IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


වෛද්‍ය සාෆි 25 තෙක් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය මොහොමඩ් සාෆි ශිහබ්දීන්  ලබන 25 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා නියෝග කළේය.
 
රැඳවුම් නියෝග මත රහස් පොලිස් භාරයේ පසුවූ වෛද්‍යවරයාගේ රැඳවුම් නියෝග අත්හිටුවීමෙන් පසු අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
 
ඔහු අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය දැනුම් දුන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වෛද්‍යවරයා  රඳවාගෙන තබා ගත්තද එම පනත යටතේ වරදක් සිදු කර ඇතැයි මේ වන තෙක් අනාවරණය වී නැති බවයි.  වඳ භාවයට පත්වී ඇතැයි කියමින් පැමිණිලි කළ මව්වරුන් 143 දෙනකු  එස්එච්ජී පරීක්ෂණයට ලක් කිරීමට අවසර ලබා දෙන්නැයි රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
වෛද්‍ය සාෆි ශිහබ්දීන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ප්‍රකාශ කළේ වෛද්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇතැයි චෝදනා සියල්ලම අසත්‍ය බවයි. පැමිණිලි කළ මව්වරුන් එස්එච්ජී පරීක්ෂණයට යොමු කිරීම ගැන තමන් ද එඟ වන බවත්, මව්වරුන් එම පරීක්ෂණයට ලක් කරන ලෙස ඉල්ලා සිටින බවත් සාෆිගේ නීතීඥවරු ඉල්ලා සිටියහ.
 
මව්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන්  ප්‍රකාශ කළේ සාෆිගේ වත්කම් සම්බන්ධයෙන් රහස් පොලිසිය කළ පරීක්ෂණයේ දී ඉඩම්වල මුහුරත් වටිනාකම පමණක් ඉදිරිපත් කර ඇති බවයි. ඒවායේ වර්තමාන වටිනාකම රහස් පොලිසිය ඉදිරිපත් කර නැතැයි ද, බැංකු දෙකක ගිනුම් ගැන පරීක්ෂණයක් නොකර රහස් පොලිසිය සාෆි සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ චෝදනා ඉවත් කර තිබෙන බව ද මව්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ප්‍රකාශ කළහ.  එක්තරා බැංකුවට සාෆි නමින් මිලියන 115ක මුදලක් හුවමාරු වී ඇති බව ද එම නීතීඥවරු කීහ. 
 
සියලු පාර්ශ්වයන්ගේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වෛද්‍යවරයාට ඇප දෙනවාද නැද්ද යන්න ගැන තීන්දුව පස්වරු 5.30ට ලබා දීමට තීන්දු කළේය. ඒ අනුව 5.30ට පැමිණිල්ල කැඳවූ මහේස්ත්‍රාත්වරයා වෛද්‍යවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති චෝදනාවල බරපතලකම සැලකිල්ලට ගෙන ඔහු  25 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට නියෝග කරන බව ප්‍රකාශ කළේය.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

 



අදහස් (45)

වෛද්‍ය සාෆි 25 තෙක් රිමාන්ඩ්

Raveendra Thursday, 11 July 2019 11:52 AM

දේෂ ද්‍රෝහීන්ට දඩුවම මරණය හැර වෙන විකල්ප නැත...

:       3589       6529

පෙරිය තම්බි Thursday, 11 July 2019 12:17 PM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

:       47       125

Asela Thursday, 11 July 2019 12:18 PM

මව්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ප්‍රකාශ කළේ සාෆිගේ වත්කම් සම්බන්ධයෙන් රහස් පොලිසිය කළ පරීක්ෂණයේ දී ඉඩම්වල මුහුරත් වටිනාකම පමණක් ඉදිරිපත් කර ඇති බවයි. ඒවායේ වර්තමාන වටිනාකම රහස් පොලිසිය ඉදිරිපත් කර නැතැයි ද? මොන රෙද්දක්ද මේක.. මේකා වද සැත්කම් කරා කියල උසාවියට එක්කගෙන ගිහින් බැංකු පරික්ෂා කරන්න කියන්නේ.. මෙහෙමත් ගොන් නීතිඥවරු

