IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


විජයකලා ඉල්ලා අස්වෙන්න තීරණය කරයි

සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට  කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වන් මහත්මිය අද තීරණය කර තිබේ.

එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩනැංවිය යුතු බවට   දිනෙක කළ ප්‍රකාශයක් සමඟ ඇයට එල්ල වු දැඩි විරෝධතා හේතුවෙන් ඇය මෙම තීරණය ගෙන ඇතැයි වාර්තාවේ.

36698



අදහස් (43)

විජයකලා ඉල්ලා අස්වෙන්න තීරණය කරයි

rama Thursday, 05 July 2018 03:51 AM

රටෙන්ම අස්වෙලා ගිය නම් වැඩ හොඳ

:       105       381

nimal Thursday, 05 July 2018 04:16 AM

ඉල්ලා අස්වීම විතරක් ප්‍රමාණවත් නැහැ සහෝදරිය. මානව සංහතියටම අහිතකර ආකල්පවලින් මිදිය යුතු ය. ඔබ කරන ප්‍රකාශයේ සදහන් ගැටලු හරි. නමුත් ඒවා ඔබට පමණක්ව නොව මුළු රටටම තියෙන ගැටලු . පීඩාකාරි ලෙස ගැටලු විසදිය නොහැක. එම ගැටලු උතුරට පමණක් නොව දකුණට ද එසේමය. සහෝදරිය පොදුවේ මිස වෙන් වෙන්ව විසදා ගැනීමට අපට ගැටලු නැත.

:       1       707

Mallikaa.warnasuriya Thursday, 05 July 2018 04:18 AM

ලොකු දෙයක්.................

:       71       134

athura Thursday, 05 July 2018 04:31 AM

දැන් බලමුකෝ ඔය ලොකුවට කෑගහපු කටු කන කට්ටියගේ වැඩ.

:       625       747

amila Thursday, 05 July 2018 04:39 AM

අස්වෙන එක හොඳයි............ නමුත් ප්‍රකාශයට දඬුවම් දිය යුතුයි.............

:       217       408

abaran Thursday, 05 July 2018 04:49 AM

අස් උනාට පාඩු නැතුව ඇති...ඔය ප්‍රකාශය කරන්නට කීයක් සාක්කුවට වටුනාද? කාගෙන්ද හම්බ උනේ?

:       88       417

shan saudi Thursday, 05 July 2018 04:56 AM

ඉල්ලා අස්වැන්න නෙවේ සම්පුර්ණයෙන්ම දේශපලනයෙන් ඉවත් විය යුතුයි නැත්නම් මෙයාගේ ප්‍රජා අයිතිය වසර 15 තහනම් කල යුතුය බැනවදීම් හෝ තර්ජනය කිරීම නිසා ඥානසාර හිමි සිරදඩුවම් ලබා දීම කලානම් රටේ 30 වසරක් පවතී දරුණු යුද්ධය කරගන ගිය ජීවිත ලක්ෂ ගානක් දේපල කොටි ගණක විනාශ කල ත්‍රස්තවාදය යලි පිහිටවීම සදහා කටයුතු කරන ලෙස දමිළ ජනයාට හඩනගා කියමින් රට යලිත් විනාශය කර යළිත් ගෙන යාමට කටයුතු කරන මැය හරිනම් රටින් පිටුවහල් කල යුතුය. අපි බලමු ජනපතිගේ හා අගමැතිගේ කොන්ද පන තියේද කියා මේ දඩුවම් ලබා දීමට. අවදියෙන් සිටින්න අපට දේශපාලන පක්ෂ බෙදා ‍ෙගන වැඩක් නැත රට ජාතිය රැක ගන්නේ කවුරුන්ද යන වග හොදින් බල ඉදිරියේදී ඡන්දය පාවිචි කරන්න මොවුන් ගෙන එනවා සේම එලවා දැමීමේ බලයද අප සතුය එය හොදන් අවබෝද කර ගන්න දේශපාලකයා යනු රටේ හෝ ජනතාවගේ ජීවනාලිය නොවේ ඔවුන් අපෙන් පඩි ගන්නා සේවකයන් පමණි..........

