IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ඕනෑම වේලාවක ගෙදර යන්න සූදානම් - ජනපති

(ක්‍රිෂාන්  ජීවක ජයරුක් සහ කනංකේ එන්.කේ.ඉන්ද්‍රවංශ)

ධූරකාලය පිළිබඳව ශේෂ්ඨාධිකරණයෙන් විමසා සිටියේ වඩාත් හොඳ ශ්‍රී ලංකාවක් හැදීමේ සිහිනයක් තිබෙන නිසා මිස බලයේ රැඳී සිටීමේ උවමනාවෙන් නොවන බවත් අද වුනත් ගෙදර යන්න තමන් සූදානම් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි. එක්සත් ජනතා නිදහස්  සන්ධානයේ මෙවර පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින්ගේ  ජයග්‍රහණය වෙනුවෙන් පැවැත්වු මාතර දිස්ත්‍රික් ප්‍රථම ජනරැලියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ පැවසීය. 

මෙම රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අකුරැස්ස පැරණි බස් නැවතුම්පොළ භූමියේදී අද (12 වැනිදා) පැවැත්විණි.

“මම හෙට නොවෙයි අද වුනත් ගෙදර යන්න ලෑස්තියි . මට බලයේ ඉන්න ඕනකමක් නැහැ . නමුත් වඩා හොද ලංකාවක් හැදීමේ සිහිනයක් විතරක් තිබෙනවා.....ඒ නිසා කවුරුවත් කලබල විය යුතු නැහැ ” යයි ජනාධිපති සිරිසේන මහතා පැවසීය. 

එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසීය. 

‘‘19 වැනි ආණ්ඩුක්‍රම  ව්‍යස්ථාවට අනුව මගේ ධුර කාලය සම්බන්ධයෙන් මත දෙකක් ඉදිරිපත් වී තිබුණා . සමාජය තුල වගේම උගතුන් බුද්ධිමතුන් නීති විශාරදයින් පවා මත දෙකක සිටි නිසා මට අවශ්‍ය වුණා නිවැරදි මතය දැනගන්න“

එහෙම නැතිව අවුරුදු හතරක්ද පහක්ද හයක්ද කියලා බලයේ රැදී ඉන්න නෙවෙයි .  පළාත් පාලන හෝ පළාත් සභා හෝ මහ මැතිවරණ ආදී ඕනෑම ඡන්දයකදී ලැබෙන ප්‍රතිඵලය ජනතාව පිළිගන්නවා . සියයට සියයක් නොවුනත් පහුගිය මැතිවරණ වල ඒ විනිවිද භාවය තිබුණා.

ඡන්දයෙන් ලැබෙන තීරණය වගේම අධිකරණය ලබා දෙන තීරණ ගැනත් ජනතාව තුල විශ්වාසය ඇති වී තිබෙනවා .පහුගිය රජය කාලේ වගේ නඩුකාරයින්ට කෝල් දීලා අවශ්‍ය තීන්දු තීරණ ගන්න තත්වයක් දැන් රටේ නැහැ . පහුගිය අවුරුදු තුනේම අධිකරණය ස්වාධීන ආයතනයක් බවට මා පත් කළා .ඒ නිසා මට ලැබී තිබෙන බලතල අනුව නීතිපතිවරයා මගින් අවශ්‍ය ලිපි ලේඛන මා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා.



අදහස් (63)

ඕනෑම වේලාවක ගෙදර යන්න සූදානම් - ජනපති

Chanak los angeles Friday, 12 January 2018 01:50 PM

විශිෂ්ඨ ප්‍රකාශයක් ජනාධිපතිතුමනි.. 2026 තෙක් ඔබයි ජනපති... මෛත්‍රි පාලනයක් ස්ථාවර රටක්...

