IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගලගොඩඅත්තේ හිමියන්ගේ නඩු තීන්දුව හෙට

(මනෝප‍්‍රිය ගුණසේකර)

හෝමාගම අධිකරණය තුළදී මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාවට වරදකරු බවට තීරණය කොට ඇති බොදුබල සේනා සංවිධාධනයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට දඬුවම් නියම කිරීම හෙට (14) හෝමාගම මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී සිදුකෙරේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අදාළ චෝදනාවට වරදකරු බව තීරණය කළ හෝමාගම මහෙස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු උදේෂ් රණතුංග මහතා ඥාණසාර හිමියන්ට ඳඩුවම් නියම කිරීම හෙට (14) දක්වා කල් තබන ලදී.

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතා පැහැරගෙන ගොස් මරා දමන ලදැයි කියන සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කොට ඇති යුදහමුදා බුද්ධි අංශ සාමාජිකයින් නවදෙනෙකු හෝමාගම මහෙස්ත‍්‍රාත්වරයා ලෙස කටයුතු කළ දැනට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා ලෙස කටයුතු කරන රංග දිසානායක මහතා විසින් තවදුරටත් රිමාන්ඞ් බාරයට පත් කළ අවස්ථාවේදී ඥාණසාර හිමියන් අධිකරණය තුළට පැමිණ අධිකරණයට අපහාස වන අන්දමින් බැණ වැඳී ඇති අතර ඉන් අනතුරුව එහි සිටි මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට මරණීය තර්ජන එල්ල කොට ඇති බව නඩු විභාගයේදී සඳහන් විය.

සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් ඇය හෝමාගම පොලිසියට පැමිණිලි කොට ඇති අතර අධිකරණයට අපහාස වන අන්දමින් හැසිරීම සම්බන්ධයෙන් එවකට හෝමාගම මහෙස්ත‍්‍රාත්වරයා ලෙස කටයුතු කළ රංග දිසානායක මහතා අභියාචනාධිකරණයට පැමිණිලි කොට ඇත.

සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවන්ට විත්තිකාර හිමියන් වරදකරු බව නඩු විභාගය අවසානයේදී තීරණය කළ මහෙස්ත‍්‍රාත්වරයා දඬුවම් නියම කිරීම හෙට දක්වා කල් තබන ලදී.


 

 

 



අදහස් (28)

ගලගොඩඅත්තේ හිමියන්ගේ නඩු තීන්දුව හෙට

සතයපාල Wednesday, 13 June 2018 02:12 PM

පෙර වැරදිත් තියනවනේ,.. බලපත්‍රයක් නැතිව හා බීමත්ව රිය පැදවීම වගේ ඒවත් සලකළා උපරීම දඬුවමක් ලබාදිය යුතුයි.... සිවුරට මුවාවෙලා රටේ නීතිය අතට අරන් කරන වැඩ වලට නම්...

:       7601       1137

පුෂ්පකුමාර Wednesday, 13 June 2018 02:16 PM

උසාවිය ඉදිරිපිට ඔහොම කළා නම්, වෙනත් ස්ථානයක සුදුකරන දේවල් හිතා ගන්න පුළුවන්නේ. ශාසනයට විතරක් නොවේ, හිරගෙදරටත් අබ සරණයි !!!

:       1337       566

sirimal Wednesday, 13 June 2018 02:40 PM

අවවාද කරල නිදහස් කලොත් හොඳයි.

:       670       655

ලක්සිරි Wednesday, 13 June 2018 03:27 PM

අවවාද කරකර ඉඳලා වැඩක් නැහැ. කාටවත් හදන්නත් බැහැ. හැදෙන්නේ නැහැ. කෙලින්ම හිරගෙදරට යවන්න ඕනෑ.

:       1275       300

BamunuarachchiWednesday, 13 June 2018 11:51 PM

හදන්න ඕනෙත් නැහැ සිංහලයින් බෞද්ධයින් වන අපට මෙරටට බෞද්ධ රටක් වූ මියන්මාරයට නැතිනම් බුරුමයට වුනුදේ නොවන්නට වග බලා ගැනීමට මෙවන් නිර්භීත භික්ෂූන් දහස් ගණනක් මෙරටට අවශ්‍යයි. සමහර පාදඩ අදහස් දැක්කාම සිංහල බෞද්ධයින් නොවනවුන් ලෙහෙසියෙන්ම හඳුනාගත හැකියි. මොවුන් සිතාගෙන ඉන්නේ බෞද්ධ භික්ෂුව අරණ්‍ය ගතව සිටිය යුතුයි කියා. එසේ සිටියොත් මෙරටේ බුද්ධාගම තව අවුරුදු සීයක් පවතින්නේ නැත.