:       231       10719

sarath kuru Thursday, 05 July 2018 04:57 AM

මන්ත්‍රී කමෙන් අස්වෙන්නේ නැද්ද?

:       103       154

Nuwan Thursday, 05 July 2018 05:27 AM

එක හොදය . නමුත් ලංකාවේ නීතිය කඩ කරලා තියෙනවා එකට දඩුවන් දෙන්න ඕනේ .

:       101       293

Keppetipola Thursday, 05 July 2018 05:32 AM

මෙයාව මන්ත්‍රී ධුරයෙනුත් වහාම ඉවත් කල යුතයි. ඉන්පසු නිතිය ඉදිරියට පමුණුවා දඬුවම් ලබාදිය යුතුයි.

:       117       318

abc Thursday, 05 July 2018 05:33 AM

නීතිය ඉක්මනට ක්‍රියාත්මක වෙන්න ඕනේ. මෙවන් අදහස් රටම විනාශ කරනවා

:       60       139

Nishantha Thursday, 05 July 2018 05:49 AM

ජනතාවගේ ප්‍රශ්න අමතක කරන්න මාධ්‍ය සංධර්ශන මේවා...............

:       1       171

jayatissaThursday, 05 July 2018 07:04 AM

වැල්වටාරම් උවමනා නැහැ . ඔබ හරියටම හරි.

:       0       7

Asanka Thursday, 05 July 2018 06:17 AM

එල්.ටී.ටී.ඊ සංවිධානය යනු සුදු - කළු මිශ්‍ර චිත්‍රයකි. එල්.ටී.ටී.ඊ සංවිධානයේ ඝාතන යන්ත්‍රය සහ බෙදුම්වාදය බැහැර විය යුතු බව අවිවාදාත්මකය. නමුත් එම පාලන කාලය තුළ උතුරේ මත්කුඩු නොතිබිනි. අසැභි චිත්‍රපටි සඟරා නොතිබිණි. ස්ත්‍රී දූෂණ , බාල අපචාර සිදු නොවිනි. හොර අරක්කු, බාර්, ගනිකා මඩම් නොවිනි. ආවා වැනි බයිසිකල් කප්පම් කල්ලි නොතිබිනි. නීති විරෝධී කේබල් ටී.වී. නොතිබිනි. ගස් කැපීම, වැලි හෑරීම තහනම් කොට තිබුණි. අල්ලස දූෂණය පි‍ටුදැක තිබුණි. දකුණේ රජයේ පරිපාලන කාර්යාල ඔවුන්ගේ අණ යටතේ සියයට සීයක කාර්යක්ෂමතාවයකින් වැඩ කෙළේය.මෑතකදී දුෂණය කොට මරා දැමූ දැරිය වෙනුවෙන් උතුරේ ජනයා ඉර හඳ ඉල්ලා අඬන්නේ නැත, ඔවුන් ඉල්ලා සිටිනුයේ මත් උවදුරට පිලියමකි. විජයකලා ඔවැනි ප්‍රකාශයක් කිරීමට හේතු වූ පසුබිම එයයි.මහජනයා විසින් පත්කර පාර්ලිමේන්තු යැවූ අපේ මිනිසුන් කරන දුෂණ වංචා තක්කඩිකම්, නීතියට කොකා පෙන්නිලි, දකිද්දී කොටි සිටියානම් හොදයයි අපටත් නොසිතෙන්නේද, මන්ද එසේනම් මොවුන් නගුට දෙපරන්දේ ගසාගන්න බැවිනි

