IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘ අසභ්‍ය වෙබ් අඩවියක විකෘති ඡායාරූප දැමූ දුරකතනහල් හිමිකරුට වෙච්ච දේ ’

තාක්ෂණයෙන් කරන සයිබර් අපරාධ

​අන්තර්ජාලය හා ජංගම දුරකථනය ඔස්සේ ගනුදෙනු කරන බොහෝ පිරිස් සිය සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඉවත්වීම (Log out) සිදුනොකරයි. එනම් අදාළ දුරකථනය අතට ගන්නා ඕනෑම අයෙකුට එය ක්‍රියාත්මක කර අන්තර්ජාලය හරහා සම්බන්ධවී එම සක්‍රීය සමාජ මාධ්‍ය ගිණුම්වල තොරතුරු ලබාගත හැකිය. ඊට හේතුව එක්කෝ අදාළ පරිශීලකයාගේ රහස් අංකය මතක ගබඩාවේ තැන්පත්වී (Save) තිබීමය. නැත්නම් ඉන් ඉවත්නොවී (logout) තිබීමය.   


මෙහි ඇති බරපතළ තත්ත්වය වන්නේ එවැනි දුරකථන අලුත්වැඩියාව සඳහා දුරකථන අලුත්වැඩියා කරන ස්ථානයකට දීම, කාර්යාලය තුළ අමතක වීමකින් හෝ තබායාම, කුමන හෝ මාර්ගයකින් වෙනත් අයෙකුගේ අතට පත්වීම, පාවිච්චි කළ දුරකථනය වෙනත් අයෙකුට තෑගි දීම හෝ අළෙවිකිරීම වැනි අවස්ථාවලදී පෙර පරිශීලකයාගේ පෞද්ගලික තොරතුරු හා ඡායාරූප තවෙකෙකුගේ අතට පත්වීමට ඇති හැකියාවයි.   


ඉන් මානසික පහරදීම, බියට පත්කර මුදල් ලබාගැනීම, ලිංගික අල්ලස් ලබාගැනීමට තැත්කිරීම, චරිත ඝාතන ආදී බොහෝ දේ සිදුකළ හැකිය.   


අන්තර්ජාල පරිශීලකයන්ගේ ඇති නොසැලකිල්ල නිසා ඇතිවිය හැකි එවන්වූ ගැටළු පිළිබඳව මෙවන් වූ කතාවකින් උපහැරණ සපයමු.   


(නම් ගම් මනඃකල්පිතයි)   


නිලේකා ගමේ සිට නගරයට එන්නේ බාහිර උපාධිය කිරීමටය. සති අන්තයේ ඒ සඳහා පංති පැවැත්වෙන බැවින් සතියේ දවස් නිකංම ගෙවා දැමීමට ඇය අකැමැති වූවාය. ඒ නිසා ඇඟළුම් සේවයට බැඳී සිය වියදම් තමාම සරිකර ගතයුතු යැයි ඇය සිතුවාය.   


ඒ අනුව නගරයේ ඇඟලුම් ආයතනයක රැකියාවට බැඳෙන ඇය සතියේ දවස්වල එහි සේවය කිරීමටත් සති අන්ත දවස්වල අධ්‍යාපන කටයුතු හැදෑරීමටත් කටයුතු කළාය.   


දින සති මාස ගෙවී ගියේය. ඇඟලුම් හලේ වාර්ෂික බක්මහ උළෙලද සංවිධානය වූවේය. මැෂිමත් සමග ජීවිත සටන ගෙනයන කෙල්ලන්ට කොල්ලන්ට එය ප්‍රීතිජනක අත්දැකීමක් විය.   


‘නිලූ මේ සැරේ අවුරුදු කුමාරි තරගයට උඹ ඉන්න ඕනෑ.. උඹ දිනනවා ෂුවර්. ගීතිකා පැවසුවාය.   