:       3532       2052

සමන් - ඕමානය Thursday, 11 July 2019 02:03 PM

අසේල මයා, ඔබ නීතිඥ මහතුන් ගොන් නීතිඥවරු යයි කීම ඔබේ ගොන්කම විදහා දැක්වීමක්. නීතීඥ මහතුන් උසාවියට කරුණු ඉදිරිපත් කර ඇත්තේ, ඔහුගේ ඇති විශාල වත්කම් දේපල උපයාගත් ආකාරය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සෙවියයුතු දෙයක් බවයි. ඒවා පිටරට හෝ මෙරට ත්‍රස්තවාදී කල්ලි මගින් දුන් දෙයක් වියහැකි බවයි. ඒක ඔබගේ මොලයට වැටහෙන්නේ නැති එක පුදුමයක්. ඔබ වගේ ගොන්නුන් තමයි, සංහිඳියාව ගැන කෑමොර ගසමින්, ත්‍රස්තවාදී කල්ලිවලට සුදුහුණු ගාන්න හදන්නේ... සාධාරණව හිතන්න. ඊටත්, දහස් ගණනක් කාන්තාවන් කියන කතා ඔක්කොම බොරුවට ගෙතු ඒවාද? ගින්නක් නැතිව දුමක් නොනගී කියන කතාවවත් අහලා නැද්ද? ඔබගේ සොහොයුරියකට හෝ බිරිඳට මෙම සැත්කම් සිදු කළා නම්, ඔබ ඔහොම කතා කියයිද?

:       1016       3658

Senaka -OmanThursday, 11 July 2019 02:39 PM

අනේ සමන්ත මෝඩකම පෙන්නන්න නම් එපා.. වඳ සැත්කම් කිරීමට කියලා හිරේට දාලා.. උසාවියට ගෙනිච්චාම සල්ලි හම්බවුණේ කොහොමද කියලා..

:       508       444

සමන් - ඕමානයThursday, 11 July 2019 03:52 PM

සේනක මල්ලි, "පරීක්ෂණ" කියන එකේ තේරුමවත් හරිහැටි දැනගෙනද මේ කතා කරන්නේ? සැකකරුවෙක් එක වැරැද්දක් ගැන සොයන්න අත්අඩංගුවට ගත්තාම ඔහු කළ තව තව අපරාධ, බලුවැඩ, කුපාඩි වැඩ ඔක්කොම අහුවෙන බව දන්නේ නැද්ද? අපරාධ පරීක්ෂණ, රහස් පරීක්ෂණ අංශවල කාර්යය ඒකයි. එහෙම වැරදි අහුවුණාම, ඒවාත් උසාවියට ඉදිරිපත් කරන දේවල් වෙනවා. ඔයාගේ සාමාන්‍ය දැනුමේ හා බුද්ධියේ මට්ටම ගැන මට දුකයි. එහෙම නැත්නම්, මට පෙනෙන්නේ ඔයාත් ඊනියා සංහිඳියාවෙන් තෙම්පරාදු වුණු කෙනෙක් කියලයි...

:       480       197

මොහමඩ් සෆ්රාන් Thursday, 11 July 2019 12:19 PM

දොස්තර සාෆි තුමනි. මිනිසුන් වැරදි කරන සුළුයි. නමුත් ඔබ මේ කියන වැරැද්ද නොකළ බව ඔබගේ නලලෙන් කිවහැක.

:       2636       2731

Nuwan Thursday, 11 July 2019 12:24 PM

වැරද්දක් නැතුව දේශද්‍රෝහීන් කිරීමත් 'දේශද්‍රිහිකමක් ' රවීන්ද්‍ර ..

:       1042       1194

කෝලිත Thursday, 11 July 2019 12:47 PM

ඇයි...නලලෙ ලියල තියෙනවද දෙවි කෙනෙක් හරි සුරදූතයෙක් හරි කියල......නිකං පච කියන්න එපා...... ආගම නිසා..මනුස්සයෙක්ව තේරුම්ගනින් කරන වැඩ වලින්...මූණෙ පෙනුමෙන්වත් අදින සලුපිලිවලින්වත් නැතුව.......

:       2182       2166

මුසල්ලිමානුවාThursday, 11 July 2019 01:04 PM

කෝලිත අයියේ, නළලේ රහස දන්නේ පස් වතාවක් දෙවියන් වඳින කට්ටිය පමණයි. ජාතිවාදීන්ට ඕවා තේරෙන්නේ නැත.