:       70       259

DileepaThursday, 05 July 2018 08:16 AM

ඔබ කියන කතාවෙත් ඇත්තක් තියනවා. ලෝටි ඉන්න කාලේ පාතලයොත් නැහැ , මේවගේ දුෂණ හොර මගදී කරන ඇමතිවරු හිටියෙත් නැහැ මොකද හැමෝම කොටියට බය නිසා , දැන් මෙයාල හැමෝම අපිව අන්දනවා . නමුත් කවදාවත් අපි මිලේච්ච කොටින්ව අනුමතකරන්නේ නැහැ

:       0       46

SenanayakeThursday, 05 July 2018 08:50 AM

ඔබට අමතකද විද්‍යා දැරියගේ ඝාතකයා ජනතාව විසින් ගස් බැද සිටියදී ඔහුව බේරගන්න ගියෙත් මෙතුමියම තමයි. මෙවැනි ප්‍රකාශ කරන්නේ තමන්ගේ ජන්තාවට ඇති ආදරයෙන් නෙවෙයි. ජනප්‍රිය වීමට, ඡන්ද ලබාගැනීමට ඇති පහසුම ක්‍රමය ජාතිවාදය පැතිරවීමයි. මෙය බහුතරයක් අපේ සිංහල, මුස්ලිම් දේශපාලකයන්ටත් අදාලයි.

:       0       204

Ajith NissankaThursday, 05 July 2018 03:44 PM

ඔබ හරි! ජාතිවාදී සිංහල දෙමල මුස්ලිම් ඔය කවුරුත් කරන්නේ මිනිස්සුන්ගේ හැගීම් මාර්කට් කරලා ඔවුන්ගෙන් යැපෙන්නයී!

:       0       0

NuwanThursday, 05 July 2018 03:02 PM

තර්කය වැරදියි. උතුරු කොරියාවෙත් මත්ද්‍රව්‍ය නැ. කප්පම් කල්ලි නැ.. අසැභි චිත්‍රපටි සඟරා නැ. ස්ත්‍රී දූෂණ, බාල අපචාර නැ. එතකොට ඔබ කැමති උතුරු කොරියාවේ ජීවත් වෙන්නද? දකුණු කොරියාවේ ජීවත් වෙන්නද? නැත්නම් ඔය කියන ඔක්කොම තියෙන ඇමෙරිකාවේ ජීවත් වෙන්නද? වෙනස මතු පිටෙන් තියෙන දෙය නොවේ සහෝදරයා.. හොදින් විග්‍රහ කරලා බලන්න. අපිට ඕනේ මොනවගේ සමාජයක්ද කියලා. සුද්දා මේ රටට එන්න ඉස්සෙල්ල අපිට අරක්කු තිබුනෙත් නැ.. බේබද්දෝ හිටියෙත් නැ.. හිගන්නෝ හිටියෙත් නැ… කතාවක් තියෙනවා " බඩේ රුදාවට කටු ඉබුල ගැහෙ නැග්ග වගේ කියලා"

:       0       0

godfrey Thursday, 05 July 2018 06:22 AM

කරුණාකරලා මෙයාව පුනරුත්තාපය කදවූරකට යොමුකරන්න, මෙයාගේ මොලේ තාම ගණ කැලවකින් වැසී ඇත. මෙයාව පුනරුත්තාපය කිරීමෙන් රටටත් ජාතියටත් වැඩක් ගැනීමට හැකිබව පෙනේ.

:       23       8

Ajith NissankaFriday, 06 July 2018 06:20 PM

එම පුනරුත්ථාපන කඳවුරටම දාන්න දකුණේත් කට්ටිය ඉන්නවා!

:       0       0

sathyapala Thursday, 05 July 2018 06:27 AM

කවුරුහරි මට කියනවද මෙයා අතින් කැඩුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ හෝ දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති මොනවද කියලා ?