නිලේකා ඇය දෙස බලා සුහද සිනාවක් පෑවාය. යහළු යෙහෙළියන්ගේ පෙරැත්තය නිසාම ඇය අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වූවාය. සැබැවින්ම ඇය ඔවුනගේ බලාපොරොත්තු ඉටුකරමින් වසරේ අවුරුදු කුමරිය ලෙස අභිසෙස් ලැබුවාය. නිලේකා මෙන්ම ඇගේ යෙහෙළියන්ද ඉන් ප්‍රීතියට පත්වූහ. ඔවුහු නිලේකාගේ සොඳුරු පින්තූර රාශියක් අරගත් අතර එම ඡායාරූප නිලේකාගේ මුහුණු ​පොතටද එකතු කිරීමට අමතක නොකළෝය.   


වැඩ අවසන් වී බෝඩිමට පැමිණි නිලේකා සිය කටයුතු අවසන් කර සයනයට වූවාය. සිය ජංගම දුරකථනය අතටගෙන මුහුණු පොතෙහි සැරිසැරුවාය. යෙහෙළියෝ ඇගේ සොඳුරු ඡායාරූප රාශියක් ඊට එකතු කර තිබුණෝය. ඇය ඇගේ කිසිදු පින්තූරයක් මුහුණු පොතට නොදැම්මද යෙහෙළියන් කළදේට දොස් කියන්නට අකැමැති වූවාය.   


මුහුණුපොතේ සිටියදීම ඇය සුව නින්දකට වැටුණාය. ඇයට ඉන් ඉවත්වීමට (Logout) අමතක වූවාය.   


හිමිදිරිය එළඹියේය. එළාම් එක නොනවත්වාම නද දෙන්නට විය. තද නින්දක සිටි නිලේකා එළාම් සද්දයට ගැස්සී පිබිදුණාය. ඇගේ සයනයේ අයිනක තිබූ ජංගම දුරකථනය බිමට වැටී සීසීකඩ විසුරුණේය. ඇය එම කොටස් එකතු කර නැවත සකස් කර සක්‍රිය කළද එය සක්‍රීය නොවීය. ඒ නිසාම එය ඇඟලුම් කම්හල අසල ඇති දුරකථන අලුත්වැඩියා කඩයට සෑදීමට දීමට ඇයට සිදුවිය.   
එම කඩයේ හිමිකරු තරුණයෙක් වූවේය. කලක සිට නිලේකා දෙස බලමින් ඇයගේ ඇසුර ප්‍රාර්ථනා කළ ඔහුට ඇගේ අහඹු පැමිණීම සතුට ගෙන දුන්නේය.   


‘නංගි මොකක්ද කෙරෙන්න ඕනෑ. ඔහු සිනාවකින් මුව පුරවාගෙන නිලේකා ආමන්ත්‍රණය කළේය.   


‘මගේ ෆෝන් එක බිම වැටුණා. දැන් වැඩ කරන්නේ නෑ. මේක හදලා දෙනවද?   


නිලේකාව තව වතාවක් දැක ගැනීමේ ආශා ඇතිවූ රුවන් මම මේක හදලා තියන්නම් නංගී හවසට එන්නැයි පැවසුවේය.   


ඒ අනුව සේවය අවසන් කළ නිලේකා හවස රුවන්ගේ කඩයට පැමිණියාය. දුරකථනය අලුත්වැඩියා කර තිබුණේය.   


ස්තුතියි. ගාණ කීයද? නිලේකා දුරකථනය අතට ගනිමින් විමසුවාය.   


සල්ලි එපා. රුවන් ප්‍රේමාන්විත හඬින් පැවසුවේය.   


ඇයි ඔයා පිනටද වැඩ කරන්නේ නිලේකා ඇසුවාය.   


ඔයාට විතරයි. රුවන් සිනාසුණේය.   


මට කාගේවත් විශේෂත්වයක් ඕනෑ නෑ.. ගාන කියන්න. නිලේකා නුරුස්නා හඬින් පැවසුවාය.   


