IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කිලිනොච්චියේ මවක් දරුවන් තිදෙනා සමග ළිඳට පනියි



(රොමේෂ් මධුෂංඛ)

කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේ මවක් අද (03) සවස සිය දරුවන් තිදෙනා සමග ළිඳට පැනීමෙන් පසුව මව බේරාගෙන ඇති අතර දරුවන් තිදෙනා මිය ගොස් ඇතයි සැකකෙරෙන බවටත් එක් දරුවෙකුගේ සිරුරක් ගොඩගත් බවට කිලිනොච්චිය ධර්ම පුරම් පොලීසිය පවසයි.

කිලිනොච්චිය ඉරණමඩු පිල්ලයාර් කෝවිල අසල පිහිටි ළිඳකට අදාල මව දරුවන් තිදෙනා සමග පැන ඇති අතර ළිඳට පැනීමෙන් පසුව මව බේරාගන්නා ලෙසට කෑගැසීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් විසින් මව පමණක් බෙරාගෙන ඇති අතර දරුවන් තිදෙනා දියේ ගිලී ඇති බවට ප්‍රදේශවාසීණ් පැවසූහ.

එහිදී ලිඳතුල දියේ ගිලී අතුරුදහන්ව සිටි එක් දරුවෙකුගේ මළ සිරුරක් පමණක් මේ වන විට සොයාගෙන ඇති අතර අනෙක් දරුවන් දෙදෙනාගේ සිරුරු සෙවීම පොලීසිය හා ප්‍රදේශවාසීන් විසින් සිදුකරයි.

අදාල කාන්තාව සිය සැමිය සමග වූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ඇති වූ කෝපයක් හේතුවෙන් සිය දරුවන් තිදෙනා රැගෙන අසල කෝවිලේ තිබූ ළිඳට පැන ඇති බවට ප්‍රදේශවාසීන් විසින් පොලීසියට පවසා ඇත.

මෙලෙස ළිඳට පැන ඇති දරුවන් අවුරුදු 02, 05 සහ 08 යන වයස්හි පසුවන බවටද අනාවරණය වී ඇත.

ළිඳට පැනීමෙන් පසු බේරාගත් මව බරපතල තත්වයෙන් මේ වන විට කිලිනොච්චිය රෝහලට ඇතුලත් කොට පුතිකාර ලබන බවටද පරික්ෂණ සිදුකරන කිලිනොච්චිය ධර්ම පුරම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.



අදහස් (5)

කිලිනොච්චියේ මවක් දරුවන් තිදෙනා සමග ළිඳට පනියි

මංජුල milano Wednesday, 03 March 2021 03:44 PM

අනිත් අයගේ ජීවිත පිළිබඳ තීරණ ගන්න කිසිම කෙනෙකුට අයිතියක් නැත.. පව් අසරණ ළමයි..

:       0       42

සෙනෙවිරත්න Wednesday, 03 March 2021 06:56 PM

එකත් එකටම ක්ෂුද්‍ර මූල්‍ය ණය මුදලක් මෙයා ගන්න ඇති. මිනිහා එපැයි ගෙවන්න. ණය එකතු කරන මහත්තයා වාඩිවෙලා ඉන්න ඇති ණය වාරිකය දෙනතුරු, ආරාවුල දුර දිග ගියා.. ඕවා උතුරෙ සුලබයි, දකු⁣ණෙත් වීමට ආසන්නයි.

:       0       1

Raveendra Thursday, 04 March 2021 01:49 AM

ඉතාම කණගාටුදායක පුවතක්. පව් අසරණ දරුවන්.. දෙමාපියන්ගේ "නූගත්" හැලහැප්පිලි නිසා වන්දි ගෙවන්නේ අසරණ දරුවන් වීම කොතරම් ඛේදජනකද..?

:       0       2

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 04 March 2021 03:26 AM

සිද්ධිය ගැන කණගාටුයි. ක්ෂණික කෝපය පාලනය කරගැනීමට නොහැකිව සිදුකරගත් විපතක්... එක තරහකට ළිඳට පැන්නත්, මාරයා ඉදිරියේ අසරණ නොවෙන කෙනෙකු මිහිපිට නැති බව පෙනෙනවා. මාරයා අභිමුව අසරණව ජීවිතය යදිනවා. මෙන්න මෙය තමයි සත්‍යය. ඒත්, නිරපරාදේ අසරණ දරුවන්ගේ ජීවිත විනාශවීම තමයි තියෙන දුක. කෝ මේ උතුරේ ජාතිවාදය අවුස්සන ද්‍රවිඩ දේශපාලකයන්...? ස්වයංපාලන අයිතිය, වෙනම රාජ්‍ය ගන්න පමණක් සටන් කරනවා. ඒත්, මේ අසරණ මිනිසුන් මේවාට ගොදුරුවන හේතු සොයාබලන්න කෙනෙකු නැහැ. ඔවුන්ගේ ජීවන තත්වය නඟා සිටුවන්න කෙරෙනා වැඩපිළිවෙළක් ගැන කෙරෙනා කතාවක්, උත්සාහයක් නැහැ. ඔවුන්ගේ ඡන්ද ටිකට තමයි සියලුම උප්පරවැට්ටි. බලාගෙන ගියාම සිංහල, දෙමළ, මුස්ලිම් බොහෝ දේශපාලකයන් එක වල්ලේ පොල් වගෙයි. එකම අරමුණ කුමක් හෝ කොට ජනයා රවටා ඡන්ද ප්‍රතිශතය වැඩිකර ගැනීම තමයි. දේශපාලකයා වන්දනාමාන කරනා ඇතැම් පූජ්‍ය පක්ෂයද එසේමයි. කාමසුඛල්ලිකානු යෝගයෙන් නිවන් සුවය කරා යෑමේ නවතම ක්‍රියාදාමය තමයි ඔවුන් ක්‍රියාත්මක කරන්නේ. රට, ජාතිය රවටන ඔවුන් හා ඉහත කී දේශපාලකයන් අතර එතරම් වෙනසක් නැති බවයි පෙනී යන්නේ.. ලොව අන් රටවල සිටීද මෙවන් උදාර මිනිසුන්.. අම්මපා.. නැත්තේමයි.

:       1       6

janahitha Thursday, 04 March 2021 03:41 AM

ප්‍රදේශයේ ආගමික නායකයා මැදිහත් වුණා නම් ආරාවුල් විසඳීමට පුළුවන් බොහෝමයක් බෞද්ධ භික්ෂූන් බුදුන් දෙසූ දහම අතහැර දේශපාලනය කිරීමට පෙළඹෙනවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 1378 10

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 3347 10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2114 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5648 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4066 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4669 31

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1704 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site