IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


විපක්ෂනායක ධූරය සම්බන්ධන්ටමයි

ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
 
විපක්ෂනායක ධුරය දෙමළ ජාතික සංවිධානයේ ආර්.සම්බන්ධන් මහතාටම ලබාදීමට කතානායක කරු ජයසුරිය මහතා තීරණය කර ඇත.


පාර්ලිමේන්තුව අද (10) රැස්වු අවස්ථාවේ දී විපක්ෂනායක ධුරය ගැන තීරණය පාර්ලිමේන්තුවේ දැනුම් දුන් විට කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේය.


ආර්.සම්බන්ධන් මහතා දෙමළ ජාතික සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව දැනට විපක්ෂනායක ධුරයේ කටයුතු කරයි.



අදහස් (20)

විපක්ෂනායක ධූරය සම්බන්ධන්ටමයි

Perakum Friday, 10 August 2018 05:59 AM

ඉතාමත්ම නිවැරදි ප්‍රජාතන්ත්‍රවාදී නිගමනයක්.

:       581       367

සඳන් Friday, 10 August 2018 06:26 AM

මේ රජයට අවුරැදු ගානක්. විපක්ෂ නායක කවුරැ වුනත් මොකද ? තාම බලයට කා කොටා ගැනීම් ඉවරයක් නෑ. මැතිසබේ හැමදාම කාලගෝට්ටි. සමහර දවසට සංඛ්‍යාව අඩුයි. විවාද කල්දානව. ඉන්නකොට සභාවේ බුදි. මේ පාලන ත්‍රන්ත්‍රය ඉතාම අකාර්යක්ෂමයි. අයිතිවාසිකම් විතරයි. වගකීම් නෑ. උගතුන් සභාවට යැවීමේ ජනතා වගකීමත් හරියට නෑ. ගරු කතානායකතුමනි කවදා මේ රටට හරියයිද ?

:       45       318

PerakumFriday, 10 August 2018 09:37 AM

මේ අපි කරපු වැරදි වල ප්‍රතිවිපාක. රටට් ආදරය කරන උගත් බුද්ධිමත් දේශපාලකයින් පත්කරගැනීම අපේ වගකීමයි. එසේ නොකර එකිනෙකාට දොස් පැවරීමෙන් පලක් නැත.

:       0       87

BamunuarachchiFriday, 10 August 2018 02:10 PM

අපි කරපු වැරදි මොනවාද? පැහැදිලි කරන්න බලන්න. විකාර කියන්න එපා...

:       0       0

Shan Friday, 10 August 2018 06:27 AM

සෙන්කොලය අරගෙන දුවන්න හදන, පාර්ලිමේන්තුව කැත කරන දිනේෂ් වගේ මිනිහෙක්ට වැඩිය මෙයා හොඳයි.

:       631       267

nuwan Friday, 10 August 2018 07:07 AM

නොදී කොහොමද දෙයිහාමදුරුවනේ...

:       14       381

dhamneth Friday, 10 August 2018 07:22 AM

ඒකාබද්ධයට තරග කරන්න ටිකෙට් එක දුන්නේ ජනපති මෛත්‍රී මහතයානේද? ඔය කණ්ඩායම තරගකලේ නිදහස් සංධානෙන් .ප්‍රථමයෙන් එකෙන් ඉල්ලා අස්වන්න.

:       52       91

indika Friday, 10 August 2018 07:45 AM

දෙවනියට වැඩිම මන්ත්රිලා ඉන්න පක්ෂයට විපක්ෂ නායක කම දුන්නට කමක් නැහැ එය විපක්ෂය නියෝජනය කරනවානම්. සම්බන්ධන් කවද්ද විපක්ෂය නියෝජනය කරේ? හැමදාම ආණ්ඩුව ආරක්ෂා කරන එක තමයි එයා කරන්නේ. ආන්ඩුව ආරක්ෂා කරන එක්කෙනෙක් විපක්ෂ නායක වෙන්නේ කොහොමද? ඒ වගේ විහිළු තියෙන්නේ ලංකාවේ විතරයි. ඒකාබද්දෙත් කොන්ද පණ නෑ විපක්ෂනායක කම ගන්න.