ඔයා හරි අාඩම්බරයිනේ.. රුවන් පැවසීය.   


ඒ මගේ හැටි, පැවසූ නිලේකා රුවන්ගෙන් බේරුමක් නොවූ තැන බලෙන්ම රු. 200 ක් මේසය මත තබා යන්නට ගියාය.   


ඇය ගිය පසු රුවන් සිය පරිගණකය වෙත ගියේය. නිලේකාගේ ජංගම දුරකථනය හරහා ඇගේ මුහුණුපොතට ගොස් ලබාගත් පින්තූර දෙස බලාසිටියේය.   


ඔහොම යන්කෝ නංගී ඔහු තමාටම කියා ගත්තේය.   


රුවන් නිලේකාගේ යෙහෙළියන් මාර්ගයෙන් ඇයට ප්‍රේමාරාධනා සිදුකළේය. එහෙත් උපාධිය සම්පූර්ණ කිරීමේ සිහින දුටු නිලේකා රුවන්ගේ ප්‍රේමාරාධනා ප්‍රතික්ෂේප කළාය.   


කාලයත් සමග රුවන්ගේ ආදරය වෛරයක් බවට පරිවර්තනය විය. නිලේකාගෙන් පලිගැනීමට සිතූ ඔහු අැගේ පින්තූර විකෘති කර අසභ්‍ය වෙබ් අඩවියක දැමුවේය.   


එසේ කළ ඔහු නිලේකාගේ යාළුවන්ට ඇගේ පින්තූර අසභ්‍ය වෙබ් අඩවියක තිබෙන බව පැවසුවේය.   


යාළුවෝ නිලේකාට ඒ පිළිබඳ සැලකළහ. ඇය ඒ පුවත සැලවීමෙන් තැති ගත්තාය. එහෙත් කිසිදු විටක එවන්වූ පින්තූර නොගත් බවත් ඇගේ පින්තූර ලෙස දුරකථනයේ තිබුණේ අවුරුදු කුමරිය වූදා ගත් පින්තූර බවත් ඈ දැන සිටියාය. එම නිසා සිතට දිරිගත් ඈ පොලිසියට ගොස් දුරකථන කඩේ හිමිකරු පිළිබඳ සැළකළාය. නීතිය ක්‍රියාත්මක වූවේය.   


දුරකථනය සෑදීමට දුන් අවස්ථාවේ නිලේකා මුහුණුපොතින් ඉවත් වී නොසිට ඇත. දුරකථන හිමිකරු ජංගම දුරකථනය සාදා විවෘතව තිබූ නිලේකාගේ මුහුණු පොතද පරික්ෂා කර ඇත. එහිදී ඇගේ යහළුවන් එවූ අවුරුදු කුමරියවූ නිලේකාගේ ඡායාරූප දැක ඇති අතර ඉන් කීපයක් කොපිකර ගැනීමට කටයුතු කර ඇත. එසේ ගත් පින්තූර විකෘති කර නිලේකාට මඩගැසීම සඳහා අසභ්‍ය වෙබ් අඩවියක පළකර ඇත. රුවන්ගේ පරිගණකය පරික්ෂා කිරීමේදී මේ ක්‍රියාවලිය හෙළිවූ අතර ඔහුට නීතියෙන් දඬුවම් ලැබුණේය.   


එසේම නිලේකාගේ පින්තූර අයින්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර සංසදයේ සහය ලැබුණේය.   


මෙවන්වූ නොසිතන මොහොතවල්වල සිදුවෙන අක්‍රමිකතාවලින් ඔබ බේරෙන්නේ කෙසේද? තාක්ෂණය සමග ගනුදෙනු කිරීමේදී දැනගත යුතු ආරක්ෂණ විදි කවරේද යන්න කතා කිරීමට ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන පරිගණක ආරක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සම්බන්ධ කර ගත්තෙමු.   


