(අජන්ත කුමාර අගලකඩ)
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා තමාත්, ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරිමට කුමන්ත්‍රණය කළ බවට නැඟෙන චෝදනා සම්බන්ධ පරික්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (14) පැවසීය.
මේ පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය දැනටමත් පරික්ෂණ ආරම්භ කර ඇතැයි කී ජනාධිපතිවරයා එහි වාර්තාව ලැබීමෙන් පසුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාරදීමට බලාපොරොත්තු වන්නේ යැයි කීවේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොටුව ජනාධිපති මන්දිරයේ අද (14) උදේ පැවති පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුව අමතමිනි.
තමා මේ සම්බන්ධයෙන් අද (14) උදේ පොලිස්පතිවරයා ද කැඳවා විමසු බවත් අද සවස ද පොලිස්පතිවරයා කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට නියමිතව සිටි බවත් ජනාධිපතිවරයා කීවේය.
එක්සත් ජාතික මහා මණ්ඩල සැසිවාරය හමුවේ තමා ලබන 25 වැනි දා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ යෝජනාවක් ඉදිරිපත් කරන බව කී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසන් සභාව හමුවේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලට එල්ල වී ඇති චෝදනාවලට මෙන්ම, යුද සමයේ දී දෙපාර්ශවය අතර සිදුවු බව පැවසෙන ඇතැම් සිදුවීම් පිළිබඳව ඉතිරි වී ඇති ගැටලු රැසක් විසඳා ගැනීමට එමගින් හැකිවී ඇති බවද කීවේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ගලගොඩඅත්ත් ඥානසාර හිමිට වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් ලක්සයක දඩයක් කොළඹ මහාධිකරණ වි
පොල්ගහවෙළ යාංගල්මෝදර ප්‍රදේශයෙන් මාඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිවු දෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෝස්තර නිරූපණය සම්බන්ධයෙන් උපාධියක් හදාරන 23 හැවිරිදි සරසවි සිසුවියක උපාධියට අවශ්‍ය පුහුණුවක් ලබාගැනීම සඳහා බතික් කර්මාන්ත ශාලාවකට හිමිකරුවූ 80 හැවි
මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ චිකිත්සා (රේඩියෝ තෙරපි) ප්‍රතිකාරය ලබා දීම සඳහා අත්‍යාවශ්‍ය වන විකිරණ යන්ත්‍ර 5 න් එක් යන්ත්‍රයක් දීර්ඝ කාලය
රුසියානු රඟහලට පහර දී පලා යමින් සිටි අයි.එස්. ඉස්ලාමීය ත්රස්තවාදීන් සිවුදෙනා, රුසියන් ආරක්ෂක අංශ විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ඉතාමත් කුරිරු ආකා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජනපති - ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණ විමර්ශනය සීඅයිඩියට
Nandalal DE SILVA - France Friday, 14 September 2018 01:34 PM
මුළු රටම හොල්ලන කතාවක් යලිත් වරක් ජනපති මුඛයෙන් පිටවුණා...! දේශපාලන නායක ඝාතනයක් කලකින් නොවුණු අපේ රටේ මේ චෝදනාව ඉක්මනින් හතර වටේ පැතිර යනවා නියතයි. කොහොම වුණත් මෙවැනි දේ සුළු කොට තැකිය හැකි දේවල් නොවේ. ඔඩු දුවා රට අස්ථාවර වීමට පෙර මෙවැනි දේවල්වලට කඩිනම් පිළියම් ගත යුතු වෙනවා...
Sampath Friday, 14 September 2018 02:43 PM
අන්තිමේදී ප්ලෑන් කරේ මඩකලපුවේදීනේ... එතකොට වැරදිකාරයා කියලා මිනිස්සු හිතන්නේ හිටපු ජනාධිපති තුමාව. එයාලා මිනීමරුවෝ වෙනවා. එතකොට දෙවැනි පුටුවේ ඉන්න කෙනා පලවෙනි පුටුවට එනවා. අදහස පැහැදිලියි.
dias Friday, 14 September 2018 02:55 PM
රටින් පැනීමට පෙර මොහු වහාම අත්අඩංගුවට ගත යුතුයි.
samSaturday, 15 September 2018 03:28 AM
ඩයස්, ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, ඉහල නිලධාරීන් අත්අඩංගුවට අරගෙන අපහසුතාවයට පත් කරන්න එපා කියලා ඊයේ පෙරේදා තිබුණු විශේෂ කැබිනට් සාකච්ඡාවේදී ජනපතිතුමා අවධාරණය කරලා තියෙද්දී මේ නිලධාරියාව කොහොමද අත්අඩංගුවට ගන්නේ?
