IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ව්‍යවස්ථා අර්බුදයේ වින්නැහිය

ආචාර්ය ඩබ්ලිව් ඒ. විජේවර්ධන මහතා විසින් දිනපතා ඩේලි එෆ්.ටී පත්‍රයට ඉංග්‍රිසීයෙන් ලියන ලද ලිපියක සිංහල පරිවර්තනයකි.

පෞද්ගලික එදිරිවාදිකම් නිසා රට විනාශ මුඛයට යාමට ඉඩ නොදිය යුතුය. ජනතාවගේ ස්වභාවය පාලනය කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි.

සියල්ල කරළියට පැමිණියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර පැවති පෞද්ගලික එදිරිවාදිකම් කූට ප්‍රාප්තියට පත්වීමත් සමඟය. ජනාධිපතිවරයා අගමැතිවරයා බලයෙන් පහකොට, ඔහුගේ ප්‍රබලම දේශපාලන සතුරා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව එම තනතුරට පත් කිරීම නිසා මුළු රටම අර්බුදයක වෙළාගත් බව සමස්ත ජනතාවම හොඳින් දැන ගත්තේය. ඔක්තෝබර් 26 වැනිදා සවස කඩිමුඩියේ අගමැති දිවුරුම් දීම නිසා අර්බුදය නිර්මාණය වූ බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කළේය.

ජනාධිපතිවරයා මෙහිදී භාවිතා කළ උපාය වූයේ, පැවැති හවුල්කාර ආණ්ඩුවේ එක් පාර්ශ්ව කරුවකු වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය නිල වශයෙන්, විනාඩි කිහිපයකට පෙර ආණ්ඩුවෙන් ඉවත්වීමත් ඉන්පසුව පැවැති ආණ්ඩුව තවදුරටත් ව්‍යවස්ථානුකුල නොවේය යන තර්කයයි.

ජාතික ආණ්ඩුවකට තිහකට වැඩි සංඛ්‍යාවක් කැබිනට් අමාත්‍යවරුන් තබාගත හැකි වුවද එය බිඳවැටුණු විට ව්‍යවස්ථාවට අනුකුලව කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව අඩුකළ යුතු විය. මෙය වික්‍රමසිංහ අගමැතිවරයා සමඟ සාකච්ඡා කොට ඔහුගේ උපදෙස් පරිදි කළයුතු වුවද තම අභිමතය පරිදි ක්‍රියා කිරීමට ව්‍යවස්ථාවෙන් බලය ඇති බව කියමින් අන්තනෝමතිකව ක්‍රියා කරන්නට ජනාධිපතිවරයා පෙළඹුණේය.

ශ්‍රී ලංකාවේ රාජාණ්ඩුවක් තිබුණේ නම් අධිරාජ්‍යයකු මෙන් අභිමතය පරිදි බලය පරිහරණය කරන්නට හැකියාව තිබෙන නමුත් චර්යා ධර්ම පද්ධතියක් යටතේ ඊට සීමා පැනවෙන බව කිහිපවරක් ම විසින් සඳහන් කර ඇත. එහෙත් ශ්‍රී ලංකාව ජන රජයකි. ජනරජයක් යටතේ අභිමතය පරිදි බලය පරිහරණය කිරීම ගැන කතා කිරීම මූලධාර්මික කරුණු වැරදියට වටහා ගැනීමකි. එසේ වන්නේ ජනරජයක ජනාධිපතිවරයා ජනයාගේ පැවැත්ම පාලනය කරන්නා පමණක් වන නිසාය. පැවැත්ම උදෙසා අනෙක් අයට නැති බලයක් ඔහුට හිමි නොවේ.

එම නිසා ජනරජ ව්‍යවස්ථාව යටතේ ජනාධිපති ලෙස දිවුරුම් දී ඇති තැනැත්තා අනෙකුත් වගකිවයුත්තන් ගෙන් නිසි උපදෙස් ලබාගත යුතුවේ. දැනට මතුව ඇති ගැටලුවේදී ඒ සඳහා නිසි වගකීම දරනු ලැබුයේ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහයි.
අගමැතිවරයා පත්කළ පසුව බහුතරය සෙවීම.

