IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘ වීඩියෝ ගේම් නිසා අමාරුවේ වැටෙන දරුවෝ ’

තාක්ෂණයෙන් කරන සයිබර් අපරාධ  

 

අන්තර්ජාලයේ සැරිසරණ බොහෝ දරුවෝ පරිගණක ක්‍රීඩාවල නිරත වෙති. එය කොතරම් දරුණු වීද යත් ඇතැම් දරුවෝ දිවා රාත්‍රී නොතකා වෙහෙසෙන්නේ එකෙකු පරයා ලකුණු ලබා ගැනීමටය. ඇතැම් විට එය මත්ද්‍රව්‍ය පානය කරනවාටත් වඩා භයානක වෙන අවස්ථා ඇත. දිනකට අවශ්‍ය නින්ද ලබා නොගැනීම, ආහාර නොගැනීම, ව්‍යායාමයක් නොකර එකම ඉරියව්වෙන් සිටීම, ජයග්‍රහණය සඳහා ඇති මානසික නොසන්සුන්තාවය, හුදකලා බව යන කරුණු කාරණා නිසාම ඔවුහු මානසික ව්‍යාධීන්ට ලක්වෙති. එය සමාජ විරෝධී පෞර්ෂයක් ඇති කිරීමට හේතු සාධක වෙයි. ඇතැම් අවස්ථාවලදී ලකුණු ලබාගෙන ඉහළට යාමේ පරිගණක ක්‍රීඩා කරන දරුවෝ ජයග්‍රහණයේ නොසන්සුන් තාවය නිසාම අධ්‍යාපනය අත්හල ජීවිතය කඩාවැටීමේ ඛේදනීය ඉරණමට ලක්වූවෝ වෙති. විදෙස් රටවල වාර්තා වූ පුවත්වලට අනුව ඇතැම් දරුවෝ වීඩියෝ ගේම් නිසා සිය ජීවිත පවා අහිමි කරගෙන ඇත. 


ඊට හේතුව ඔවුන් එය ජීවිතයකොට අන්ධානුකරණයෙන් වැළඳ ගැනීමය. 


මෙවැනි වාතාවරණයකදී දරුවන් සිටිනා ආදරණීය මව්පියන් දැනුවත් විය යුතු කරුණු කාරණා රාශියක් වෙයි. එනම් සිය දරුවන්ගේ දෛනික කාලසටහන ඔවුන් කියන කරන දේ සොයා බැලීම අත්‍යවශ්‍යය. විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන දරුවන් හට පරිගණක, මොබයිල් ෆෝන් තෑගි කර අන්තර්ජාල පහසුකම් ලබා දෙන මව්පියන් ඉන් දරුවාට සිදුවිය හැකි හානිය පිළිබඳව දැනුම්වත් විය යුතුය. 


ඒ පිළිබඳව වඩාත් පැහැදිලි කිරීම සඳහා මෙවැනි උපහැරණයක් ඉදිරිපත් කරමු. 


 සිතුම් පවුලේ එකම පිරිමි දරුවා විය. ශිෂ්‍යත්ව විභාගය විශිෂ්ට ලෙස සමත් වන ඔහු නගරයේ පාසලකට ඇතුළු වන්නේ ද්විතීක අධ්‍යාපනය සඳහාය. එහිදී ද සිතුම් අධ්‍යාපනයෙන් දස්කම් දක්වන්නේය. මව්පියන්ගේත්, ගුරුවරුන්ගේත් බලාපොරොත්තු මල්ඵල ගන්වමින් සාමාන්‍ය පෙළ විශිෂ්ට ලෙස සමත් වන්නේය. 


 සිතුම්ගේ ජයග්‍රහණයෙන් ඔද වැඩුණු මව්පියෝ සිතුම් ඉල්ලන ඕනෑම දෙයක් ලබා දීමට තරම් නිර්ලෝභී වූහ. 


‘මගෙ සුදු පුතාට මොනවද අපි අරගෙන දෙන්න ඕනෑ.’ 


‘යාළුවෝ හැමෝටම කම්පියුටර් තියෙනවා තාත්තේ. මටත් ලැප්ටොප් එකක් අරගෙන දෙන්න. උසස් පෙළට විද්‍යා විෂය ධාරාව හදාරණ නිසා ගොඩක් ප්‍රයෝජනයි.’ 


සිතුම්ගේ ඉල්ලීම සාධාරණ යැයි සිතූ මව්පියෝ සැබෑ ලෙසම එය ඉටුකළහ. ඒ අනුව සිතුම්ට ලැප්ටොප් පරිගණකයක් තිළිණ විය. සතුටින් පරිගණකය ලබාගත් සිතුම් ආශාවෙන් එය අතගා බැලුවේය. අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම සඳහා ඩොන්ගලයක්ද තාත්තාගෙන්‍ තෑගි ලැබිණි. 


