IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


​​මේ දරු දෙදෙනාගේ ජීවිතය ඔබේ අතේ


තම කුසින් බිහිකළ දරුවන් පස් දෙනකු එකම රෝගයකට ගොදුරුව ඉන් තිදෙනකු මේ ​ෙවන විටත් ​ෙමලොව හැර යද්දී ඉතිරි දරුවන් දෙදෙනාගේ ජීවිත බේරා ගැනීමට ඉන්දියාවේ සිදුකිරීමට නියමිත සැත්කමට අවශ්‍ය මුදල් සොයමින් ජනතාව අයදින මවකගේ අඳෝනාවත් දරුවන් දෙදෙනා ජීවත් කරගැනීමට තම ජීවිතය කැප කර සිටින පියකුගේ ආයාචනාත්මක ඉල්ලීමත් ඉවත දැමීමට හදවත් ඇති මිනිසෙකුට කෙසේ වත් නොහැකි වෙනු ඇත.  
 
නවගත්තේගම මහඅන්දරවැව ප්‍රදේශයේ පදිංචි එච්.එම්.යු. හේරත් සහ ඩබ්ලියු.ටී.එම්. ධම්මිකා යන මව් පියන් ට දාව උපන් එකම පවුලේ දරුවන් පස් දෙනකු අතරින් මේ ​ෙවන විට දරුවන් තිදෙනෙකු අඩු වයසින් මරණයට පත්​ෙවන්නේ මව් පියන් සේම ඥාතින්ද අසරණ කරමිනි.   


 මේ පවුලේ දරුවන් අතරින් තුන් වැනි දරුවා වූ වයස මාස තුනකට ආසන්න බිලිදකු වූ කවිජ චාමික මරණයට පත් ​ෙවන්නේ 2008 වසරේ ඔක්තෝබර් 3 දිනය. එම මරණයේ දුක මැකී යන්නටත් පෙර 2009 වසරේ මැයි 31 වැනි දින ඒ ​​ෙවන විට වයස අවුරුදු පහක් පමණ වු පවුලේ පළමු දරුවා වු දිලිනි සෙව්වන්දි දැරියද මරණයට පත් ​ෙවන්නේ එක් දරු​ෙවකුගේ කම්පාවෙන් පිඩාවට පත්ව සිටි මව් පිය යුවළ අසරණ කරමිනි. පවුලේ දරුවන් දෙදෙනකුගේ මරණින් කම්පාවට පත් වූ මව්පියන් තම දෙවැනි දරුවා ඉපදි මාස හයේ සිට රිජ්වේ ආර්යා ළමා රෝහලට රැගෙන ගොස් සායන සඳහා ඉදිරිපත් කරමින් එම දරුවා ගේ ජීවිතය බේරා ගැනීමට මහත් වෙහෙසක් ගෙන තිබුණි. නමුත් පසුගිය වසරේ (2017) අප්‍රේල් 10 දින එවකට වයස අවුරුදු අටක් පමණ වූ තුෂාර ශාලුක පින්සර දරුවාද ජීවිතයෙන් සමු ගන්නේ මෙම මව්පියන් අන්ත අසරණ කරමිනි.   


 කෙසේ නමුත් දෙවැනි දරුවාගේ මරණයත් සමග මෙම දරුවා මරණයට පත්ව ඇත්තේ අක්මාවේ ක්‍රියාකාරිත්වය අඩු වීමත් සමග සිරෝසිස් රෝගය ඇති වීමේන් බවට වෛද්‍යවරුන් සනාථ කරගෙන තිබේ. නමුත් කලින් මරණයට පත් වූ දරුවන් දෙදෙනා සම්බන්ධව වෛද්‍ය නිගමනයක් නිසි ලෙස සිදු නොවීම නිසා එය සනාථ වී නැතත් මව්පියන් පවසන්නේ දෙවැනි දරුවාගේ මරණයට සමාන අයුරින් රෝග ලක්ෂණ මතු වූ බවයි. 

 

 

දරුවන් තිදෙනෙකුගේ මරණ වලින් අන්ත අසරණ වූ මෙම මව්පිය යුවළට ඊළඟට අත්ව ඇත්තේ දරා ගැනීමට නොහැකි දුක් කන්දරාවකි. මේ ඔවුන්ගේ කතාවයි.   