BamunuarachchiSaturday, 15 September 2018 11:11 PM
මෙහෙම හිතන මිනිස්සු තමයි ලම්බෝගිනි බලන්න ආණ්ඩු පෙරලුවේ. මේ පොලිස්කාරයා කරන්න හදලා තිබෙන්නේ රටේ ජනාධිපති සහ අනාගත ජනාධිපති ඝාතනයක්. මෙයාව අත්අඩංගුවට ගෙන සිද්ධිය සොයා බැලිය යුතුයි.
සඳුන් Friday, 14 September 2018 03:30 PM
සමහරු ජීවත් වුණත් ඉන්නේ මැරිල වගෙයි. ඉතින් ඒවගේ අයව ඝාතනය කරන්න දෙයක් තියනවද?
Kumar (Gulf) Friday, 14 September 2018 07:13 PM
එනවසරේ ඡන්දෙ එනනිසා මේවා හොඳ සටකපට වැඩ පොපියුලර් වෙන්න.. අනුකම්පාව ලබාගන්න ඒ වගේම අනිත් අයගෙන් පලිගන්න.
GihanSunday, 16 September 2018 03:25 PM
ඔව් ඔව්. මැරෙනකන් ඔහොම කියකිය උඩ බලන් ඉඳිමු. සහජීවනේටත් හොඳයිනේ.
anura indiya Saturday, 15 September 2018 03:31 AM
වැරදි පිරිසක් අතට අප බලය පවරා තිබෙනවා ඉන්දියාවේ රෝ සංවිධානයේ උගුලට අපි අහු වුණා. අප චීනයට ගැතිවෙන්න යන බවට විපක්ෂය දුන් අත්තනෝමතික ඔත්තුව වැරදිබව දැන් ඔවුන් පිළිගෙන ඇත. පසුගිය රජය සූක්ෂම ලෙස චීනයේ ණය ගත්තත් ඉන්දියාව ආරක්ෂා වෙන ලෙස තීන්දු අරගත්ත බව දැන් ඔවුන් පිළිගෙන ඇත. වරාය විකිණීම තුළින් ඉන්දියාවේ ආරක්ෂාව කොමිස් මුදල්වලට පාවා දී ඇති බවත් රෝ සංවිධානය මෙය යැංකි පාලනයක් බවත් පිළිගෙන ඇත..
OMG Saturday, 15 September 2018 04:46 AM
කිසිම පුද්ගලයක් ඝාතනය කිරීම අනුමත කළ නොහැක. වැරදිකරුවෙකුට දඬුවම් දීම වෙන එකක්... ඝාතනය කිරීම තවත් දෙයක්. එමනිසා මාධ්‍ය සංදර්ශන නොමැතිව වැරදි කරුවන් සොයා දඬුවම් කළ යුතුයි.
sirimal Saturday, 15 September 2018 08:35 AM
විමර්ශනය කරන්න කියලා ඉල්ලන කට්ටියම විමර්ශනය කරන අයට දැන් දැන් "රණවිරුවන් දඩයමේ යනවා "කියලත් චෝදනාවක් කරනවා නේද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් දෝෂ දර්ශනයට ලක්කරමින් මේ වැඩෙත් ඒ ගොල්ලන්ටම බාරදෙන එකේ තේරුම මොකද්ද? මේ ගැන යම් දවසක නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගෙන් ප්‍රශ්න කරන්න උත්සාහ කලොත් අර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගෙන් ප්‍රශ්න කරන්න හදපු වෙලාවේ වගේ කාට හරි "තද වෙයි" වත්ද?