:       0       0

Raveendra Thursday, 05 July 2018 06:29 AM

අස්වීමෙන් කල සාපරාධි ක්‍රියාවට දඩුවම් ලැබිය යුතුය. රජයේ නිලධාරීන් තනතුර ලබා ගැනීමට පෙර " දිවුරුම්දීම මෙමගින් හැල්ලුවට ලක්වන" බව සදහන් කල යුතුය. ඉදිරියේදීත් මෙවැනි ක්‍රියාවන් සිදුවිය හැකි බැවින් තමන් උපන් මවුබිම අපහසුතාවයට පත්කිරීම පිලිබදව දඩුවම් දිය යුතුමය. මෙහි කිසිදු පාට, පක්ෂයක් අවශ්‍ය නැත. කවුරු කලත් හොද දෙය හොද ලෙසත් වැරදි දෙය වැරදි ලෙසත් දැකීම අපගේ අදහසයි.

:       0       0

කරුණාපාල Thursday, 05 July 2018 06:38 AM

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ මේ කාන්තාව අත් අඩංගුවට ගෙන මගේ ප්‍රජා අයිතිය වසර දහයකට වඩා අහෝසිකළ යුතුයි. ජනාධිපති හා අගමැති තුමන්ලාගේ නියෝගය මත පොලිස්පති තුමා මැයව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

:       0       7

fairoos Thursday, 05 July 2018 06:46 AM

සමාව ගන්ඩ ඕනේ

:       0       0

Chandima Thursday, 05 July 2018 06:47 AM

රටේ නිතිය කාටත් සමාන නම් ඥානසාර හාමුදුරුවන්ට විතරක් නෙමෙයි මේ වගේ මේ වගේ රට බෙදා මහත් විනාසයක් කරන්න හදපු කොටි සංවිධානයට හිතකර ප්‍රකාශ කරමින් රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති උල්ලංඝනය කරන ප්‍රකාශයක් කල මේ තැනැත්තියට එරෙහිව ආණ්ඩුවට බැරි නම් වෙනත් පාර්ශවයක් විසින් හරි නඩු දැමිය යුතුයි. එතකොට අර විග්නේශ්වරන් සිවගිලිංගම් වගේ අනිත් පරපෝශිතයොත් පාඩමක් ඉගෙනගනිවී.

:       0       29

Ajith Rohan Thursday, 05 July 2018 06:51 AM

විජයකලා මහේෂ්වරන් හඬ සහ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිරූපය වනිතා හා ළමා කටයුතු ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇගේ වේදනාත්මක ප්‍රකාශයෙන් ඇත්ත වශයෙන්ම ලෝකයේ බිහි වූ කෘර ත්‍රස්තවාදී සංවිධානයක් වුවත් ඔවුන්ගේ ත්‍රස්ත බලයෙන් ආවරණය කළ උතුරේ ජනතාවට අද නැති, නමුත් අතවශ්‍ය කරුණක් ගෙනහැර දක්වයි. එය සුරක්ෂිත බවින් ගෞරවයෙන් සහ එකතරා දුරකට හෝ බියෙන් තොරව ජීවත්වීමේ නිදහසයි (මේ ගැන කොටි සංවිධානයට විරුද්ධව කවුරු කුමන තර්ක ගෙනහැර දැක්වුවත් ඊට පිළිතුරු දීමට අප සුදානම්). මේ මුළික කරුණ ලෝකයේ ඕනෑම ප්‍රජාතත්‍රවාදය ඇති රටක ජනතාවට, ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය මගින් ලබාදෙන සහ ලබා දිය යුතු අත්‍යවශ්‍ය සතිකය වේ. එනම් මේ මගින් විශ්ව මානව අයිතිවාසිකම් පිළිගෙන ක්‍රියාත්මක විය යුතුය. මිනිස් නිදහස ආරක්ෂා විය යුතුය. ශ්‍රී ලංකාවේ මෙය සුරැකි ඇත්ද මානව අයිතිවාසිකම් සුරැකේද ළමා අයිතිවාසිකම් සහ කාන්තා අයිතිවාසිකම් සුරැකි ඇත්ද ශ්‍රී ලංකාව සුරක්ෂිත රටක් ද? ශ්‍රී ලංකාවේ ත්‍රස්ත කණ්ඩායම මැඩ පැවැත්වූ පසු පාතාල කල්ලි සහ කළු දේශපාලනය හට ගත්ත

