IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


විශ්‍රාම යාමෙන් පසුවත් නිල නිවස ජනපතිටම

(අජන්ත කුමාර අගලකඩ)

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැනට භාවිත කරන, කොළඹ 07, මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස විශ‍්‍රාම ගැනීමෙන් පසුව ද ඔහුට ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
 
ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (15) පැවති කැබිනට් රැස්වීමට මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් ඒ සදහා ඉදිරිපත් කරන ලද සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
 
විශ‍්‍රාමික ජනාධිපතිවරයෙකුට ව්‍යවස්ථානුකූලව ලබාදිය යුතු සියලූ වරප‍්‍රසාදවලට අමතරව මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්‍ෂාව සදහා විශේෂ  කාර්ය බලකාය ලබාදීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
 
මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙරට මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සදහා විශාල වැඩකොටසක් කර ඇති බැවින් ඔහුට විශේෂ කාර්ය බලකායේ ආරක්‍ෂාව ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
 
මේ අතර අදහස් දක්වා ඇති විදේශ කටයුතු ඇමති තිලක් මාරපන මහතා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියටද විශේෂ  කාර්ය බලකායේ ආරක්‍ෂාව ලබාදිය යුතු බව යෝජනා කර ඇත.
 
ඊට පිළිතුරු දෙමින් මුදල් ඇමති මංගල සමරවීර මහතා මෛත‍්‍රීපාල සිරිසේන මහතාට  විශේෂ  කාර්ය බලකායේ ආරක්‍ෂාව ලබාදෙන්නේ ඔහු මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට කටයුතු කළ නිසා දැඩි ආරක්‍ෂාවක් දිය යුතු බැවින් යැයි සදහන් කර ඇත.



අදහස් (68)

විශ්‍රාම යාමෙන් පසුවත් නිල නිවස ජනපතිටම

bw dayarathne Tuesday, 15 October 2019 05:02 PM

හොඳ වැඩක්. එතුමට ආරක්ෂාවක් දිය යුතුමයි.

:       340       51

EMsugath Tuesday, 15 October 2019 05:07 PM

එය ඉතා අගය කල හැකි වටිනා තීරණයක්.

:       346       47

chandima Tuesday, 15 October 2019 05:12 PM

ඔය සජිත් එනවා කියල නළල බිම ඇනගන්න කට්ටියගෙන් මම අහන්නේ, සජිත්ට ඉන්න වෙන්නේ කෙහෙල් වත්තේද? අනික් පැත්ත දිනුවොත් නම් ඉතින් නිතිය වෙනස් කරලා අලුත් ජනාධිපතිට ගේ අරගෙන දෙයිනේ?

:       225       191

සමන් - ඕමානයWednesday, 16 October 2019 12:08 PM

හෝ! හෝ!! මෙයා ජනාධිපති වුණාම මහලොකුවට කිව්වනේ ජනාධිපති මන්දිරයත් එපා, අරලියගහ මන්දිරයත් එපා, සරල විදිහට ඉන්නවා කියලා..! ඊළඟට දැන් ඉන්න මන්දිරය කෝටි ගණනක් වියදම් කරලා හදාගත්තා. දැනුයි මොකද්ද හොරේ කියලා තේරෙන්නේ !!!... හැබැයි ජනාධිපති වෙන්න ඡන්දෙ ඉල්ලනකොට නම් කිව්වේ පොළොන්නරුවේ පදිංචි වෙලා ජනාධිපති රාජකාරිය කරනවා කියලා. ඉතින් දැන්වත් බැරියැ පොළොන්නරුවට වෙලා ඉන්න.. පිනක් දහමක් කරගෙන, නැත්නම් ග්‍රාම නිලධාරි වැඩේ කරගෙන..!

:       462       437

chandima Tuesday, 15 October 2019 05:19 PM

හැබැයි මේ වැඩේ පොඩි කොස්සකුත් තියෙනවා. සාමාන්‍යයෙන් ඇමතිවරු නම් කරන්නේ අගමැතිතුමා. එතුමාගේ නිර්දේශය මත තමයි ජනාධිපති ඒ තනතුරු දෙන්නේ. නමුත් සජිත් කියනවා එයාගේ ආරක්ෂක ඇමතිකම දෙන්නේ සරත් පොන්සේකාට කියලා. එත් අගමැති ඒ ගැන වචනයක්වත් කියන්නේ නැහැ. ඉතින් සජිත් ආවත් ඒ කියන විදියට තනතුර දෙන්න ලැබෙන්නේ නැහැ. ඒ කතාව නිකන්ම නිකන් සරත් ෆොන්සේකාව අන්දන්න කරපු කතාවක් යයි කියල බයට.