:       2198       2238

මොහමඩ් සල්මාන් Thursday, 11 July 2019 12:50 PM

රවින්ද්‍ර දේශද්‍රෝහීන්ට අනිවාර්යයෙන්ම මරණීය දඬුවම දෙන්න ඕන . එත් ඒ දේශද්‍රෝහීන්ට පමණක්

:       1019       440

Keerthi Thursday, 11 July 2019 01:01 PM

රවීන්ද්‍රට මරණ දඬුවම දුන්නොත්, දෙමල මනුස්සයෙක් කියලා..

:       1051       670

nalin Thursday, 11 July 2019 01:30 PM

තර්කානුකූලව දෙයක් තේරුම් ගැනීමට නම් ලංකාවේ මිනිස්සුන්ට පුළුවන් කමක් නැද්ද?

:       6       154

Raveendra Thursday, 11 July 2019 01:36 PM

නුවන් මයා වෙත, තමන් උපන් මව්බිමට ද්‍රෝහී වෙන්නෝ දේශද්‍රෝහීන්ය. සිංහලද, දෙමළද, මුස්ලිම්ද කෙසේවත් අදාළ නැත... කරුණාකර කෙනෙකුගේ අදහස් තේරුම් ගැනීමට උත්සාහ කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. තවත් වරක් අප මෙසේ සඳහන් කරන්නෙමු. " දේශද්‍රෝහීන්ට දඬුවම මරණය" හැර වෙන කිසිඳු දඬුවමක් සුදුසු නැත...

:       446       1004

පුෂ්පකුමාරThursday, 11 July 2019 02:52 PM

උපන් බිමට දරුවකුවත් දායාද නොකළ එවුන් තමයි අද, මහා ලොකු දේශප්‍රේමියෝ වෙලා තියෙන්නේ... එලොවටත්, වැඩක් නැති මෙලොවටත් ඵලක් නැති කයිවාරු ගහන කාලකන්නි පිරිසක් තමයි මේ වෙද්දී, කෙරුමෝ වෙලා ඉන්නේ... මේ බූරුවන්ට, තම්බින්ගෙන් ඉගෙන ගන්න තව බොහෝ දේ තියනවා.

:       180       230

RaveendraThursday, 11 July 2019 04:02 PM

ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය

:       26       35

සමන්ත Thursday, 11 July 2019 01:37 PM

යමෙකුට විරුද්ධව යම් චෝදනාවක් ඔප්පු කල නොහැකි නම්, තවදුරටත් ඔහු රඳවා තබා ගැනීම මානව වරගයාටම ඇති මහත්වූ නින්දාවක් මෙන්ම, බරපතල අසාධාරණයකි. මම එහිදී ඔහුගේ ජාතිය, ආගම, කුලය, වර්ගය හෝ ලිංගිකත්වය නොබලා ඔහු වෙනුවෙන්ම පෙනී සිටිමි. සාෆි නොවා මාරයා වුවද චෝදනා නොමැති නම් වහා නිදහස් කරනු. මිලියන ගණනක් මට එරෙහි වුවද ම මගේ මතය වෙනුවෙන් පෙනී සිටීමට බිය නොවෙමි.එය ඉගෙනගත් මානව දයාව සහ සාධාරණත්වයයි.

:       4087       2611

සමන් - ඕමානය Thursday, 11 July 2019 04:03 PM

සමන්ත මල්ලි, ඕනෑම පරීක්ෂණයක් සඳහා කාලයක් ගත වෙනවා. ඒවා වලට අදාළ කරුණු, සාක්ෂි සොයා ගෙන, වෛද්‍ය පරීක්ෂණ කර, ඉන්පසු නීති කටයුතු කිරීමට අවශ්‍ය වෙනවා. කරුණු ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ ඉන් පසුවයි. මොන රටකවත්, එය මාසෙන් දෙකෙන් කළහැකි දෙයක් නෙවෙයි. ලංකාවේ අධිකරණ කටයුතු ගැන ඔබ නොදන්නවා වගෙයි. නිකමටවත්, ඔය දැන් තියන නඩුහබ ගැන සිත් යොමු කරන්න. බැඳුම්කර වංචාවේ සැකකරුවන් කොපමණ කල් රිමාන්ඩ් භාරයේ සිටියාද? අර දැව සංස්ථාවේ ලොක්කා අවුරුදු කීයක ඉඳන් රිමාන්ඩ් භාරයේ ඉන්නවාද?