:       7894       7119

janatha anura Saturday, 13 January 2018 03:10 AM

පිරිසිදු දේශපාලනයක් කරපු බව ඇත්ත... නමුත් ඒජන්තයන්ගේ අතකොලුවක් වීම සහ තම පක්ෂය පවා දීම යන අපවාදයෙන් බේරීමට බැරි වෙනවා... පක්ෂය තුල ඉඳන් සටන ගෙනිච්චා නම් ඉතාමත් වටිනවා.

:       2       58

nishanSaturday, 13 January 2018 03:37 AM

එක්කෙනෙක් කියනවා ඇහුනා එයාට එහෙම නම් මටත් ආයේ එන්න පුළුවන් කියලා. මේක ධුර කාලය ගැන මත විමසීමක් මිසක් විශ්‍රාම ගිය අයව නැවත ගෙන්වා ගන්න මත විමසීමක් නෙවෙයි. එයාට තියෙන්නේ කවදද? කොහොමද? ආයේ බලය ගන්නේ කියන තණ්හාවයි. ඉතින් හැමදේම නොපිටටයි පේන්නේ.

:       84       8

බන්ඩාSaturday, 13 January 2018 06:52 AM

හුඟක් අපේ අයට 'විට්' කියන එක තේරෙන්නේ නැහැ.

:       0       0

Dayal Friday, 12 January 2018 01:53 PM

ඉතින් ඔබතුමා කැමැති නම් යන එකයි තියෙන්නේ... කවුරුවත් අල්ලගෙන නැහැ..

:       140       1680

siriseena Saturday, 13 January 2018 06:54 AM

අනේ ඉතිරි ටිකක් කාලම යන්නම්...

:       14       308

mama Friday, 12 January 2018 02:00 PM

අදහස හොඳයි. එ්ත් තමන්ගේ පැත්තට එන ඕනෑම අයෙකුට ඇමතිකම් දෙන එක නම් ප්‍රශ්නයක්...

:       11       595

de silva Friday, 12 January 2018 02:12 PM

කලින් යන්න එපා... පොරොන්දු වුණු විදිහට 2020 දී ජනාධිපතිවරණය තබන්න.. කැමතිනම් 2020 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න. එතකොට බලාගන්න පුළුවන් ජනතාවගේ ප්‍රතිචාරය...

:       130       815

Appuhami Friday, 12 January 2018 02:13 PM

බැඳුම්කර හොරුන්ට කඩුව පාවිච්චි කරන හැටි අපි බලාගෙන ඉම්මු..

:       1006       1433

Raveendra Friday, 12 January 2018 02:23 PM

අපගේ මතකය දිවයනවා කුඩා කල පාසල් නිවාඩු කාලය. අපි නිතරම අම්මගෙන් අසනවා තව දවස් කීයද නිවාඩුව ඉවර වෙන්න තියෙන්නේ යනාදී වශයෙන්... කිසිවකු හට අපහාස කිරීමට මෙසේ නොලියමි. (කවුරු බලයේ සිටියත් අපි ඔවුන්ගෙන් යැපෙන්නෝ නොවන්නෙමු. ඔවුන් අපෙන් යැපෙන්නෝ වන්නේය). දශක කීපයක් දේශපාලනය කල රටේ ප්‍රධානියා (අපට පාට, පක්ෂ අදාලම නැත). අණ පනත් ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුය යන්න අපගේ හැඟීම වන අතර එම අණපනත් වලින් තමා බලයට පත්වුණු දින සිට අවසන්වන දිනය ගණනය කිරීමට හැකියාවක් තිබේද? නොතිබේද? එසේත් නැත්නම් වෙනයම් කරුණක් නිසා මෙසේ විමසුවේද? යන්න සාමාන්‍ය පුරවැසියන් වන අපට නම් ප්‍රෙහේලිකාවකි.

:       5       4250

samFriday, 12 January 2018 09:31 PM

රවීන්ද්‍ර, ඔබගේ අදහස නිවැරදියි

:       0       9

janatha anura Saturday, 13 January 2018 03:13 AM

ඡන්ද ප්‍රතිපල - එජාපය 5 විපක්ෂය 285 ... මෙහෙම වුණොත් තමයි මරු..

