IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


හැත්තෑ වසක් වයස අපේ පාර්ලිමේන්තුව

‘‘පාර්ලිමේන්තු’’ යන වචනය ඉපදී ඇත්තේ ලතින් භාෂාව ප‍්‍රධාන කොටගත් ඉතාලි, ප‍්‍රංශ, ස්පාඥ්ඥ යන යුරෝපීය භාෂාවලිනි. මෙම භාෂාවලින් ‘කතාකරනවා’’ යන්න හඳුන්වන්නේ ‘‘පාර්ලා’’ (Parla) යනුවෙන්ය. පාර්ලා යන්නට ‘‘මෙන්ටම්’’ යන ලතින් වචනය එක්වී පාර්ලිමෙන්ටම් (Parli Mentum) විය. මෙන්ටම් යන්නෙහි තේරුම රැස්වන ස්ථානයයි. මේ අනුව පාර්ලිමෙන්ටම් යනු කතා කිරීමට රැස්වන ස්ථානය වේ. රටේ ප‍්‍රශ්න, ජනතාවගේ ප‍්‍රශ්න, කතා කරන" විසඳුම් සොයන ස්ථානය නම් වූයේ පාර්ලිමෙන්ටම් යන නමිනි. එය එංගලන්තයේ සුද්දාට ‘‘පාර්ලිමන්ට්’’ වී අපට පාර්ලිමේන්තුව විය.   


ලතින් භාෂාවෙන් උප්පැන්නය දුන්නත් පාර්ලිමේන්තුවේ මව් රට එංගලන්තයයි. එංගලන්තය යටතේ පාලනය වෙමින් නිදහස ලැබූ රටවලට සුද්දෝ පාර්ලිමේන්තු ක‍්‍රමය දායාදයක් හැටියට දුන්නෝය. අපේ රටේ පවතින මේ පාර්ලිමේන්තු ක‍්‍රමය බිහිවූයේ 1948 නිදහස ලබාගැනීමත් සමගය.   


1796 දී මුහුදුබඩ පළාත් අල්ලා ගැනීමට සමත් වූ බ්‍රිතාන්‍යයෝ 1815 දී මුළු රටේම තම ආධිපත්‍ය පැතිරවූවෝය. වසර 143 ක් මෙරට ආර්ථික වශයෙන් සූරා කෑ ඔවුන් අපට, නිදහස ලබාදුන්නේ වසරක් පාසා ලංකා ආණ්ඩුවේ වියදම ලංකාවේ ආද‌ායමට වඩා අධික වූ නිසාය. සෙසු යටත්විජිතවල තත්ත්වයද එසේම විය. කෝල්බෲක් කොමිෂන් සභාවෙන් ඉදිරිපත් කළ පාලන ප‍්‍රතිසංස්කරණ හා එංගලන්තයේ කම්කරු පක්ෂය බලයට පත්වීමත් මෙයට බලනොපෑවා නොවේ.   


කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පළමුවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි රැස්වීම 1947 ඔක්තෝබර් 14 දින පැවැත්වීමෙන් පසු 2017 ඔක්තෝබර් 14 වන විට වසර 70 ක් සම්පූර්ණ විය. මෙයින් අදහස් ​ෙවන්නේ අපේ රටේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට වසර හැත්තෑවක් සම්පූර්ණ වූ බවයි. 

 
මෙය යුග වශයෙන් හඳුන්වතොත් ඞී.ඇස්. යුගය, ඩඩ්ලි යුගය (2 වරක්), සර් ජෝන් යුගය, බණ්ඩාරනායක යුගය, දහනායක යුගය, ඩඩ්ලි යුගය, සිරිමාවෝ යුගය, ජේ.ආර්. ජයවර්ධන යුගය (2 වරක්), පේ‍්‍රමදාස යුගය, ඞී.බී. විජේතුංග යුගය, චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගය (2 වරක්), මහින්ද රාජපක්ෂ යුගය වශයෙනි.   


මෛත‍්‍රීපාල සිරිසේන ජනපති යුගයේ රනිල් වික‍්‍රමසිංහ මහතා මේ වන විට ශ්‍රී ලංකාවේ අගමැතිවරයායි.   

 


පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය හා වචන   


පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් සභා ගර්භයට කැඳවන සැලළිහිණි නාදයේ අනුනාද සීනුව නාද වෙයි. ඉන් පසු සභාගැබේ කතානායක දොරටුවෙන් ගරු කථානායක ඇතුළුවෙයි. නියෝජ්‍ය චේත‍්‍රධාරී හඬ නඟා ‘‘ගරු කතානායකතුමා’’ යැයි පවසයි. සියල්ලෝම නැගී සිටිති. සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසු කතානායකතුමා සභාවේ සියල්ලන්ටම හිස නමා ආචාර කරයි. 