:       169       107

සමන්ත Thursday, 11 July 2019 07:02 PM

ඔබගේ අදහස සමග නිතිය ඉගෙනගත් කෙනෙකු ලෙස නිහතමානි ලෙස එකඟ වෙමි. එමෙන්ම යම් චෝදනා පත්‍රයක් නොමැතිව, කටකතා සහ අවලාද වලට කෙනෙකු අත් අඩංගුවට ගත හැකියැයි ඔබට කිවේ කවුරුන්ද? පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට මෙසේ කරන්න යයි බලපෑම් කල හැකිද? ඔවුන් නොදන්නා ළදරුවොද? එසේ නම් වැරැද්ද කාගේද? අප බුදු දහම තුලින් ලබාගත් ශික්ෂණය සහ ප්‍රඥාව එයද? එසේ කිරීමෙන් ජාතියක් රැකිය හැකියයි ඔබ සිතන්නේද ?

:       1       80

sandya Thursday, 11 July 2019 04:17 PM

සමන්ත නමත් මාරුකරලා

:       15       12

සමන්ත Thursday, 11 July 2019 06:55 PM

කිසිම පැකිලීමක් නැහැ. මනුෂ්‍යත්වය වෙනුවෙන් නම නෙමෙයි, බෙල්ලත් මාරුකරන්න ලැස්ති නියම සිංහලයෝ අපි. දැන් අද මේ වෙන්නේ මොනවද? නිතීය සහ යුක්තිය ක්‍රියාත්මක කරන ආයතන සහ නවීන වෛද්‍ය විද්‍යාව පවා කියද්දී ඒ මිනිහා වැරැද්දක් කරලා නෑ කියලා මේ ගොබ්බ රැළක්‌ ඒ මිනිහාව දඬුකඳේ ගහන්නම හදනවා. කොයි තරම් වැරදිද? අපි රට වෙනුවෙන්, ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන් සැබෑ ලෙස ලේ කඳුළු වගුරවපු, නියම වැදගත්, පාරම්පරිකව පිළිගත් අදටත් කලවම් නැති බෞද්ධ, සිංහලයන් බව තියාගන්නවා මිත්‍රයා. එහෙම වැදගත් වූ සිංහලයන් හැමදාම සාධාරණය, යුක්තිය සහ සමානාත්මතාවය වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒක තමයි මොනරවිල කැප්පෙටිපොල, ලෙව්කේ ආදීනුත් කලේ. මේ මනුස්සයාගේ පවුලට කරන දේ දිහා ලෝකයේ සියලු වැදගත් රටවල් බලාගෙන ඉන්නවා. අනිවාර්යයෙන්ම මේ වෙද්දීත් වෛද්‍යවරු වෙන ඒ පවුලට රැකවරණ දෙන්න ලෑස්තිවෙලා ඇත්තේ. මම කියන්නේ බොරුද කියලා අනාගතේ බලාගන්නවා.

:       0       64

Aruna Thursday, 11 July 2019 02:13 PM

වෛද්‍ය තුමනි නොසැලී සිටින්න....... ඔබට මේ චෝදනා එල්ල වෙයි ....එකම හේතුව ඔබ මුස්ලිම් ජාතිකයෙක් වීමයි...... ඉවසා සිටින්න සත්‍යය කවදා හෝ ජය ගනීවි...

:       83       290

බද්රානි Thursday, 11 July 2019 02:18 PM

මේ මුස්ලිම් වෛද්‍යවරයා කිසියම් වරදක් කල බව විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් මගින් විද්‍යානුකූලව තහවුරු කල යුතු වෙනවා. එම පරීක්ෂණ වලදී, එය ඔප්පු උවහොත් ඔහුට මරණ දණ්ඩනය දීම උවත් මම අනුමත කරමි.

:       84       85

BamunuarachchiSaturday, 13 July 2019 05:53 AM

ඔබ අනුමත කළාම අරෙහෙ වැඩ පටන් ගනීවි.... අපිත් ජිනීවා මානව හිමිකම කරන විදිහට වැඩකරමු.. පැමිණිල්ල විතරයි ඕනේ. පරීක්ෂණ ඕනේ නැහැ. දඬුවම දෙමු. "දුටුතැන සර්පයා අතනාරිනු මෝඩයා"

:       1       0

බද්රානි Saturday, 13 July 2019 04:36 PM

බමුණු, ඔබ තුල සිටින සර්පයා ගැන ඔබ දැනුවත්ද? ගැරඬි කුලයේ සර්පයෙක් වුවත්, නයි හා පොළොන් විෂ ඒ සර්පයාගෙන් පිලිඹිබු වෙනවා. හොඳ වෙලාවට තවම පැටව් දමා නැත්තේ?

