IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ආණ්ඩුවේ ඉදිරිගමන ගැන තීරණයක් ගන්න කමිටුවක්

(රන්ජන් කස්තුරි සහ හර්ෂණ තුෂාර සිල්වා)

පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇතිව තිබෙන දේශපාලන කැළඹීම අද සවස එහි උච්චතම අවස්ථාවට එළඹ තිබිණ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමතිවරුන් අතර පැවැති රැස්වීම අවසන් වූයේ වත්මන් ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳ තීරණයක් ගැනීම සම්බන්ධයෙන් කමිටුවක් පත්කිරීමට එකඟ වීමෙනි. 

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට එක්සත් ජාතික පක්ෂය මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයද බලවත් පරිශ්‍රමයක යෙදී සිටිති. 

මේ අතර ශ්‍රී ලංකාවේ මීළඟ රජය කවරාකාර විය යුතුද යන්න පිළිබඳව විදේශීය තානාපතාවරුන්ද බලවත් උනන්දුවකින් සිටින බවත් දැනගන්නට ඇත. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා සහ ඉන්දීය තානාපතිවරයා අද දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කර තිබේ. 

‘‘ මහජනතාවගේ කැමැත්තකින් තොරව මම අගමැති කම් භාර ගන්නේ නෑ ඊට වඩා සුදුසුයි ගෙදරට වෙලා පැදුරක් එළා ගෙන බුදිය ගන්න එක. ජනාධිපතිවරයා කළ යුතුව ඇත්තේ අවුරුදු දෙකක් කල් ගන්නේ නැතිව ජනතා කැමැත්තට ඉඩ දී මැතිවරණ පවත්වා ජනතාව කැමති දේශපාලන පක්ෂයකට රට පාලනය කිරීම සඳහා ඉඩ දියු යුතු එකයි."
 
"අපි අපෙන් ගිය කිසිවෙකු සමඟ හෝ එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගත වී ආණ්ඩුවක් පිහිටු වීමට අදහස් නොකරන බවත් පොදුජන පෙරමුණට ඡන්දය දීපු ජනතාව එය අනුමත නොකරන බවත් අපි විශ්වාස කරනවා."  යයි හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අද සවස හම්බන්තොටදී පැවසීය. 

එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක්  පිහිටවීම සඳහා මේ වන විට උත්සහයක නිරතව සිටින බව ඇමති මනෝ ගනේෂන් මහතා පැවසීය.
 
එක්සත් ජාතික පෙරමුණේ පක්ෂනායක වරුන් අද (13) පස්වරු 6.30ට අරලියගහ මන්දිරයට කැඳවන ලද අතර එහිදී ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා සමඟ එක්ව තීන්දු තීරණ ගන්නා බවද මනෝ ගනේෂන්ඇ මතිවරයා පැවසීය.
 
මේ අතර අද දහවල් සිට මේ දක්වා එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අරලිය ගහ මන්දිරයේ අගමැතිවරයා සමඟ සාකච්ඡා වල නිරතව සිටියහ.
 



අදහස් (44)

ආණ්ඩුවේ ඉදිරිගමන ගැන තීරණයක් ගන්න කමිටුවක්

maal Tuesday, 13 February 2018 06:34 PM

අර අයින් කරපු ආරක්ෂක ලේකම් නැවත වැඩට අරගෙන වගේ පේන්නේ.

:       42       107

sirimal Tuesday, 13 February 2018 07:11 PM

අනිත් කට්ටිය අනුන්ගේ පක්ෂයක් දිනවීමට කටයුතු කල පක්ෂ සාමාජිකයින් පිළිබඳව විනය ක්‍රියා මාර්ග ගන්න තවමත් පින්තුර, වීඩියෝ සාක්කි එකතු කරඉවර වෙලා නැතිවා වගෙයි පෙනෙන්නේ. මුලින්ම එහෙම කරනවා කිවේ නුගේගොඩ රැස්වීම පවත්වපු දවසේ නේ.