:       1       9

Potheguru Saturday, 13 January 2018 05:00 AM

ජනාධිපතිතුමා පත්වුණේ අවුරුදු 6ක කාලසීමාවකට. නමුත් 19වන සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයෙකුගේ කාලසීමාව අවුරුදු 5ක් දක්වා අඩුකරනු ලැබුවා. මගේ දැනුමේ හැටියට සංශෝධනයෙන් පත්වන ජනාධිපතිවරයෙකුට පමණයි වසර 5ක නීතිය බලපාන්නේ...

:       18       3

RaveendraSaturday, 13 January 2018 11:58 AM

පොතේගුරු මයා වෙත, සාමාන්‍ය පුරවැසියන් වන අපට වඩා අණ පනත් ගැන කියවන සහ දන්නා උදවිය නොවේද මේ අය? මේ ගණනය සදහා ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය, කලනය හෝ අනුකලනය එසේත් නැත්නම් ගණිතය පිළිබඳ පශ්චාත් උපාධියක් අවශ්‍ය වන්නේද? මේවා සාමාන්‍ය ජනතාවට විහිළු නොවේද? රටේ ප්‍රධානියාගේ වටිනා කාලය කා දැමීමක් නොවේද? අපට තිබෙන විශාලම ගැටලුව මේ අය (එක පක්ෂයකට නොව තිබෙන සෑම පක්ෂයටම මෙය අදාලවේ). " චිරාත් කාලයක් " ඔබගෙන්, අපගෙන් සහ ලක්මවගේ දූ දරුවන්ගෙන් එකතුකර ගන්න බදු මුදල්වලින් සුර සැප විඳීමයි. අවංකව සිතන්න (කවුරුන් බලයට ආවත් අපට නම් කිසිම අදාලත්වයක් නොමැත) අපගේ සුන්දර ලක්බිමට වෙලා තිබෙන විනාශය.(කරුණාකර කිසිඳු පක්ෂයක් ගැන නොසිතන්න)

:       0       125

BamunuarachchiSunday, 14 January 2018 07:22 AM

රවින්ද්‍ර ප්‍රශ්නය ඔතන නොවෙයි තියෙන්නේ. අතරමැදට අලුත් නීතියක් ආවා ඒ නීතිය කොහොමද බලපාන්නේ කියන එකයි ගැටලුව. මෙවන් ගැටළු විනිෂ්චයකාරවරුන්ටත් එනවා. එවිට ඔවුන් උසාවිය කල් තබලා සාකච්චා කරනවා. 19 වෙනි සංශෝධනය වෙන්නට කලින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වුන නිසා 19 වෙනි සංශෝධනය එයාට බලපාන්නේ නැතිනම් 19 වෙනි සංශෝධනය මහින්දටද බලපාන්නේ නැත. එම නිසා මහින්ද 3 වෙනි වරට ජනාධිපති තරඟෙට ඉල්ලීම සාධාරණය.

:       0       0

upuli Monday, 15 January 2018 11:57 AM

ඔබ හරි...

:       0       0

පිට රැටියා Friday, 12 January 2018 02:41 PM

ගාණක් නෑ. ජනපතිතුමනි, ඔන්න ඔහේ ඉන්න එහෙනම්

:       379       141

සමන් Friday, 12 January 2018 02:47 PM

බලයේ සිටින වර්ෂ ගණන අදාල නොවේ. ඔබගේ ශීලාචාරබව, හික්මුණු බව, ඉවසීම එතෙක් මෙතෙක් බිහිවූ සෑම ජනාධිපතිවරයෙකුටම වඩා ඉහළ බව පමණක් සනිටුහන් කරමි. රට ගැන ඔබගේ ඇති අව්‍යාජ සිහිනය සාක්ෂාත් කිරිමට ඔබට ශක්තිය, ධෛර්යය ලැබේවා!!!

:       5040       4677

රජින්ද Saturday, 13 January 2018 05:34 AM

සමන්... සමන්... ඇහැරෙන්න දැන් දවල් වෙලා..!

