරන් නැත.

:       13       60

Dhammika Friday, 15 September 2017 05:12 AM

ලංකාවේ වෛද්‍ය සබාවෙන් අහලා එංගලන්තේ තීරණයක් ගත්තට මේක එංගලන්තෙන් පරීක්ෂණයක් කරලා ගත්තු තීරණයක් නෙවෙයිනේ. ඒ නිසා ලංකාවේ වෛද්‍ය සබාව මේක එලියට ගෙන කෑ ගහලා වැඩක් නෑ.

:       82       36

Shan Friday, 15 September 2017 06:26 AM

අපේ අයගේ හීනමානය මේකේ අදහස් දැක්කම පේනවා. එංගලන්තේ බෑ කියලනේ... දැන් ඉතින් ඒක වහන්නම ඕන වගේ තමා කතාව. පුදුම ජාතියක්. ඕනෑම නම් එ්කේ ප්‍රමිතිය වැඩි කරන එකනේ තියෙන්නේ.... මේක මහා ලොකු දෙයක් නෙමෙයිනේ.

:       30       44

මේ ලංකාව Friday, 15 September 2017 06:54 AM

එංගලන්තයේ දොස්තරලා වර්ජන කරනවද ලංකාවේ වගේ. ගෝඨාභයගේ ක්‍රමය කළොත් මේ වගේ කොමෙන්ට් ලියන්නත් පුළුවන්ද? අනිකාගේ බෙලි කැපීම, තමාගේ ගොඩ වැඩි කර ගැනීමට සුද්දවත් දැන් පාවිච්චි කරනවා. විමල් හිටියා නම් ජාත්‍යන්තර ප්‍රශ්නයක් කියා බිස්කට් කාලා මාරාන්තික උපවාසයේ. මොහොතකට මහින්දට බලය දුන්නා නම් ජී.එම්.ඕ.ඒ. සහ එස්.එල්.එම්.සී. එංගලන්තයට සයිටම් ආයතනය පිළිගන්නා ලෙස දන්වනු ඇත. මහින්ද බලයට ගෙනඒමට ලංකාවේ සයිටම් විරෝධී රැල සමගයි. හෙළුවෙන්. මේ සිරි ලංකාව... සිලෝන් නොවේ..

:       0       85

Sameera_A Friday, 15 September 2017 07:08 AM

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විශ්ව විද්‍යාලය දකුණු ආසියා තාක්ෂණික ආයතනය ලෙස එංගලන්තයේ ලියාපදිංචි වෙන්න හදලා. ඒත් මෙම ආයතනයට ලංකාවේ කියන්නේ දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය ආයතනය නමිනුයි (SAITM ).ඒ කියන්නේ SAITM අපිව අන්දලාද??

:       0       0

perakum Friday, 15 September 2017 07:08 AM

පුදුමයි අනේ අපේ කට්ටියට තවම තේරෙන්නේ නැද්ද? පිටරට දොස්තර විභාග පාස්කරලා එන අයට වගේ මේ ළමයින්ටත් Act16 විභාගේ ගන්න කිව්වනම් GMOA ප්‍රශ්නේ එතැනින්ම ඉවරයි.

:       0       0

අසාදු ලේඛනය Friday, 15 September 2017 07:25 AM

පිළිගත නොහැකි සුදුසුකම් ලැයිස්තුවක් අප දැනට පිළිගන්නේ නැති සුදුසුකම්. මෙය අසාදු ලේඛනයයි........ BLACK ලිස්ට් නොවේ.

:       0       0

lakmal Friday, 15 September 2017 07:58 AM

මහත්තයෝ බොරුවට කියවන්නේ නැතුව ජී.එම්.සී. එකේ වෙබ් එකට ගිහින් බලන්න. ඒකේ තියෙනවා මේවා බ්ලැක් ලිසිට් කරන්න හේතු. ලංකාවේ වගේ අරයා මෙයා කිව්වා කියලා පිළිගන්නවත්, ප්‍රතික්ෂේප කරන්නෙවත් නෑ. මේ රටවල්වල වගකිව යුතු අය නැහැ.

:       52       0

sam Friday, 15 September 2017 09:06 AM

ලංකාවේ දෙයක් එංගලන්තය ප්‍රතික්ෂේප කලාම සතුටු වෙන "දේශප්‍රේමියෝ " ඉන්න කම්, ලංකාව තුන්වන ලෝකයේ වත්, හතරවන ලෝකයක් හැදෙනවා නම් ඒ ලංකාව නිසයි... ඒකවත් ඉතුරු වෙලා තියන එක ඇති...

:       32       51

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4981 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3704 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3047 10

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11683 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 7972 57

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3052 2

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site