ජනාධිපතිවරයාගේ උපාය වූයේ මහින්ද රාජපක්ෂ පත්කොට ඉන්පසු ඔහු හා එකතු වී පාර්ලිමේන්තුවේ බහුතරය සෙවීමට අවශ්‍ය කටයුතු කිරීමයි. රහසිගතව ලොකු ලොකු ගණන්වලට මන්‍ත්‍රීවරුන් විකිණීම ගැන ආරංචි සහ කටකතා පැතිර ගිය අතර රාජපක්ෂ කඳවුරට පනින්නන් හට මුදලින් ගෙවන අල්ලස් මෙන්ම රිසි රිසි කැබිනට් තනතුරු දෙන බවට ද චෝදනා නැගුනේය. පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සාධාරණීකරණය කරමින් මන්ත්‍රීවරුනට මිලක් නියමවීම පිළිබඳව ජනාධිපතිවරයාම කරුනු කියා සිටියේය. ඒ ආකාරයට ඔවුනට දඬුවමක් දෙන බව අඟවමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව කීවේය.

කිහිපවාරයක් ඔහු වරින්වර රාජපක්ෂ රජයට අමාත්‍යවරුන් පත් කළේය. එහෙත් ඒ මගින් අදාළ බහුතරය එකතු කරගත නොහැකි බව පසුව පෙනී ගියේය. මේ අතර බලයෙන් පහ කරනු ලැබූ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ, තමා තවමත් රටේ නීත්‍යනුකූල අගමැතිවරයා බව කියා සිටිමින් සිය නිල නිවස වූ අරලියගහ මන්දිරයෙන් නික්ම නොයා එහි රැඳී සිටියේය. මෙහි ප්‍රතිඵලය වූයේ ආණ්ඩුවක් නැති රටක අගමැතිවරුන් දෙදෙනකු පහළ වීමයි. මිනිසා විසින්ම නිර්මාණය කර ගනු ලැබූ මේ ව්‍යවස්ථා අර්බුදය නිසා දරුණු ආර්ථික ප්‍රතිවිපාක අත් විඳින්නට සිදුවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එම ගැටලු ඉක්මනින් විසදා ගත යුතු බවද පුන පුනා කිවයුතු නැත.

එකක් කඩතොලු වසා ගන්නට ගොස් බොහෝ කඩතොලු මතුවීම.

මෙය සිහිනුවණින් ක්‍රියා නොකොට එක වරදකින් තවත් වරදකට පැනීමකි. වික්‍රමසිංහ තම බලය ප්‍රදර්ශනය කරන්නට උත්සාහ කළ විට පාර්ලිමේන්තු සභා වාර කල් තැබිණි. ඉන්පසු මතුවූ යෝධ ජනතා විරෝධය සහ අන්තර් ජාතික විරෝධතා හමුවේ පාර්ලිමේන්තුව නැවත රැස්වෙන දිනය නියමිත දිනට වඩා දින දෙකකින් ඉදිරියට ගැනුණේය. නැවත සභාවාරය ආරම්භ කළවිට රාජපක්ෂ විශ්වාස භංග යෝජනවෙන් පරදින බව පෙනෙන විට ව්‍යවස්ථාවේ වෙන්කොට ගත් ප්‍රතිපාදනයකට මුවා වී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට තීරණය කළේය. මෙහිදී මැතිවරණයකට පවා දින නියම කරන ලදී. මෙහිදී ඔහු කළ වරද වූයේ ව්‍යවස්ථාව සමස්තයක් සේ නොගෙන තමන්ගේ ක්‍රියාවට උදව් වෙන වගන්ති පමණක් ඉවහල් කර ගැනීමයි. ඔහු විසින් කරන ලද මෙම වරද ඔහුට සහාය දෙමින් ඇතැම් නීතිඥවරු පවා අනුමත කළහ.

