IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පෞද්ගලික බස් වර්ජනය අවසන් - ගාස්තුව සියයට 12.5 ඉහළට

මහින්ද නිශ්ශංඛ 
 
අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ පෞද්ගලික බස් වර්ජනය අත්හිටවූ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසීය.

 
රජයෙන් ලබා දුන් 6.56% ක බස් ගාස්තු වැඩි වීම ප්‍රමාණවත් නොවන බව කියමින් අද රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් සිදු කරන බව එම සංගමය කලින් කියා තිබිණි.
 
ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා සමඟ අද පැවැති සාකච්ඡාවකින් පසු වැඩ වර්ජනය නතර කිරීමට තීරණය කළ බවත්, සියයට 12.5% බස් ගාස්තු වැඩි වීමක් ලබා දීමට ඇමැතිවරයා එකඟ වූ බවත් අංජන ප්‍රියංජිත් මහතා කීවේය.
 
අවම ගාස්තුව රුපියල් 12ක් කිරීමට සහ සමස්ථ බස් ගාස්තුව සියයට 12.5කින් වැඩි කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන අඟහරුවාදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ඇමැතිවරයා පොරොන්දු වූ බව කී සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය බස් ගාස්තු වැඩිවීම ලබන අඟහරුවාදා සිටම ක්‍රියාත්මක වන බව ද ප්‍රකාශ කළේය.
  



අදහස් (36)

පෞද්ගලික බස් වර්ජනය අවසන් - ගාස්තුව සියයට 12.5 ඉහළට

Raveendra Wednesday, 16 May 2018 03:33 PM

’බස් ගාස්තුව තවත් වැඩි කරන්න දෙන්නේ නැහැ’- රාජිත"... මේ සත්‍යතාවය කුමක්ද? මෙසේ පැවසුවේ ජනතාව නියෝජනය කරන ජනතා බදු මුදලින් "උපරිම සැප" ලබන මහජනතාව වෙනුවෙන් සේවය කරනවා කියන "අම්බරුවෙක්" නොවේද? මෙය ප්‍රකාශ කලේ කොහෙන්ද යන්න ඔබ සැමට බාරයි. මෙසේ විහිළු සපයන්නේ ඔබේත්, මගේත්, අපේත් දුප්පත් වැටුපෙන් එකතු කරගන්න මුදල්වලින් නොවේද? මේ අයට ලැජ්ජාව යන්න කිසිලෙස නැති බව මෙයද හොඳම උදාහරණයකි.

:       3       1374

ගාල්ලේ පාල Wednesday, 16 May 2018 03:38 PM

අනේ රටකට ගිය කළක්. පුද්ගලික බස්කාරයින්ට ඕන විදියට කරන හැටි. පුද්ගලික බස්රථ රියැදුරු කොන්දොස්තරලා ගහන මාටියාපාර ගෙවන්නෙත් අපි..

:       0       448

සතයපාල. Wednesday, 16 May 2018 03:46 PM

සමහරක් පිං ඇමැතිලා බස් සමාගම් කාරයින්ගේ පදේට නටන්නේ, ඒ අයව පත්කලේ බස් සම්ගම්කාරයින් කියලා හිතාගෙන වෙන්න ඇති. බොරුවට සීයට 6.5 ක යෝජනාවක් ඇටෙව්වා මිනිස්සු රවටන්න. ඒකට ජනතාවගේ විරෝධයක් නැතිබව දැනුණාම ඉතිරි සීයට හය වැඩිකලා රැවටුනේ අපිද, ඔබලද කියලා ඊළඟ ඡන්දයදී බලාගමු !

:       0       640

ඩී. ජයදේව Wednesday, 16 May 2018 04:08 PM

මේ වගේ අපෘෂ්ඨවංශී ආණ්ඩුවක් නම් මේ මුළු මගුල් සක්වලේම පහළවෙලා නැතුව ඇති..

:       0       436

Pothegura Wednesday, 16 May 2018 04:22 PM

පුද්ගලික බස් රථහිමියෝද දේශපාලකයින්ගේ එක් දෙවියෙකි. ඔවුන්ට තවත් බොහෝ දෙවිවරු සිටිති. හැබැයි ඒ සියල්ලෝම ශ්‍රී ලංකාවට පමණක් ආවේනික වූ දෙවිවරුය.

:       0       230

wasantha Wednesday, 16 May 2018 04:37 PM

මේක ආණ්ඩුවේ ඩබල් ගේම් ගහන අයගේ වැඩක්.