මාස කීපයකට පසු උසස් පෙළ පන්ති ආරම්භ වූවේය. සිතුම් සිය මව්පිය සෙවණින් නික්මී යළිත් කොළඹ බෝඩිමට ආවේය. 


 පාසල් මිතුරන් සමඟ පරිවාර පන්තියාම ආරම්භ කළ සිතුම් ඔහුගේ නවතම ලැප්ටොප් පරිගණකය යහළුවන්ට පෙන්නුවේය. 


‘අඩෝ සිතුමා... නියමයි මචං... මේ තියෙන්නේ නියම බඩුවක්. ඕක මට ටිකකට දීපන්. උඹට කම්මැලි වෙලාවට සෙල්ලම් කරන්න ගේම් එකක් දාලා දෙන්න. 


ගිම්හාන සිතුම්ගේ පරිගණකය ඉල්ලා ගත්තේය. ඩොන්ගලය සම්බන්ධ කර අන්තර්ජාලයට පිවිසි සිතුම් විනාඩි ගණනකින් නවතම පරිගණක ක්‍රීඩාවක් බාගත කර (ඩවුන්ලෝඩ්) ගත්තේය. 


 ‘සිතුමා මේක නියම ගේම් එක. මේකේ ලොකු තරගයක් තියෙන්නේ. මේ ගේම් එකෙන් උඩට යන්න නම් ලකුණු ගන්න ඕනැ. මේක ගොඩක් අය සෙල්ලම් කරනවා. දවසින් දවස සෙල්ලම් කරන අය වැඩි වෙනවා.

හැමෝම ට්‍රයි කරන්නේ වැඩිපුර ලකුණු ගන්න. කන්න බොන්නවත් සිහියක් වෙන්නේ නෑ මචං. වෙලාව යනවද තේරෙන්නෙම නෑ. 


ගේම් එක පිළිබඳව ගිම්හාන කියවන්නට වූයේ ගිරවෙකු මෙන්ය. 


 දරුවන් සඳහා පරිගණක, මොබයිල් ෆෝන් ත්‍යාග කරන මව්පියන්ට පරිගණකය නිසා ඇති විය හැකි හානි පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ පරිගණක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සම්බන්ධ කර ගත්තෙමු. 


 ළමයින්ට අන්තර්ජාලය ඉතා පුදුමාකාර සම්පතක් විය හැකිය. පාසල් වාර්තා අධ්‍යනය කිරීම, ගුරුවරුන් හා වෙනත් ළමයෙකු සමඟ සන්නිවේදනය කිරීමට ඔවුන්ට එය භාවිතා කළ හැකිය. එහෙත් එම ප්‍රවේශය දරුවන්ට තර්ජනයක් විය හැකි අවස්ථා ඇත. අන්තර්ජාලය තුළ ඔබේ දරුවන් දකින දේ සහ අන්තර්ජාලය ඔස්සේ ඇසෙන දේ ගැන ඔවුන් දැන ගත යුතු දේ සහ ඔවුන් අන්තර්ජාලය ඔස්සේ තමන් බෙදාහදා ගන්නා දේ ගැන දැන සිටීම වැදගත්ය. 


 අන්තර්ජාලය තුළ ඔබේ දරුවා ආරක්ෂිත දැයි දැන ගැනීමට හොඳම ක්‍රමය වන්නේ ඔබේ දරුවා පරිගණකය භාවිත කරන විට ඔවුන් සමග සම්බන්ධ වීමයි. ආරම්භයේ සිටම, ඔබේ දරුවාට සයිබර් අවකාශයේ සුරක්ෂිත වන ආකාරය ගැන ඉගැන්වීම අවශ්‍යයයි. 


 ඔබේ දරුවා පරිගණකයේ වඩා ස්වාධීන වෙන බැවින් ඔහු කරන්නේ කුමක්ද යන්න නිරීක්ෂණය කිරීම වැදගත් වන අතර ඔබගේ පරිගණකය ‘පොදු’ ස්ථානයක සකසන්නේ නම් එය වඩාත් සුදුසු වනු ඇත. උදාහරණයක් වශයෙන් ආලින්දය වැනි පොදු ස්ථානයක සකසන්න. 