:       0       0

JCN Wednesday, 13 June 2018 03:29 PM

හිමියනි, ඔබට අබ සරණයි..!!!

:       1177       128

BamunuarachchiSaturday, 16 June 2018 12:17 PM

නම කෙලින් ලියා ගන්න බැරි නිවටයින්ගේ අදහස් තමයි

:       0       0

maxi Wednesday, 13 June 2018 03:29 PM

හෙට වෙන්නෙත් රන්ජන් රාමනායක කියපු දේ තමයි. අධිකරණය මෙතුමාට අවම දඬුවම් සහිතව නිදහස් කරයි. කොස්ගෙඩිය සොරකමට මාස 6යි. මෙයාට අවවාද සහිත අත්හිටවූ දඬුවමක් පමණි. රන්ජන් ඔබගේ කට තුළට මසුරන් දැමිය යුතුය. ලංකාවේ නීතියට ජයවේවා !!!

:       1110       446

Maxi Wednesday, 13 June 2018 03:40 PM

ලංකාවට අබ සරණයි. දේශපාලන සහ ආගමික බලපෑම නිසා කිසිඳු දඬුවමක් මට නම් පේන්න නැහැ.

:       910       229

kalpa Wednesday, 13 June 2018 04:07 PM

හාමුදුරුවෝ නැත්නම් අහවල් කට්ටිය සිංහලයාගේ ඔළුව වෙනස් කරවලා. යුද්ධය පැවති වකවානුවේත් මහත් කැපවීමෙන් කටයුතු කළා. මෝඩ සිංහලයෝ හිතන්නේ හමුදුරුවන්ට තියෙන්නේ ඉඩම් නඩු කියලයි. ඔබ සැම වෙනුවෙනුයි හාමුදුරුවෝ හඬ නගන්නේ....

:       1747       1831

mangala Wednesday, 13 June 2018 04:11 PM

කූරගල, දෙවනගල, මුහුදු මහා විහාරය ආක්‍රමණයන් ගැන සිංහලයා දැනගත්තෙත් හාමුදුරුවන් හඬ අවදි කල නිසායි.

:       48       1611

pahan Wednesday, 13 June 2018 04:14 PM

සියලුම භික්ෂුන් වහන්සේලා අරණ්‍ය ගත විය යුතුයි කියලා හිතන දේවදත්ත නිකායේ දායකයෝ පිරිසක් ඉහළ අදහස් දක්වනවා. විහාරවාසි භික්ෂුන් වහන්සේ වෙනයි. ජාතික සටනේ නියැලිලා ඉන්න භික්ෂුන් වහන්සේ ඉන්නවා. සියල්ල හේතුඵල දහමින් විස්තර කෙරෙනවා. ශාසනය රකින්න හිමිවරු පහළවෙනවා.

:       157       1332

Thilina Wednesday, 13 June 2018 04:46 PM

උඩින් අදහස් දාලා තියෙන අය අපේ බුද්ධි අංශයේ මිනිස්සු හිරේ දාද්දී ත්‍රස්ත්‍රවාදීන් නිදහස් කරද්දී කොහෙද දන්නේ නැහැ හිටියේ. මේ හාමුදුරුවන්ගේ වැරැදි ඇති. එත් ගිහියෝ විදිහට ඔය අය මොනවද කරලා තියෙන්නේ. මොනවත් නොකලත් කමක් නැහැ අඩුම ගානේ තමන්ගේ රට ජාතිය වෙනුවෙන් කතා කරන මනුස්සයෙක්ට අපහාස නොකර හිටියනම් ඇති ..

:       224       1235

wije Wednesday, 13 June 2018 05:05 PM

රට ජාතිය ආගම පිලිබදව නිවැරදිව කෙලින් කතාකරන්න ඉන්නේ මේ හාමුදුරුවෝ විතරයි. ඔබවහන්සේට කිසිම කරදරයක් හිංසාවක් වෙන්න එපා කියලා රටට ජාතියට ආගමට ආදරය කරන කෙනෙක් හැටියට මම දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා.

:       113       1232

බ්ද්රානි Wednesday, 13 June 2018 06:22 PM

රට ජාතිය පමණක් නොවේ, සම්බුද්ධ ශාසනයත් මේ චීවරධාරියගෙන් ගලවල දෙන්න කියලා අපිත් උදේ හවස දෙයියන්, බුදුන් වඳිනවා විජේ මහත්තයෝ. අපේ උපාසක අප්පුලා කතරගම හාමුදුරුවෝ වෙනුවෙන් කටේ කෙල බිඳක් නොසොල්වන්නේ, දේවාල මන්දිරේ මහා කපුවා, කපෝති වෙයි කියලා බයට වෙන්න ඇති මගේ හිතේ ??