කෙසේ වුවද ව්‍යවස්ථාව යනු තමන්ට අදාළ කොටස පමණක් පරිශීලනයට ගන්නා පරිශීලන ග්‍රන්ථයක් ​ෙනාවේ. එය සමස්ත ජාතියක ඉරණම තීන්දු කරන ලියැවිල්ලකි. එය කියවා ගත යුත්තේ සමස්තයක් ලෙස සලකාය. එම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති සාමාන්‍ය බලතල අවුරා තබන වගන්ති කිහිපයක් ඇත. පාර්ලිමේන්තුව ප්‍රථමයෙන් රැස්වූ දින සිට අවුරුදු හතර හමාරක් ගතවනතුරු විසුරුවා හරින්නට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කර​ෙගන එය ජනාධිපතිට ඉදිරිපත් කළ යුතු වෙයි.

යම් අයෙකු සමස්තයක් ලෙස සලකා ව්‍යවස්ථාව කියවා බලනවිට එවැනි අවුරා තැබීමේ වගන්ති ඊට ඇතුළත් කොට ඇත්තේ මන්ද යන්න පැහැදිලිව අවබෝධ කර ගනු ඇත. එසේ කොට ඇත්තේ යම් තරමක කාලයක් පුරා ප්‍රතිපත්ති සමුදායක් බාධාවකින් තොරව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරලනු සඳහාය. එසේ වූ, පාර්ලිමේන්තු බල කාලය අවම වශයෙන් අවුරුදු හතර හමාරක් විය යුතුය. තමාට අවශ්‍ය අදාළ වගන්ති පමණක් කියවාගෙන, තමන්ට තහනම් කිරීම් පනවා ඇති කොටස් නොසලකා හැරීම ජනාධිපතිවරයා විසින් නොකළ යුත්තකි. ඔහුට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවශ්‍ය නම් ඔහු කළ යුතුව තිබුණේ ව්‍යවස්ථාව අනුව තුනෙන් දෙකක බහුතරයකින් තමන්හට බලය ඉල්ලා සිටීමය.

අත්තනෝමතිකව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අර්බුදය දිග්ගැසීම:-

පාර්ලිමේන්තුව අත්තනෝමතික ලෙස විසුරුවා හැරීම නිසා, ජනාධිපතිවරයාගේ ක්‍රියාව ව්‍යවස්ථාවට එකඟවේද යන්න විමසමින් එය පිළිනොගත් පාර්ශ්‍ව ශ්‍රේ‍ෂ්ඨාධිකරණය ඉදිරියට යාම දක්වා අර්බුදය දිග් ගැසුණේය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය අත්හිටුවමින් ශ්‍රේ‍ෂ්‍ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් විය. දෙසැම්බර් මස මුලදී මීට අදාළව පූර්ණ විභාගයක් පැවැත්වීමට අධිකරණය බලාපොරොත්තු වෙයි.

මේ අතර වාරයේදී පාර්ලිමේන්තු සභාවාරය ජනාධිපතිවරයාගේ පෙර නියෝගය මත ඇරඹුණු පසුව, පාර්ලිමේන්තුවේ යම් නීතියක් සම්මත කරන එක්තරා ක්‍රමවේදයක් අනුගමනය කොට, එනම් කතානායකවරයා අසන හඬ අනුව රාජපක්ෂ සහ ඔහුගේ රජය කෙරේ විශ්වාස භංග වී ඇති බව පළ කෙරෙන යෝජනා දෙකක් බහුතරයෙන් සම්මත කරන ලදී. ව්‍යවස්ථාව අනුව එවැනි විශ්වාස භංග යෝජනාවක් බහුතරයෙන් සම්මත වූ විට පවතින රජය ඉබේම විසුරුවා හැරෙන්නේය. එවිට එම විසුරුවා හැරීමෙන් පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගත හැකි තවත් අයකු පත් කිරීමට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කෙරේ. එහෙත් ජනාධිපතිවරයා තවත් වරදක් කරමින්, එම විශ්වාස භංග යෝජනා ප්‍රතිකේෂ්ප කොට, වඩාත් නිශ්චිත ක්‍රමවේදයක් භාවිතයෙන්. එම යෝජනා නැවත සම්මත කරන ලෙස දන්වා සිටී.