 දරුවාට අධ්‍යාපනික ද්‍රව්‍ය යොමු කිරීම සඳහා අන්තර්ජාලය භාවිතා කළ හැකි වුවද අසත්‍ය තොරතුරු අඩංගු වෙබ් අඩවි ඇත. නිවැරදි වෙබ් අඩවි හඳුනාගෙන දෙමාපියන් සහ ගුරුවරුන් එය දරුවන්ට පෙන්වීමට උනන්දු විය යුතුයි. 


  ඔබගේ දරුවන් අන්තර්ජාලය තුළ කොපමණ කාලයක් ගත කළ යුතුද යන්න සහ කුමන වෙබ් අඩවි වල සැරසරන්නේ දැයි ඔබ තීරණය කරන්න. පාසල් වැඩ සඳහාත් දරුවන්ගේ කාලය සමබර විය යුතුයි. 


 අනවශ්‍ය වෙබ් අන්තර්ගතයන් අවහිර කිරීමට භාවිතා කළ හැකි මෘදුකාංග තිබේ. තිර කාලය සීමා කිරීම, අවදානම් සහිත යෙදුම් භාවිතය සීමා කිරීම සහ තවත් කාර්යයන් කිරීමට එයින් පුළුවනි. මේ හැරුණු විට මේ සම්බන්ධයෙන් අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ තාක්ෂණික සහාය සැපයිය හැකිය. 


 ළමයින් පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වීමට හැකි වන අතර එවැනි දෑ මත ඔවුන්ගේ කාලය සීමා කිරීම සඳහා වගබලා ගත යුතුය. මෙම පරිගණක ක්‍රීඩාවල කාලය සීමා කිරීම සඳහා ඉහත සඳහන් කළ ආකාරයේ මෘදුකාංග භාවිත කළ හැකිය. කාලය නිසි ලෙස පාලනය නොකළ හොත් පාසලේ වැඩ කිරීම සඳහා දරුවාගේ වටිනා කාලය අහිමි වනු ඇත. පරිගණකය භාවිත කිරීම සඳහා කාලසටහනක් නිර්මාණය කර එයට සුදුසු කාලයක් වෙන් කරන්න. 


 සමහර පරිගණක ක්‍රීඩා දරුවාට හානිකර වුවද අධ්‍යාපනික කටයුතු සඳහාත් පරිගණකය භාවිතා කළ හැකිය. විවිධ අධ්‍යාපනික ක්‍රීඩා ඇති අතර එමඟින් දරුවන්ගේ දැනුම හා මානසික හැකියාවන් වර්ධනය කරගත හැකිය. එවැනි ක්‍රීඩා සඳහා උදාහරණයක් වන්නේ ගණිත ක්‍රීඩා, අක්ෂර වින්‍යාසය සහ කලා ක්‍රීඩා 


 YouTube වැනි සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුළින් දරුවන්ට ඉගෙන ගත හැකි දෑ බොහෝය. එමගින් ඔබේ දරුවාට YouTube හරහා අලුත් දේවල් ඉගෙන ගැනීමට උපකාරී වේ. එහෙත් එහිදීද පාසල් කටයුතු වෙනුවට ඔවුන්ගේ වටිනා කාලය අපතේ යැවිය හැකි හානිකර වීඩියෝ ද මෙහි අඩංගු වේ. දෙමව්පියන්ගේ මඟපෙන්වීම මත දරුවාගේ වටිනා කාලය එලදායි වීඩියෝවලට යොමු කළ හැකිය. 

 



 සිතුම් ආශාවෙන් බලා සිටියේ ගිම්හාන කියවන ආකාරය දෙසයි. 


 ‘බලමුකො බලමුකො... ඔහු ගිම්හානගේ පිටට තට්ටුවක් දාමින් සිය ලැප්ටොප් පරිගණකය බෑගයට බහා ගත්තේය. පංති අවසන් වී බෝඩිමට ගිය සිතුම්ට මහා පාළුවක් දැනුණේය. එවිට ඔහුගේ මතකයට පිවිසියේ ගිම්හාන බාගත කර දුන් පරිගණක ක්‍රීඩාවයි. 


සයනය මත වාඩි වූ සිතුම් පරිගණකය සයනය මත තැබුවේය. මවුසය අතට ගෙන කර්සරය පරිගණක ක්‍රීඩාව මත තැබුවේය. ගතවූයේ නිමේෂයකි. සිතුම් පරිගණක ක්‍රීඩාවට දැහැන්ගත විය. දිවා කාලය පහව ගොස් සන්ධ්‍යාව එළඹි බවවත් ඔහු නොදත්තේය. 


 ‘සිතුම් රෑට කන්නේ නැද්ද? බෝඩිමේ ඇන්ටි සිතුම්ගේ කාමරයේ දොරට තට්ටු කළාය. 