:       80       715

ranjiSaturday, 13 January 2018 08:25 AM

සමන්... සමන්... නැගිටින්න.! දවල් වෙලා.. අද ඉස්කෝලේ යන්නේ නැද්ද?

:       48       171

Thilina Friday, 12 January 2018 03:37 PM

මීට අවුරුදු 3කට කලින් රටේ ආර්ථික සංවර්ධන වේගය 7.5%. පොලී අනුපාතය 10%. ඩොලරය රු 132. අද 49% වෙන දුරකථන සහ අන්තර්ජාල බද්ද 23%. වැට් බදු 12% අය කලෙත් තෝරා ගත් භාණ්ඩ සඳහා පමණයි .. ජීවන වියදම මීට වඩා අඩු මට්ටමක පැවතුණා. රටේ දැවැන්ත සංවර්ධනයක් සිදු වුණා ..හොරකම නැවැත්තුවාම දස ගුණයකින් සංවර්ධනය කරන්න පුළුවන් කියලා බාරගත්ත රට අද පත්ව ඇති තත්වයට වගකිව යුතුමයි.. සර්ව සම්පූර්ණ පාලනයක් කිසිවෙකුට ඇති කළ නොහැක ..නමුත් අද රටේ තත්වය ඉතාමත් ඛේදනීයයි ..

:       121       883

Chandra Friday, 12 January 2018 03:41 PM

එය එසේනම් ධුරයේ කාලය විමසන්නේ ඇයි? ඔය ඔබගේ පක්ෂය ජයග්‍රහණය කරවන්න නේද ඔය අර අඳින්නේ? ඔබට ඔය පුටුව දුන්නේ වෙනත් පක්ෂවල අය, පක්ෂ පාට නොබලා දූෂිතයන් පරාජය කරන්න. රට බේරා ගන්න. ඔය ඒකාධිපති ධුරය අහෝසි කරන්න පොරොන්දු වුනේ ඔබ තුමාමයි නේද? ඔබමයි කිව්වේ ඔය පුටුවේ ඉඳගන්න ඕනෑම කෙනෙක් බලයට කෑදර වෙලා ඒකාධිපති පාලකයෙක් වෙනවා කියලා... ඒ නිසා මාස 6 ක් ඇතුළත එය අහෝසි කරනවා කියලා. දැන් රටට හෙන ගැහුවත් කමක් නැහැ පක්ෂය දිනවන්නයි. ඔය අරමුණ. දැන් කිසිම දූෂිතයෙක් නැහැ , ඔවුන් සමග වාසේ. ජයවේවා ශ්‍රී ලංකාවට!!!

:       0       316

Thilina Saturday, 13 January 2018 07:48 AM

මේ රජය බලයට පත් වෙන්න හේතු තිබ්බා. හම්බන්තොට පිස්තෝල සභාපති, මාතර දූෂණවලට සම්බන්ධ සභාපති ගුරුවරියක දණ ගස්සපු පළාත් ඇමැති, වගේ නොයෙක් අකටයුතුකම්වලට සම්බන්ධ රාශියක් අද ඉන්නේ ජනාධිපති ළඟයි. ඔවුන් කිසිවෙකුට කිසිම නීතියක් ක්‍රියාත්මක නැහැ. හැබැයි විපක්ෂයේ උදවියට ක්‍රියාත්මක වෙන නීතිය බැලුවාහම පයිප්ප බට වලටයි, වාහන අවභාවිතාවල්, කැරම් බෝඩ් වලටයි වගේ සිල්ලර කාරණා වලට.... බහුතරයක් විරුද්ධ වෙද්දී තමන් වගකීම ගන්නවා කියලා මහ බැංකු සභාපති පත් කරපු අයට කෝ නීතිය .. තවත් රැවටෙන මිනිස්සු ඉන්නවනේ..