 
සෙංකෝලය යනු ගරුත්වයත්, බලයත් පිළිබඳ අධිකාරී සංකේතයයි. එය 1949 ලංකා නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයේ සිට මේ දක්වා භාවිතා කරන්නකි.   


මෙය බාරව සිටින්නේ පාර්ලිමේන්තු වේත‍්‍රධාරීවරයාය. පාර්ලිමේන්තු සභා ගර්භයේ නියමිත රැඳවුමක සෙංකෝලය තැන්පත් කිරීමෙන් කියැවෙන්නේ නීත්‍යානුකුලව පාර්ලිමේන්තු සභාව රැස්ව සිටින බවයි. සභාවාරය ආරම්භයේ සෙංකෝලය ඔසවා ගත් වේත‍්‍රධාරීවරයා පෙරටු කොට කතානායක සභා ගර්භයට ඇතුළුවෙන අතර කතානායකවරයා සභා ගර්භයෙන් පිටවී යද්දීත් වේත‍්‍රධාරී සෙංකෝලය රැගෙන යන්නේය.

   
කතානායකතුමා පාර්ලිමේන්තුවේ අසුන්ගෙන කරන ප‍්‍රථම කාර්ය ජනාධිපති ලිපි ලේඛන ප‍්‍රකාශයට පත්කිරීමයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගද, මහජන පෙත්සම්ද, සභාවට ප‍්‍රකාශ කරයි. පාර්ලිමේන්තුවට න්‍යාය පත‍්‍රයක් තිබේ. දිනට නියමිත කටයුතු එහි සඳහන්ව ඇත. එහි මුලින්ම ඇත්තේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප‍්‍රශ්නයි. ඇතැම් විට පිළිතුරු සභාගත කරයි. මෙතැනදි ඇතැම් විට සභාව උණුසුම් වෙයි. එහිදී රීති ප‍්‍රශ්න මතුවන අවස්ථාද නැත්තේ නොවේ. මෙය මතු කිරීමට පෙර ‘‘පොයින්ට් ඔෆ් ඕඩර්’’ නොඑසේ නම් ‘‘රීති ප‍්‍රශ්නයක්’’ කියා පැවසේ. රීති ප‍්‍රශ්නයක්ද නැද්ද යන තීරණය ගන්නේ කතානායක තුමාය. මෙම රීති ප‍්‍රශ්න මන්ත‍්‍රීවරයෙකුට හෝ ඇමැතිවරයෙකුට ඕනෑම විටක මතු කළ හැකිය. පාර්ලිමේන්තු සම්ප‍්‍රදායයත් සමග අපේ භාෂාවට විශේෂිත වචන මාලාවක් පිවිසුණේය. ඊට හේතු පාදක වූයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ භාවිතා වුණු වචන මාලාවයි. එය සිංහලයට නැඟී ඇත්තේ මෙසේය.   


පාර්ලිමේන්තු සභා ගර්භය තුළ අද වැඩිපුරම භාවිතා වන වචනයක් වන්නේ ‘‘ ඕඩර් ප්ලීස්’’ යන්නයි. එහි අරුත නියෝගයකි. පාර්ලිමේන්තු සභා ගර්භය තුළ භාවිතා වන සමහර වචන මෙසේය.

   
Order Please කරුණාකර නිශ්ශබ්දවෙන්න   
 (නියෝග කරමි)   
Hon' Leader to the House ගරු සභානායකතුමනි   
Point of Order රීති ප‍්‍රශ්නයක්   
Hons Speaker Sir ගරු කථානායකතුමනි   
Standing Orders ස්ථාවර නියෝග   
Supreme Court Decisions ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු   
Divided බෙදීමක්   
Messages From the President ගරු ජනාධිපතිතුමාගේ නිවේදන   
Vote ඡන්දය   
Hon. Dy Speaker Sir ගරු නියෝජ්‍ය කථානායකතුමනි   
Rows පේළි (මන්ත‍්‍රීවරුන් අසුන්ගෙන සිටින පේළි)   
Hon. Chief Govt. Whip ගරු ආණ්ඩු පක්ෂ සංවිධායකතුමා   
Voting Time ඡන්දය විමසන අවස්ථාව   
Committee Stage කාරක සභා අවස්ථාව   
Table it සභාගත කරන ලදී   
Move ඉදිරිපත් කරනවා   
Order Paper න්‍යාය පත‍්‍රය   
Next Speaker ඊළඟට කථා කරන්න (සභාව අමතන්න)   
Hon.Prime Minister Sir ගරු අගමැතිතුමනි   
Next ltem ඊළඟ කරුණ   
Hon. Dy Minister ගරු නියෝජ්‍ය ඇමතිතුමා   
Oral Questions වාචික ප‍්‍රශ්න   
Oral Answer වාචික පිළිතුරු   
Amendments සංශෝධන   
Hon. Minister ගරු ඇමතිතුමා   
Motions යෝජනා   
Hon.Dy Chairman of Committees නියෝජ්‍ය කාරක සභාපතිතුමා   
Sitting of The Parliament පාර්ලිමේන්තුව රැස්වීම   
I order to Secretary General of Parliament   
මම පාර්ලිමේන්තු මහ ලේකම්ට නියෝග   
‏ කරමි   
House Adjourn සභාව කල් තැබීම   
Hon Leader to the Opposition ගරු විපක්ෂ නායකතුමා   
Adjournment time කල් තැබීමේ වේලාව   
Adjournment Question කල් තැබීමේ ප‍්‍රශ්න   
Carry on දිගටම කථාව කරන්න   
Order of the day දිනට නියමිත කටයුතු   
Order Book න්‍යාය පුස්තකය   
Addendum පරිපූරකය   
At the Commencements of Public business ප‍්‍රධාන කටයුතු ආරම්භයේදී   
By Name නමින් ඡන්දය දීම   
Notice Motions and Order of the day යෝජනා පිළිබඳ දැනුම් දීම හා දිනට   
නියමිත කටයුතු   
Aye (එකඟතාවය, පක්ෂව ඡන්දය දීම)   