‘එනවා ඇන්ටි....’ සිතුම් එළියට විත් ආහාර පිඟානත් රැගෙන යළි කාමරයටම ආවේය. ආහාර පිගාන පසෙකින් තැබූ සිතුම් පරිගණක ක්‍රීඩාවේම නිතර විය. සිතුම් නොදැනුවත්වම පරිගණක ක්‍රීඩාවට ඇබ්බැහි වී සිටියේය. ඔහු දවසින් දවස වේගවත් ලෙස ලකුණු ලබා ගනිමින් ඉදිරියට යන පරිගණක ක්‍රීඩා පිළිබඳ සොයා බැලුවේය. සිය මව්පියන් උපකාරක පන්ති සඳහා එවන මුදලින් අන්තර්ජාල පහසුකම් ලබා ගත් ඔහු ඇතැම් පන්ති ද මඟ හැරියේය. 


 පාසල් කාලය ආරම්භ විය. වෙනදට ආශාවෙන් පාසල් ගිය සිතුම්ට පාසල් යාම කරදරයක් සේ හැඟිනි. ඔහුට අවශ්‍ය වූවේ කාමරයට වී ලකුණු ලබා ගනිමින් ඉදිරියට යාමේ පරිගණක ක්‍රීඩාවල නිරත වීමය. විෂය කටයුතු මෙන්ම විෂය බාහිර කටයුතු ද සිතුම්ට හිසරදයක් විය. පාසල් සහ උපකාර පන්ති කට් කරමින් කාලය අපතේ හළ ඔහුට වාර විභාගයෙන්ද අඩු ලකුණු හිමි විය. 


 සිතුම්ගේ කුඩා කළ සිටම තිබූ දක්ෂතාවයන් පිළිබඳවත් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පිළිබඳවත් දත් ගුරුවරු සිතුම්ගේ උදාසීන අධ්‍යාපන පිළිවෙත දෙස බලා සිටියහ. ඒ නිසාම ඔවුහු සිතුම්ගේ මව්පියන් කැඳවා කතා කිරීමට තීරණය කළහ. 


 ඒ අනුව දිනයක සිතුම්ගේ මව්පියන් පාසලට කැඳවීය. ඔවුනට සිතුම්ගේ අධ්‍යාපන කටයුතුවල ඇති පසුබැසීම පිළිබඳව සැළ කළේය. මව්පියෝ වික්ෂිප්ත වූහ. අධ්‍යාපනයට උපන් හපනෙකු වූ සිය පුතුට කුමක් සිදු වුණිදැයි සිතාගත නොහැකි විය. 


විදුහලපති හමුවෙන් පසු සිය පුතාත් සමඟ ඔහුගේ බෝඩිමට ගිය අතර ඔවුනට දක්නට ලැබුණේ සිතුම්ගේ කාමරයේ ඇති අපිළිවෙළය. 


 ‘පුතේ මොකද ඔයාට වෙලා තියෙන්නේ’ 


සිතුම්ගේ මවගේ හඬ හැඬුම්බර විය. 


‘මුකුත් නෑ’ සිතුම් බිම බලාගෙන පැවසුවේය. 


සිතුම්ගේ පියා බෝඩිමේ ඇන්ටි හමු විය. ඔහු සිතුම් පිළිබඳව ඇගෙන් විමසුවේය. 


‘ඔය දරුවා සමහර දවස්වලට පන්ති යන්නෙත් නෑ. ඉස්කෝලේ යන්නෙත් නෑ. කෑමට එළියට එනවා. ඉස්සර වගේ වැඩි කතාබහක් නෑ. සමහර දවස්වලට රෑ බත් එක උදේ වීසිකරනවා. කොයි වෙලේ බැලුවත් කම්පියුටර් එකේ ඉන්නේ. 


 පාසල් ගුරුවරයෙක් වූ සිතුම්ගේ පියා සිතුම්ගේ වෙනස් වීම පිළිබඳ තේරුම් ගත්තේය. ඔහු මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමුකළ අතර දැනගන්නට ලැබුණේ පරිගණක ක්‍රීඩාවට ඇබ්බැහි වීම නිසා සිතුම්ගෙන් අධ්‍යාපනය දුරස් වී ඇති බවයි. සිතුම් එම තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා මනෝ උපදේශනයට යොමු කිරීම සිදුවිය. 

 

 

 

 

 සටහන - කුමාරි හේරත් 

 

 



අදහස් (0)

‘ වීඩියෝ ගේම් නිසා අමාරුවේ වැටෙන දරුවෝ ’

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3516 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 32 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1454 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 451 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 165 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 287 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1647 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site