:       0       1

d.upul Thursday, 05 July 2018 07:21 AM

අලුත් ඒවා එනවා. පරණ ඒවා යට යනවා. අනේ මේ අයට කවද හරියයිද?

:       0       0

ranga Thursday, 05 July 2018 07:21 AM

ඉල්ලා අස්උනාම ඔක්කොම හරිද ? එතනින් එහා නීතියක් නැද්ද?

:       0       42

Ashan Thursday, 05 July 2018 07:32 AM

මාලිගාවට බෝම්බ ගැහුව, පොලිසියේ සිය ගානක් මැරුව, හාමුදුරුවරු කපල කොටල මැරුව කොටි නායකයන්ට ඇමතිකම්, සභාපතිකම් දුන්න කාලෙකුත් තිබුණ. හැබැයි මේ වචනයකට උඩපනින දේශප්‍රේමින් ඒ කාලෙ හිටියෙ නැද්ද මන්දා................

:       171       352

hiran Thursday, 05 July 2018 07:33 AM

මහින්ද කියන්න ඇති අස්වෙන්න කියල .

:       42       47

රවින් Thursday, 05 July 2018 07:45 AM

ජීවිතය බොලයක්වගේ රවුමට කැරකෙනවා. මෙයාගේ ස්වාමි පුරුෂයව එල්.ටි.ටි.ඊ එකෙන් මැරුවේ නැතිනම් බලයට එන්න ලැබෙන්නේ නැහැ. ඒවගේම මෙයා එල්.ටි.ටි.ඊ එකට ආණ්ඩුවේ නැතිනම් බලය නැතිවෙන්නේ නැහැ. දෙපැත්තේම මුල එල්.ටි.ටි.ඊ

:       0       77

RNG Thursday, 05 July 2018 07:48 AM

විනය පරීක්ෂණ තියන්න කියලා ගෙන්නලා ඊයෙ අගමැති කියන්න ඇති ඉල්ලා අස්වෙන්න කියලා.. නැත්නම් ඉතින් 2020 ආයෙත් ගොඩයෑමක් නෑ කියලා දන්නවානෙ .. මේවා නිකන් බොරු ෂෝ විතරයි. හැබැයි මේවට බුද්ධිමත් ජනතාව නම් අහු වෙන්නෙ නෑ ලේසියෙන්...

:       10       204

manoj Thursday, 05 July 2018 07:57 AM

අස් උනාට කමක් නෑ. මෙයාට ඊළඟ ප්‍රභාකරන් වෙන්න ඉඩ තියන්න එපා.

:       0       59

ජගත් ලියනගේ Thursday, 05 July 2018 07:57 AM

අස්වෙලා පූර්ණ කාලීනව සංවිධානයකට වැඩ කරන්න වෙන්න ඇති ?

:       0       58

Maheshika Thursday, 05 July 2018 08:09 AM

රනිල් මෙයාව අරලිය ගහ මන්දිරේට ගෙන්නුවේ ඔය රිදෙන්නේ නැතුව ටොක්ක අනින්නද?

:       25       49

Bamunuarachchi Thursday, 05 July 2018 08:09 AM

ඉල්ලා අස්වෙන්න කලින් පන්නා දමමු. එහෙම කොරන්න බොස්ලට කොන්ද පණ තිබෙනවාද?

:       10       67

maheshika Thursday, 05 July 2018 08:13 AM

ටික කලක් ඔහොම අැමතිකම නැතුව ඉන්නකෝ ,ඔය කෑ ගහන උන්ට ඔය සිද්දිය හෙට අනිද්දා වෙනකොට අමතක වෙනවා. එතකොට මම ඔයාට වෙන අමාත්‍යංශයක් දෙන්නම්.......

