IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ජාතික සම්මාන උළෙලට ගිය ලූෂන් බුලත්සිංහලට බාධා

(රංජන් කස්තුරි)
 
ජාතික වීර දිනයට සමගාමීව     නෙළුම් පොකුරණ රඟහලේ දී මේ වන විට පැවැත්වෙන ජාතික සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වීමට ගිය ප්‍රවීණ නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහල මහතාට ආරක්ෂක නිලධාරීන්ගෙන් බාධා එල්ල වී තිබේ.
 
ලූෂන් බුලත්සිංහල මහතාට එම සම්මාන උළෙලේදී කාලාශූරී සම්මානය පිරිනැමීමට නියමිතව තිබූ නමුත් ඔහු ආරක්ෂක අංශයේ බාධා හේතුවෙන් සම්මාන උත්සවය ප්‍රතික්ෂේප කර නැවත හැරී ගොස් තිබේ. 
 
ලූෂන් බුලත්සිංහල මහතා සිය මෝටර් රථය නෙළුම් පොකුණ රඟහල පරිශ්‍රයේ පිහිටි වාහන අංගනයට ඇතුළු කිරීමට සූදානම් වූ අවස්ථාවේ ආරක්ෂක නිලධාරීන් පැමිණ ඊට ඉඩදිය නොහැකි බව සඳහන් කරමින් නෙළුම් පොකුණ පරිශ්‍රයේ ස්ථාන කිහිපයකටම යවමින් බාධා කර තිබේ. 
 
අවසානයේ ආරක්ෂක නිලධාරීත් බුලත්සිංහල මහතාට සඳහන් කර ඇත්තේ මෝටර් රථය නෙළුම් පොකුණ පරිශ්‍රයෙන් පිටත මාර්ගයේ ස්ථානයක නතර කරන උත්සවයට සහභාගී වන ලෙසයි. 
 
ලූෂන් බුලත්සිංහල මහතා එය ප්‍රතික්ෂේප කර උත්සවයට සහභාගී නොවී ආපසු හැරී ගොස් තිබේ.



අදහස් (26)

ජාතික සම්මාන උළෙලට ගිය ලූෂන් බුලත්සිංහලට බාධා

jayantha Monday, 20 March 2017 03:12 PM

අහෝ මොක්පුර.

:       6       41

senarath Monday, 20 March 2017 03:27 PM

අටවත් සමත් නැති දේශපාලුවන්ට සැලියුට් ගහල උසස්වීම් ගන්න දගලන ආරක්ෂකයෝ , මෙවැනි මිනිසුන්ගේ වටිනාකම දන්නේ නැහැ. ලුෂන් මහතා කරපු වැඩේ ඉතාම හොදඊ

:       0       0

dinesha Monday, 20 March 2017 03:32 PM

කොහොමද වෙනස

:       0       0

ධම්ම Monday, 20 March 2017 05:00 PM

දෙන දෙයක් කාලා ඉන්න කියලයි එයාලා කියන්නේ. ඔබ අපට වටිනවා සර්.

:       0       0

AA Monday, 20 March 2017 06:55 PM

එළියේ නවතන්න ඔච්චර අමාරුවුනේ මොකද?

:       0       0

chaminda Monday, 20 March 2017 07:31 PM

බොහෝවිට ඔය ආරක්ෂකයෝ ලුෂන් බුලත්සිංහල මහතාව හඳුනන්නේ වත් නැතුව ඇති. අනේ රටකට ගිය කල.

:       0       0

Lanka Perera Monday, 20 March 2017 08:52 PM

සික්කෝ ඇදගන්නවා

:       0       0

nimal rajapaksha Monday, 20 March 2017 09:26 PM

ඉතාමත් කණගාටුදායක ක්‍රියාවක් ,ආරක්සක අන්ස මීට වඩා සැලකිල්ලෙන් මනුසිය මට්ටමින් ක්‍රියාකිරීමට තිබුණා

:       0       0

abaran Monday, 20 March 2017 09:35 PM

ආරක්ෂක නිලධාරීන් කරේ ඉහලින් ආ නියෝගයක් .....

