IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


නාම යෝජනා බාර ගැනීම ඇරැඹේ

 ( ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු) 

ජනාධිපතිවරණය සදහා නාම යෝජනා භාර ගැනීමේ කටයුතු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණි.

මේ වන විට අපේක්ෂකයින් ගණනාවක් හා ඔවුන්ගේ නියෝජිතයන් කොමිෂන් සභා කාර්යාලයට පැමිණ සිටිති.

රුහුණු ජනතා පෙරමුණ අපේක්ෂක අජන්ත සොයිසා , ජනසෙත පෙරමුණ නියෝජනය කරමින් බත්තරමුල්ලේ සීලරතන හිමි  නාම යොජනා බාර දී සිදු කළ අතර, ශ්‍රී  ලංකාවේ සමාජවාදී පක්ෂය  නියෝජනය කරමින් අජන්තා පෙරේරා, ස්වාධින අපේක්ෂ එම් කේ සිවාජිලිංගම්, ජාතික ජන බල වේගයේ අපේක්ෂක  අනුර කුමාර දිසානායක,  ශ්‍රී ලංකා කම්කරු පක්ෂය ඒ. එස්.පී ලියනගේ, ජාතික සංවර්ධන පක්ෂය රොහාන් පල්ලේවත්ත, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් දුමින්ද නාගමුව  යන මහත්වරු ද ස්වාධින අපේක්ෂක අපරැක්කේ පුණ්‍යානන්ද හිමි ද, ප්‍රජාතන්ත්‍රවාදී  ජාතික ව්‍යාපාරයේ අපේක්ෂක අරුණද සොයිසා , ස්වාධින අපේක්ෂකවරුන් වන එම්.එල්.ඒඑම් හිස්බුල්ලා, පියසිරි  විජේනායක, ස්වාධීන අපේක්ෂකවරුන් වන  ඉල්ලියාස් මොහොමඩ්,  රජීව විජේසිංහ,නව සිහළ උරුමයේ අපේක්ෂක  සරත් මනමේන්ද්‍ර ,අපේ ජාතික පෙරමුණ නියෝජනය කරමින්  සුබ්‍රමනියම් ගුණරත්නම්   මහත්වරුද මේ වන විට  නාම යෝජනා බාර දී  සිටින පිරිස අතරට එක්ව සිටිති.

නව ප්‍රජාතන්ත්‍රවාදී  පෙරමුණ නියෝජනය කරමින්  අපේක්ෂක  සජිත් ප්‍රේමදාස මහතාද  නාමයෝජනා බාර දුන්නේය.

පෙ.ව . 10 : ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස නාම යෝජනා භාර දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මෙතෙක් කොමිෂන් සභා කාර්යාලයට පැමිණ නැත. ඔහු හැර සෙසු අපේක්ෂකයින් සියලු දෙනා පැමිණ සිටී.

ජාතික ජනතා පක්ෂ අපේක්ෂක හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතාද නාම යෝජනා දුන්නේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාද  නාම යෝජනා භාර දුන්නේය.

ස්වාධින අපේක්ෂකයින්  වන  කැටගොඩගමගේ ජයන්ත පෙරේරා , සිරිපාල අමරසිංහ , සිරිතුංග ජයසුරිය - එක්සත් සමාජවාදී පක්ෂ. වැලිසරගේ සමන් ප්‍රසන්න පෙරේරා - අපේ බලය ජනතා පක්ෂය, වර්ණකුලසූරිය මිල්රෝයි ප්‍රනාන්දු , ස්වාධීන අපේක්ෂක වජිරපානි විජේසිරිවර්ධන , සමාජවාදී සමානතා පක්ෂය සමන්සිරි හේරත් , ස්වාධින අපේක්ෂකවරුන් වන  සරත් විජිතකුමාර කීර්තිරත්න , චමින්ද අනුරුද්ධ , අශෝක වඩිගමංගාව,සමරවීර වීරවන්නි,ජාතික සමගි පෙරමුණු අපෙක්ෂක  නාමල් රාජපක්ෂ, ස්වාධින අපේක්ෂක අහමඩ් හසන් මොහොමඩ් අලව් සහ නව සමසමාජ පක්ෂයේ අපේක්ෂක බැද්දේගමගේ නන්දිමිත්‍ර  යන මහත්වරුද නාමයෝජනා බාර දුන්හ.