:       220       185

සනත් වීරකෝන් Tuesday, 15 October 2019 05:51 PM

හිටපු ජනාධිපතිල නඩත්තු කරන්න කොච්චර වියදම් කරනවාද. මාළිගාවක් වගේ ගෙදරක් ලැබෙනවා. ආරක්ෂක භටයො 200 විතර ඉන්නවා. විදුලිය, වතුර නොමිලේ. වාහන 20ක් විතර දෙනව. මේවා ඔක්කොම බැලුවම මාසෙකට රුපියල් කෝටි 10 විතර එක ජනාධිපතිවරයෙකුට වියදම් කරන්න ඕන. ජනාධිපති මැරුණත් ඒ ඔක්කොම පහසුකම් එයාගෙ බිරිඳට ලැබෙනවා. හේමා, චන්ද්‍රිකා, මහින්ද සහ සිරිසේන හතර දෙනාට මාසෙකට රුපියල් කෝටි 40 වත් වියදම් කරන්න ඕන. මේ ගොඩට ගෝඨත් වැටුනාම අපිට හුස්ම ගන්නත් බැරිවෙයි.

:       0       1428

senaWednesday, 16 October 2019 09:01 AM

මහ කාලකණ්නි වැඩක්. බලයට ආපු දවසේ ඉදලාම ඕක හදන්න පටන්ගත්තා.ඒ කාලේ පාරාවෝ රජවරු පිරමිඩ් හැදුවා වගේ. මේක දැන් ඊළගට එන ජනාධිපතිත් පටන් ගනියි. මුන්ට යන්න වෙනම අපායක් හදන්න වේවි.

:       217       189

RohanaThursday, 17 October 2019 12:29 PM

ජනපතිවරයෙක් පත් කරගන්නටත් රුපියල් කෝටි 600ක් යන එකේ ඕක මොකක්ද?

:       0       0

සේන Tuesday, 15 October 2019 06:12 PM

ගමේ ඉඳන් වැඩට ආපු සරළ මනුස්සයා දැන් රාකාරී නිවාසෙ දාලා යන්නෙත් නෑ. එතකොට ඊළඟ ජනාධිපතිට අලුත් එකක් හදන්න ඕන.

:       367       919

Ruhunu Tuesday, 15 October 2019 06:20 PM

ලොකු ලොක්කන් ඉතින් හැමදේම ලබා ගනිවී. පොඩි මිනිහා තමයි හැමදාමත් දුක් විදින්නේ

:       2       191

chandima Tuesday, 15 October 2019 06:56 PM

ටික ටික කැරකිගෙන එන්නේ ඔය දෙසිය විසිපහටම අවුරුදු පහෙන් විශ්‍රාම යනකොට ගේකුත් අරගෙනම යන්න පාර කපාගන්න වගේ?

:       0       170

Rasika Tuesday, 15 October 2019 07:30 PM

එතකොට යුද්දේ ඉවර කරපු මහින්දට දුන්න ආරක්ෂාව අයින්කලේ ? අනෙක මෛත්‍රී කිව්වේ විශ්‍රාම අරන් පොලොන්නරුවේ යනවා කියලා නේද ? යහපාලනේ කලේ තනිකරම බොරුව .

:       148       611

Rata Perata Tuesday, 15 October 2019 07:44 PM

මේක පුදුම වැඩක්නේ. කැබිනට් මණ්ඩලය කියන්නේ රටේ අයිතිකාරයෝ නෙමෙයිනේ. අනුර කුමාරට ඡන්දෙ දෙන එක හොඳයි කියල හිතෙන්නේ මේවා අහනකොට තමයි.

:       5       1312

Sudubanda Tuesday, 15 October 2019 10:09 PM

අපරාදෙ මහජන මුදල්.. ඇති තර්ජනයක් නෑ.

:       26       375

ලුම්බිණි Tuesday, 15 October 2019 11:43 PM

ලැජ්ජා නැති දේශපාලකයන් ඉන්න රටක තම තමන් බෙදා ගන්නවා හැර වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?