වික්‍රමසිංහගේ කණ්‍ඩායම ඉන් ජයගත් විට නීතිය නොතකන රාජපක්ෂගේ කණ්ඩායම පාර්ලිමේන්තු සැසියට බාධා කළහ. මේ හරහා පාර්ලිමේන්තුව තුළ මතුවුණු අරාජික බව ශ්‍රී ලාංකික ජනයා මෙන්ම පිටස්තර ජනයා ද සියැසින් දැක ගත්හ. බොහෝ විදේශ සේවා නිලධාරීහු ට්විටර් පණිවුඩ මගින් ඒවා බාහිර ලෝකයාට යැවූහ. මතුවූයේ අතිශය කනගාටු දායක තත්ත්වයකි.

මේ සියල්ල රාජ්‍ය පාලනය භාරව හිඳිනා ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසය භංග වීම පළ කරන්නක් ලෙස නිගමනය කළ හැකිවේ. වරදේ බරපතළකම පිළිබඳව පූර්ණ අවබෝධයක් නොමැතිව ක්‍රියා කිරීම ජනාධිපතිවරයා විසින් කරන්නා වූ තවත් වරදකි.

වික්‍රමසිංහ අතින් වැරැදි කෙරී ඇති හෙයින් ඔහුද වරදින් මිදෙන්නේ නැත:-

ජනාධිපතිවරයාට වික්‍රමසිංහට නොකැමතිවන්නට ඕනෑ තරම් හේතු ඇත.
සුප්‍රසිද්ධ මහ බැංකු වංචාව යට ගැසීමට වික්‍රමසිංහ දැරූ නිර්ලජ්ජිත උත්සාහය ඉන් එකකි. 2015 පෙබරවාරි 27 වැනිදා මෙය සිදු වනවිට ජනාධිපතිවරයා විදේශගතව සිටි අතර, මෙය ඔහු දැනගත් විට මෙම වංචාව පිළිබඳ සොයා බැලීමට කොමිසමක් පත් කරන ලෙස හෙතෙම තම ලේකම්වරයාට නියෝග කළේය. එහෙත් තමාට සමීප නීතිඥවරුන් තිදෙනකු මෙම සිදුවීම පරීක්ෂා කිරීම උදෙසා පත්කොට වික්‍රමසිංහ, ජනාධිපතිවරයාව ඉන් ඉවත්කර තැබුවේය. එම විමර්ශන වාර්තාවෙන් මහ බැංකුවේ නිලධාරීන් කිහිපදෙනකු දැඩි දෝෂ දර්ශනයට ලක් කළ ද, වික්‍රමසිංහගේ හිතවාදියකු වූ මහ බැංකු අධිපතිවරයාට චෝදනාවලින් මුදවාලන චරිත සහතිකයක් දුන්නේය. ඔහු මහ බැංකු අධිපතිවරයා ආරක්ෂා කරමින් අනුගමනය කළේ වරදට ගොළුවත රැකීමේ ප්‍රතිපත්තියකි.