:       1       147

BamunuarachchiSunday, 14 July 2019 01:16 PM

මාතුල සිටින සර්පයා නොව මමම සර්පයෙක් බව දනිමි. මම සතුරාට සර්පයෙකි. මිතුරාට පූස් පැටියෙකි. මා ළඟ තමන්ට රිදෙන තුරු පමණක් කරන මෛත්‍රියක් නැත. රටට, ජාතියට, බුද්ධාගමට හතුරුකම කරන්නේ මගේ හතුරෙකි. ඔවුන්ට මම පොළඟෙකි. අපිට ජාතික හැඟීම දුන්නේ බෞදධෙ පාසල්වල හාමුදුරුවරු. උන් වහන්සේලා කල් තියාම දැක්කා අනාගතයේ මේ බෞද්ධ රටට වෙන නස්පැත්තිය. ඒ නිසා පාදඩයින්ට, නවගුණවැල ගනින බොරු බුද්ධාගම් කාරයින්ට විරුද්ධව කතා කරන්න හැකියාව දීලා උනවහන්සේලා අපවත් වුණා. නන්දා මාලනී මේ සිංහල අපගේ රටයි කියන්නේ ඒ ස්වාමින් වහන්සේලාගෙන් ඉගෙනගත් නිසාය. අපි සමකාලීනයෝය.

:       44       0

JCN Thursday, 11 July 2019 02:24 PM

ඔය මනුස්සයා ඔය කියන විදියේ වරදක් කරලා නම් එල්ලලා මරන්නම ඕනෑ. නමුත් ඒ මිනිහ වැරදිකාරයෙක් කියලා තහවුරු වෙන්නත් කලින් ඌව එල්ලලා මරන්න හදන අයව ගල්ගහල‍ා දෙපාරක් මැරුවත් මදි....

:       1124       1231

Rasika Thursday, 11 July 2019 03:52 PM

මේක ඉතාම කණගාටුදායක සිදුවීමක්. මොහුට තියෙන චෝදනා ඉතාම බරපතලයි. මෙය බෝම්බ ප්‍රහරයටත් වඩා බරපතල දෙයක්. කොහොම වුනත් මේවා සාධාරණව ඔප්පු වෙන්න ඕනේ. ඒ කොහොම වුනත් මොහු වරදක් කරලා තියෙනවා නම් මොන අාගම ඇදහුවත් මොහුට දඬුවම් ලැබෙනවාමයි. නමුත් ලංකාවේ තියෙන ප්‍රශ්නේ.... මුස්ලිම් කෙනෙක් වරදක් කළොත් ඔහු නිවැරදිකාරයෙක් කියලා මුස්ලිම්වරු පිලි ගන්නවා. ඔහු කරපු වරද පිළිගන්න කැමති නැහැ. ඒ වගේම තමයි, පට පක්ෂවලට බෙදිලා හොරුන්ව, මංකොල්ල කාරයින්ව, මිනීමරුවන්ව ආරක්ෂා කරන්නේ... ලංකාවේ සාමාන්‍ය ජනතාවමයි. මේක ඉතාම වැරදි දෙයක්... මේ නිසා තමයි රටේ අපරාධකාරයෝ බිහිවෙන්නේ... මොකද ඔවුන් දන්නවා ඔවුන්ට ආරක්ෂාව තියෙනවා කියලා. නළල දිහා බලලා හෝ, වෙනත් දෙයක් දිහා බලලා නිවැරදි කරුවා, වැරදිකරුවා කියලා තීරණය කරන්න තරම් පසුගාමී අදහස් තියෙන අය මේ 21 වැනි සියවසේ සිටීම ගැන කණගාටු වෙනවා. එවැනි මිනිසුන් ඉන්න සමාජයකින් කිසිදිනෙක සාධාරණත්වයක් හෝ දියුණුවක් බලාපොරොත්තු වෙන්න එපා..

:       77       95

Hafeel Thursday, 11 July 2019 04:24 PM

සත්‍ය කවද හෝ හෙලිවේවි. මේ රටේ වැරද්දක් නොකළ හිරේ ගිය මේ වෛද්‍ය සාෆි පලමුවෙන්නා නොවේ. හැබැයි කනගාටුවෙන් හෝ කියන්න වෙනවා, මේ රට නම් දියුණු වෙන ලකුණු නම් නැහැ.