:       20       9

රජින්ද Tuesday, 13 February 2018 07:23 PM

මේ මොහොතේ කලයුතු වඩාත්ම නිවැරදි තීරණය යයි මා විශ්වාස කරන්නේ, ජනපති මහමැතිවරණයක් කැදවීමය. පසුව ජනතා කැමැත්තෙන් පත්වන නව ආණ්ඩුව ජනාධිපතිවරයා සමග පොදු එකඟතාවයකින් පවත්වා ගැනීමට ඇති හැකියාව ඉතාමත් ඉහලය. නොඑසේනම්, ඒ.ජා.ප.ය දැන් පිහිටුවීමට යන නව ආණ්ඩුවේ සියලු පව් ජනපති පිටින් යනු ඇත. එහිදී දරුණු ජනතා දෝෂාදර්ශනයට ජනපතිවරයා ලක්වීම වැළක්විය නොහැක. එහෙත්, මහමැතිවරණයක් තබා නව ආණ්ඩුවක් පිහිටෙව්වොත් තත්වය වෙනස්ය. එහිදී ජනතා මතය පිටින් ජනපතිවරයාගේ ජාමේ බේරාගත හැක. බුද්ධිමත්ම තීරණය විය යුත්තේ මහමැතිවරණයකට යාමය. මේ එළඹ ඇත්තේ තීරණාත්මක මොහොතකි.

:       216       165

Ajith Nissaka Tuesday, 13 February 2018 07:36 PM

කල යුතු වන්නේ රනිල් අයින් නොවුනහොත් පුළුවන් කෙනකුට රට බාරගන්න කියා ආරාධනය කිරීමයී!

:       125       11

Thepanisa Tuesday, 13 February 2018 08:02 PM

අයෙත් ඉතින් කුටු කුටු ගගා ඉන්න ඉතිරි අවුරුදු දෙක හමාරත් යනකම්. ගන්න තීරණයක් ඉක්මන අරන් ඉස්සර හොරුන්ට දැන් හොරුන්ට දඬුවම් දීල මේ රටේ තියන ප්‍රශ්න ටිකක් විසදලා මැතිවරණයකට නොගියොත් තියන දේත් නැතිවෙයි ඊලඟ සැරේ.

:       460       201

vidya Tuesday, 13 February 2018 09:35 PM

එතකොට හොරුන්ට මොකද වෙන්නේ?

:       60       69

lalith Wednesday, 14 February 2018 01:05 AM

එක හොඳ දෙයක්.

:       118       18

Chandra Wednesday, 14 February 2018 01:33 AM

තවමත් කව්රුත් ජනතාව ගැන හිතන්නේ නැහැ. රටට හෙන ගැහැව්වත් ආණ්ඩු කරන්නයි ඕනේ. හොරු අල්ලන්න බැහැ මොකද හැමෝම ඒවාට සම්බන්ද වෙලයි ඉන්නේ. ජනතාව ණය ගෙව ගෙවා දුක් විදිනවා.මෙහෙමත් රටක් .

:       109       190

gawus Wednesday, 14 February 2018 01:36 AM

රනිල් මෛත්‍රී ආණ්ඩුව වෙනස්වෙන්න අවශ්‍ය නෑ. ආසන සංඛ්‍යාව අඩුවුනත් ඡන්ද සංඛ්‍යාව හා මන්ත්‍රී ධූර සංඛ්‍යාව වැඩි වෙලා තියනවා. එ.ජා.ප. 3,612,259 ශ්‍රී.ල.නි.ප. 491,835 එ.ජ.නි.ස. 989,821 එකතුව 5,093,918 (මහින්දගේ ඡන්ද 4,941,952 ඉක්මව ගිහින් තියනවා ) මන්ත්‍රී ධූර සංඛ්‍යාව එ.ජා.ප. 2385 ශ්‍රී.ල.නි.ප. 674 එ.ජ.නි.ස. 358 එකතුව 3,417 (මහින්දගේ මන්ත්‍රී දූර සංඛ්‍යාව 3369 ඉක්මව ගිහින් තියනවා ) ඊට අමතරව මහින්දට විරුද්දව ඡන්ද ලක්ෂ 65 පාවිච්චි වෙලා තියනවා ( රනිල් මෛත්‍රී එකතුව 5,093,918 ජ.වී.පෙ. 693,875 ඉ.ත.අ.ක. 339,675 මු.කෝ. ඇතුළු සුළු පක්ෂවල ඡන්ද )

