බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයෙන් මිදී නිදහස ලබා ගෙවුණු වසර 71ක කාලයේ, විකාරරූපී දේශාපාලන සිදුවීම් හා සංසිද්ධීන් එකක් පසු පස එකක් සිදුවූ පසුගිය වසර හා සමාන වකවානුවක් ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර නොතිබූ තරම්ය. 

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරින් ඉවත් කර ඒ වෙනුවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාව රටේ අගමැතිවරයා ලෙස පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළ අතර, එයින් ආරම්භ  වූ අර්බුද අදටත් දිවෙමින් පවතී. අගමැතිවරයා ඉවත් කිරීම සහ නව අගමැතිවරයකු පත්කිරීම ව්‍යවස්ථාවිරෝධී යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.

ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට වගකිවයුතු තැනැත්තා ලෙස සැළකෙන ජනපති සිරිසේන මහතා ව්‍යවස්ථාව උල්ලංඝණය කළ බව නිල වශයෙන් පිළිගැනීමට තවත් මාස 5ක් ගතවිය. 

මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයන්ට සමගාමීව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයකින් කියැවෙන පරිදි අවශ්‍ය ඇතැම් නීති සම්පාදනය කිරීමේ කටයුතු අවසන් කිරීමට ශ්‍රී ලංකාවට නොහැකි වූ අතර, එයට හේතුව 2018 ඔක්තෝබර් මස 26 වැනිදා සිදුවූ ව්‍යවස්ථා කුමන්ත්‍රණය බව සඳහන් වේ.

සැළකිල්ලට ගත යුතු කාරණය වන්නේ එම ව්‍යවස්ථා කුමන්ත්‍රණයට මුල පිරූයේ කවුරුන් ද යන්න විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කර තිබෙන පිටු දෙකකින් සමන්විත වන මෙම නිවේදනයේ සදහන් නොවීමය. එම තැනැත්තා ජනපති මෛත්‍රීපාල සිරිසේන බව අපට අමුතුවෙන් කියා දිය යුතු නැත.

ඒ වෙනුවට විදේශ කටයුතු අමාත්‍යංශය චෝදනා නගා තිබුණේ - සැබෑ ද්‍රෝහීන්ගෙන් මව්බිම ගලවා ගැනීමේ අවශ්‍යතාවයක් පැවැති එවන් අවස්ථාවක පටු දේශපාලන දේශපාලන වාසි ලබාගැනීමේ ලැජ්ජාසහගත පිළිවෙතක් අනුගමනය කළ පුද්ගලයින්ටය.

මෙය එක්සත් ජාතික පෙරමුණු නායකත්වය වෙත එල්ල කැරුණු අතිශය දරුණු ගණයේ ප්‍රහාරයක් බව පෙන්වා දීමට කෙනෙකු පේන කියන්නකු වීමට අවශ්‍ය නොවේ. ද්‍රෝහියා නම් කූප්‍රකට වදන යෙදීම, පැවැති රජයේ කටයුතු සිහිගන්වන්නකි. ඇත්ත වශයෙන්ම කිවතොත්, ජනපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ රජය අතර ඇතිව තිබෙන ඝට්ටනයේ මෙය ඉතා සුලු සිදුවීමක් පමණකි. 

සති කිහිපයක සිටිම ජනපතිවරයා සිටින්නේ සිය එක්සත් ජාතික පෙරමුණු රජය සමග තිරය පිටුපසින් දිවෙන ගැටුමක පැටලීය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයන්හි දී ශ්‍රී ලංකාවේ කටයුතු අවධානයට ගැනීමට නියමිතව තිබීම මෙම තත්ත්වය තවදුරටත් තීව්‍ර කර තිබේ. ජනපතිවරයාට අවශ්‍ය ආකාරයටම කටයුතු සිදුනොවන බව ද පැහැදිලිය.

පැහැදිලි වන තවත් කාරණයක් නම් මාස ගණනාවක සිට දෙපාර්ශවය අතර ඇවිලෙන ගැටුම් නව මානයකට ගොස් තිබෙන බවය.

මෑතක දී සන්ඬේ ටයිම්ස් හා කළ සාකච්ඡාවක දී ජනපති සිරිසේන මහතා සඳහන් කළේ ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඇමරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කර තිබෙන 30 1 යෝජනාවලියට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ශ්‍රී ලංකාව ඇතැම් විට ඉවත් වනු ඇති බවය. 

මෙම යෝජනාවලියට සම අනුග්‍රාහකත්වය දැක්වීමට 2015 වසරේ දී ගැනුණු තීරණය ජනපතිවරයාගේ හෝ එවක පැවැති කැබිනට් මණ්ඩලයේ හෝ අනුමැතිය යටතේ සිදුවූවක් නොවේ. එම තීරණය ගත්තේ ඇමරිකාවට පක්ෂපාතීත්වය දක්වන්නෙක් යැයි සියලුදෙනා හොඳින් හඳුනන, එවක සිටි විදේශ ඇමැතිවරයා වූ මංගල සමරවීර මහතාය. මේ සදහා ඔහුට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ද ආශිර්වාදය හිමිව තිබූ බව එක් ආරංචි මාර්ගයක් සදහන් කළේය. එසේ සම අනුග්‍රාහකත්වය දැක්වීමට එරෙහිව නැගී තිබෙන එක් චෝදනාවක් වන්නේ ඒ හරහා යුද සමයේ අවසන් භාගයේ දී ශ්‍රී ලංකා යුද හමුදාව කර ඇතැයි චෝදනා නැගී ඇති යුද අපරාධ, සැබැවින්ම සිදුව තිබෙන බවට පිළිගැනීමක් එයින් ගම්‍ය වන බවය.