ඊට අදාළ කාරණා අතිශය බැරෑරුම් තත්ත්වයක් දක්වා වර්ධනය වූ විට, 2015 අගෝස්තුවේ පැවැති මහමැතිවරණයට ටික දිනකට පෙර ජනාධිපතිවරයාට රූපවාහිනියෙන් ජාතිය ඉදිරියට පැමිණ මේ පිළිබඳ කරුණු අනාවරණය කරන්නට සිදු වූයේය. ප්‍රශ්නයට මුහුණ දී සිටින මහ බැංකු අධිපතිවරයා දිගින් දිගටම ආරක්ෂා කරන්නට ගොස් තමාගේ ‘මිස්ට ක්ලීන්’ යන නම කැත කර ගන්නට එපා යැයි වික්‍රමසිංහට අවංකව අවවාද කරන්නට ඔහුට සිදු වූයේය. එහෙත් ඒ ගැන ඇහුම් කන් දීමක් සිදුවන බව පෙනුණේ නැත. විරුද්ධ පක්ෂය මෙය ජාතික ප්‍රශ්නයක් ලෙස මහ මැතිවරණ සමයේ ජාතිය ඉදිරියට ගෙන ආවේය. දූෂණ විරහිත සමාජයක් ගොඩනඟන බවට පොරොන්දු දෙමින් බලයට පැමිණි රජයකට එය හිසරදයක්ම විය. බොහෝ අයගේ විශ්වාසය අනුව එජාපයට පාර්ලිමේන්තු බහුතරයට වඩා ආසන පහක් හෝ හයක් අඩුවෙන් ලැබී තනිවම රජයක් පිහිටුවීම වැළකුණේ තමන් නිර්දෝෂී බව ඡන්ද දායකයන්ට ඒත්තු ගන්වන්නට නොහැකි වූ නිසාය. ඒ අතර විවිධ ඡන්දදායකයෝ සිටියහ.

බැඳුම්කර වංචාව වසා ගන්නට දැරු උත්සාහයන් අතිශය ප්‍රශ්නකාරී වීම:-

වික්‍රමසිංහගේ අවාසනාවට බැඳුම්කර මගඩිය පිළිබඳ ආන්දෝලනය බරපතළ ලෙස නොකඩවා වර්ධනය වූයේය. කෙතරම් ගරුත්වයට හානි වූවද ඔහුගේ රජයට ඊට මුහුණ දෙන්නට සිදුවිය. ගොඩනැඟුණු අප්‍රසන්න තත්ත්වය පිළිබඳව නොසතුටු සිතින් පසු වූ ජනාධිපතිවරයා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව (මහජන ව්‍යවසාය පිළිබඳ කමිටුව) හරහා නිවැරැදි තොරතුරු සොයා බලන්නට උත්සාහ ගත්තේය. එහෙත් එම කමිටුවේ සිටි එජාප නියෝජිතයෝ කමිටු වාර්තාව අඩපණ කළහ. කමිටුවේ ජවිපෙ සාමාජිකයා ඒ පිළිබඳව අනුකම්පාව දැක්වීම ප්‍රතිකේෂ්ප කළ විට, එජාප නියෝජිතයෝ වාර්තාවේ සඳහන් පණිවිඩය දියාරු කරන්නට තැත් කළහ. මෙහිදී ඔවුන් කළේ වාර්තාවේ පාද සටහන් (Footnotes) ඇතුළත් කොට, එම වාර්තාව පමණක් නොව ඒ සමග වාර්තා දෙකක් එක්ව කියවිය යුතු වග සභාපතිවරයාට මතක් කර දීමයි.

මෙහිදී නැවත ඊට මැදිහත් වන්නට ජනාධිපතිවරයාට සිදුවූයේ වික්‍රමසිංහ විසින් මෙහෙයවනු ලැබූ එජාප නියෝජිතයන් කෝප් වාර්තාව වසන් කරන්නට උත්සාහ කළ නිසාය. ජනාධිපතිවරයා මැදිහත් වූයේ මේ සඳහා ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කිරීම කරමිනි. බැඳුම්කර මගඩියට අදාළ එම කමිටුවේ වාර්තාව මේ වනවිට නිකුත් වී තිබේ. එම වාර්තාවේ වංචාවට අදාළව වික්‍රමසිංහ ගැන හෝ ඔහුගේ ජ්‍යෙෂ්‍ඨ අමාත්‍යවරුන් පිළිබඳව සඳහන් නොවන්නේ නමුත්, මහ බැංකු අධිපතිවරයාත් ඔහුගේ බෑනා සහ ඔහුගේ ජ්‍යෙෂ්‍ඨ නිලධාරීන් විසිනුත් හවුලේ පවත්වාගෙන ගිය මූලික ගැනුම්කාර කොම්පැනියක් වංචාවට සම්බන්ධ වූ ආකාරය ඉන් අනාවරණය කර තිබේ. මහ බැංකු අධිපතිවරයාගේ ධුර කාලය නිමා වූ විට ජනාධිපතිවරයා ප්‍රකෝප කරමින් ඔහු නැවත පත් කිරීමට වික්‍රමසිංහ උත්සාහ ගත්තේය. ඔහුගේ කාලය තවදුරටත් දීර්ඝ කිරීම නවතා ජනාධිපතිවරයා, වික්‍රමසිංහගේ උත්සාහය ව්‍යර්ථ කර දැමුවේය.

ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේදී ජනාධිපතිවරයාව පසෙකින් තැබීම:-

ජනාධිපතිවරයා, වික්‍රමසිංහ නුරුස්සන්නට තවත් හේතුවක් තිබිණි. සියලුම ආර්ථික ප්‍රතිපත්තිමය තීරණ ගනු ලැබූවේ වික්‍රමසිංහ නායකත්වය දැරූ ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුවෙනි (CCEM). ඊට අදාළ සියලුම කරුණු ජනාධිපතිවරයාට දැනගන්නට ඉඩ තැබුවේ නැත. රටට අදාළව ගනු ලැබූ බොහෝ තීරණ තමාට දැනගන්නට ලැබුණේ ඒවා කැබිනට් මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කළ විට දී පමණකැයි ඔහුට ප්‍රසිද්ධියේ මැසිවිලි නඟන්නට සිදුවූයේය.

ප්‍රධාන හවුල්කාර පාර්ශ්ව දෙකක් ඇති යහ පාලන රජයක් කටයුතු කළ යුත්තේ එසේ නොවේ. එහෙත් ඒ පිළිබඳව ඉදිරිපත් වූ පැමිණිලි නොසලකා ජනාධිපතිවරයාව ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී දිගින් දිගටම නොසලකා හරිනු ලැබිණි. මෙම තත්ත්වය දරාගත නොහැකි මට්ටමට ලංවූ විට ඔහු CCEM ඉවත දමා අලුත් ජාතික ආර්ථික සභාව (NEC) පිහිටුවන්නට තීරණය කළේය. එහි සභාපතිත්වය ජනාධිපතිවරයා සතුවිය.

මේ ආකාරයෙන් ජනාධිපතිවරයා සහ වික්‍රමසිංහ අතර ගොඩනැඟුණු විරසකය දීර්ඝ ඉතිහාසයක් පුරා පැවත ආවකි. එය හදිසියේ ඔක්තෝබර් 26 දින මතුව විත් වික්‍රමසිංහව, ජනාධිපතිවරයා ඉවත් කරන්නට තීරණය කළා නොවේ.

පෞද්ගලික එදිරිවාදිකම්, ජාතික තලයේ කාරණාවලට ගාවා ගත යුතු නැත:-

එහෙත් දැන් පෞද්ගලික විරසකය ජාතික විරසකයක් බවට පත්වී, ශ්‍රී ලංකාවේ අන්තර් ජාතික හවුල්කරුවන් ද ඊට මැදිහත් වී දැන් එය ගෝලීය විරසකයක් බවට පත්ව තිබේ.

රටේ ආර්ථිකය දැනටමත් දැඩි අර්බුදයකට ලක්වී අතිශය තීව්‍ර ලෙස එය පීඩා විඳින්නට පටන් ගෙන තිබේ.

අද වන විට ආණ්ඩුවක් නොමැතිව රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක් නොමැති තත්ත්වයකට රට පත්ව තිබේ. මෙහිදී පවතින්නේ රාජපක්ෂ හිතවාදීන් හඬනඟා නිවේදනය කරන ආර්ථිකයට හානිකරවූ දිගුකල් නොපවතින රසකතා පමණකි. එය දියවැඩියාව උත්සන්න වී මැරෙන්නට වැටී ඉන්නා ලෙඩෙකුට ග්ලුකෝස් පෙවීමක් හා සමානය. 