:       92       202

Siri Thursday, 11 July 2019 05:41 PM

කාන්තාවන් වඳ බාවයට පත්වෙන්න නොයෙක් හේතු තියෙනවා.

:       0       40

BamunuarachchiSaturday, 13 July 2019 05:46 AM

වඳ නොවෙයි එකවර දරුවන් 4 බිහිකරන්නත් හේතු තිබෙනවා. ප්‍රශ්නය ඇයි මේ දොස්තරයාගෙන් සිසේරියන් සැත්කම කරගත් 4000 න් 1000 වඳ වෙන්නේ? අනික් දොස්තරලාගෙන් සිසේරියන් සැත්කම කරගත් අය වඳවී නැහැනේ. මේ වගේ අය සිංහල අපි වඳ කළයුතුයි.

:       0       18

Ajith NissankaSaturday, 13 July 2019 06:05 PM

සිසේරියන් සැත්කම කරගත් 4000 න් 1000 වඳ වෙලා කියන්නේ ඔය මොන වාර්තාවේද?

:       0       64

BamunuarachchiSunday, 14 July 2019 01:21 PM

පත්තර කියවන්න. මුග්ධයින් වගේ මෙතන පලවෙන ඒවා කියා කියා ඉන්න එපා. අනිකුත් වැඩසටහන්වලට සවන් දෙන්න. අප්ඩේට් වෙන්න. 4000 නොවෙයි 8000 කරලා තිබෙනවා.

:       13       22

සමන්ත Thursday, 11 July 2019 07:08 PM

වෛද්‍ය සාෆි වෙනුවෙන් ඔහු ඉගෙනගත් විශ්ව විද්‍යාලය වන පේරාදෙණිය වෛද්‍ය පිඨයේ අචාර්ය මණ්ඩලය, ආදී සිසුන් මෙන්ම සියලුම දෙනා පෙනී සිටිය යුතු යැයි මම යෝජනා කරමි. මෙම අසාධාරණය උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතාගේ අවධානයට යොමු වේවා.

:       1       117

පුෂ්පකුමාර Thursday, 11 July 2019 10:49 PM

රවින්ද්‍ර එය ඔබම කියයි.

:       0       0

amal Friday, 12 July 2019 12:55 AM

කොල්ලුපිටිය හෝටලේදී හෙරොයින් කිලෝ 02ක් සමඟ පකිස්ථානු ජාතිකයෙකු අත්අඩංගුවට

:       4       16

sarath Friday, 12 July 2019 01:58 AM

මිලියන් 115 ක් මුදල ලැබුන අන්දම සාෆි පිලි ගත හැකි ප්‍රකාශයක් කරලද ?

:       0       0

jayath Friday, 12 July 2019 03:12 AM

මේකෙන් දේශපාලන වාසිගන්න නොහදා විද්‍යාත්මකව, පැමිණිලි කළ මව්වරුන් එස්.එච්.ජී. පරීක්ෂණයකට යොමුකරලා සත්‍යය සොයාගන්න ඕනෑ. ඇත්තටම මෙතුමා ඔය කියන විදියේ වඳ සැත්කම්" කරලා නම් ඉතින් කියන්න තියෙන්නේ "උම්බලකඩ මස් කෑවා නම් දුක විඳපන් බල්ලෝ කියලා තමයි නමුත් මේ පුවත වැඩිපුර උලුප්පල දක්වපු, සමහර මූලාශ්‍ර වල අතීත ක්‍රියාකාරකම් දිහා බලපුවම (මේක මගේ අමුම අමු පුද්ගලික අත් දැකීම් -සාක්කි සහිතයි) මේ " පැලෝපිය නාල ගැටගැසීමේ කතාන්තරය ගැන වෛද්‍ය විද්‍යාත්මකව, ස්වාධීනව බැලුවම, සැක සංකා මතුවෙනවා.. සමහර මහාචාර්යවරු නම් විවිධ කතා කියනවා තමයි.

:       0       14

Bamunuarachchi Saturday, 13 July 2019 05:40 AM

"වැරැද්ද නොකළ බව ඔබගේ නලලෙන් කිව හැක." ඇයි දැන් අල්ලා නළලෙත් කොටනවද? මම හිතුවා කපන එක විතරයි කරන්නේ කියලා. බෙල්ලේ කරලා නැද්ද..?