“යුද හමුදාව කිසිම යුද අපරාධයක් කර නැහැ. කොටි තමයි ඒ දේවල් කර තිබෙන්නේ, ජනපතිවරයා” සන්ඬේ ටයිම්ස් හා පැවසුවේ ය.
කොළඹ පිහිටි එක් බලවත් තානාපති කාර්යාලයක් පසුගිය සති කිහිපය පුරාම රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල අතිශය කාර්යබහුලව සිටියේය. මෙකී තානාපති කාර්යාලයේ තානාපතිවරයා, එක්සත් ජාතික පෙරමුණේ තෝරාගත් අමාත්‍යවරු කිහිපදෙනෙක් රාත්‍රී සමයන්හි දී නිතරම හමුවූ බවද, පැවැත්වෙමින් තිබෙන ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයන්හි දී ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතුව තිබෙන මූලෝපාය එම හමුවල ප්‍රධාන මාතෘකාව වූ අතරේම රටේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද අවධානය යොමු වූ බවද, බුද්ධි අංශ ආරංචි මාර්ග සදහන් කළේය. 

මෙම තානාපතිවරයා ජනපතිවරයා මෙන්ම, ජනපතිවරයා යටතේ දැනට පවතින අමාත්‍යංශවල නිලධාරීන්ද හමුවන්නට ගොස් ඇත. ජනපතිවරයා යටතේ පවතින පොලිස් දෙපාර්තමේන්තුව එක්සත් ජාතික පෙරමුණට බාර දෙන ලෙසට ඔහු මෙහි දී ඉල්ලීමක් කර තිබේ. 
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව ප්‍රකාරව විෂය පථයන් පවරාදීම ජනපතිවරයාට අයත් කටයුත්තක් මිස විදෙස් තානාපතිවරයකු අතපෙවිය යුතු දෙයක් නොවේ. අපේක්ෂා කළ හැකි පරිදෙන්ම ඇතැමෙක් මේ සම්බන්ධයෙන් අතිශය කෝපයට පත්වූ අතර, තවත් අයෙක් ස්වෛරී රාජ්‍යයක සිදුවූ මෙම සිදුවීම ඉතාම නිද්දිත ලෙස නොසළකා හැරියේය. 

අඟහරුවාදා පැවැති පුවත්පත් සාකච්ඡාවකදී මෙවැනි කාරණාවලට වර්තමානයේ විදෙස් තානාපතිවරුන් අත පොවමින් සිටින බව ජනපතිවරයා ප්‍රසිද්ධියේම අනාවරණය කළ අතර, මෙම අවස්ථාවේ දී ඔහු ඇත්ත වශයෙන්ම 100% ක්ම නිවැරදිය. මෙවැනි, ඩොනල්ඞ් ට්‍රම්ප් හා සමාන රාජ්‍යතාන්ත්‍රිකත්වක්, නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ නොපැවතුණු තරම්ය.

නමුත් ගැටලුව වන්නේ මෙවැනි තානාපතිවරුන් සහ ඔවුන්ගේ සහචරයින්ට, රටේ ඉහළම තැනට මෙවැනි ඉල්ලීම් මෙසේ යොමු කැරෙන අවස්ථාවල දී, තානාපතිවරුන් ලෙස ඔවුන්ගේ සීමා දැන හදුනාගෙන කටයුතු කරන ලෙසට සිහිපත් කරදීමක් සිදුනොවීමය. 

හිටපු ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතා, ඔහුගේ බටහිර ගැති භාවය නිසාම යැංකි ඩිකී ලෙස හැදින්වුන ද, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් දැක්වීමක යෙදී තිබේ. ජයවර්ධන මහතා 1982 වසරේ දී එවක කොළඹ ඇමරිකා තානාපති කාර්යාලයට අනුයුක්තව සිටි දේශපාලන නිලධාරී රොබට් මුන්රෝ ස්කොට්ට එරෙහිව අවසර නොලත් පුද්ගලයකුගේ තත්ත්වය (පර්සොනා නොන් ග්‍රාටා) ප්‍රකාශයට පත්කිරීමට ද පසුබට නොවීය. මේ ආකාරයෙන්ම 1991 වසරේ දී, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීයැයි එවක බි්‍රතාන්‍ය මහකොමසාරිස් ඬේවිඞ් ගලැඞ්ස්ටන්ට එරෙහිව අවසර නොලත් පුද්ගලයකුගේ තත්ත්වය ප්‍රකාශයට පත්කිරීමට ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා පියවර ගත්තේය.