:       0       0

nuwan Wednesday, 13 June 2018 06:01 PM

මේ බුද්ධ චීවරය එක්ක නම් සෙල්ලම් කරන්න එපා . ආදීනව දැන ගෙන කටයුතු කලෝත් හෝදයි . ජාතියක් අවදි කල හිමි නමක්. ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!

:       0       0

sadun Wednesday, 13 June 2018 06:04 PM

අද සාසනයට හිමි වරුන්ට රටට ජාතියට අත් වෙලා තියන ඉරණම තමා. අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි !!

:       0       0

parakrama Wednesday, 13 June 2018 06:07 PM

ජාතියක් අවදි කල මහා සගරුවනක් !!!! මුන් වහන්සේ නොහිටින්න අද අපි තවමත් නිදි ! ඔබ වහන්සේව සාසනය රකින දෙවිවරු රැකදේවා !!

:       0       0

kumara Wednesday, 13 June 2018 06:12 PM

ජිනිවා ගිහින් කරපු ප්‍රකාශයට දඩුවම් නැද්ද ? මේවාට ද දඩුවම් දෙන්නේ ? හිමි නමක් කවදාවත් රටට ජාතියට ආගමට අනතුරක් වෙන තැන එදත් අදත් හඩ නැගුවා. කව්රු කව්රුත් මේ දේවල් වල පල විපාක දැන ගෙන කටයුතු කල නම් හොදයි ! බුදු සරණයි අපේ හාමුදුරුවන්ට !!!

:       0       0

de silva Wednesday, 13 June 2018 06:47 PM

වැරදි කාරයා කියල තීන්දු කලානම් වරදට දඩුවම් දෙන්න හෙටට කල් දමන්නේ මොකටද ?

:       0       0

Asanka Wednesday, 13 June 2018 07:05 PM

හැම දේටම ජාතිය ආගම ගාවන්න එපා.!

:       0       0

භද්‍රානි Wednesday, 13 June 2018 07:47 PM

ඔබවහන්සේට ජය !!!

:       0       0

Bamunuarachchi Wednesday, 13 June 2018 11:26 PM

අපේ හාමුදුරුවනේ සිංහල බෞද්ධයා වෙනුවෙන්, රට වෙනුවෙන් කතා කර අපායට ගියත් කමක් නැත. සුද්දාගේ පාලන කාලෙත් බෞද්ධ භිකෂූන්ට මේදේ සිදු උනා. සිංහලයා වෙනුවෙන් හඬ නැගු දැවමොට්ටාවේ අමරවංස, මොහොට්ටිවත්තේ ගුන්නානද හිමිවරුන්ට ලැබුන ගෞවරය සිංහලබෞධයන්ගෙන් ඔබට ලැබෙනවා. ඔබ විරුද්දව කතාකලේ මහාජාතික සිංහලයා සුළුජාතීන් සමග සමකොරන්න හදන ඩොලර්වලින් යැපෙන ඊනියා එන්.ජී.ඔ කාරයින්ට විරුද්දවයි. සිංහලයා ඔබවහන්සේ සමගයි. සිරගෙට ගියත් භික්ෂුවක් ලෙස යන්න.

:       0       0

Bamunuarachchi Wednesday, 13 June 2018 11:34 PM

"හිමියනි ඔබට අබ සරණයි"

:       0       0

lalithsjm Thursday, 14 June 2018 01:18 AM

ගලගොඩඅත්තේ හිමියන් නිසා තමා අපි තාමත් අභිමානවත් ලාංකික සිංහල ජාතියක් කියලා යන්තම් වත් හිතෙන්නේ. නැත්නම් අපි නිවට නියාලු ජාතියක් වෙලා ඉවරයි ආයුබෝවන්.

:       0       0

Samathasena A . Aluthgama Thursday, 14 June 2018 02:16 AM

මේ හාමුදුරුවන්ගේ සමහර වැරදි වලට මාත් පෑන ඔසවා තියෙනවා. ඒත් ඒකෙන් සිතුවේ උන්වහන්සේ විනාශ කිරීමට නොව වරද පෙන්වාදීමට පමණයි එහෙම කලේ.

:       0       0

ලුම්බිණි Thursday, 14 June 2018 02:24 AM

වැරද්දක් කලාම ඒක කළ පුද්ගලයා අනුව එම වැරැද්දේ අඩු වැඩි බව තීරණය වෙන යුගයක් දැන් ඇවිල්ල තියෙන්නේ.

:       44       0

Bamunuarachchi Saturday, 16 June 2018 12:33 PM

"හිමියනි ඔබට අබසරණයි" කියා මගේ නමින් ලියන්න ඇත්තේ සිංහ පුතෙක් වෙන්න ඇතිනේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3788 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3671 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3041 10

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11669 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 7967 48

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3051 2

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site