:       65       229

Vijitha Friday, 12 January 2018 03:53 PM

නීතිය ක්‍රියාත්මක වීමේ ලොකු ප්‍රමාදයක් දකින්ට තියෙනවා. එ්ත් මේ ජනපති සාධාරණ සමාජයක් නිර්මාණය කරන්න දැඩි කැපවීමක් පෙන්වන බව පෙනෙනවා. එහෙම කෙනෙක් බලයේ සිටියට වරදක් නැහැ. ඒත් හොරුන්ට නීතිය ඔයිට වඩා ඉක්මණින් ක්‍රියාත්මක විය යුතුයි..

:       584       86

nadun Friday, 12 January 2018 04:34 PM

විශිෂ්ඨ ප්‍රකාශයක් ජනාධිපතිතුමනි.

:       13       0

සමන් Friday, 12 January 2018 07:02 PM

අදද හෙටද අවුරුදු පහෙන්ද හයෙන්ද යන්නේ කියන එකට වඩා ඉන්න කාලේ රටේ අනාගතය ගැන දූරදර්ශිව හිතලා නිවැරදිව තීරණ අරගෙන ක්‍රියාත්මක කරන එකයි වැදගත් වෙන්නේ.

:       1       0

saman Friday, 12 January 2018 09:46 PM

ඔබේ නිර්භීත බව හැමෝටම ආදර්ශයක්.

:       16       0

BamunuarachchiSunday, 14 January 2018 12:22 PM

ඔබේ නිර්භීත බව? කොතැනද නිර්භීත බවක් පෙන්වූයේ? නිකන් කඩුවක් වැනුවා අපිත් සෙල්ලම් කරනකොට.. ඔය ලී කෑල්ලක් අරගෙන කඩුවක් හදාගන්න. එතකොට කට්ටිය පට පට ගාලා වැටිලා පස්සේ හොඳට නැගිටලා යාවි.

:       0       0

MP Saturday, 13 January 2018 01:21 AM

අවංකත්වය ඉතාම වටිනා ප්‍රතිපත්තියකි.

:       14       0

narada Saturday, 13 January 2018 02:55 AM

වෙන මොකුත් ඕනේ නැහැ. ඔබගේ අදහසට කමෙන්ට්ස් බැලුවා නම් වැටහේවි මිනිස්සු ඔබ ගැන හිතනදේ...

:       0       37

Muhan Saturday, 13 January 2018 03:27 AM

අනේ මේ වගේ කතා අහලා දැන් ඇතිවෙලා. අපි ජනාධිපතිවරයෙක් පත් කරගත්තේ කිසියම් කාලසීමාවකට. එමනිසා ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ එම ධුරකාලය තුළදී මොන බාධක පැමිණියත් තමන්ට ජනතාව ලබා දුන්නු රාජකාරිය ඉටු කිරීමයි. එම කාලයෙන් පසුව ජනාධිපතිවරයාට සිතෙනවා නම් රට නියම දිසාවකට ගෙනයාමට තවත් කාලයක් ඕන කියා... එවිට ඔහුට නැවතත් ජනවරමක් පැතිය හැකිය. එහෙම නැතුව "මම හෙට නොවෙයි අද වුණත් ගෙදර යන්න ලෑස්තියි " වගේ කතා කියකියා යාම සුදුසු නොවේ .

:       2       29

""චුටිබබා.""" Saturday, 13 January 2018 03:31 AM

""ඉතින් ජනාධිපති මාමේ ... ඔබතුමාගේ ඔය පුටුව හිටපු ජනාදිපති මාමට නැවතත් බාරදී හෙට ඉඳන්ම විවේක ගන්න. අපේ කිසිම අමනාපයක් නැහැ. එවිට රටේ ජනතාව ඔබ සමග එකතුවේවි.. එමෙන්ම ඔබතුමාගේ කඩුවටත් නව ජීවයක් ලැබේවි.."".මෙය වැරදි ප්‍රකශයක් නම් මට සමාවෙන්න.