අපේක්ෂකයින් පිළිබඳ ලිඛිත විරෝධතා භාර දීමට 11.30 දක්වා  වූ කාලයේ හැකි බව මැතිවරණ කොමසාරිස්වරයා සුළු වේලාවකට පෙර දැනුම්දුන් අතර ඇප තැන්පත් කළ 8 දෙනකු  නාමයෝජනා දී නැති බවද   ප්‍රකාශ කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණු අපේක්ෂක ආරියවංශ දිසානායක මහතාද  නාම යෝජනා භාර දුන්නේය.

ඡායාරූප - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව 

 

 

 

 



අදහස් (15)

නාම යෝජනා බාර ගැනීම ඇරැඹේ

Chanak los angeles Monday, 07 October 2019 04:02 AM

ගෝඨා‌ නාම ‌යෝජනා දුන්නොත් ගිනස් වාර්තාවක්..! ජනාධිපති ‌වෙන්නත් කලින් ‌දෝෂාභියෝගයකට සුදුස්සෙක්...

:       1759       830

indikaMonday, 07 October 2019 04:21 AM

ලස්සන වැඩේ කියන්නේ, ඒජාප කට්ටිය ඔය නඩුවලට අපි නෑ කියකියා ඒ තීන්දු එනකන් බලන් ඉන්නවා...!! එකක් හරි ගියේ නැති වුණාම තව එකක් කව්රුහරි දානකම් ඉඳලා එ්කෙන්වත් ගොඩයන්න පුලුවන්ද කියලා බලාගෙන ඉන්නවා. එ්ක හරියට එළුවාගේ මොකද්ද එකක් වැටෙනකම් බලාගෙන හිටිය නරියා වගේ... !!!

:       425       547

RevanMonday, 07 October 2019 04:31 AM

නිකන් බොරු තර්ක ඉදිරිපත් කරන්න එපා සහෝදරයා , ඔය සියලුම අභියෝග වලට ඉහළින් තමා ජනතා පරමාධිපත්‍යය තියෙන්නේ

:       132       110

Chanak los angelesMonday, 07 October 2019 09:54 PM

ඒක අපි පිලිගන්නවා සහෝදරයා .. ප්‍රශ්නේ තිබෙන්නේ ඔබ කඩේයන සාටකයන් ඔය කියන පරමාධිපත්‍යට හිස නවනවාද කියන එකයි .එහෙම හිස නවනවානම් එදා බොන්න වතුර ඉල්ලපු වෙලාවේ පරමාධිපත්යේ හිසවල් කුඩුවෙන්න වෙඩිතියන්නේ නැහැ නේද සහෝදරයා ?

:       0       0

amithMonday, 07 October 2019 04:34 AM

පිටරට ඉඳලා අාවඩන, අයගෙන් වැඩක් නැත ලංකාවට...

:       166       62

seneviratneMonday, 07 October 2019 10:51 AM

පිටරට සේවකයෝ ලංකාවට එවන විදේශ විනිමය නැත්නම් බලාගන්න පුළුවන් ඔය දේශපාලුවෝ රගන හැටි. මම රටවල් 3 ක අවුරුදු 20ක් හම්බ කරලා ලංකාවට මුදල් එවල තියෙනවා. මිලියන ගණනක් එවල ඇති මගේ ජීවිත කාලයට. නීතියට පිටින් වැරදි කළා නම් කවුරු කලත් නීතිය එකයි.

:       0       7

ranjithMonday, 07 October 2019 04:36 AM

ගෝඨා තොරතුරු තාක්ෂණයට විද්‍යාපති උපාධිය 1992 අරගෙන තියෙනවා, සාපෙළ ගැන ප්‍රශ්න නැහැ.

:       11       172

Jayampathi Monday, 07 October 2019 05:23 AM

රටේ පළමු පුරවැසියාගේ බිරිඳ ඇමරිකන් පුරවැසියෙක් වුනාම නියමයි. ළමයා එයත් ඇමරිකන්.එතකොට රටේ පළමු පුරවැසියාගේ වත්කම් බැරකම් ඇමරිකාවේ. හැබැයි වහල්ලු ටික කෑගහන්නේ අපි විදේශයට ගැති නැති දේශප්‍රේමින් කියලයි.

:       632       643

sumanaMonday, 07 October 2019 06:03 AM

හා හා එහෙම කියන්න එපා... අවුරුදු 300කට රට බේරලා දුන්නු වීරයා වුනේ රටෙන් ගිහින් සතුරාත් එක්ක වැඩකරලා නමත්, ආගමත් වෙනස් කරගෙන ඉඳලා, අවස්ථාව ආවම සතුරන් පරාජය කරලා රජවෙලා රටත්, ආගමත් බේරගත්ත කෙනා තමයි. ඒ තමයි කොනප්පු බණ්ඩාර හෙවත් දොන් පිලිප් හෙවත් දෝන කතිරිනාගේ සැමියා හෙවත් විමලධර්මසූරිය රජතුමා... එතුමා නැත්නම් 1815 වෙනකන් අපේ රට ආරක්ෂා වෙන්නේ නැහැ..

:       0       33

යාපාMonday, 07 October 2019 06:16 AM

වහල්ලුන්ටනම් හිතට අමාරුයි කියලා තේරෙනවා. ඒත් සත්‍යට මුහුනදෙන්න. මිනිහෙක්ගෙ ගෑනිගේ පුරවැසිකම හොයන්න එපා. අපේ රටට මිල කල නොහැකි සේවයක් කරන මිනිස්සු කොයිතරම් ඉන්නවද වෙන රටක පුරවැසිකම තියෙන. නම් කියන්න ඕන නෑනේ. ඇත්තට මුහුනදෙන්න යාලුවා වහල් නොවී. රට හදන්න අකුල් හෙලන්න එපා.

:       15       26

Chanak los angelesMonday, 07 October 2019 09:44 PM

පටලවාගන්න ගන්න එපා ... මිල කල නොහැකි පිටරටවල ඉන්න හොඳ මිනිසුනුයි වංචා දුෂණ ඝාතන වල නියැලුණු ඝෝටයි දෙගොල්ලෙක් .. ඒ හොඳ මිනිසුන් ඝෝටා වගේ මාද්‍ය කරුවන්ගේ ඔලුවලට යකඩ බටවලින් ඇනලා මහපාරේ ඝාතනය කෙරෙව්වේ නැහැ .. ලංකාවේ සල්ලි හොරාකාලා කව්තුකාගාර හැදුවේ නැහැ .. රාජකාරියේ ඉන්න පොලිස් නිලධාරීන්ට ෆෝන් එක මගින් තර්ජනය කරමින් තමුසේ දැන්මම ඔතනින් යනවා කියා කියන්නේ නැහැ .

:       0       0

අශාන් Monday, 07 October 2019 06:45 AM

බොහෝ අදහස් වලින් පේන්නෙ අපේ රටේ මිනිස්සු අපේ ව්‍යවස්තාව ගැන හරි අව්බෝදයක් නැහැ කියලයි. ව්‍යවස්තාවේ තියෙනෙවා ද්විත්ව පුරවැසියෙකුට ඡන්දෙ ඉල්ලන්ඩ බැහැ කියලා. ව්‍යවස්තාවට ඉහලින් කිසි කෙනෙකුට යන්න බැහැ

:       2       2

YapaMonday, 07 October 2019 07:04 AM

ඉතින් ඔයාලා කලබල වෙන්න ඕන නෑනෙ ඒකට.එහෙම බැරි නම් නාමයෝජනා ප්‍රතික්ෂේප වේවිනේ.ඒක ඒ අය බලා ගනීවි.යහපාලනෙන් ගොඩනගපු උත්තරීතර ස්වාධීන අධිකරණ පද්ධතියකුත් තියෙනවනේ.

:       0       1

SUNIL.MILANO Monday, 07 October 2019 06:45 AM

CHANAK LOS ANGELES. ..... සිංහයෙක් වෙන්න බැහැ... එහෙනම් සිතීම ඔබට භාරයි

:       0       0

Bishan Monday, 07 October 2019 06:47 AM

රෙදි ඇදගෙනද විමල් වීරවංශ, ගම්මන්පිල වගේ අය ගෝඨාභයට සහයෝගය දෙන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 7047 4

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3716 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3059 10

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11735 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 8005 57

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3052 2

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site