දරුවන්ගේ පියා වන එච්.එම්.වී. හේරත් මහතා   


 ‘‘දැන් අපිට අඬලා දුක් වෙලා ඇති වෙලා. අඬන්න අපිට දැන් කදුළු නැහැ. ඒ තරම් අපි කියා ගන්න බැරි තරමට අසරණ වෙලා. කලින් දරුවෝ තුන් දෙනාගෙ මරණ වලින් අපි හෙම්බත් වුණා. මේ ආකාරයට අපිට ඇයි වෙන්නේ කියලා. අද අපි මැරි මැරි ජීවත් වෙන්නේ. මේ වෙද්දි අනික් දරුවෝ දෙන්නාටම අක්මාව ඉදිමීම සහ අනික් රෝග ලක්ෂණ මතු වෙලා දැනට මේ දරුවෝ දෙන්නාම ඒ කියන්නේ වයස අවුරුදු පහයි මාස 6යේ දුව ජීනුලි ජීන්තරාගේ සහ අවුරුදු තුනයි මාස අටක පුතා චමික හසිත හර්ෂණ පුතාගෙත් අක්මාව ඉදිමෙන එක තියෙනවා. අපිට කියන්න තේරෙන්නෙත් නැහැ. පුතාට මාස තුනක් ඇතුළත අක්මා බද්ධයක් කරගන්න කියලා දොස්තර මහත්වරු කියනවා මේ වෙද්දී දුවගේ සහ පුතාගේ ලේ සහ අනිකුත් සාම්පල් ඉන්දියාව සහ ජර්මන් රටවලට යවලා ඒ වාගේ රිපෝට් ආවා. දැන් ඉන්දියාවේ දී මේ අක්මා බද්ධය කරන්න ලංකාවේ මුදලින් රුපියල් කෝටියකට ආසන්න මුදලක් උවමනා කරලා තියෙනවා. මම කොහොමද එච්චර මුදලක් හොයන්නේ මම රැකියාව කළේ යුද්ධ හමුදාවේ පළමු වැනි ගජබා රෙජීමේන්තුවේ පළමු බළ ඇණියේ තුන් පාරක් මම ආබාධිත වුණා. ඒ කියලා මම පැත්ත වැටුනේ නැහැ. දරුවන් වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම අපි දෙන්නා කරනවා අනේ අපි ඉල්ලන්නේ මගේ මේ අහිංසක මල් වාගේ දරුවො දෙන්නාගේ ජීවිතය බේරා ගන්න උදව් කරන්න කියලා. අපිට පිහිට වෙන්න කියලා.’’ යැයි ඔහු දෑත් එක්කරමින් මේ අහිංසක දරුවන් දෙදෙනාගේ ජීවිත බේරා ගන්න අක්මා බද්ධයට අවශ්‍ය මුදල් ලබා දෙන ලෙස ආයචනා කළේය.   


මේ දරුවන් ගේ මව වන ධම්මකා ප්‍රියදර්ශනි මහත්මියයි.   


 ‘‘මම මේ දරුවන්ගේ අම්මා. කොහොම ඉවසන්නද මේ වේදනාව අම්මා කෙනෙක් විඳින්න ඕනෑ හැම වේදනාවකටම වැඩි වේදනාවක් මම විඳිනවා. මගේ නැදැයින් මට පුදුම අපහාසයක් කරන්නේ දරුවෝ මැරෙන්නේ මගේ ඇඟේ විසක් නිසා කියලා. සමහර අය මාව මුලිච්චි වෙන්න වත් කැමති නැහැ. මම ඒ හින්දා දන්න කලයකින් අල්ලපු ගෙදරටවත් ගිහින් නැහැ. අනේ දෙයියනේ මම කොච්චර ආදරයෙන්ද මේ මල් වාගේ දරුවන් හැදුවේ මට උහුලන්න පුළුවන්ද මේ දුක. මම ඉල්ලන්නේ එකම දෙයයි මේ දරුවන්ගේ ජීවිත බේරා ගන්න උදව් කරන්න කියලා. මේ දරුවන් දෙන්නාට මොනවා හරි උනොත් අපි දෙන්නාත් ජීවත් වෙන්නේ නැහැ. ඇය සඟවා ගෙන සිටි සියලු දේ එකට ගුළි කරමින් පැවසුවාය.   

 

මේ දරුවන්ගේ රෝග පිළිබඳව අදහස් දක්වමින් සිටි කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය පූජීත වික්‍රමසිංහ මහතා   