:       53       132

saman Saturday, 13 January 2018 04:24 AM

අපිටත් ඕන වඩා හොඳ ලංකාවක් බිහිවෙනවා නම් තමයි. පුලුවන්නම් ජනාධිපතිවරණයක් තියමුකෝ බලන්න. අපි ඉතිරි හරිය බලා ගන්නම් යනවද? යවනවද? කියලා.

:       24       119

sams Saturday, 13 January 2018 04:56 AM

ඉතින් එහෙම නම් එද්දී කීව්වා වගේ 5න් යන්නකෝ 6 ක් ඉන්න හේතු හොයන්නේ නැතුව...

:       0       210

Priyans karunaratne Saturday, 13 January 2018 05:17 AM

දැන්නම් ගියොත් රටටත් හොඳයි. එහෙම නේද?

:       31       132

පිුයන්ස් කරැනාරත්න කරැනාරත්න Saturday, 13 January 2018 05:23 AM

සිරිසේන මහත්තයෝ දැන්ම යන්න. එ්ක තමයි රටට කරන උදව්ව...

:       118       618

manjula Saturday, 13 January 2018 05:41 AM

දැන්මම යන්න බැරිද මහත්තයෝ?

:       32       931

hira Saturday, 13 January 2018 05:41 AM

උඩින් ඔපේ යටින් හපේ. මේවා සුරංගනා කතා. අපේ ජනාධිපතිතුමා විහිළු කරනවද කොහෙද?

:       18       178

sena Saturday, 13 January 2018 05:54 AM

ජනාධිපතිතුමාගේ ධුර කාලය සම්බන්ධ ප්‍රශ්නයක් කාටවත් තිබුණ බවක් අපි නම් දැක්කේ නැහැ. අඩු තරමින් කිසිම ජනමාධ්‍යයක ලිපියක් තියා මහජන අදහසක් වත් මම නම් දැක්කේ නැහැ...

:       0       454

pathirana Saturday, 13 January 2018 05:58 AM

මුට්ටිය දාලා බැලුවා... වැඩේ හරියන පාටක් නැහැ වගේ.

:       0       311

සුරංග Saturday, 13 January 2018 06:29 AM

ඔව් ඉතින් කියන එකම කරනවනේ... ආයේ කතා දෙකක් නැහැ...

:       0       60

Neel Perera Saturday, 13 January 2018 06:31 AM

ගෙදර යන්න එපා, ගියොත්... ගිහින් ඉන්න ලැබෙන්නේ නැහැ.

:       0       64

Sathyayaa Saturday, 13 January 2018 06:46 AM

ජනාධිපතිතුමනි! අප ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා " ඕනෑම වේලාවක ගෙදර යන්න " වැනි කතා ජනතාව ඉදිරියේ කියන්න එපා කියා. මන්ද ඒ වදන්වල ගැබ්ව ඇත්තේ ප්‍රෞඩත්වයක් නොව කලකිරුණු ස්වභාවයක් නිසයි. 2015 ජනවාරි 8 වෙනිදා 62 ලක්ෂයක ජනතාව එවකට තිබු දූෂිත පාලනය අවසන් කොට ඔබතුමාට බලය ලබා දුන්නේ, ඔබතුමා බලයට ආ දින සිටම දෙපැත්තක සිට කකුල්වලින් අදින හිටපු පාලකයාට හෝ ඔබගේම ආණ්ඩුවේ අගමැති ධුරය දරන්නාගේ පීඩනයට හසුව සියල්ල දමා ගසා යන්න නොවේ. ඔබතුමා ධෛර්ය සම්පන්නව හොරුන්ට එරෙහිව දියත් කල සටන දිගටම ගෙන යන්නේ නම් ඔබතුමා වසර 6 ක් නොව යාව ජීව ඔය තනතුරේ හිටියත් ජනතාවට ප්‍රශ්නයක් නැත. ඔබතුමා ඉදිරියේ ඇති සැබෑ අභියෝගය මේ කකුල් වලින් අදින්නන් නොව ඔබ තුමාගේ නම ඉතිහාසයට එකතු කරන්න හෝ ඉතිහාසයේ කුණු කූඩයට ඇද දමන්න හැකි ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරනවාද යන්නයි.