ජනපති සිරිසේන මහතා හමුවට විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන් මෙසේ පැමිණි පළමු අවස්ථාව ද මෙය නොවේ. එක් වතාවක දී ඔහු හමුවට පැමිණි යුරෝපා රාජ්‍යතාන්ත්‍රිකයකු, රාජ්‍යතාන්ත්‍රික ආචාරධර්ම පසෙක ලා, ජනපතිවරයා හා අදහස් හුවමාරුවේ යෙදුණේ ඉතා සැර පරුෂ ලෙසය. මෙම හමුව පැවැත්වුණේ ව්‍යවස්ථා අවුලෙන් පසුවය. 

ඇත්තය. ජනපති සිරිසේන එතැන දී වරදක් කළේය. නමුත් රටක ජනපතිවරයාව එසේ අමතමින් එම රාජ්‍ය තාන්ත්‍රිකයා ද කළේ වරදකි.
2017 පෙබරවාරි මාසයේ දී ආරම්භ වූ ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරයේ දී ඇමරිකාවේ අනුබලය මත ඉදිරිපත් වූ 30 1 යෝජනාවලිය සභා සම්මත විය. මෙම යෝජනාවට සහාය දැක්වූ ප්‍රධාන කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් වූයේ බි්‍රතාන්‍යය, මැසිඩෝනියාව සහ මොන්ටිනිග්‍රෝ යන රටවල්ය. ශ්‍රී ලංකාව එයට සම අනුග්‍රහකත්වය දැක්වූයේය. පසුගිය වසරේ දී ඇමරිකාව ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වුව ද, තිරය පසුපස සිට එරට තවමත් ක්‍රියාත්මකය. ඇමරිකාවේ ඉවත්වීමත් සමග බි්‍රතාන්‍යය, කැනඩාව සහ ජර්මනිය සමග එක්ව එම කටයුතුවල ගත්තේය. 

ඇමරිකාවේ අනුබලය මත ඉදිරිපත් වූ මෙම යෝජනාවලියට සම අනුග්‍රහකත්වය දැක්වීමෙන් ඉවත්වීම සම්බන්ධයෙන් සිතා බලමින් සිටින බව ජනපතිවරයා කීවද, විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ ශ්‍රී ලංකාව මෙම නව ප්‍රධාන කණ්ඩායම සමග අත්වැල් බැදගෙන යළි යළිත් ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවට ඉදිරිපත් කැරෙන යෝජනාවලියකට සම අනුග්‍රහකත්වය දැක්වීමට කටයුතු කරන බවයි. 

මෙම උපායමාර්ගය යටතේ ඉදිරියට පැවැත්වෙන සෑම ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයකදීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන තත්ත්වය සාකච්ඡාවට ගැනෙණු ඇත. ඒ හරහා ශ්‍රී ලංකාවට දිගින් දිගටම එල්ල වන යුද අපරාධ චෝදනාවලට පිළිතුරු දීමට සිදුවනු ඇත. කෙසේ වෙතත් එම චෝදනාවලට පිළිතුරු දීම සදහා වන යෝජනා ක්‍රියාත්මක කිරීම අරබයා ශක්තිමත් හිමිකාරීත්වයක් මෙරටට ගොඩනගා ගැනීමට හැකිවනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දේ. 

අන්තර්ජාතික වශයෙන් ඉතා දරුණු ප්‍රතිඵල අත්කරදීමට තිබූ තත්ත්වයක් 2015 වසරේ දී ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාවලියට සම අනුග්‍රහකත්වය දැක්වීමෙන් වළක්වාගත හැකිවුනු බවද, එම අමාත්‍යංශය පිළිගත්තේ ය.

සම අනුග්‍රහත්වයෙන් ඉවත්වීමට දැරූ උත්සාහය අතේ පත්තුවීම හමුවේ මෙම උපායමාර්ගය ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ආරක්ෂා කරගැනීමේ කදිම පියවරකි. නමුත් එයින් ජනපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණ අතර නොනවතින අරගලයට නැවතීමේ තිතත් වැටුණේ නැත. 
ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සදහා ත්‍රිපුද්ගල කමිටුවක් ජනාධිපතිවරයා විසින් තෝරාගන්නා ලද අතර, හිටපු අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, සරත් අමුණුගම සහ උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන්, ඔව්හු වෙති. ජගත් මානව හිමිකම් කවුන්සිලයට අමුත්තකු නොවන මහින්ද සමරසිංහ මහතා දැනට ස්විට්සර්ලන්තයේ පෞද්ගලික සංචාරයක නියැළී සිටින අතර, අනෙක් දෙදෙන හා ඔහු එරටදීම එක්වනු ඇත. 

ජනපතිවරයාගේ ස්ථාවරය සහ උපදෙස් ඔවුහු ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා වන ඒ.එල්.ඒ.අනීස් මහතාට ලබාදෙනු ඇත. මෙම කණ්ඩායමට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා වන තිලක් මාරපන මහතා ඇතුළත් කර නැත.