:       0       15

Hafeel Thursday, 05 July 2018 08:28 AM

ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ. සිවාජිලිංගම්, විග්නේශ්වරන්ලාට පාඩමක් හැටියට රටේ නීතිය අනුව දඬුවමුත් දියයුතුයි,

:       0       16

shan saudi Thursday, 05 July 2018 08:28 AM

මැයගේ ප්‍රජා අයිතිය වහාම තහනම් කලයුතුමයි මැය තවදුරටත් දේශපාලන්යේ සිටියොත් දමිළ දරුවන්ගේ අනාගතය විනාශ කරන එක නොවනුමනයි එය වහාම නැවතිය යුතුයි

:       2       45

sumu Thursday, 05 July 2018 08:37 AM

අරය කියන්න ඇති ඔහොම කරන්න කියල. ටික දවසකින් අායෙත් ඕකට වඩා ලොකු තනතුරක් දෙනවා අනිවා.

:       0       26

ruchi Thursday, 05 July 2018 08:43 AM

ජේ වී පී එකත් මිනිමරලා රට විනාස කරලා දැන් දේශපාලනයට ඇවිත් ඉන්න ලෙසට එල් ටී ටී එකටත් පරණ වැරදි හදාගෙන ධර්මිෂ්ට ලෙසට දේශපාලනයට එන්න හිතිලද දන්නේ නැහැ නේද?

:       36       256

අසංක ඔබ හරි Thursday, 05 July 2018 08:56 AM

අසංක කියන දේ තේරුම් ගත හැකි අය ඉදිරියට පැමිණිය යුතුය. එසේ නොවුනහොත් අපේ දරුවන්ට යන කල? පාර්ලිමේන්තුවේ කැගසන අයගේ දරුවන් රට. දුප්පත් අපේ දරුවන් ඊළග යුද්දයට යැවීමට සුදානම් කරනවද? හොර නීතිවේදීන් , හොර දොස්තර වරු ගැන කියන රන්ජන් රාමනායක නිහඩ කර ඇත. උතුරේ විනය, දුෂණය කොට මරා දැමූ දැරිය වෙනුවෙන් කතා කල නොහැකිය. කතා කිරීමේ නිදහස නැත. පාර්ලිමේන්තුව පොහොට්ටු පාලනයට යටත්කර ඇත. අදිකරණයේ නඩු හිට්ලර්ට නම් නඩු ඇසීම තහනම්වේ. ජනපති විහිලු සපයන්නෙකි. හිට්ලර්ගේ අයියට විරුද්දව ඇමෙරිකා නියුවොක් මාද්දය, මෙරටේ දැමු මාද්දය නිහඩ කර ඇත. රනිල්ට දරුවන්ට ටැබ් දීම තහනම්. අහෝ ක්‍රෝධයකි. රටට ගිය කලක්. දැනටමත් රට පාලනය කරන්නේ හිට්ලර්, ජනපති සහයෙන්. රනිල් නිහඩ නොවී ජනයට ඇත්ත කියනු.

:       298       17

Ajith Nissanka Friday, 06 July 2018 06:22 PM

අනේ ඔයා ඉබ්බන්ගෙන් පිහාටු ගන්න කවද හරි ඉගෙන ගත්තද

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 2846 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3014 9

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11612 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 7947 39

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3050 1

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


’’යළි පහර දුනහොත් බලාගෙනයි’’
2024 අප්‍රේල් මස 14 10798 6

ඉරානයට නැවත වරක් පහර දීමට ඊශ්‍රායලයට ඇමෙරිකාව සහාය ලබාදුනහොත් කලාපයේ තිබෙන ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බව ඉරාන ආරක්ෂක හමුදා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1406 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site