:       28       1

Bamunuarachchi Saturday, 13 July 2019 05:47 AM

මුසල්මානුවන් වඳකළ දාට සත්‍ය හෙළිවේවි... එමනිසා ඒ කාරිය අපි පටන් ගනිමු.

:       0       0

gamarala Saturday, 13 July 2019 08:49 AM

පේන හැටියට වැරැද්ද යන්නේ නම් දරුවන් වැදීමට ගිය කාන්තාවන්ගේ පැත්තටයි. ආරම්භය වශයෙන් ගත්තොත් දෙවියන් වනසේගේ නියමය අනුව ආදම් සහ ඒවන් එකතු වුණුදා ඉඳලා මේ දේ සිද්ධ වෙනවා. ඒ කාලේ ඔය සීසර් සැත්කම් නොතිබුණු නිසා මේ වනතෙක් දරුවන් ඉපදුණා. වාසනාවකට මගේ මවට දරුවන් 5දෙනෙක් ලැබුනේ ගෙදරදීමයි. නැත්නම් අපේ පවුලේ ඉන්නේ මගේ සහෝදරයා විතරයි. අනෙක ඒ කාලේ ශාෆිලා ඉන්න නැතිව ඇති. වෙළඳාමට ආපු අය නිදහස් අධ්‍යාපනයට පින්සිදුවන්න ඉහළට ඉගෙන ගෙන දැන් අපිට කරන දේ ගැන අපි කණගාටු වෙන්න ඕනේ නැහැ. ඔය විදිහටම පසුගිය කලක නීතිය පිළිබඳවත් ප්‍රශ්න අහන්න ලැබුණා. මේ තරම් ඔය ගැන තර්ක විතර්ක කරන්න ඕනෑ නැහැ. ඔය කියන දොස්තර හිටපු කාලේ එයා කරපු සියලුම සීසර් සැත්කම් වලින් පසුව නැවත දරුවන් ලබුණු අය ගැන නියැදි පරීක්ෂණයක් කරලා ජාතින් වශයෙන් 100 බැගින් ගෙන නියැඳි සමීක්ෂණයක් කළොත් සමහර වෙලාවට යමක් දැනගත හැකියි. මේ කරන්න ඇත්තේ දෙවියන් වහන්සේගේ නියමය නිවැරදි කිරීම වෙන්න බැරි නැහැ. හොඳ වෙලාවට මොහු මන්ත්‍රී වුනේ නැත්තේ... වුණා නම් අනිවාර්යයෙන්ම සෞඛ්‍ය ඇමති වෙනවා. එහෙම වුණානම් අපේ ජාතියට දෙවියන්ගේම පිහිට තමයි.

:       5       0

BamunuarachchiSunday, 14 July 2019 05:28 AM

මොවුනට අමතක නොවන දඬුවම් දෙන්න චෝදනාවම ඇති. ඒවා ඔප්පු කරන්න මහනසිවෙන්න ඕනේ නැත.

:       1       12

ආරාධන Saturday, 13 July 2019 08:54 PM

«යථාර්ථය » වෛද්‍ය සෙයිගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆි නඩුව පසුගිය 11 දා අධිකරණයට ඉදිරිපත් කරද්දී ඔහු රඳවා ගැනීමේ නියෝග ඉවත් කර තිබියදී සහ ඔහුට එරෙහි කිසිදු චෝදනාවක් නැතිව තිබියදී තවදුරටත් ඔහු සැකකරුවෙකු නොවන නමුත් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේ්වාවසම් විසින් සැකකරුවෙකු නොවන පුද්ගලයෙකු නිදහස් කරනවා වෙනුවට සාෆි යළිත් වතාවක් රිමාන්ඩ් කරන ලද්දේ මහේස්ත්‍රාත්ගේ බිරිඳ වන හිරෝෂිනී ජයසිංහ හේවාවසම් නමැත්තිය කුරුණෑගල රෝහලේ වෛද්‍යවරියක බැවින් ඇයට සාෆිගෙන් පළිගැනීමට අවශ්‍ය නිසා යයි. මෙය සැමියෙකු විසින් බිරිඳ කන්න කැමැති කෑමක් ගෙදර ගෙන යනවා සේ බිරිඳ සතුටු කිරීම සඳහා කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සාෆිගේ නඩුව බිරිඳට රස කෑමක් ලෙස පිදීමක් බව යුක්ති ගරුක ජනතාව කියති.