:       0       0

alwis Monday, 20 March 2017 09:01 PM

රඟහල ඇතුලේ ඉඩ මදි වෙන්න හේතුවක් නැහැනේ . මේක ගැන සම්පුර්ණ පරීක්ෂණයක් කල යුතුයි .

:       0       0

abaran Monday, 20 March 2017 09:31 PM

ආරක්ෂක නිලධාරීන් කරේ ඉහලින් ආ නියෝගයක් .....

:       0       0

janahitha Monday, 20 March 2017 10:30 PM

බිය නොව ඒ අපගේ යහපාලනයයි. ඇතුළු වීමට අවස්ථාව එන තෙක් ගිමන් හරිමු.

:       0       0

ලුම්බිණි Monday, 20 March 2017 11:41 PM

කවුද මේ ආරක්ෂක නිලධාරීන්? දේශපාලකයෙක් ආව නම් මෙහෙම නොවෙයි නේද සැලකිල්ල.

:       0       0

Chanak Los Angeles Monday, 20 March 2017 11:57 PM

ඔලුව ඉදිමුණු සමහර අය නීති වලට යටත්ව ඒවාට අවනත වීමට මැළි වෙති. ඔබලාට මතක ඇති මාර්ග නීතියක් කඩ කළ ඔස්ට්‍රේලියා අගමැතිවරයකුට දඩ පත්‍රයක් දුන් විට ඔහු එයට එරෙහිව කිසිදු වචනයක් නොකියා පිළිගෙන පොලිස් නිලධාරියට ස්තුති කරමින් ගිය ආකාරය.

:       0       0

kalpa Tuesday, 21 March 2017 01:24 AM

විශ්ව විද්‍යාල දරුවන්ට මහපොළ ශිෂ්‍යත්වය ඇතිකළ ඇතුලත්මුදලි ශ්‍රීමතාණන්ගේ නම නේවාසිකාගාරයට තබනවාට විරුද්ධ වූ කන්නදීපු අත සපාකන්නවුන් සිටින රටට ඕක මොකක්ද

:       1       0

imesh Tuesday, 21 March 2017 01:30 AM

ගිය එක හොඳ වැඩක් . වාහන නවත්තන්න පහසුකම් දෙන්න ඕනේ.

:       0       1

kithsiri Tuesday, 21 March 2017 02:22 AM

කවුරු හරි දේශ පාලුවෙක් ඇවිත් නිසා ආරක්ෂාව තරකරන්න වෙන්න ඇති. කසාදෙට අත්සන් කරන සාක්කි කාරයන්ට ඉඩ දීල මනාලයා පන්නගත්තා වගේ :)

:       0       1

sam Tuesday, 21 March 2017 04:07 AM

ඔබ ශ්‍රේෂ්ටයි. හොඳ තීරණයක්. මම හිතන විදියට කොට කෑල්ලකුයි කොළ කෑල්ලකුයි ඇරෙන්ඩ වෙන ගන්ඩ දෙයකුත් නැතුව ඇති. මෙවැනි ජාතික උත්සව සංවිධානය කරන්න දීලා තියෙන්නේ ගමේ මරණාධාර සමිතියේ උත්සවයක්වත් සංවිධානය කරලා පළපුරුද්දක් නැති වන්දි බට්ටයෙකුට වෙන්ඩ ඇති.

:       0       0

Ariyapal Hewage Tuesday, 21 March 2017 04:34 AM

ලූෂන් බුලත්සිංහල වැනි අය ඔය වගේ දානපති උත්සව වලට නොයායුතු බවට ප්‍රතිපත්තිමය තිරණයක සිටිය යුතුය. මෙය ජනතාවාදී කලාකරුවන්ට හොද පාඩමකි