:       0       27

piyal Wednesday, 16 May 2018 04:39 PM

මිල සුත්තරයට පිටින් ගිහින් ගාස්තු වැඩි කලේ අනිවාර්යයෙන් යටින් හොද ගාණක් හුවමාරු වෙන්න ඇති.

:       0       108

Samathasena A . Aluthgama. Wednesday, 16 May 2018 05:07 PM

සැමදා රජයන් නටවන බස්කාරයන් මේ රජයත් නැටෙව්වා කිව්වොත් එය නිවැරදියි.

:       0       66

සමන් - ඕමානය Wednesday, 16 May 2018 05:47 PM

මෙහෙමත් හරි තීරණයක් ගන්න බැරි ආණ්ඩුවක්! උදේ කිව්ව එක හවසට වෙනස් කරන එකේ තේරුම, මුලින් ගත්ත තීන්දුව වැරදියි කියන එක නේද? ප්‍රතිපත්තියක් ඇතුව වැඩ කරනවානම් ඔහොමත් දෙපැත්තට වැනෙන්න පුලුවන්ද? රජයක් වුනාම ස්ථිරසාර තීන්දු ගත යුතුයි.

:       0       143

kumara Wednesday, 16 May 2018 06:36 PM

ඔබට සතුටුයිද දැන්.

:       15       75

සතයපාලThursday, 17 May 2018 02:11 AM

ඔව් කුමාර සතුටුයි තමයී.ඇයි රාජපක්ෂලා හිටියා නම් බස් ගාස්තු අඩුකරනවාද නැහැනේ.එහෙනම් පෙට්රල් ලීටරය රු:250 පැනලා,අවම බස් ගාස්තුව රු:20 වෙලා තියෙවී.එක නිසා ගොන් ආතල් ගන්න එපා.

:       596       184

INDIKAThursday, 17 May 2018 04:58 AM

සත්‍යපාල, එතකොට මහින්දගේ කාලේ (පෙට්‍රල් 162ත තියෙනකොට) බස් ගාස්තුව රුපියල් 9යි .

:       0       30

tikiriThursday, 17 May 2018 05:03 AM

දැන් ලංකාවේ වැඩි දෙනෙකුට මොලේ පෑදිලා ඔයත් ඔය වලිගෙ කැප ගන්න .

:       0       5

LapayaThursday, 17 May 2018 05:10 AM

කකුල් දෙකෙන් හිට ගනින් ඔලුවෙන් හිට ගන්නේ නැතුව. මොලේ පල්ලෙහාට බැහලා තියෙන්නේ. ලජ්ජා නැතුව තවත් කඩේ යනවා .................

:       0       1

BamunuarachchiThursday, 17 May 2018 09:13 AM

INDIKA ඔය සත්‍යපාල යමක් තේරුම් සහිතව කතාකොරන කෙනෙක් නොවෙයි හුදු මහින්ද විරෝදියෙක් පමණයි.

:       0       0

nihal Wednesday, 16 May 2018 07:56 PM

මහජනයාගේ කරපිටට දාල ......පාර්ලිමේන්තුවේ ඉන්න අය නොහැකියාවෙන් පෙලෙන අය

:       0       45

Sanath Wednesday, 16 May 2018 08:17 PM

කමෝන්! රාජිත ඇමතිතුමා, ඔබතුමාට ටොන් පචය කියල චතුරත් ළඟදීම කියයි.

:       0       112

RaveendraThursday, 17 May 2018 02:08 AM

සනත් මයා වෙත, අපගේ මවු බසේ කිසිවිට "හොරුන්ට, තක්කඩින්ට , බොරුකාරයන්ට " ........ තුමා ,එතුමා, මෙතුමා යන වැදගත් වචන බාවිතා නොකරන බව කාරුණිකව දැන්වීමට කැමැත්තෙමු.එබැවින් මෙසේ අම්බරුවන්හට වැදගත් වචන බාවිතා කිරීමෙන් ඔබ, අප අපගේ මවුබස හැල්ලුවට පත්කිරීමක් හා සමනය.

:       0       51

හර්ෂ Wednesday, 16 May 2018 09:45 PM

නිමල් සිරිපාල ඇමති බස් කාරයින්ගේ පදේට නටනවා, හරියට තීරණයක් ගන්න බැහැ බස් කාරයින්ගෙන් අල්ලස් ගන්න හින්දා.. හරියට තීරණයක් ගන්න බැරිනම් ඊළඟ ඡන්දයෙදි අනිවාර්යෙන්ම ගෙදරට තමයි ඉන්නවෙයි. එයා විතරයක් නෙවේයි කොන්ද පණ නැති යහපාලනය ගෙදරට තමයි ඉන්න වෙයි.