 



අදහස් (1)

ව්‍යවස්ථා අර්බුදයේ වින්නැහිය

Mangala Wednesday, 21 November 2018 01:04 PM

මේක තමයි අපේ උගත්තු කියන ආචාර්ය, මහාචාර්යලාට වෙලා තියෙන්නේ. මේ ලිපිය මෙතුමා පටන් ගන්නෙම පුද්ගලික එදිරිවාදිකම් නිසයි මේ තත්වේ ඇතිවලා තියෙන්නේ කියලා. මේ කියන පෙෳද්ගලික එදිරිවාදිකම් පටන්අරන් තියෙන්නෙම මහබැංකුව මංකොල්ල කෑවට පස්සේ සහ රටේ ආර්ථිකය හැසිරවීම ගැන ජනාධිපතිවරයා දැනුවත් නොකිරීම ඇතුලු කාරණා සමූහයක් නිසා කියලත් ලිපිය අවසානයේ කියනවා. එතකොට මහබැංකුව මංකොල්ලකෑම සහ රටේ ආර්ථිකය නොමනා අයුරින් හැසිරවීම පෙෳද්ගලික එදිරිවාදිකම් ගණයට වැටෙන්නේ මොන නියමයක් අනුවද? මේ ලිපිය අනුවම මේ විරසකය තියෙන්නේ රටේ, ජනතාවගේ වුවමනා එපාකම් මගහැර යාමේ ප්‍රථිඵලයක් බව මොලේ තියන ඕනෑම කෙනෙකුට තේරෙනවා. ලියන්න දේවල් නැතුව වල්පල්ලේ ලියනවා කියන්නේ මේවට තමයි...

:       33       31

ඔබේ අදහස් එවන්න

කාලීන

විස්ස රටට විනයක්ද?
2020 සැප්තැම්බර් මස 09 4882 12

විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් මේ වනවිට විවිධාකාරයේ අදහස්, තර්ක ඉදිරිපත් වෙමින් තිබේ. විවිධ පාර්ශ්වවල අරමුණු හා ඉලක්ක අනුව ඒවා ගොඩනැගෙමින් තිබෙන ස්වරූ


එම්.සී.සී. ඇත්ත නැත්ත
2020 ජුලි මස 08 2608 7

එම්.සී.සී. ගිවිසුම රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළේය. පසුගිය ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකයක් බවටද එය පත්ව තිබුණි. මේ ගිවිසුම අත්සන් කළ යුතු බවට ඇතැමෙක් තර


සජිත්ගේ තීන්දුව
2019 සැප්තැම්බර් මස 20 5631 7

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ඉකුත් බදාදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. මීට පෙර ආරංචි පැතිර ගියේ බොහෝ දුරට මේ සති අන


ආර්ථික නිදහසේ මිථ්‍යාව
2019 මාර්තු මස 27 1034 0

හිටපු විදේශ ඇමැතිවරයා හැටියට මංගල සමරවීර මහතා 2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සංක්‍රාන්තික යුක්තිය ගැන යාන්ත්‍රණ හතරක් ඉදිරිපත් කළේය.


අයවැයේ ඉලක්කම් විජ්ජාව
2019 මාර්තු මස 26 742 1

රටක ආර්ථිකය යන දිශාව පෙන්නුම් කරන්නේ අයවැයෙනි. ආර්ථිකයේ ගමන් මඟ පෙන්වා දෙන්නේ අයවැයකිනි.


අයවැ​යේ මිථ්‍යා පවුරු බිඳ දැමීම
2019 මාර්තු මස 20 990 0

‘‘ජනතාවට සවිය - දුප්පතුන්ට රැකවරණය’’ යන තේමාවෙන් 2019 අය-වැය ඉදිරිපත් කරන්නට මංගල සමරවීර මුදල් ඇමැතිවරයා කටයුතු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site