ජංගම දුරකථන ආරක්ෂණය   


එදිනෙදා ජීවිතේ අප භාවිතා කරන ජංගම දුරකථන සඳහා විවිධ ආකාරයේ mobile Application හෙවත් ජංගම මෘදුකාංග (APP) භාවිතා කරනු ලැබේ. නමුත් දැනුවත් වීමකින් තොර හෝ නිරවද්‍ය තාවය තහවුරු කර ගැනීමකින් තොරව අප ඇතුළු කර ගන්නා ලබන ජංගම මෘදුකාංග (APP) නිසා සිදුවිය හැකි අපහසුතාවන් බොහොමයක් ඇත. ඒ අතරින් ඔබගේ දත්ත තවත් කෙනෙකු විසින් සොරාගැනීම මූලිකම කරුණ වෙන අතර එම දත්ත භාවිත කරමින් විවිධාකාරයේ අනාරක්ෂිත ක්‍රියාකාරකම් සඳහා එම දත්ත යොදා ගනු ලැබේ. එය වළක්වා ගැනීම සඳහා ඔබ භාවිතා කරන්නේ android ජංගම දුරකථනයක් නම් එයින් play store වෙත පිවිස එහි option මෙනුව වෙත ගොස් එහි ඇති play protect වෙත පිවිස scan device for security threats සක්‍රීය කිරීම මගින් හඳුනා ගත් භාවිතයට සුදුසු ජංගම මෘදුකාංග (APP) Verify ලෙසින් ස්ථාපනයේදී පෙන්නුම් කරනු ලබයි. එය මගින් ඔබගේ දුරකථනයට අනවශ්‍ය ජංගම මෘදුකාංග ඇතුළත් කරගන්නේදැයි දැන ගැනීමට හැක.  


Check your app security status  


You can check the status of Google Play Protect on your device:  


1. Open your Android device's Google Play Store app  


2. Tap Menu Play Protect  


3. Look for Information about the status of your device.  


Turn Google Play Protect on or off  


Google Play Protect is on by default, but you can turn it off. For security, we recommend that you always keep Google Play Protect on.   


Turn Google Play Protect off or back on   


1. Open your Android device's Google Play Store app.  


2. Tap Menu Play Protect  


3. Turn Scan device for security threats on or off.   


එයට අමතරව ජංගම මෘදුකාංගයක් ස්ථාපනය කිරීමට ප්‍රථම එය play store එකට හෝ app store එකට ඇතුළත් කර ඇති ආයතනයේ වෙබ් පිටුවට පිවිස එහි විස්තර දැනගැනීමෙන්ද, එම මෘදුකාංගයට ලැබී ඇති සමාලෝචන (review) බැලීමෙන්ද එය අව්‍යාජ මෘදුකාංගයක්ද යන්න අදහසක් ගැනීමට හැක.   


විවිධ ක්‍රීඩා මෘදුකාංග (Game apps) ස්ථාපනය කිරීම හා ඔවුන්ගේ වංචා තහඩු (Cheat Sheets) භාගත කිරීම ප්‍රතිදායක මෙන්ම දුරකථනය වඩාත් අවදානමකට ලක්විය හැකිය.   


Social media app (Facebook, Instagram) භාවිතයේදී එහි මුර පද save නොකර අවශ්‍ය විට භාවිතා කර logout වීම දුරකථන අස්ථාන ගත වීමකදී සිදුවිය හැකි අපහසුතාවයන් මගහරවා ගත හැක. තාවකාලිකව මිතුරෙකුගේ හෝ තමන්ගේ නොවන device එකකින් sign in වුවහොත් sign out වීමට මතක තබා ගැනීම නුවනට සුදුසු කරුණක් වේ.   