:       9       274

වංශනාථ Wednesday, 16 October 2019 12:03 AM

මෙතුමා 2015 බලයට පත්කිරීමට උදේ පාන්දරම ඡන්ද පොලට ගොස් මුලින්ම ඡන්දය ප්‍රකාශ කල කෙනෙක් මම. ඒ සඳහා ත්‍රී වීලර් රථයකට රු 100ක්ද වැයවිය. එහෙත් රු 100ක වත් දෙයක් රටට වුනාද දැයි දුකක් සිතට දැනේ. අයියෝ ජනතාවගේ සල්ලි කියල හිතෙන්නේ මට විතරද ?

:       12       580

suranga-galleWednesday, 16 October 2019 03:23 AM

මමත් එහෙම කලේ ,අපරාදේ මගේ සල්ලි.

:       8       134

කමල්Wednesday, 16 October 2019 03:37 AM

මතට තිත තිබ්බේ කාටද? මත් ද්‍රව්‍ය පාලනය වී ඇත්තේ කුමන දිස්ත්‍රික්කයේද ?

:       1       165

කුමාර Wednesday, 16 October 2019 12:08 AM

සජිත් ගේ ඡන්ද ගොඩට ශ්‍රීලනිප ඡන්ද සොච්චමක් එකතු කරගන්න හදන උත්සාහයක් වගේ

:       332       386

Ruwan Wednesday, 16 October 2019 12:10 AM

ඇයි මේ අර පොලොන්නරුවේ ඉදන් රට කරනව කීව එයා නෙවෙයිද. දැන් ඊලග එක්කෙනා විශ්‍රාම යනකොට තව එකක් ලෑස්ති කරන්න කෝටි ගානක් වෙන් කරයි.

:       115       250

Bamunuarachchi Wednesday, 16 October 2019 12:21 AM

1977 රටට උන විනාශය දැන් පෙනෙනවා නේද? අවුරුදු 100 යනවිට අපි මොවුන්ට නිවාස 20 දිය යුතුයි

:       280       268

BamunuarachchiWednesday, 16 October 2019 04:04 AM

ලංකාවේ හතරදික් භාගයේ සිටි අයට කොළඹ වෙනම ප්‍රදේශයක් වෙන් කරන්න වෙනවා පැන්ෂෝන් ජනාධිපති පෙදෙස කියලා. කොහොමද අපි දෙවන කරුමය. මේ අවරුදු 5 රටට මොනවා කලාටද?

:       3       130

rata_iwarai Wednesday, 16 October 2019 12:27 AM

හැමොටම එක ක්‍රමවේදයක් තිබිය යුතු, මෙහෙම එක එක විදිහට සෙල්ලම් දැම්මම නාස්තිය සහ මහජන මුදල් විනාශය අපමන විදිහට වෙනව.

:       0       173

sanjeewa Wednesday, 16 October 2019 12:34 AM

ආරක්ෂාව දුන්නට නම් කමක් නැ ඇත්තටම කුඩු වලට එරෙහිව ලොකු වැඩ කොටසක් කරානේ...

:       251       314

BamunuarachchiWednesday, 16 October 2019 04:10 AM

මොනවද කලේ? කටින් නම් වැඩක් කළා ක්‍රියාවෙන් මොකටද දඬුවම් කලේ? මෙයා එන්න කලින් දීපු දඬුවමම තමයි දැනටත් දෙන්නේ කෝ මරණීය දණ්ඩනය දෙන්න පුළුවන් උනාද?

:       29       103

ලංකාපුත්‍ර Wednesday, 16 October 2019 01:12 AM

හිටපු ජනාධිපතිවරුන්ට හෝ වරියන්ට මෙලෙස නිවාස දුන්නාම ඔහු හෝ ඇයගේ ඇවෑමෙන් පසුව මෙම රාජ්‍ය දේපලවලට සිදුවන්නේ කුමක්ද. ඒවා එම පවුලේ අයට සින්නක්කර අයිති වෙනවාද. නොදන්නා නිසා ඇහුවේ පැහැදිලි කරදෙන්න

:       0       282

sunilWednesday, 16 October 2019 03:12 AM

මෙවැනි සුළු දෙයක් වත් නොදැනීම කණගාටුයි. එහෙම ඉඳගෙන නොදන්නා දේට කොමෙන්ට් කරන එක ඊටත් වඩා නරකයි. මම දන්නා පරිදි ඔබ නිතිපතා විවිධ දේට අදහස් පලකරන කෙනෙක්.

:       203       192

BamunuarachchiWednesday, 16 October 2019 03:59 AM

ඒ මහතා නොදන්නා නිසා දැනට දරන අදහස පළකර නිවැරදි අදහසක් බාලාපොරොතු වුනා. ඉතින් ඔය ඔබට සුලුදේ කියලා දෙන්නකෝ අපිටත් බලන්න. නිතිපතා අදහස් පලකරාට ඒ මහතා සහ අපි ලෝකේ තිබෙන සියලුම දේ දන්නේ නැත.