:       102       99

siril Saturday, 13 January 2018 06:52 AM

කවුද අල්ලන් හිටියේ? අර ලක්ෂ 62 ද? මම නම් ඔන්න අල්ලන් හිටියේ නැහැ. මොකද ආප්ප කාලා කෝපි බීපු ගොඩේ මම නම් හිටියේ නැහැ.

:       80       249

බන්ඩා Saturday, 13 January 2018 07:02 AM

කඩේ බඩු ගිනි ගණන්. රටේ ආර්ථිකයට කෙලවෙලා. මෙයා සිහින සැබෑකර ගන්න හදනවා. සිංහලයා 'හතර බීරි කතා' කියන්නේ ඔන්න ඕවට තමයි.

:       19       432

Shan Saturday, 13 January 2018 08:01 AM

මේ මිනිස්සු ඔක්කොම ඔතනට ගියාම අපිව පේන්නේ හරක් වගේ වෙන්න ඇති...

:       0       697

Lusena Saturday, 13 January 2018 08:56 AM

පක්ෂය පාවාදුන්නා නම් ඒ ගැන කවර කතාද?

:       8       72

johanSaturday, 13 January 2018 01:37 PM

ජාතිය වෙනුවෙන් පාවාදීම් එච්චර ගණන් ගතයුතු දෙයක් නෙවෙයි. නමුත් සිදුවුනේ දෙකට තුනට කැඩුණු පක්ෂයක් බදාගත්තු එක...

:       0       15

saman Saturday, 13 January 2018 09:16 AM

අවවාදයට වඩා ආදර්ශය උතුම්! පුළුවන්නම් කරලා පෙන්වන්න කියා කියා ඉන්නේ නැතිව...

:       8       116

sanath Saturday, 13 January 2018 09:27 AM

එ්ක ජනතාව මැතිවරණයකදී කතිරෙන් නියමෙට කරයි. වැඩ තමයි ඕනෑ.

:       2       43

ජගත් ලියනගේ Saturday, 13 January 2018 09:29 AM

බලය ලැබුණම හැම එක්කෙනාම දාල යන්න අකැමැත්තක් තියනවා.

:       0       103

chadima Saturday, 13 January 2018 09:31 AM

ජනතාව නිවැරදි තීන්දු දෙයි.. කලබල වෙන්න එපා

:       0       59

Sunil Saturday, 13 January 2018 10:05 AM

2015 දී අපි ඡන්දෙ ඔබතුමාට දුන්නේ ලොකු විශ්වාසයකින්.. මේ රට නැවත හදාවි කියා සිතලා. නමුත් දැන් නම් ඒ විශ්වාසය බිඳිලා.... දුකයි, එ්ත් ඇත්තයි.

:       0       114

sam Saturday, 13 January 2018 10:17 AM

දැන් ඉතින් ඔක්කොම හරිද?

:       0       28

Ismail Hussein Saturday, 13 January 2018 10:29 AM

ඉක්මණට එ්ක ගැන හිතන්න, ගෙදර යන්න ජනාධිපති තුමනි...

:       4       114

sisira Saturday, 13 January 2018 10:45 AM

ආවේ අවුරුදු පහකට වඩා දවසක්වත් ඉන්නේ නැහැ කියලා. දැන් කොහොමද අවුරුදු හයක් ඉන්න බැරිද කියල හොයනවා. තවත් අවුරුද්දක් ඉන්න වගේ හදන්නේ... විශ්වාස භංගයක් ගේන්න තමයි වෙන්නේ...