:       1245       1264

WijekoonWednesday, 14 February 2018 07:04 AM

එහෙම තර්ක කරන්න තිබුනා කට්ටියට එකට ඉල්ලුවා නම්. දැනට තියෙන අච්චාරු ආණ්ඩුව හැදුවෙ තනියම කරන්න කාටවත් බලය නොතිබුණු නිසා.

:       0       74

සතයපාලWednesday, 14 February 2018 12:46 PM

කට්ටිය එකට ඉල්ලුවත්, වෙනම ඉල්ලුවත් මහින්දට රට පාලනය කරන්න පාර්ලිමේන්තුවේ බහුතරයක් නැහැ. පළාත්පාලන ආයතන ඡන්දයේදීත් ලැබුනේ 45'/,ක් පමණයි. අනිත් ඡන්ද සියල්ලම මහින්ද විරෝධියි.

:       1       0

lalithsjm Wednesday, 14 February 2018 01:39 AM

මහජනතාව ඔය කමිටු ප්‍රතික්ෂේප කල බවවත් තේරෙන්නේ නැද්ද ?

:       27       334

soma Wednesday, 14 February 2018 01:46 AM

ටක්කෙට කියන්නම් මලික් ඇති ඔය දාන කමිටුවේ.

:       6       223

දිලාන් Wednesday, 14 February 2018 01:51 AM

කමිටු වාර්තාව එන්න අවම වශයෙන් තවත් වසර දෙකක් වත් ගතවනු ඇති නිසා ඒ වනවිට කොහොමත් පාර්ලමේන්තුවේ නිල කාලය අවසන්ව තියේවි. ඒ නිසා කෙලින්ම මහ ඡන්දයට යා හැකිය. මේ ආණ්ඩුව දන්නේ කොහොමත් කමිටු පත් කරන්න විතරයි. නැත්නම් මෙහෙම වෙන්නේ නැනේ.

:       0       127

Chandra Wednesday, 14 February 2018 01:58 AM

2015 ජනවාරි ජනතාව පාරට බැස්සේ හොරු අල්ලන්නයි, නමුත් අද වෙනතුරු හොර සල්ලි විසි කරලා ඒවා යට ගහනවා. ආපු ආණ්ඩුව ඒවාට වගකියන්න ඕන. අනික ආණ්ඩු දෙකක් පත්වුණේ නැහැ වෙනම වැඩ කරන්න. මැච් එක දිනන්න නායකයා තමුන්ගේ කට්ටිය හරියට එකා මෙන් මෙහෙයවන්න ඕනා. කට්ටිය දෙකට බෙදල මැච් එක ගහන්න බැහැනේ. මේ හැමදේම බල තණ්හාව නිසා වුනු විනාසය. මහජනතාව දුක් විදිනවා.

:       519       371

bandara kuwait Wednesday, 14 February 2018 03:01 AM

රනිල්, ඉන්නකන් පක්ෂයට ඉතාම අපලයක් නැත්නම් 2020 එජාපයක් නැතිවෙනවා ඩී එස් වගේ සැබෑම නායකයෙක් පත්කළ යුතුය

:       676       642

Ashan Wednesday, 14 February 2018 04:13 AM

දැන් එතකොට බැඳුම්කරේ ඉවරද?

:       18       221

Perakum Wednesday, 14 February 2018 04:38 AM

ජනතා කැමැත්තට ඉඩ දී පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ජනතාව කැමති දේශපාලන පක්ෂයකට රට පාලනය කිරීමට ඉඩ සැලසීම ඉතාමත්ම ඥානාන්විත හා උචිත ක්‍රියාමාර්ගයයි.

:       289       446

Vipula Wednesday, 14 February 2018 04:55 AM

ආණ්ඩුවේ ඉදිරි ගමනක් නැහැ එකනේ ගම නැතිවුනේ . දැන් ගෙදර ගියානම් හොඳයි.