:       0       187

Saman Sunday, 14 July 2019 04:10 AM

පැලෝපීය නාල මිරිකලාලු, හැබැයි ඒක ඇත්තද කියල බලන්න එච්එස්ජී පරීක්ෂණයක් කරන්නත් එපාලු, කලොත් මැරෙයිලු.. 'දිවයිනේ රජයේ ශික්ෂණ රෝහල් 12කින් හා පුද්ගලික රෝහල් හතරකින් එච්එස්ජී පරීක්ෂණයට අදාල දත්ත රහස් පොලිසිය ගෙන්වාගෙන ඇති අතර ඒවා පරීක්ෂා කරද්දී පෙනී ගොස් ඇත්තේ එම රෝහල් නවයේ අදාල කාල වකවානුවේ එච්එස්ජී පරීක්ෂණ 12,000ක් පමණ සිදු කර ඇති බවයි. එයින් කිසිවකු මිය ගොස් නැති බවත්, බරපතල සංකූලතා ඇතිවී නැති බවත්, හතර දෙනකුට පමණක් හුස්ම ගැනීමේ අපහසුතාවක් ඒ මොහොතේම දැනුනත් එය පසුව හරි ගොස් ඇති බවත් පෙනී ගොස් තිබේ'

:       0       1

ශිරෝ Wednesday, 17 July 2019 07:14 AM

පටු අරමුණු වලින් ඉවත්වෙලා මේ සිදුවීම දෙස පුලුල්ව සිතා බලන්න. ලංකාවේ සිංහල, දෙමළ හා මුස්ලිම් වෛද්‍යවරුන් සිටිනවා. අපේ මිනිස්සූ කිසිදු භේදයකින් තොරව එම වෛද්‍යවරුන් වෙත යනවා. තිස් වසරක යුද්ධයක් තිබුණත් කිසිදු දෙමළ වෛද්‍යවරයකුට එරෙහිව මෙවැනි චෝදනාවක් මිනිසුන්ගෙන් එල්ල උනේ නෑ. අදටත් මිනිස්සු සමහර මුස්ලිම් වෛද්‍යවරුන් වෙත යනවා. මුස්ලිම් ජාතික ප්‍රසව හා නාරී විශේෂඥ වෛද්‍යවරුන් සිටිනවා. ඔවුන්ට එරෙහිව කවුරුත් චෝදනා කර නෑ. නමුත් මෙම වෛද්‍යවරයා ක්‍රියා කලාපය ටිකක් වෙනස් බවයි පෙන්නෙනේ. ඔහු තවමත් තරුණ වෛද්‍යවරයෙක්. විශේෂඥ වෛද්‍යවරයකුත් නොවේ. එහෙත් ඔහු සිසෙරියන් සැත්කම් 4000ක් පමණ කර තිබෙනවා. (ඔබට මතක ඇති, බොහෝ අය සිතුවේ වෛද්‍යවරයකුට ජීවිත කාලෙදිවත් මෙතරම් සිසෙරියන් සැත්කම් කිරීමට අවස්තාව නැති බවයි.) සිසේරියන් සැත්කම් සදහා ඔහුගේ උනන්දුව හා දක්ශතාවය ගැන සැකයක් නෑ. සාමාන්‍යෙයෙන් මවක් ඉල්ලා සිටියත් හොද වෛද්‍යවරයක් මවක සිසෙරියන් සැත්කමක් සදහා යොමුකරන්නේ නැහැ ප්‍රසූතිය සදහා විශේෂ ගැටලුවක් නොමැතිනම්. නමුත් මෙම වෛද්‍යවරයා වෙනස් විදියකටයි ක්‍රියා කරලා තියෙන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1214 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 3934 0

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4595 28

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී හතක් මරුට
2024 අප්‍රේල් මස 21 6986 21

දියතලාව නරියාකන්ද , ’’ෆොක්ස්හිල්’’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථය


සීයා-මුණුපුරා-මිනිපිරි රිය අනතුරින් මරුට
2024 අප්‍රේල් මස 21 2930 4

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ කැටපළ ක්‍රිස්තු දේවස්ථානය ඉදිරිපිටදී ත්‍රී රෝද රථයක් හා කන්ටේනරයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙක් එතැනම මියගොස


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 4132 11

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1639 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site