:       0       122

dhamneth Saturday, 13 January 2018 11:06 AM

ඔබතුමාට ඡන්දය දුන් පක්ෂ හා ජනතාව එක්ක වැඩකළා නම් මෙලහකට රට හුඟක් ඉදිරියට ගෙනයන්න ඔබතුමාට පුළුවන්කම තිබුණා. ඔබතුමාට ජනාධිපතිවරණයේදී 01%ක් වත් ඡන්දය නොදුන් පක්ෂයක් වෙනුවෙන් වෙහෙසෙනවා. ඇයි මේ අය ජනාධිපතිවරණයේදී ඔබතුමාට ඡන්දය නොදුන්නේ ඔබතුමාගේ ප්‍රතිපත්ති පිළිගන්නවා නම්?

:       0       27

Susantha Saturday, 13 January 2018 11:17 AM

එකපාරක් දවස් 100න් යනවා කිව්වා. තවපාරක් අවුරුද්දෙන් විධායක ජනාධිපති ක්‍රමය අයින් කරලා යනවා කිව්වා. ඒවත් කළානේ. ඒවා හොඳයි කොස් කොළ කාලා පුන්නක්කු බොන ලක්ෂ 62ක කට්ටියට.. අපිට ඔය බොරු එපා.

:       0       146

mahasenavi Saturday, 13 January 2018 12:03 PM

අනේ ජනාධිපතිතුමනි, පුළුවන් කෙනෙකුට කරන්න දීලා ඕක අතෑරලා දාන්න. හොරාටත්, හොරුන්ගේ හොරුන්ටත්, ස්ට්‍රයික් කාරයෝන්ටත් බයයිනේ...

:       0       122

wasantha Saturday, 13 January 2018 01:49 PM

ජනාධිපතිතුමනි දෙපැත්තේම හොරුන්ට විරුද්ධව දඬුවම් දෙන්න තමයි අපිට අවශ්‍ය වන්නේ... ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභීත නායකයා ඔබයි.

:       504       102

lalith Saturday, 13 January 2018 08:04 PM

මම ලඟදි බැංකොක් යන්න හිතාගෙන ඉන්නේ. ඕනනම් කියන්න එහෙන් තවත් ලොකු බෑග් කිහිපයක් ගෙනත් දෙන්න පුළුවනි දැන්මම බඩු පැක් කරගන්න. නැතිනම් අර කලින් හිටපු කෙනාට වගේ සමහර බඩු අමතක වෙලා යන්න පුළුවනි අන්තිම මොහොතේ.

:       3       0

Bamunuarachchi Sunday, 14 January 2018 12:50 PM

එහෙම නොවෙයි මෙහෙම කියන්න. මම වෙලාව අවාම යනවා. හැබැයි මම බාර ගත්ත වැඩේ හොඳින් හරි නරකින් හරි කරලා. කඩුව වැනිල්ලත් ඒ කතාවට ගැලපෙනවා. මහින්ද මහතාටත් කඩුව වනන්න යන්න එපා. මොකද ඒ මහතාත් විශාල වැඩ කොටසක් රටට කළා. මුකුත්ම නොකළ බැංකුවක් හොරා කාපු කෙනෙක් ඉන්නවා නම් කඩුවෙන් ඇන්නත් අපි අහක බලාගෙන බියර් එක්ක බිබී ඉන්නම්. එයාව දන්නා කාලයට මේ රටට වයිෆයි දීම හැරෙන්නට වැඩක් කර නැත.

:       0       0

sanath prnaandu Monday, 15 January 2018 06:32 PM

ඕවට රැවටෙන්නේ කොන්ඩෙ කපපු චීන්නු

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 868 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 3918 0

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4592 28

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී හතක් මරුට
2024 අප්‍රේල් මස 21 6986 21

දියතලාව නරියාකන්ද , ’’ෆොක්ස්හිල්’’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථය


සීයා-මුණුපුරා-මිනිපිරි රිය අනතුරින් මරුට
2024 අප්‍රේල් මස 21 2930 4

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ කැටපළ ක්‍රිස්තු දේවස්ථානය ඉදිරිපිටදී ත්‍රී රෝද රථයක් හා කන්ටේනරයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙක් එතැනම මියගොස


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 4132 11

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1637 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site