:       552       1343

[email protected]Wednesday, 14 February 2018 06:25 AM

මහින්ද මේක බර ගන්නේ නැනේ. කෑ ගැහුවේ නම් අද හෙට අගමැති කම ගන්න වගේ. දැන් නොකෙරෙන වෙදකමක් ඉල්ලගෙන ජනදිපතිගේනුයි අගමැතිගේනුයි ඉල්ලනවා ආණ්ඩුව විසුරුවා හරින්න කියලා

:       532       265

ravi Wednesday, 14 February 2018 05:19 AM

පළාත් පාලන ඡන්දය දින්නා කියලා පාර්ලිමේන්තුව විසරවිය යුතු නැහැ. නමුත් තියෙන ආණ්ඩුව 2015 දීපු පොරොන්දු ටික කාලෙදිවත් ඉටු කලොත් ඒ ඇති.

:       624       395

Chanak los angeles Wednesday, 14 February 2018 05:31 AM

ජනතා තීන්දුව දීලා තියෙන්නේ යහපාලන රජය දිගටම ගෙන යන්න.

:       902       74

kosalaWednesday, 14 February 2018 05:57 AM

45.99% කියන්නේ, රජයට තමා ජනතා අනුමැතිය. රජය නියෝජනය කරන පාර්ශවවල සමස්ත එකතුව වැඩි.

:       494       528

KPWednesday, 14 February 2018 09:56 AM

හරියට එයාගේ නොවන ගැහැණු ඔක්කොම මගෙයි කිව්වා වගේ...

:       0       15

කලණ ජයවර්ධන Wednesday, 14 February 2018 05:50 AM

ඉදිරි ගමන නවත්වන්න වෙයි. මොකද ජනතාව රතු ලයිට් පත්තු කරලනෙ තියෙන්නෙ.

:       7       117

sena Wednesday, 14 February 2018 06:19 AM

ආණ්ඩුවට 32% හරි තියෙනවා ජනාධිපතිවරයාට තියෙන්නේ 8% ඒකනිසා ඉස්සරවෙලා ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙලා ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි

:       311       354

Neelaka Wednesday, 14 February 2018 06:22 AM

සිත නිවන කතා....!!!

:       0       86

vidya Wednesday, 14 February 2018 06:24 AM

කමිටුවේ ඉන්නේ උගත් බුද්දීමතුන්ද අර පරනසෙට් එකද?

:       0       89

B M WIJESUNDARA Wednesday, 14 February 2018 06:32 AM

සීයට 62 දීලා තියෙන්නේ යහපාලනය දිගටම කරගෙන යන්න තම තවත් සහන දීල ඡන්ද ප්‍රමාණය වැඩි කරගන්න පුළුවනි බය නොවී ඉදිරියට යන්න

:       110       103

jayashatha Wednesday, 14 February 2018 06:37 AM

යහපාලනය ඉදිරියටම ගෙනියන්න සීයට 62ක් ඡන්දය දී ඇත

:       150       151

chefrnlk Wednesday, 14 February 2018 07:13 AM

යහපාලන ආණ්‌ඩුව වසර තුනක්‌ තුළ ජනතා අප්‍රසාදයට පත්වී ඇති බව පැහැදිලිය. යහපාලන ජනප්‍රියතාවය බින්දුවට බැස ඇත. එක්‌සත් ජාතික පක්‌ෂය තනි ආණ්‌ඩුවක්‌ සෑදීමට උත්සුක වේ. මේ තනි ආණ්‌ඩුව හදන්නට යන්නේ දෙමළ සන්ධානයත් සමගය. දෙමළ සංධානයේ බෙදුම්වාදි ඉල්ලීම් හමුවේ ආණ්‌ඩුවේ ඉදිරි ගමන සුබදායක වෙයිද? පෙබරිවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් හෙළිවූයේ කුමක්‌ද? සිංහල ජනතාව යහපාලනය ප්‍රතික්‍ෂේප කර ඇති බව නොවේද?