යම් කිසි app එකක් ස්ථාපනය කිරීමේදී අවසර ලබාදෙන තොරතුරු පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුය. එම ලබාදෙන අවසර ඔස්සේ පෞද්ගලික දත්ත, ඡායාරූප වලට පවා ප්‍රවේශ වීමට හැකියාව ලැබෙනු ඇත. එම අවසර අවශ්‍ය අවසර පමණක් ලබාදීම ප්‍රමාණවත් වේ. වෙනත් අයෙකු ඔබට දුරකථනයක් තෑගි කළ විට, ඔබගේ දත්ත සහ දුරකථන හැසිරීම නිරීක්ෂණය සහ වාර්තා තබා ගත හැකි ව්‍යාජ මෘදුකාංග (apps) ගෙන් පරෙස්සම් විය යුතුයි.   


තෑගි වශයෙන් නව දුරකථනයක් ලබා ගන්නා විට සලකා බැලිය යුතු හොඳම ආරක්ෂක විකල්පයන් වන්නේ දත්ත යළි පිහිටුවීමයි (Factory Reset)  


ජංගම දුරකථනය වෙත මුර පදයක් දමා තිබීම ඉතාමත් වැදගත් කරුණක් වන අතර, එවිට දුරකථනයේ ඇති දත්ත දුරකථනය අස්ථාන ගත වුවත් ලබාගැනීමට අපහසු වේ. එසේම මුර පදය 10 වාරයකට වැඩි වාර ප්‍රමාණයක් ඇතුළත් කළ විට දුරකථන ස්වයංක්‍රීයව Factory Reset වීමට දැමීමෙන් දුරකථනයේ දත්ත අන්සතු වීම වළකාගත හැක. නමුත් එහිදී ඔබගේ දත්ත ඉවත් වී යන අතර එය නැවත ලබා ගැනීමකට අපහසු වේ. එම නිසා තමන්ගේ වැදගත් වන දත්ත backup ලබාගෙන එම දත්ත දුරකථනයෙන් ඉවත් කිරීම තමාගේ දත්ත ආරක්ෂා කර ගැනීමට උපකාරී වේ. ජංගම දුරකථන භාවිතා කරන්නන් ඔවුන්ගේ දත්ත නැවත සකස් (backup) කිරීමට පුහුණු වී නොමැත. දත්ත අහිමි වීමකදී ජංගම උපාංගය නැවත සකස් කර ගත හැකි බැවින් ඔබේ ජංගම දුරකථන තුළ ඔබගේ දත්ත backup කිරීම අවශ්‍ය වේ. ඔබේ දත්ත උපස්ථ කිරීම සඳහා භාවිතා කරන බොහෝ උපකරණ සහ තාක්ෂණයන් තිබේ. දුරකථනයේ දත්ත බාහිර මතක චිප (External memory card) වෙත දමා තිබුනොත් එම දත්ත ලබා ගැනීමට හැකියාවක් තිබේ. එම නිසා දැනට භාවිත වන backup ක්‍රම වලින් ආරක්ෂිත ක්‍රමයකට හෝ සුදුසු ආකාරයට දත්ත backup කර තබා ගැනීම වඩාත් සුදුසු වේ. ජංගම දුරකථනයේ Display එකට හානියක් වූ විට ඉහත ආකාරයට backup තබා ගැනීම නිසා අලුත්වැඩියා කිරීමට ලබාදීමට ප්‍රථමයෙන් පරිගණකයක් භාවිත කොට දුරකථනය නැවත පිහිටුවා (Factory Reset) ලබාදීම සුදුසු වන අතර සිදුවිය හැකි හානිත් වළක්වා ගත හැකිවේ.   

 

 

 

 

 

 

 

 

 

 

සටහන 
කුමාරි හේරත්



අදහස් (0)

‘ අසභ්‍ය වෙබ් අඩවියක විකෘති ඡායාරූප දැමූ දුරකතනහල් හිමිකරුට වෙච්ච දේ ’

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2869 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 13 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1413 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 420 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 162 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site