:       208       303

Hafeel Friday, 10 August 2018 07:54 AM

ඒකාබද්ධ දැන් හරි දැනගන්න එපැයි, මේක රනිල්ට හිමි තනතුරු බව. මේ විපක්ෂනායක තනතුර හරියට ධාම් ක්‍රීඩාව වගේ. දැන් සම්බන්ධන්ට. ඊළඟ පාර්ලිමේන්තුවේ රනිල්ට. කෙසේවෙතත් මේ විපක්ෂනායක තනතුරට ඉතා සුදුස්සා රනිල් තමයි. මේ බව හිරුණිකා මන්ත්‍රිතුමිය සුද්ද සිංහලෙන් කිව්වා.

:       0       39

Janathawa Friday, 10 August 2018 08:08 AM

ජනතාව ඕක දන්නේ ගොඩ දවසක ඉදන්......

:       1       56

rohana Friday, 10 August 2018 08:33 AM

හරි නම් විපක්ෂ නායක කම දෙන්න ඕන පා.ම. මහින්දට.

:       50       0

Thilina Friday, 10 August 2018 09:10 AM

ඇත්තටම හරිම පුදුමයි තාමත් ලංකාවේ මේ ආණ්ඩුවට කඩේ යන උදවිය දැක්කම..මේ ඉන්න විපක්ෂ නායකයා රටේ ජනතාව වෙනුවෙන් කරපු එක යෝජනාවක් කියන්න පුළුවන් නම් කවුරුහරි.. අගමැති වෙනුවෙන්, ආණ්ඩුව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී ඉන්න කෙනෙක්.. ඉතින් ආණ්ඩුවේ උදවිය නම් හරිම කැමැතියි මෙතුමා ඉන්නවට.. එ්ත් රටේ බහුතරයක් දුක් විඳින ජනතාවට වෙන සෙතක් නම් නැහැ..

:       2       179

sam Friday, 10 August 2018 09:11 AM

කතානායක ඒ තීන්දුව දුන්නේ කුමන නීතියක පිහිටලද? එය පැහැදිලි කරන්න.

:       1       22

thusitha Friday, 10 August 2018 09:14 AM

ඕක වෙන කෙනෙකුට දෙනවට ඉන්දියාවයි, ඇමරිකාවයි කැමැති නැහැ, එ්කයි ඔය !!!

:       0       83

saman Friday, 10 August 2018 09:21 AM

පැරකුම් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැති කෙනෙක් වගේ...

:       0       23

කසුරි Friday, 10 August 2018 10:55 AM

ඇයි මහත්තයෝ පැරකුම් කිව්වේ."මේ අපි කරපු වැරදි වල ප්‍රතිවිපාක. රටට ආදරය කරන උගත්, බුද්ධිමත් දේශපාලකයින් පත්කරගැනීම අපේ වගකීමයි. එසේ නොකර එකිනෙකාට දොස් පැවරීමෙන් ඵලක් නැත.." කියලානේ. ඉතින් වැරදිද? සුද්දා අපේ රට ඇත හැරගිය දවසේ ඉඳලා රට පාලනය කරපු එකම එක දේශපාලකයෙක් වත් නැත. හිටියොත් ඉන්නෙත් " අන්ත දූෂිත දේශපාලකයින් " පමණයි. ඒ අය රට කෑවා විතරක් නොවෙයි අදටත් කමින් ඉන්නේ. ඒ අයගේ දරු පරපුර හෙට රට කන්න බලාගෙන ඉන්නේ. උගත් වැදගත් අවංක දේශපාලකයින් රටට පත්කර ගතයුතුයි කියලනේ පරකුම්ගේ යෝජනාව. මේ අපි කරපු වැරදි වල ප්‍රතිවිපාක. රටට ආදරය කරන උගත්,බුද්ධිමත් දේශපාලකයින් පත්කරගැනීම අපේ වගකීමයි. එසේ නොකර එකිනෙකාට දොස් පැවරීමෙන් ඵලක් නැත. විප්ලවයකින් හෝ හමුදා මැදිහත්වීමකින් තොරව මේ රට ගොඩගැනීමට නොහැකිබව හොඳින් ලියා තියා ගන්න.