:       117       661

anton Wednesday, 14 February 2018 07:43 AM

අපේ රටේ ඉන්නේ වහල් ජනතාවකි. ඔවුන් අතීතයේ පටන් රජුන් ගේ අතවැස්සන් වීමට මහත් රුචියක් දක්වයි. අදත් සිදුවන්නේ එයයි මෙම යහපාලනය අපගේ ජනතවට නයාට අඳු කොළ මෙනි.. මෙම නායක දෙපල යුරේපයට හෝ ඇමරිකාවට ගැලපෙයි. අප රටේ මිනිස්සු ඉල්ලන්නේ මජර පාලනයකි. මහින්ද ඊට නියමෙට ගැලපෙන නායකයෙකි.

:       12       155

Danuska Wednesday, 14 February 2018 10:19 AM

දැන්නම් මේ අය හොඳ කරත්තෙට බඳින්න තමයි.

:       14       7

ruchira Wednesday, 14 February 2018 08:01 AM

පිටිපන, මාරපන කමිටු වගේම එකක්ද?

:       0       17

Muhan Wednesday, 14 February 2018 08:29 AM

මල ඉලව්වයි... එ්කටත් කොමිටියක් !!!

:       0       13

sirimal Wednesday, 14 February 2018 08:44 AM

මෙහෙම තර්ක කරන අයත් ඉන්නවා. 2015 ජනවාරි 8 වැනිදා මහින්ද වෙනුවෙන් ඡන්ද ලක්ෂ 58 ක් ලබා දී තිබිණි. මහින්දට විරුද්ධව සිරිසේනට ලැබී තිබුණු ඡන්ද ගණන ලක්ෂ 62 කි. පෙබරවාරි 10 ඡන්දයේදී තත්ත්වය කෙසේද? මහින්දවාදීන් විසින් ඡන්ද ලක්ෂ 50 ක් ලබා දී තිබු අතර එය පසුගිය මැතිවරණයට සාපේක්ෂව ඡන්ද ලක්ෂ 8 ක පහළ බැසීමකි. ඒ අනුව, මෙහිදී එදා මහින්ද රාජපක්ෂට විරුද්ධ කඳවුරේ සිටි ලක්ෂ 62ට කුමක් සිදු වී ඇද්ද? එක්සත් ජාතික පක්ෂය ලක්ෂ 37 ක් ද මෛත්‍රි පාර්ශවය ලක්ෂ 15ක් ද ජනතා විමුක්ති පෙරමුණ ලක්ෂ 7ක් සහ දෙමළ සන්ධානය ලක්ෂ 3 හමාරක්ද ලබාගෙන ඇත. ඒ අනුව එම කඳවුරේ ඡන්ද වල එකතුව ලක්ෂ 63 කට ආසන්නය. දැන් සිදුව අැත්තේ කුමක්ද? මහින්ද වෙනුවෙන් ඡන්දය දුන් ලක්ෂ 8 ක් ආගිය අතක් නැති වී ඇති අතර මෛත්‍රි කඳවුරේ ඡන්ද ප්‍රමාණයම හෝ ඊට ටිකක් වැඩිපුර ඡන්ද ලබාගෙන ඇත. මේ ගැන හැදී ඇති අලුත්ම ප්‍රස්ථා පිරුල වෙන්නේ "හරියට පන්තියේ 1 වෙනියා වූ කෙනාට 2,3,4 වූ කට්ටිය අපේ ලකුණු එකතු කලහම ඔබ පරාදයි කිවා වගේ".

:       22       43

සතයපාලWednesday, 14 February 2018 12:55 PM

මේක මොන්ටිසෝරි තර්කයක්නේ !

:       1       0

de silva Wednesday, 14 February 2018 09:01 AM

එජාපයේ නව පරපුරේ තරුණ නායකත්වයට ඉදිරියට ඒමට ඉඩ සලසලා, ජයවර්ධන ජනාධිපතිතුමා කලා මෙන් දැන් ඉන්න ජනතා අප්‍රසාදයට පත්වුණු පැරණි නායකත්වය විශ්‍රාම යා යුතුයි. තම දේශපාලන ජිවිතයේ හොඳම කාලය වන 2004දී ආණ්ඩුව රැකගන්න බැරිවුණා රනිල්ට. 2020 දී එජාපය ජයග්‍රහණය කරා මෙහෙයවීම භාරදීම හරියට ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා හා සමානයි.