ඡන්ද විමසීමකදී නම් පක්ෂපාතීත්වය/කැමැත්ත පල කරන්නේ ‘‘ආයි’’ කියාය. දෙමළෙන් නම් ‘‘ ඕම්’’ ය   

 

ගොඩනැගිලි   


මෙරටට නව ව්‍යවස්ථාදායකයක් ඇති කිරීම සඳහා බි‍්‍රතාන්‍ය පාලකයින් විසින් පත් කරන ලද කෝල්බෲක් කොමිෂන් සභාවේ නිර්දේශයක් අනුව පිහිටුවනු ලැබූ ‘‘ව්‍යවස්ථාදායක මණ්ඩලය’’ වෙනුවෙන් ඉදි කෙරුණු ගාලු මුවදොර රාජ්‍ය මන්ත‍්‍රණ සභා ගොඩනැගිල්ල 1930 ජනවාරි මස 29 වැනි දින විවෘත කරන ලද්දේ එවකට ආණ්ඩුකාරවරයාව සිටි ශ්‍රීමත් ඊබට් ස්ටැන්ලි මහතා විසිනි.   


පසුව වරින්වර සිදුකරන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනවල ප‍්‍රතිඵලයක් වශයෙන් මෙය රාජ්‍ය මන්ත‍්‍රණ සභාව (1931x1947) නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලය (1947x1972) හා ජාතික රාජ්‍ය සභාව (1972x1978) යනුවෙන්ද හඳුන්වනු ලැබීය. මෙහි නාමය ‘පාර්ලිමේන්තුව’ ලෙස වෙනස් කරනු ලැබුවේ 1978 සැප්තැම්බර් මස 7 වැනි දින සම්මත වූ වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක වීමත් සමගය. 1982 මාර්තු 26 දා තෙක් පාර්ලිමේන්තු රැස්වීම් පවත්වනු ලැබුවේ මෙම ගොඩනැගිල්ලේය.   


මෙම පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වාස්තු විද්‍යාත්මක සම්ප‍්‍රදායන් පහෙන් එකක් වන අයෝනික් සම්ප‍්‍රදාය අනුව ගොඩනඟන ලද්දකි. ස්වරූපය අතින් එය ඇතෑන්ස් හි ග‍්‍රීක දෙවඟනක වූ අතීනාගේ ප‍්‍රධාන දෙවොල වූ පාතීනන් දෙවොලට සමාන වෙයි.   


මුලින් මෙම ගොඩනැගිල්ලේ ව්‍යවස්ථාදායක මණ්ඩලය පවත්වාගෙන ගිය අවදියේ සභා ගර්භයේ අවකාශ සලසා තිබුණේ මන්ත‍්‍රීවරුන් 49 දෙනෙකුටය. පළමුවැනි ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරණය කරන ලද්දේ 1949 සෝල්බරි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ නව නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයේ මන්ත‍්‍රී සංඛ්‍යාව 101 දක්වා වැඩි වූ අවස්ථාවේදීය. නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයේ මන්ත‍්‍රී සංඛ්‍යාව නැවත වරක් 101 සිට 157 දක්වා වැඩි කරන ලද අතර, වර්ෂ1972 දක්වා සංඛ්‍යාව නොවෙනස්ව පැවතිණි. ජාතික රාජ්‍ය සභාව ස්ථාපිත කළ 1972 ශ්‍රී ලංකා ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් මන්ත‍්‍රී සංඛ්‍යාව 168 ක් දක්වා වැඩි කිරීමක් සිදුවිය. ඓතිහාසික හේතුන් නිසා එක් එක් මන්ත‍්‍රීවරයාට සභා ගර්භයේ වