IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


දුමින්ද සිල්වාගේ මරණ දඬුවම තහවුරුයි

තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට මහාධිකරණයෙන් නියම කළ  මරණ දඬුවම තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම දඬුවම ක්‍රියාත්මක කරන ලෙස අද නියෝග කළේය.

මරණ දඬුවම නියම වී සිටි අනුර තුෂාර ද මෙල් මහතාට පැනවූ මරණ දඬුවම පමණක් ඉවත් කර ඔහු මුදා හැරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

මහාධිකරණයෙන් නියම කළ දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලා දුමින්ද සිල්වා මහතා ඇතුළු සිව්දෙනෙකු  ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ  අභියාචන පෙත්සම් සම්බන්ධ තීන්දුව අද (11) පස්වරු 2.30ට ප‍්‍රකාශයට පත් කෙරිණි.

අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් ,බුවනෙක අළුවිහාරේ ,නලින් පෙරේරා , ප‍්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්  මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

අධිකරණය    එම තීන්දුව ප්‍රකාශයට පත් කළේ විත්තිකාර පාර්ශ්වය සහ පැමිණිලි පාර්ශ්වය   දින හයක් පුරා පැවැත්වූ දීර්ඝ දේශනවලින් පසුවය.

හිටපු ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති උපදේශක ලෙස කටයුතු කරමින් සිටි හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට  වැරදිකරුවන් වී මරණ දණ්ඩනය නියම වී සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර් දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල් , චමින්ද රවි ජයනාත් සහ  සරත් බණ්ඩාර යන විත්තිකරුවෝය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම හිටපු ජනපතිවරයාගේ වෘත්තීය සමිති කටයුතු උපදේශකවරයෙකු ද වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ 2011 ඔක්තෝබර 08 වැනි දා මුල්ලේරියාව ප්‍රදේශයේදීය. පළාත් පාලන මැතිවරණයක් පැවැති එදින සිදුවූ වෙඩි හුවමාරුවෙන් දුමින්ද සිල්වා මහතාටද වෙඩි වැදුණු බව කියැවිණි.

එම සිදුවීමෙන් පසු දුමින්ද සිල්වා මහතා ප්‍රතිකාර ලබා ගැනීමට  2011 නොවැම්බර් පළමු වැනි දා සිංගප්පූරුව වෙත රැගෙන යනු ලැබූ අතර ඔහු ලංකාවට යළි පැමිණියේ 2013  මාර්තු 05 වැනි දා අලුයම එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ කේ 349 දරණ ගුවන් යානයෙනි.

සිංගප්පූරුවේ සිට ලංකාවට රැගෙන ආ දුමින්ද සිල්වා මහතා ඉන් පසු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලදී.  එදිනම   එම පෞද්ගලික රෝහලට ගිය රහස් පොලිසිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගත්තේය.

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු කොළොන්නාවේ දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා 2013 මාර්තු පස් වැනි දා පෙරවරු 10.05 ට අත්අඩංගුවට ගත් බව රහස් පොලිසියේ එවකට සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විසින් එවකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතාට දන්වන ලදී. චෝදනා පත්‍රය කියවා ඔහු අත්අඩංගුවට ගෙන නවලෝක රෝහලේ ඔහු සිටින කාමරයට පොලිස් මුර යෙදූ බව ද සහකාර පොලිස් අධිකාරීවරයා උසාවියට සැළ කර සිටියේය.

ඔහුගේ හිසට බරපතල සැත්කමක් කර ඇති හෙයින් රෝහලෙන් එළියට ගියහොත් විෂබීජ ඇතුළු වී ඔහුගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බව වෛද්‍යවරුන් පැවසීයැයි අබේසේකර මහතා උසාවිය හමුවේ කියා සිටියේය.

ඒ අනුව  කොළඹ නවලෝක රෝහලට ගිය එවකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා   මාර්තු 14 වැනිදා තෙක් රිමාන්ඩ් කළේය.

දුමින්ද සිල්වා මහතාට ඇප ලැබීමෙන් පසු ඇප අත්සන් කළේ 2013 අප්‍රේල් මස 26 වැනි දාය. අප්‍රේල් 27 වැනි දා ඔහු නවලෝක රෝහලෙන් පිටව ගියේය.

අනතුරුව ඔහු ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව මහාධිකරණයේ නඩු පැවැරිණි. දීර්ඝ නඩු විභාගයකින් පසු ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරුවන් දෙදෙනකු 2016 සැප්තැම්බර් මාසයේ දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම නියම කළ අතර එක් විනිසුරුවරයකු සියලු සැකකරුවන් නිදොස්කොට නිදහස් කරන ලෙස නියෝග කළේය.

ඒ අනුව විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවෙන් දුමින්ද සිල්වා මහතා ඇතුළු හතර දෙනකුට මරණ දඬුවම නියම විය.

දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් නඩුවට  මීට පෙර පෙනී සිටියේ ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාය. ඒ මහතා මීට මාස කිහිපයකට පෙර අභාවප්‍රාප්ත විය.

 

නඩු තීන්දුවෙන් පසු දුමින්ද සිල්වා අධිකරණයෙන් පිටව යන අයුරු -( ඡායාරූප - ළහිරු හර්ෂණ)

 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතන සිද්ධියේ සබැඳි වෙනත් ප්‍රවෘත්ති  සහ ඡායාරූප  පහතින්

https://tinyurl.com/y8lmfk8t

2011 ඔක්තෝබර් 08 වැනි දා මුල්ලේරියාව ප්‍රදේශයේදී වෙඩි තැබීම සිදු වු ස්ථානයේ ඡායාරූප

ඝාතනයට ලක් වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දේහය

2013  අප්‍රේල් 27  වැනිදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද  සිල්වා මහතා කොළඹ නවලෝක රෝහලෙන් පිටව යන අවස්ථාවේදී පිළිගැනීමට පැමිණි සිටි පිරිස

රෝහලින් පිටවී සිය නිවසට  පැමිණ  සිටින දුමින්ද සිල්වා මහතා 

(ඡායාරූප -  ලංකාදීප එසැණ වෙබ් අඩවියේ පුස්තකාලය ඇසුරෙනි)

 



අදහස් (72)

දුමින්ද සිල්වාගේ මරණ දඬුවම තහවුරුයි

Pubudu Thursday, 11 October 2018 09:43 AM

නීතිය මුදලට යට නොවීම ගැන සතුටුයි.

:       112       1491

wedage Thursday, 11 October 2018 09:46 AM

නීතියේ සාධාරණය මෙයින් මොනවට පැහැදිලිවේ මිනිමරා යහතින් ඉදීමට නොහැකිය

:       700       1022

Salinda Thursday, 11 October 2018 09:48 AM

එක් දූෂිත දේශපාලකයෙක්ගෙන් රට නිදහස් උනා කියල අපිට සතුටු වෙන්න පුලුවන්.

:       58       1623

d.upul Thursday, 11 October 2018 10:07 AM

ලොක්කන්ගෙන් ලකුණු දාගන්න ගිහින් අන්තිමට මරණ දඬුවම.

:       17       732

nimal Thursday, 11 October 2018 10:11 AM

නියම තින්දුවක්නේ දීල තියෙන්නේ. ඔන්න ඔය වගේ අනෙක් ඒවත් ඉවර කලානම් ඉදිරියේදී විනයගරුක ශ්‍රී ලාංකිකයින් පිරිසක් බිහිවෙයි .

:       63       988

irosh Thursday, 11 October 2018 10:17 AM

හොඳ ශීර්ෂපාඨයක්

:       0       302

sathyapapa Thursday, 11 October 2018 10:17 AM

කල කල දේ පල පල කියලා කිව්ව්වලු........ නිත්‍ය සැමට එක හා සමානව ක්‍රියාත්මක වෙන රටක් ඇති කරමු.

:       0       362

kumara Thursday, 11 October 2018 10:20 AM

කරනකලට පව් මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ

:       1       294

නිමල් Thursday, 11 October 2018 10:24 AM

බය නොවූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට ස්තූතිය. අනෙක් රජයේ නිලධාරීන්ට ආදර්ශයක්..

:       6       805

kumara Thursday, 11 October 2018 10:27 AM

උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණ මධ්‍යස්ථ තීන්දුවට අපගේ ගෞරවනීය උත්තමාචාරය

:       485       598

rohana Thursday, 11 October 2018 10:28 AM

ඒ කියන්නේ ඒ කාලේ කොළඹ යුද පිටියක්.

:       28       410

දුල්ම Thursday, 11 October 2018 10:32 AM

කොහොමද පොලිසියේ තත්තවය. අන්තිම ඡායාරූපය දකිනකොට ලැජ්ජ වගේම හරිම හිරිකිත හිතුණා මට. අනේ පොඩි එකෙක් එහාගෙදර පොල් ගෙඩියක් අරන් ගියත් පුම්බන ශ්‍රී ලංකා පොලිසියේ මහ අයියලාගේ තරම

:       5       1128

SathyaFriday, 12 October 2018 03:26 AM

මෙහෙමයි දුල්ම ...... මේක ගැන නොදන්නා කෙනෙක්ට නොතේරෙන ෆොටෝ එකක්. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නිසයි මෙතන සැලියුට් කරන්නේ, අපරාදකරුවෙක් නිසා නෙවෙයි. බලන කෙනා මධ්‍යස්ථව බැලුවොත් මේකේ වරදක් පෙන්නේ නැහැ. මෙතන නීතිය ක්‍රියාත්මක වීම ගැන සතුටු වෙන ගමන් අපි ඇත්ත කතාකරමු.

:       3       82

Thilak Thursday, 11 October 2018 10:34 AM

සාධාරණ නීතියට ජයවේවා!!!!!!!!!!!

:       1217       1078

chathuri Thursday, 11 October 2018 10:39 AM

අන්තිම ඡායාරූපයේ මිනීමරුවන්ට සැලුට් ගහන කොන්ද පණනැති රජයේ නිලධාරියා මොහුට කොන්ද කෙලින් තියන් වැඩ දැන්වත් කරන්න. මේවගේ අයට දුගී අසරණ හොරෙක් අහුවුනොත් වකුටු කොන්ද නිකම්ම දිග ඇරෙනවා

:       5       691

SathyaFriday, 12 October 2018 03:37 AM

මම කලිනුත් මේ කතාව කිව්වා. මේක ගැන නොදන්නා කෙනෙක්ට නොතේරෙන ෆොටෝ එකක්. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නිසයි මෙතන සැලියුට් කරන්නේ, අපරාදකරුවෙක් නිසා නෙවෙයි. එක ඒ මිනිස්සු බැඳිලා ඉන්න නීතිය හා විනය. සැලියුට් කලොත් මිනිස්සු බනිනවා, නැතොත් ඉහළ නිලධාරීන් බනිනවා. බලන කෙනා මධ්‍යස්තව බැලුවොත් මේකේ වරදක් පෙන්නේ නැහැ. මෙතන නීතිය ක්‍රියාත්මක වීම ගැන සතුටු වෙන ගමන් අපි ඇත්ත කතාකරමු.

:       18       97

chathuriSaturday, 13 October 2018 08:54 PM

අසත්‍ය කතා ගොතන්න එපා පොලිසිය ඉන්නේ මන්ත්‍රී වරුන්ට ආරක්ෂාව දෙන්න මිසක් ඒ අයට ගෙදරට ගිහින් සැලුට් ගහන්න නොවේ. මෙහෙම අයටසැලුට් ගහන්න එහෙම වෙන්නේ හමුදාවේ පොලිසියේ උසස් නිලධාරීන්ට

:       0       17

නාමල් Thursday, 11 October 2018 10:43 AM

යහපාලනයේ වෙනස හොදද? නරකද?

:       1726       1452

gunarathna Thursday, 11 October 2018 10:45 AM

දුමින්දගේ මරණ දඬුවමට අධිකරණය හොඳා. විජයකලාට ඇප දෙනකොට අදිකරණය නරකයි... .

:       1061       526

නිමල් Thursday, 11 October 2018 11:02 AM

මේ රටේ හොරුන්ට, මිනි මරුවන්ට, දුෂිත සිත ඇත්තන්ට නැවත එසේ කිරීමට බය වේවි. රට නිකම්ම ගොඩ. රට දාල යන අය නැවත සිතාවි. බලයට කෑදර, දුෂ්ට දේසපාලකයන් බයවේවි.

:       11       209

Hafeel Thursday, 11 October 2018 11:04 AM

වාසනාවට හිරුණිකා අද ආණ්ඩු පක්ෂය නියෝජනය කරනවා. ඊයේ විජය කළාට ඉක්මනින් ඇප ලැබුනේකන්, අනිකුත් නඩු කටයුතු මෙහෙයවන දිහා බලනවිටත් මේක ඉතා පැහිදිලි.

:       1546       2528

නාමල් Thursday, 11 October 2018 11:04 AM

සහජීවනය ඉගෙන ගන්න .

:       68       30

wedage Thursday, 11 October 2018 11:05 AM

කෝ අනේ අර දෙකට පැළුණ ඔලුවේ තුවාලය

:       0       279

Darshana Thursday, 11 October 2018 11:09 AM

හොඳ තීරණයක් හැමෝටම මේ වගේ වෙන්න ඕනේ..... මොකද ලංකාවේ වැරදි කරන්නේ පොඩි මිනිස්සු නෙවෙයි ලොකු මිනිස්සුයි.. ලොකුයි කියලා හිතාගෙන ඉන්න මිනිස්සු හරියට හිටියා නම් මේ වගේ මෙච්චර නාස්ති වෙන්නේ නෑ.............

:       2       279

දේවිකා Thursday, 11 October 2018 11:11 AM

ආණ්ඩුව මාරැ වුනොත් මෙයාට ජනාධිපති සමාව ලැබී නිදහස් වෙයි..

:       1020       634

නාමල් Thursday, 11 October 2018 11:13 AM

යහපාලනයට තල්ලුවක් . උදවුවක් .

:       96       202

rocky Thursday, 11 October 2018 11:30 AM

අධිකරණයට මගේ ප්‍රණාමය!

:       3       52

balasuriya Thursday, 11 October 2018 11:45 AM

අධිකරණයට අපේ ප්‍රණාමය. මේ රට නිවැරිදිව ගමන්කිරීමට මෙම තීන්දුව නීතියටත් සහ රටේ ජනතාවට විශාල රුකුලක් වෙයි යැයි අප සිතනවා. ඉදිරියෙදි අධිකරණය ස්වාධීනව කටයුතු කරන්න ලැබේවා. මේ නීතිය සැමටම ක්‍රියා කරන්න.

:       0       25

SADEE Thursday, 11 October 2018 11:59 AM

මොහු අතින් පොඩි මිනිහෙක් මිය ගියා නම් දඩුවම මෙයමද ?

:       0       136

Muhan Thursday, 11 October 2018 12:01 PM

දේවිකා ඔබ හරි

:       0       45

kamil Thursday, 11 October 2018 12:06 PM

මෙන්න ජනතාව මේ රජය පත් කිරීම උදෙසා බලාපොරොත්තු වු ඉල්ලීම්.. ජනතාවගේ බලාපොරොත්තු නීතියේ ආධිපත්‍යය නිවැරදිව ඉටුවන්න පටන් ගත් මංගල මොහොත ට වසර 3 හමාරක් ගතවෙලා .

:       141       220

kasun Thursday, 11 October 2018 12:08 PM

මෙන්න ශ්‍රී ලංකාවේ නීතිය අකුරට ඉටුකරන්න පටන් අරන්

:       67       128

julieyan Thursday, 11 October 2018 12:14 PM

සාධාරණ තීන්දුවක්

:       0       79

iran Thursday, 11 October 2018 12:16 PM

ඉතා හොදයි ශ්‍රී ලංකාවේ නීතිය අකුරට ඉටුකරන්න ගත් තීන්දුව.

:       18       37

dias Thursday, 11 October 2018 12:44 PM

හිස නමමු. අධිකරණය දිනේවා.

:       109       171

dasa Thursday, 11 October 2018 12:50 PM

මරණ දඬුවමකදී නීතිය ක්‍රියාත්මක වෙන විදිය හරිම සංකීර්ණයි වගේ.

:       18       60

kanthi Thursday, 11 October 2018 12:52 PM

ශ්‍රී ලංකාවේ නිතිය අකුරට ඉටුකරන්න ගත් මේ ගමන රටට ඉතා හොදයි

:       10       40

dayan Thursday, 11 October 2018 01:14 PM

මෙන්න නීතියේ සාධාරණයේ ආරම්භය .

:       176       64

yaha Thursday, 11 October 2018 01:40 PM

කරපු වැරැද්දට අනිවාර්යෙන්ම දඬුවම හොඳයි

:       0       79

ක්‍රිෂාන්ත Thursday, 11 October 2018 01:40 PM

දැන් ඉතින් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න

:       0       35

Chanak Los angeles Thursday, 11 October 2018 02:08 PM

නීතිවේදීන්ට පුලුවන්ද කර්මය වෙනස් කරන්න ?

:       0       7

OMG Thursday, 11 October 2018 02:22 PM

නීතිය මුදලට යට නොවූ ඉතාමත් එඩිතර තීන්දුවක්. අවංකව වැඩ කල සියලු දෙනාටම අනේක වාරයක් තුති. අපි කෙලින් නම් සත්‍ය පමා වෙලා හරි ජය ගන්නවා. දුෂිත, මිනීමරු, මැර, කුඩු දේශපාලයකයන් මේ වගේ අයින් කරන්න පුළුවන් නම් අපේ රට ඉතාමත් සුන්දර රටක් වේවි. සැමට ජය.

:       18       110

Sanath KandyThursday, 11 October 2018 07:32 PM

නීතිය මුදලට යට නොවුනට දේශපාලනයට යටයි.

:       0       13

රොමේෂ් Thursday, 11 October 2018 02:28 PM

ජනවාරි අට පෙරළියෙන් ජනතාව බලාපොරොත්තුවුන ප්‍රතිලාභ ලබාදෙන්න යහපාලන ආණ්ඩුව අසමත් වුනා. නමුත් මේ නඩු තීන්දුව සම්පූර්ණයෙන්ම එහි ප්‍රතිපලයක්. පෙර ආණ්ඩුව තිබුනානම් සාක්ෂි නැතිවම නඩුව විසික්වෙලා ගොඩක් කල් වෙන්න තිබුණා. හිරුනිකා ආණ්ඩු පක්ෂයේ වීමත් ගරු අධිකරණය හමුවේ ප්‍රභල සාක්ෂි වසන් නොවීමට හේතුවක්. යුක්තිය පසිඳලීමට සාක්ෂි අත්‍යවශ්‍යයි. රටේ නීතිය කාටත් පොදු විය යුතු වගේම සාධාරණ වියයුතුයි. යුක්තිසහගත තීන්දුවට ගරු අධිකරණයට ප්‍රණාමය.

:       544       510

samThursday, 11 October 2018 11:08 PM

හිරුනිකා ආණ්ඩු පක්ෂයේ වීම නිසා නම් නඩුව හරියට ගියේ, ඒකෙන්ම පෙනෙනවා බලයේ ඉන්න නිසා තමයි සාධාරණේ කියලා. හිරුනිකා කොල්ලෙක්ව පැහැරගැනීමේ සිද්ධියේදීත් පැය දෙකෙන් ඇප ලැබුනෙත් කොහොමද කියල හිතන්න. මට දුමින්ද සිල්වා ගැන කිසි පැහැදීමක් නැහැ. ඔහු වරදිකරානම් දඬුවම් විඳින්න ඕනා නමුත් මේ සිද්ධීන් දිහා බලන විට පෙනෙනවා ආණ්ඩුවේ බලය අල්ලන් ඉන්න අයට තමයි අදත් සාධාරණය ලැබෙන්නේ කියලා. හිරුනිකා තමයි හොඳම උදාහරණය. ඒ වගේම තව කෙනෙක් කියනවා රාජපක්ෂ ආණ්ඩුව ආවම දුමින්ද එළියේ කියලා. ඒ නිසා මෙතන දෙපැත්ත බෙදිලා අදහස් දාගෙන අපි කවුරුත් සිතිය යුතුයි අපිට බලයක් නැත්නම් අපිට සාධාරණේ ලැබීම මේ විදිහටම වේවිද කියලා

:       1       422

piyalFriday, 12 October 2018 04:21 AM

රොමේෂ් මහතාට අමතක වෙලාද මන්දා. මේ නඩුවට සාක්ෂි ගොණු කලේ ගිය ආණ්ඩුව කාලේ. එදා පොලිසිය ස්වාධීනව කටයුතු කරලා හරියට සාක්ෂි ගොණුකළ නිසා තමා අද විනිසුරන් තීන්දුව දුන්නේ. එදා පොලිසියට බලපෑම් ආවනම් දුමින්දට වාසිවෙන විදියට සාක්ෂි ගොණුකරන්න තිබුණා. මේක යහපාලනයේ වික්‍රමයක් නෙවේ. කඩා වැටෙන යහපාලනය ඕකෙන් හරි ලකුණු ටිකක් දාගන්න හදනවා.

:       414       553

athuraFriday, 12 October 2018 05:44 AM

පියල් මහතා මේකේ ඔක්කොම පින්තුර ටික බලල නැහැ වගේ.

:       36       53

OMG Thursday, 11 October 2018 02:49 PM

මේ තීන්දුවෙන් රටේ ප්‍රශ්න ඔක්කොම අමතක කරවයි.

:       63       92

Perakum Thursday, 11 October 2018 03:59 PM

සියලු සැකකරුවන් නිදොස්කොට නිදහස් කරන ලෙස නියෝග කළ විනිසුරුවරයාටත් ඔය අගය කිරීම් අදාලද? ඔහු ඒ නිගමනයට පැමිණියේ කෙසේද යනවග දැනගැනීමට හැකියාවක් තිබේද...?

:       1       127

Banda Thursday, 11 October 2018 04:15 PM

මරණ දඬුවම කවදද ක්‍රියාත්මක වෙන්නේ ??

:       0       41

විජිත් Thursday, 11 October 2018 05:31 PM

බණ්ඩා, ඒක නම් විශ්වාස නැහැ.. අමතක කරන්න එපා මේ ශ්‍රී ලංකාව කියලා.

:       0       40

BamunuarachchiFriday, 12 October 2018 12:43 AM

ඒක ක්‍රීයාත්මක වෙන දෙයක් නොවෙයි. මරණ දඬුවම ක්‍රීයාත්මක කරන්නේ කොහොමද ත්‍රීවීලර් නීති ක්‍රීයාත්මක කරගන්න බැරිව.

:       0       24

Kumara Thursday, 11 October 2018 05:12 PM

අපිට ඕනේ නීතියට ගරු කරන සමාජයක්.

:       12       16

jayantha Thursday, 11 October 2018 05:30 PM

කාලෙකට පස්සේ රටේ නීතියක් තියනවා කියලා දැනෙන තීන්දුවක්. විනිසුරු මඩුල්ලට හිස නමා ආචාරය. අනෙක් නඩු වලටත් හරි තීන්දු දුන්නොත් රට හරි පාරේ යයි නැත්නම් ඉවර තමයි

:       209       147

sanath Thursday, 11 October 2018 11:53 PM

තීන්දුව හොඳයි.

:       0       0

Bamunuarachchi Friday, 12 October 2018 12:34 AM

දේවිකා කොහොමත් මේගොල්ලෝ මෙතන ඉන්නේ අවුරුදු 20 යි. කල්කිරියාව හොඳ උනොත් 16 එලියට එනවා. ඒක මෙයාට විතරක් නොවෙයි.

:       0       0

Mohamed Friday, 12 October 2018 02:12 AM

දැන් මට ශ්‍රී ලංකාව ගැන සතුටුයි.

:       58       0

Bamunuarachchi Friday, 12 October 2018 02:15 AM

ඒ කියන්නේ ඒ කාලේ කොළඹ යුද පිටියක්. එකනේ මම කියන්නේ ඒ කාලේ ඉපදිලා හිටියේ නැහැ කියලා.

:       0       0

Bamunuarachchi Friday, 12 October 2018 02:23 AM

මම නම් උසාවියේදී මට මතක නැහැ කියන්න නැහැ. ඒක තමන් අමාරුවේ වැටෙන වැඩක්. පැමිණිල්ලෙන් ඉදිරිපත් කරන කිසිම සාක්ෂියකට විරුද්දව තමන්ට උත්තර දෙන්න බැරි වෙනවා. ඒ වෙලාවේ සිදුවූ දෙවල් මතක නැහැ කියා පිළිඅරන් තිබෙන නිසා.

:       0       0

Bamunuarachchi Friday, 12 October 2018 02:29 AM

දුමින්දගේ මරණ දඬුවමට අධිකරණය හොඳා. විජයකලාට ඇප දෙනකොට අධිකරණය නරකයිලු. නීතිය ඉෂ්ට වුනාටම හරියන්නේ නැත. නීතිය ඉෂ්ට වුන බව පෙනෙන්නත් ඕනේ. ඒ නිසයි ජනතාව හිතන්නේ විජය කළා වෙනුවෙන් නීතිය ඉෂ්ට උනබවක් පෙනෙන්නේ නැති බව.

:       0       18

PALITHA Friday, 12 October 2018 03:24 AM

ශානි අබේය්සේකෙර මහතාට හිස නමා ආචාරය .

:       0       53

sumith Friday, 12 October 2018 03:46 AM

අන්තිමට තියෙන පින්තුරේ ගැන මාධ්‍ය ප්‍රකාශක තුමාගේ අදහස දැනගන්න මේ රටේ මිනිස්සු කැමති වේවි......

:       13       11

edman Friday, 12 October 2018 04:15 AM

මරණ දඬුවම් කීවට මරන්නේ නෑ............. ජීවිතාන්තය දක්වා හිරගෙදර, ඔක්කොටම කලින් මෙයාට සැලියුට් කරන පොලිස් ලොක්කාව හොයාගන්න කව්රුත් නැද්ද‍?

:       0       5

KANDEPOLA Friday, 12 October 2018 04:17 AM

19 වනදා පැවැත්වීමට නියමිත සහෝදරයෙකුගේ හෝ සහෝදරියකගේ විවාහා මංගල උත්සවයකට සහභාගී වීම සඳහා දුමින්ද සිල්වාට ඇප ලැබෙන බවට දින කීපයක සිට ආන්දෝලනයක් තිබුණා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබඳව ගොඩක් දෙනෙක් කලින් අදහස් ඉදිරිපත් කළා. කොහොම වුනත් මුදල් බලෙන් කරන්නට ගිය නීතිය නැමීමේ සැලසුම, තීන්දුව ගැන රටේ අවධානය යොමු වීම නිසා අවසන් මොහොතේදී ව්‍යර්ථ වූ බවයි මට හැඟෙන්නේ.

:       56       3

Shan Friday, 12 October 2018 06:05 AM

ඉතා හොඳ තීරණයක්, අනිත් වැරදිකාරයොත් ඉක්මනට නීතිය හමුවට ගේමූ.

:       0       1

sam Friday, 12 October 2018 06:42 AM

නිදහස දවසට එලියට එයි. ඡන්දෙත් ඉල්ලයි

:       0       0

sumith Friday, 12 October 2018 08:00 AM

කරන කලට පව් මිහිරිය මීසේ , ගෙවන කලට දුක් දැඩි වේ ගිනිසේ

:       0       0

achira Friday, 12 October 2018 02:52 PM

වහාම මේ අහිංසකයාව නිදහස් කරන්න.

:       0       1

rohani Saturday, 13 October 2018 03:59 AM

අනුන්ට කඩේ ගිහින් කරගත්ත හරිය.... හරිම ෆූලිෂ්...

:       0       0

Chami Saturday, 13 October 2018 09:19 AM

හිරු නාලිකාවෙන් දුමින්ද සිල්වාගේ අභියාචනය පිළිබඳව දිනපතා ප්‍රවුර්තිවල විනාඩි ගණන් කතාකළ හැටියට අපිට හිතුනෙම මිනිහ නිදහස් වෙයි කියලා. දැන් වැඩේ වැරදුණු නිසා හැකි හැම උත්සාහයක්ම ගනීවි නැවත මහින්දව බලයට ගේන්න. මහින්ද බලයේ ඉන්න කොට අඩුම තරමේ දුමින්ද සිල්වා එක දවසක් වත් රිමාන්ඩ් බන්ධනාගාර ගතවුනේ වත්නැතුව තමයි එක පාරටම මරණ දඬුවම ක්‍රියාත්මක වෙන විදියට ඇතුලට ගියේ... ඒක කවදාවත් සිදු නොවෙන්න තිබුණා.. මහින්ද රාජපක්ෂම තව දුරටත් බලයේ සිටියානම්....

:       0       11

ananda Sunday, 14 October 2018 11:21 AM

එතකොට දුමින්ද සිල්වා තමුන්ටම වෙඩි තියාගත්තද? කෝ ඒ මනුස්සයට යහපාලනේ සාධාරණය... ඇයි කවුරුත් ඒ ගැන කතා නොකරන්නේ?

:       0       0

BamunuarachchiWednesday, 17 October 2018 02:14 PM

තමුන්ගේ නොදන්නාකම ලෝකෙටම පෙන්වන්න එපා. නඩුව ඇසුවේ යහපාලනය නොවෙයි උසාවිය. ලංකාවේ දක්ෂ නීතිඥවරු දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිට ඔහුව බේරාගන්න බැරි උනානම් ඔහේ ඒ ගැන මොනවා දොඩවනවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 444 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 3900 0

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4590 28

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී හතක් මරුට
2024 අප්‍රේල් මස 21 6986 21

දියතලාව නරියාකන්ද , ’’ෆොක්ස්හිල්’’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථය


සීයා-මුණුපුරා-මිනිපිරි රිය අනතුරින් මරුට
2024 අප්‍රේල් මස 21 2930 4

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ කැටපළ ක්‍රිස්තු දේවස්ථානය ඉදිරිපිටදී ත්‍රී රෝද රථයක් හා කන්ටේනරයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙක් එතැනම මියගොස


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 4132 11

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site