:       1       3

Rohana Wednesday, 14 February 2018 09:49 AM

රනිල්, සාගල, මාර-පන, මලික්, රවී, සුජීව යවන්න කමිටුවක් පත්කරමු. පරාජයට ඍජුවම වගකිවයුතු අයයි...

:       0       0

Danuska Wednesday, 14 February 2018 10:13 AM

අවුරුදු දෙකක් තියෙනවා මීටින් තියන්න පුළුවන්... ඊට පස්සේ ඡන්දෙ...

:       0       12

nalaka Wednesday, 14 February 2018 10:19 AM

ජනතාව හැටියට අවුරුදු 3 1/2කට ආසන්නව බලාපොරොත්තු වූ නිවැරදි කිරීම් හෝ වැරදි කල හා රටේ ආර්ථිකයට හානි වන ලෙස මේ රට පාලනය කල පිරිස හා ඔවුන් විනාශ කල ධනය නැවත මේ රට ගොඩනැගීමට දායක කරගැනීමට කල හැකි උපරිම දෙය කරන බවට පොරොන්දු දීම හා මෙතෙක් ඒවා ඉටු නොවීම මේ ප්‍රතිඵල ලැබීමට ප්‍රධාන හේතුවවේ. එමෙන්ම රටේ පීඩිත ජනයා වෙනුවෙන් ගොවි කම්කරුවා වෙනුවෙන් කල යුතු දෙය දිනෙන් දින අමතක කර දැමීමත්, ගොවිතැන් කීරීමට සුදුසු විශ්වාසවන්ත බවය ඇති නොකිරීමත් කල ගොවිතැනහි අස්වැන්න විකුණා ගැනීමට සුදුසු වෙළඳපලක් ඇති නොකිරීමත්, රැකියා ගැටළු පොරොන්දු පරිදි ඉටු නොකිරීම හා නව රැකියා අවස්ථා ඇති කිරීම වෙනුවෙන් කල් මැරීම යන හේතුන් මෙම ආණ්ඩුව තුල ඇති දුර්වලකම් නිසාවෙන් තරුණ, මැදිවිය හා මහලු යන සියලු දෙනාගේ විශ්වාසය කඩ කීරීම මගින් මෙම පරාජය ලැබූ බවත්, එය නිවැරදි නොකරන්නේ නම් මෙම ප්‍රතිඵලය මීටත් වැඩා දරුණු වේවි යැයි සිතමි.

:       0       12

Sunil Wednesday, 14 February 2018 10:24 AM

දවස් 4ක් ගිහිල්ලත් රට ගැන තීරණයක් තනිව ගන්න බැරිනම් මොකක්ද ජනපතිකමේ ඇති වැඩේ?

:       0       8

Sampath Wednesday, 14 February 2018 11:01 AM

මහින්ද වටා රටේ ජනතාව ගොඩනැගිලා ඉවරයි. විකල්ප දෙකයි. එක්කෝ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න ඕනේ.. මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් නැතිනම් විසුරුවන්න ඕනේ වෙලාවට කොහොම හරි තියා ගනිමු කියන්නේ ආතක් පාතක් නැති අය.. ජනතා විරෝධය මැද ඉන්න බැහැ... තව අවුල් වෙනවා. විදේශ ආයෝජන එන්නෙත් නැහැ. ආර්ථික අර්බුදය උපරිම වෙන්න කලින් බේරාගන්න.

:       0       2

Bamunuarachchi Thursday, 15 February 2018 03:25 AM

කෝටියකට වැඩියන් සාමාජිකයින් සිටින මහා ජනතා කමිටුව ඔවුන්ගේ තීන්දුව දුන්නා තව මොන කමිටුද? 32% පාද සටහන් කාරෝයොත් ඒ කමිටුවේ සිටියා.

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3302 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3658 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3041 10

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11668 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 7967 39

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3051 1

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site