 ‘‘මේ පවුලේ දරුවන්ට මේ ​ෙවන විට ඇති රෝගය ලෙස හදුනාගෙන ඇත්තේ ජානමය බලපෑමක් ලෙසයි. එම ජාන බලපෑම නිසා යම්කිසි රෝගී තත්ත්වයන් ඇතිවෙනවා අක්මාවට. එවිට අක්මාවේ තිබෙන සෛල ක්‍රමයෙන් විනාශ වෙනවා. විශේෂයෙන්ම පිත එකතු වෙන්න ගත හොත් පිත හානිකරනවා දරුවන්ගේ අක්මාවට. මේ නිසා සමහර විට අක්මාවට හානි වෙනවා. එවිට අවසාන ප්‍රථිඵලය වන්නේ සිරෝසිස් කියන තත්ත්වයට පත් වීමයි. එවිට අක්මාව අකර්මණ්‍ය වී සම්පුර්ණයෙන් ක්‍රියා විරහිත වී ශරීරයට හානි විය හැකියි. උත්පත්තියෙන් දරුවන්ට හැදීමට හේතු වෙන්නේ ජානමය බලපෑමක් නිසා එවිට කුමක් හෝ හේතුවක් නිසා ඊළගට යම් කිසි රෝගී තත්ත්වයන් ඇති ​ෙවනවා එවිට එම රෝගි තත්ත්වයේ ඇති වන විවිධ රසායනික ද්‍රව්‍ය විය යුතු දේ නොවීමත් නොවිය යුතු දේ සිදු වීමත් නිසා අක්මාවට බලපෑම් ​ෙවනවා. අක්මාව තුළ සිදු​ෙවන ක්‍රියාකාරකම් පාලනය ​ෙවන්නේ ජානමය වශයෙන් යම් විකෘති තාවයක් ඇතිවුවහොත් අක්මාවේ ක්‍රියාකාරිත්වය නිසි ලෙස සිදු වන්නේ නැහැ.   


එයට අමතරව සමහර ක්‍රියාවන් නිසා අක්මාව ඉතා ඉක්මනට බරපතළ ලෙස හානි වෙන්න පුළුවන් උදාහරණ ලෙස ඩෙංගු රෝගියකු අනවශ්‍ය ලෙස පැරසිටමෝල් ගතහොත් අක්මාවට හානි වෙන්න පුළුවන් සමහර විට මුළු අක්මාවම මේ තරම් හානි වෙන්නේ නැහැ. එය ටිකෙන් ටික සිදුවි එකවරම අක්මාවට හානි වෙන්න පුළුවන්. දීර්ඝකාලීනව සිදුවන ක්‍රියාවලියේ අවසාන ප්‍රථිඵලය ලෙස සිරෝසිස් හඳුන්වන්න පුළුවන් යැයි මහාචාර්ය වරයා පැවසිය.   


ඉන්දියාවේ ගෝබල් රෝහලේ මෙම සැත්කම කිරීමට සුදානම්ව ඇති නමුත් ඒ සඳහා වැය​ෙවන අති විශාල මුදලක් කඩිනමින් සොයා ගැනීමට මෙම දරුවන්ගේ පියා මහත් වෑයමක නිරත වෙමින් දන්නා කියන සෑම තැනකටම යමින් සිටී. ඔවුන්ට පිහිට වීමට කැමති ඔබ ඔවුන්ගේ 0715176109 යන දුරකථන අංකයට අමතා ගල්ගමුව ලංකා බැංකුවේ ඩබ්ලියු.ටි.එම්.ඩි. ප්‍රියදර්ශනි මහත්මියගේ 3872970 බැංකු ගිණුමට මුදල් පරිත්‍යාග කළ හැක.   


පුංචි රෝස මල් දෙකක් වැනි ජීනුලි සහ චමිකට මේ කිසිදු කරුණක් පිළිබඳව තවමත් වැටහීමක් නැත. වෙනත් දරුවන් සේ ක්‍රියාකාරකම් වල නිරත වන මෙම දරුවන් දෙදෙනාද එහේ මෙහේ දුව පනිමින් පියාගේත් මවගේත් ඇකයේ තුරුලු ​ෙවන විට ඔවුන් සමඟ සුරතල් ​ෙවන විට අපට දැනුණ දුක කියා නිමක් නැත. මේ දරුවන් දෙදෙනා ගේ ජීවිතය ඇත්තේ ඔබ අතේය. මන්ද ඔබ ලබා දෙන මුදලින් මේ දරුවන්ගේ ජීවිත ජීවත් කරවීමට හැකියාව ඔබට තිබේ. 

 

 

 

 

 

 

 

 

 

 

 


සටහන සේයාරු   
හිරාන් ප්‍රියංකර ජයසිංහ   

 

 
 
 
 



අදහස් (0)

​​මේ දරු දෙදෙනාගේ ජීවිතය ඔබේ අතේ

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2194 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1378 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 407 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 158 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 268 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මනෝරත්නයි - මමයි එක බෝඩිමේ - එක ඇඳේ නිදාගත්තේ
2024 පෙබරවාරි මස 10 369 0

එදිරිවීර සරච්චන්ද්‍ර ඉස්සෙල්ලම මුණගැහෙන මොහොත ගැන කතා කරමු අපි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1428 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1354 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site