:       77       67

saliyaWednesday, 16 October 2019 06:12 AM

නිල නිවාස කියන්නේ රජයේ දේපොළ. ඒවා බාවිත කරන්න පුළුවන් හිටපු ජනපති මියයනකම් හා ඊට පසු ඔහුගේ බිරිඳ මිය යනකම්

:       0       15

නෙවිල් Wednesday, 16 October 2019 01:34 AM

කොහොමත් සජිත් කීීවානේ එයාට මන්දිර එපා කියලා.

:       64       100

නෙවිල් Wednesday, 16 October 2019 01:35 AM

ඇයි ? පොලොන්නරුවේ ඉන්නවා කියලා නේද කීවෙ.

:       24       213

gunarathna Wednesday, 16 October 2019 02:18 AM

හොඳම අදහසක් තමා ඒක.

:       16       20

ධම්ම Wednesday, 16 October 2019 02:34 AM

බලමු එපා කියයිද කියලා..

:       24       35

Saman Wednesday, 16 October 2019 02:50 AM

ජනාධිපති ධුරයෙහි දිවුරුම් දෙන මොහොතේ රුපියල් 10 කාබන් පෑනකින් අත්සන් තැබූ සරල මිනිසා සහ ජනාධිපති තනතුරෙන් විශ්‍රාම යන මිනිසා අතර සැලකිය යුතු වෙනසක් පවතින බව මින් පෙන්නුම් කෙරේ.

:       15       231

Ratne Wednesday, 16 October 2019 03:32 AM

නිර්පාක්ෂික වීමට දුන් තෑග්ගක්. ඵජාපෙට සහය දුන්න නම් තව ගොඩක් ලැබෙයි.

:       1       44

දිලුම් Wednesday, 16 October 2019 03:46 AM

මෙහෙම එන එන කෙනාට මහජනතාවගේ මුදලින් ගෙවල් හදලා දෙන්න මේ රට සියළු සෞභාග්‍යෙයන් සපිරි සුර පුරයක්ද. අනික ජනපති හා දියවන්නාවේ සිටින අය සහ ඒ අයගේ පවුලේ මහජන මුදලින් යැපෙන නිකමුන් නඩත්තු කරන්නට මේ රටේ මුට්ට කර ගහන මිනිහාගේ සහ හිගන්නාගේ සිට ඉපදෙන්නට සිටින දරුවන්ගේ නමින් පවා ණය වී මුදල් සොයා ගැනීමට මේ රටේ මිනිසුන්ට සිදුව ඇත.

:       0       78

sanath Wednesday, 16 October 2019 03:59 AM

ශ‍්‍රී ලංකාව මේ වනවිට අත්පත් කරගෙන ඇති සියයට 03 ක පමණ ආර්ථික වර්ධන වේගය තවදුරටත් පැවතිය හොත්, මෙරට ආර්ථිකය දෙගුණයකින් වැඩිවීමට තවත් වසර 23 ක් ගතවනු ඇතැයි ලෝක බැංකුව අනුමාන කරනවා.

:       13       1

harsha Wednesday, 16 October 2019 04:07 AM

ඔය ඔක්කොම ඇත දිගෑරල දෙන්නේ මහජනතාවගේ සල්ලි මිසක් කැබිනට් ඇමති වරුන්ගේ සල්ලි නෙමෙයි. අවරුදු පහක් හොදට සැප වින්ද වින්ද ගෙවපු සේවා කාලයට ජීවිත කාලෙමත් සැප විඳින්න තවත් දේවල් දෙනවා. දේශපාලකින්ට මේ රට සහ මේ මෝඩ ජනතාව සම්පතක්. වෙන කිසිම රටක මෙහෙම නෑ

:       5       42

සේන Wednesday, 16 October 2019 05:06 AM

රාජ්‍ය දේපළ අවභාවිතය.

:       0       136

Hafeel Wednesday, 16 October 2019 05:18 AM

කොළඹ 07, මහගමසේකර මාවත කියන මෙම ලිපිනය තියන්නේ පොළොන්නරුවේද? මොකද්ද මේ ජනාධිපතිම 2015 දී කිව්වේ විශ්‍රාම ජීවිතය ගත කරන්නේ පොලොන්නරුව මහ ගෙදර දී කියලා. නිල නිවාස ගන්නෙත් නැහැ කියලා.

:       0       72

DR. SIRILAL Wednesday, 16 October 2019 05:32 AM

ලෝකයේ මෙහෙම වෙතත් ශ්‍රී ලංකාවේ එහෙම වෙන්නේ නෑ.

:       0       26

neel Wednesday, 16 October 2019 06:00 AM

නිදහස් පක්ෂයේ ඡන්ද ලක්ෂ 15ක් විතර තියෙනවා තාම.

:       1       10

Deepal Nirosh Wednesday, 16 October 2019 06:18 AM

ඉතින් මෙතුමා ජනාධිපතිවරණයෙන් පසු නැවත පාර්ලිමේන්තුවට පත් වෙනවා කියල තියෙන්නෙ ? විශ්‍රාම යාමක් ගැන නම් ප්‍රකාශ කරල නැහැ. බලහත්කාර කමින් විශ්‍රාම යවන්න හදනව වගයෙි.

:       0       6

Maaraya Wednesday, 16 October 2019 06:27 AM

රටට වැඩදායි වැඩක් කරපු කෙනෙකුට නිවසක් දීම හොඳයි. එහෙම වුනොත් රජයේ සියලුම සේවකයින්ට විශ්‍රාම ගියපසු නිවසක් දෙන්නත් යෝජනා කරන්න. ඕක කැබිනේට්ටුවෙන් නෙමේ අහන්න ඕන මහජනතාවගෙන්. සල්ලි කැබිනෙට්ටුවේ නෙමෙයි නේ

:       3       36

casmir Wednesday, 16 October 2019 06:29 AM

දේශපාලන අනාථයෝ සහ ඒකට හරියන වන්දිබට්ට ජනතාවක් ඉන්නකන් මේ රට හදන්ඩ බැහැ.

:       0       7

රවින් Wednesday, 16 October 2019 06:35 AM

හැ !!! මෙරටේ විතරද පිස්සු නටන්නන්ටත් උඩගෙඩි දෙන්නේ? ඉන්නකල් කරපු දේවල්වලට මුළු රටම වන්දි ගෙවනවා මදිවටද තවත් වන්දි ගෙවන්නේ? කැමති කෙනෙක් තම තමන්ගේ පුද්ගලික ධනය කැමතිවිදියට වියදම් කලාට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් මහජන මුදල් වියදම් කරන්න ඕනේ මහජන කැමැත්ත අනුවයි. ඔය හැම දෙනාම ඔතනට පත්කරන්නේ මහජනයා බව හොඳින් සිහියේ තබාගන්න.

:       0       4

බද්රානි Wednesday, 16 October 2019 06:37 AM

ලංකාවේ බහිරවයින්ව දුම්මල ගහලවත් එලොව ගන්න බැහැ. ඒක තමයි මේ හැම ප්‍රශ්නයකටම මුල?

:       0       8

amila Wednesday, 16 October 2019 07:36 AM

ඊයේ සටන වැඩසටහනේ අනුර කුමාරට සවන් දීමෙන් පසු මම තීරණේ කරා ජන්දේ අනුරට දෙන්න.

:       81       33

Buddika Wednesday, 16 October 2019 07:50 AM

අනේ පුලුවන්නම් සියලු පහසුකම් සහ ආරක්ෂාව උපරිමයෙන් දීලා පොළොන්නරුවෙන්ම එතුමාව තියන්න. කොළොඹට නම් එපාමයි.

:       0       2

Rajasekaran Dubai Wednesday, 16 October 2019 08:03 AM

මෙහෙම ගියොත් කොළඹ හොඳ ගෙවල් ටික හිටපු ජනාධිපතිලටත් ඔවුන්ගේ ආර්යාවන්ටත් දීල අපේ බදු සල්ලිවලින් එයාලා ජීවත් වෙනකම් නඩත්තු කරන්නත් ඕනේ.අවුරුදු තිස් ගණන් අඩු පඩියට රජයට සේවය කරපු අයට බිම් අගලක්වත් නෑ. ජීවිතය පුරා ගෙයක් හදන්න ගත්ත ණය ටික ගෙවලා මැරෙන්න තමයි වෙන්නේ.