:       21       49

රාජා Tuesday, 21 March 2017 05:13 AM

ලූශන් යනු දෙමල බෙදුම්වාදීන්ගෙන් වාසි ලබාගන්නා ජාති ද්‍රෝහී කලා මුදලාලියෙකි. සමන් රත්නප්‍රිය, වැලි අමුන, වියන්ගොඩ, ජයසූරිය, අඹර දමිල වැනි ජාතික සාම මන්ඩලය අැතුලු කිහිපයකින් පඩි ලබන කුලී කාරයෙකි. වෙනත් ඕනෑම රටක කලාකරුවෝ තමන්ගේ රට ජාතිය සුරකින රනවිරුවන්ට වෛර නොකරති. මොවුන් සල්ලි වලට ඕනෙම තුප්පහි වැඩක් කරනු ඇත. නෙලුම්පොකුන ආරක්ෂාවට එදා සිටි ජනාධිපති ආරක්ෂක අංශයට ස්තූති කරමු.

:       3       0

ho Tuesday, 21 March 2017 05:15 AM

හෝ ගාන පොකුණ නියම කලා කරුවා

:       1       0

THESHAN Tuesday, 21 March 2017 05:18 AM

මේ සමහරක් සික්කෝ හිතන් ඉන්නේ උන්ට වඩා ලොක්කෝ නෑ කියලා. මේක මට වුණානම් මම බැහැලා ගහනවා

:       1       0

kapila Tuesday, 21 March 2017 05:30 AM

වාහනයක් ඈතුලෙ පාක් කරන්න තහනම් නම්, ඒ නීතියට ගරු කරන්න දන්නෙ නැති කලාකාරයන්ට උපහාර දෙන්න ඕනෙ නෑ. කලාකාරයා වුනත්, සම්මානයක් ලබන්න තිබුනා වුනත්, තමන් දෑන ගන්න ඕනෙ නීතිය සහ කාර් පාර්ක් පර්මිට් එකක් එන්න ඉස්සරවෙලා සංවිධායකයන්ගෙන් ඉල්ලා ගන්න. හෑබෑයි ලංකාවෙ නීතිය එක එක්කෙනාට වෑනෙන නිසා මෙතන වුනදේ ගැනනම් මම දන්නෙ නෑ

:       1       0

sam Tuesday, 21 March 2017 06:01 AM

සමහරක් ආරක්ෂක නිලධාරීන් සිතා සිටින්නේ ඔව්න්ගේ ආයතන වලට එන සියලුම දෙනා මොනවා හෝ හොරකම් කරගෙන යාමට පැමිණි හොරුන් ලෙසයි . ඒකට හේතුව කිසිම උගත්කමක් , ආචාරශීලී බවක් , සමාජයේ හැසිරෙන ආකාරයක් නොදන්නා, ඇඟපත මිස මොලයක් නැති බොහෝ දෙනා මේ රස්සාවේ යෙදෙන එකයි . අවාසනාවකට කලාතුරකින් හමුවන ආචාරශීලී නිලධාරීනුත් මෙවැනි මැට්ටන් නිසා ඒ ගොඩටම වැටෙනවා .

:       0       1

Jagath Hemalal Tuesday, 21 March 2017 06:56 AM

ලුෂන්ලගේ ඔලුව වැඩියි කොහොමත්. කලාකරුවෝ කියල වෙනම නීති ඕනෙද? වාහනය නවත්තල බැරිද පයින් යන්න?

:       1       0

rocky Tuesday, 21 March 2017 02:39 PM

රජා කියන පුද්ගලයා අවිචාරවත් අන්ධයෙකි. එසේත් නැත් නම් මේ රටේ ජනතාවගේ කරුමෙට උපන් තවත් අන්ධ ජාතිවාදියෙකි. මෙලෝ හසරක් නොදැන දොඩවන්නෙකි!.

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 825 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 4883 1

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4051 0

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4620 28

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී හතක් මරුට
2024 අප්‍රේල් මස 21 6991 21

දියතලාව නරියාකන්ද , ’’ෆොක්ස්හිල්’’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථය


සීයා-මුණුපුරා-මිනිපිරි රිය අනතුරින් මරුට
2024 අප්‍රේල් මස 21 2933 4

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ කැටපළ ක්‍රිස්තු දේවස්ථානය ඉදිරිපිටදී ත්‍රී රෝද රථයක් හා කන්ටේනරයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙක් එතැනම මියගොස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1650 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site