:       0       164

BamunuarachchiFriday, 10 August 2018 02:13 PM

වයස කීයද? නිදහසින් පසු 1956 වනතුරු රට පැවැතුනේ කොහොමද කියලා අවබෝධයක් තිබෙනවාද?

:       0       2

මංගල Friday, 10 August 2018 10:32 AM

මේ ආණ්ඩුව පවත්වාගෙන යන්න උදව් කරන සම්බන්ධන්ට විපක්ෂ නායකකම දීලා, අනුර දිසානායකට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කමදීලා. මෙහෙම කථානායක කෙනෙක් නම් ලොවෙත් නෑ. ලොවි ගහෙත් නෑ.

:       0       45

සතයපාල Friday, 10 August 2018 02:00 PM

මහින්දගේ ගේම් දේශපාලනය නොදන්න එ්කාබද්ධයේ සමාජිකයින් ඇඟිලි ගැන ගැන හිටියේ දිනේෂ් විපක්ෂ නායකයා වෙනතුරුයි. නමුත් මහින්දගේ නම් තුන් හිතකවත් තිබුනේ නැතිව ඇති එහෙම කරන්න. මේ කතාව ආරම්භයදීම අපි සඳහන් කල පරිදි රනිල්ට එරෙහිව විශ්වාස භංගයක් ගෙනැල්ලා රනිල්ව ශක්තිමත් කරලා සිරිසේන පරාද කරලා නිමල් සිරිපාලව දේශපාලන වශයෙන් අනාථ කළා. ඒ වගේම මෙදා පාරත් අයිති නැති විපක්ෂ නායක ධුරයට අයිතිවාසිකම් කියලා සම්බන්ධන්ව රනිල්ගේ තුරුල්ලට තල්ලු කරලා දිනේෂ්ව දේශපාලන වශයෙන් අනාත කෙරුවා. මේ ඔක්කොම කරන්නේ 2025 වෙනතුරු ඒකාබද්ධය විපක්ෂයේ තියන්න. (නාමල් බේබිට ජනාධිපතිකමට ඉල්ලන්න හැකිවෙන තුරු)... එතකම් රනිල් ජනාධිපති තනතුර දැරීම මහින්ද ගෝඨාභය බැසිල් හෝ චමල් ජනාධිපති තනතුර දරනවාට වඩා විශ්වාසයි.. ආරක්ෂිතයි... මේක නොදැන 2020 දී පොහොට්ටුවේ අපේක්ෂකයා ජනාධිපති කරන්න හීන දකින සමාජිකයන්ට නම් පවු අප්පා !

:       0       0

Bamunuarachchi Friday, 10 August 2018 02:08 PM

"ඉතාමත්ම නිවැරදි ප්‍රජාතන්ත්‍රවාදී නිගමනයක්." අත්තටු පොරවාගෙන ඉන්න විපක්ෂ නායකයෙක් තබා ගැනීම ඉතාමත්ම නිවැරදි ප්‍රජාතන්ත්‍රවාදී නිගමනයක්ලු. මෙයා තම ජාතිය ගැන මිසක් රට වෙනුවෙන් මොනවද කතාකලේ කියලා කියන්නකෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 550 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 3905 0

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4590 28

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී හතක් මරුට
2024 අප්‍රේල් මස 21 6986 21

දියතලාව නරියාකන්ද , ’’ෆොක්ස්හිල්’’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථය


සීයා-මුණුපුරා-මිනිපිරි රිය අනතුරින් මරුට
2024 අප්‍රේල් මස 21 2930 4

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ කැටපළ ක්‍රිස්තු දේවස්ථානය ඉදිරිපිටදී ත්‍රී රෝද රථයක් හා කන්ටේනරයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙක් එතැනම මියගොස


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 4132 11

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1635 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site