:       0       78

sirimal Wednesday, 16 October 2019 08:17 AM

මේ ගැන අන්තර්ජාලයේ පලවී ඇති අදහසක් "මෙහි ඉඩමේ සහ නිවසේ සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන 10 ඉක්මවන බව කියයි. මෛත්‍රිපාල සිරිසේන ජනපති වීමට පෙර පොරොන්දු වූයේ තමන් සුපිරි මන්දිර භාවිතා නොකර, පොළොන්නරුවේ සිය නිවසේ සිට රාජ්‍ය පාලනය මෙහෙයවන බවයි. නමුත් දැන් ඔහු මහජන දේපලක් වන ලංකාවේ රජය සතු මිල අධිකම නිවසක් සහ ඉඩමක් සින්නක්කරව අත්පත් කරගැනීමට කරන උත්සාහය අපරාධයකි. මෙම නිවස පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ඉඩම් මිල අධිකතම, විකිණීමට නව ඉඩම් සොයා ගැනීමට අපහසු සුපිරි කොළඹ 7 පැජට් පාරේය. කොළඹ 7 නිවාස හිමි පැළැන්තිය අධිරාජ්‍යවාදී සමයේ සිට මෙරට සාම්ප්‍රදායික ධනවතුන් සහ ප්‍රභූ පැලැන්තිය වේ. මෑතකදී සුපිරි ධනවතෙකු වූ අයෙකුට පවා කොළඹ 7 න් ඉඩමක් මිලදී ඉතා දුෂ්කරය. මක්නිසාදයත් එහි ඉඩම් හිමියන් තම ඉඩම් නොවිකුණන නිසාය. ජනාධිපති එහි පදිංචිවූ පසු රුපියල් ‌කෝටි 80 ක් මහජන මුදල් වියදම් කර නවීකරණය ‌කෙළේය. මේ වන විට පැජට් පාරේ ජනපති නිවසට අල්ලපු තවත් රජයේ ඉඩමක් ද ඇතුළු ඉඩම් 4 ක් මෙම දෙපලට ඇතුලත්ය. මේ නිවාස ලැබුනොත් කොළඹ 7 විශාලතම ඉඩම සහ මාලිගාව හිමි පුද්ගලයා බවට පත්වනු ඇත."

:       6       124

sirisoma Wednesday, 16 October 2019 08:34 AM

හිටපු ජනාධිපතිලා නඩත්තු කරන්න කොච්චර වියදම් කරනවාද? මාලිගාවක් වගේ ගෙදරක් ලැබෙනවා. ආරක්ෂක භටයෝ 200 ක් විතර ඉන්නවා. විදුලිය, වතුර නොමිලේ. වාහන 20 ක් විතර දෙනවා. මේවා ඔක්කොම බැලුවම මාසෙකට රුපියල් කෝටි 10 ක් විතර එක ජනාධිපතිවරයෙකුට වියදම් කරන්න ඕන. ජනාධිපති මැරුණත් ඒ ඔක්කොම පහසුකම් එයාගෙ බිරිඳට ලැබෙනවා. හේමා, චන්ද්‍රිකා, මහින්ද සහ සිරිසේන කියන හතර දෙනාට මාසෙකට රුපියල් කෝටි 40 වත් වියදම් කරන්න ඕන. මේ ගොඩට ගෝඨත් වැටුනාම අපිට හුස්ම ගන්නත් බැරිවෙයි. ධනවතෙකු වූ අයෙකුට පවා කොළඹ 7 න් ඉඩමක් මිලදී ඉතා දුෂ්කරය. මක්නිසාදයත් එහි ඉඩම් හිමියන් තම ඉඩම් නොවිකුණන නිසාය. ජනාධිපති එහි පදිංචිවූ පසු රුපියල් ‌කෝටි 80 ක් මහජන මුදල් වියදම් කර නවීකරණය ‌කෙළේය. මේ වන විට පැජට් පාරේ ජනපති නිවසට අල්ලපු තවත් රජයේ ඉඩමක් ද ඇතුළු ඉඩම් 4 ක් මෙම දෙපලට ඇතුලත්ය. මේ නිවාස ලැබුනොත් කොළඹ 7 විශාලතම ඉඩම සහ මාලිගාව හිමි පුද්ගලයා බවට පත්වනු ඇත.

:       0       113

ආර්.එම්.එල්.රත්නායක Wednesday, 16 October 2019 08:48 AM

මැරුණත් ආරක්ෂාව දෙන්න. බහිරවයා වගේ. රටේ මුදල් කන්න.

:       0       3

ranjith Wednesday, 16 October 2019 08:49 AM

රටේ දුප්පතා ගැන අවධානයක් නෑ. හොදට බෙදාගෙනම කනවා.

:       0       60

Bimal Wednesday, 16 October 2019 09:15 AM

මේක කවදාවත් ගොඩගන්න පුළුවන් රටක් නෙවෙයි. කරුණාකර දේශපාලනයට එන හැම කෙනාටම තමන්ගේ සහ භාර්යාවගේ නඩත්තුවට හරියන පිළිගත් පුද්ගලික වෘත්තියක් තිබීම අනිවාර්ය විය යුතුයි. ආර්යාව වෙන්න කෙලගිලලා විතරක් මදි. අන්න අර මෛත්‍රී වික්‍රමසිංහ නෝනා වගේ තමන්ගේ නඩත්තුව පුද්ගලික රැකියාවක් කරගන්න පුළුවන් භාර්යාවක් නැතිනම් දේශපාලනයට එන්න එපා. ඉස්සරහට ගෙදර බල්ලන්ටත් ජනතාවගේ බදු මුදලින් ගෙවන්න වේවි...

:       28       4

Chithal Wednesday, 16 October 2019 09:16 AM

එනකොට කියං ආවේ කොහොමද..? පොලොන්නරු ගෙදර පාලුවෙයි. ඔයා යන්න එහේ ගෙදර...

:       0       18

රවිඳු Wednesday, 16 October 2019 09:19 AM

ශ්‍රී ලංකාවේ එතෙක්, මෙතෙක් බිහිවුණු නොගැලපෙන ජනාධිපතිවරයා. හීන් නුලෙන් දිය යටින් ගින්දර ගෙනියනවා. මේ කොල්ලකන දේපළ ජනතාව සතු කළ යුතුයි.

:       0       26

pakeer Wednesday, 16 October 2019 09:29 AM

එක ජනාධිපති කෙනෙක් නොවේ මැරෙනකම් ඔක්කොමලව අපිට නඩත්තු කරන්න වෙනවා.

:       0       8

MISHAL-MATARA Wednesday, 16 October 2019 10:22 AM

ග්‍රාම සේවකයෙකුට ගිය කලක්. 2015 දී කිව්වේ විශ්‍රාම ජීවිතය ගත කරන්නේ පොලොන්නරුව මහ ගෙදර දී කියලා.

:       0       6

rama Wednesday, 16 October 2019 12:07 PM

අපට මේ වගේ කට්ටිය ගොඩක් ඉන්නවා. දැන් ජනාධිපතිවරු තුන් දෙනයි, අාර්යාවන් තුන් දෙනයි... වැඩේ නරක නැහැ... නඩත්තු කරන එක....

:       0       12

විජිත් Wednesday, 16 October 2019 12:27 PM

මේ නිවස ඇතුළු ඉඩමේ අද තක්සේරු වටිනාකම රුපියල් බිලියන 10ක් පමණ වෙනවලු. ඒ මදිවට ඒ ඉඩමට දෙපැත්තෙන් තියෙන ඉඩම් දෙකේත් තවත් මොනමොනවද හදලා තියෙනවා. මට හිතෙන්නේ ඒවත් මේ ඉඩමටම එකතු කරගනීවි. මුලින් කිව්වේ කොහොමද?".. අපිට මේවා පුරුදු නැහැ. මට මේවායේ නින්ද යන්නේ නැහැ. මට ගමේ ගෙදර හොඳයි..." ලැජ්ජයි ජනාධිපතිතුමනි. මෙයා ගැන කතාකරලා අපි අපේ වචන නාස්තිකරගන්නවා කියලත් මට හිතෙනවා. කොන්දේ අමාරුව තියෙන කෙනෙක් පත්කරගත්ත අපිත් වැරදිකාරයෝ කියලා මම මටම දොස් කියා ගන්නවා. මොනවා වුණත් මම මගේ ඡන්දය නිල් පාටටවත්, කොළ පාටටවත් දෙන්නේ නැහැ. ඒ ඇවිල්ලා එකම කාසියේ දෙපැත්ත... තව අවුරුදු 5න් අපේ රටේ ණය ප්‍රමාණය දෙගුණ වෙනවා.. මෙහෙම ගියොත්... එතකොට රටේ ඇතිවන තත්වය කොහොම වේවිද කියලාවත් හිතාගන්න බැහැ. 2008දී ට්‍රිලියන 3.6ක් වුණු රටේ ණය ප්‍රමාණය, වර්ෂයකට 13%ක් ණය වර්ධන වේගයත් සමග, 2019 මැදදී ට්‍රිලියන 12.6 ක් වෙලා. මෙහෙම ගියොත් තව අවුරුදු 5න් ට්‍රිලියන 20 පනිනවා. මේ මෝඩ මීහරක් රැලට ඕවා තේරෙන්නේ නැහැ. ඒ අය හොරකම් කරගත්ත සල්ලි තියෙනවනේ. මේ මුදල් සහ නය කළමනාකරණය ගැන දන්නා උගත්, බුද්ධිමත් අය සිටිනා "විකල්පයට" මගේ ඡන්දය ගියාවේ. එය මට සතුටක්... !!!

:       0       94

aruni - moratuwaWednesday, 16 October 2019 05:51 PM

විකල්පය හැර කිසිම පක්ෂයකින් මේ රටේ ප්‍රශ්න විසඳන්න බැහැ. නරින්ට, මී හරක්ට ගිය අපේ රට මේ පාරවත් නියම මිනිසුන් කණ්ඩායමකට පාලන බලය ලබාදෙමු. අවුරුදු 70ක් තිස්සේ අපේ රට කාපු හැතිකරේට ශාප වේවා...!!!

:       0       74

de silva Wednesday, 16 October 2019 08:50 PM

දේශපාලනමය වශයෙන් දැඩි තීන්දු ගත්තත් ජයවර්ධන ජනාධිපති සහ ඔහුගේ පවුලේ උදවිය එක්ක පසුගිය කාලේ හිටපු එකම ජනපති කෙනෙක් වත් සමකරන්න බැහැ, එම පවුල ඔවුන්ට තිබෙන දේපලක් ජනතාවට දුන්න මිසක් , ජනතාවගේ කිසිම දෙයක් අවභාවිත කාලේ නැහැ , මට කණගාටු එතුමා රට පාලනය කරපු කාලේ මම එතුමාගේ පාලනයට සහ එතුමාගේ පැලැන්තියට විරුධව දෝෂාරෝපණය කල එකට , එම කාලේ ඉදිරියට ජනපති තනතුරට පත්වෙන ගමේ සරල මිනිස්සු ගැන මම දැනගෙන හිටියනම් මම එහෙම කියන්නේ නැහැ .

:       0       1

ජනක Thursday, 17 October 2019 04:11 AM

විශ්‍රාම යන ජනාධිපතිට නිල නිවස දුන්නම අලුතෙන් පත්වෙන ජනාධිපතිට අලුත් නිල නිවසක් හදන්න වෙනවනේ. අවුලක් නෑ... අපි බදු ගෙවනවනේ. ඒ සල්ලි වලින් හදාගනියි. නැත්තම් සජිත්ට කියපු ගෙවල් හදන සල්ලි වලින් ජනාධිපති නිල නිවසක් හදන්න කියලා...

:       0       0

Rohana Thursday, 17 October 2019 12:37 PM

ජනපතිකම කියන්නේ මහා ධන නිධානයක්... එ්කනේ මෙයාලා ගිරිය කඩාගෙන වේදිකාවලට නැගලා බලය ඉල්ලන්නේ... හැබැයි ඉතින් ජනතාවගෙන් එකතුකරන බදු සල්ලි තමයි මෙයාලට වියදම් කරන්නේ...

:       0       0

Saman Thursday, 17 October 2019 02:40 PM

දුව සිය 'ජනාධිපති තාත්තා' පොතේ "පොළොන්නරුවේ සිට ඇඳුම් තුන හතරක් බෑගයකට දමාගෙන කොළඹට පැමිණි සරළ මිනිසා ජනාධිපති ධුරයෙන් පසු 'හිස් අතින්' පොළොන්නරුවට යනු ඇතැයි " කියා ඇය සඳහන් කර තිබිණි.

:       0       0

Chanak los angeles Thursday, 17 October 2019 04:09 PM

චතුරිකා සිරිසේන සිය ජනාධිපති තාත්තා කෘතියේ සඳහන් කළ පරිදි පොළොන්නරුවේ සිට ඇඳුම් තුන හතරක් බෑගයකට දමාගෙන කොළඹට පැමිණි සරළ මිනිසා ජනාධිපති ධුරයෙන් පසු හිස් අතින් පොළොන්නරුවට යනු ඇතැයි කියා ඇය සඳහන් කර තිබිනි. දැන් ඔහු ඉන් ඉවත්ව යන්නේ හිස් මල්ල ඇතිවදැයි විමසිය යුතුව ඇත.

:       0       0

baduge Saturday, 19 October 2019 10:18 AM

මේ සරල කෙනාටත් මාලිගාවක් දැන් අවශ්‍යයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2869 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 7331 4

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3726 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3070 10

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11752 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 8025 57

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site