:       0       26

charuka lakmadu Thursday, 17 May 2018 12:38 AM

අයියෝ වැඩිපුර දෙන්න

:       0       3

charuka lakmadu Thursday, 17 May 2018 12:38 AM

අයියෝ අපි වැඩිපුර දෙන්න ඕනද?

:       0       4

charuka Thursday, 17 May 2018 12:41 AM

අනේ උණු වැඩක්

:       0       1

charuka Thursday, 17 May 2018 12:42 AM

අනේ වුණු වැඩක්

:       0       0

සමත් Thursday, 17 May 2018 01:40 AM

ගැමුණු ඉල්ලුවේ 10%, අවම ගාස්තුව 11/- යි. ඉල්ලුවටත් වඩා දුන්නේ මෙතන ලොකු රහසක් තියෙනවා.

:       0       0

dhamneth Thursday, 17 May 2018 01:49 AM

ඩිසල් මිල වැඩිකිරීමේ වාසිය බස් හිමියන්ට හා කොන්දොස්තරලට නේද? අවම ගාස්තුව රු.දෙකකින් වැඩිකලම කෙටිම දුර යන 25ක් බස් රථයට නැග්ගොත් එතනම රු.50ක් .මෝඩකමට ආණ්ඩුවට බනින අතරේ බස් හිමියන් උපරිම ලාභ උපයනවා. රු.15ක් දුන්නොත් ටිකට් එකට රු.12 අරන් ඉතිරි රු.3 ගන්න කොන්දොස්තර මහතා ඇත මාරු කාසි තිබේවිද?

:       0       0

Roshan priyantha Thursday, 17 May 2018 02:22 AM

පුත්ගලික බුස් හිමියන්ට මීට වඩා තම අදායම ගන්න පුළුවන් ලංගම වගේ ටිකට් අනිවාර්ය කර රජයේ ආයතනයක් මගින් මගීන්ගේ ටිකට් බස් රථය තුල පරීක්ෂා කරන ක්‍රමවේදයක් ගෙනවානම්

:       0       123

sisira Thursday, 17 May 2018 02:31 AM

අපිට කාගෙවත් පිළිසරණක්න නෑ

:       0       0

gayan Thursday, 17 May 2018 03:18 AM

ඔය සංගම් එකකවත් මහත්තුරු මගීන්ට ඉතුරු සල්ලි දෙන් නැති එකට විසදුමක් දෙන් නෑනේ. තමන්ගේ මඩිය පුරෝගන්න විතරයි හදන්නේ. බස් සේවයේ ගුණාත්මකබව ගැන බලන්න කෙනෙක් නෑ.

:       0       21

Roshan Thursday, 17 May 2018 03:34 AM

මේ අය එලවා දමා හොද සේවයක් ලබා දීම සදහා වෘතිමය ආයතන වලට ටෙන්ඩර් කැදවන්න. බස් ගාස්තුව තීරණය විය යුත්තෙ ලබා දෙන සේවය මතය.

:       0       30

Siri Thursday, 17 May 2018 03:34 AM

හර්ෂ, එයාටත් බස් ඇති. ඒකනේ...

:       0       0

isurandi Thursday, 17 May 2018 04:20 AM

ඉදිරි පැවැත්ම හිතාගන්න අමාරුයි.

:       0       0

Mahinda Thursday, 17 May 2018 05:20 AM

ලක්ෂ 62 ඔබට ගොඩක්ම සතුටුයි නේද දැන්....?

:       0       15

lalithsjm Thursday, 17 May 2018 05:20 AM

කොහොමත් බදුලු ජනතාව එයා ගෙදර යවලා ඉවරයි. අනේ මන්දා තාම ඇමතිනේ.

:       0       1

Ashraff Ameen Rambukkana Thursday, 17 May 2018 05:38 AM

ශ්‍රී ලංකාව තුල දුවන බස් වැඩිහරියක් සමහර පාර්ලිමේන්තු සහ හිටපු මහා ඇමතිලාගේ. ඒ නිසයි බස් ගාස්තු වැඩි කරන්නේ.

:       0       0

kumara Thursday, 17 May 2018 06:22 AM

බස් ගාස්තු වැඩිකරනවානම් ඒවාට අදාල නීති ක්‍රියාත්මක කරනු?

:       0       1

nimallalitha Thursday, 17 May 2018 07:29 AM

අද සිටින දේශපාලකයන් එකෙකුටවත් මේ රටේ නැති බැරි මහජනතාවගේ දුක තේරෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 1683 10

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 3350 10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2114 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5650 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4066 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4677 31

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site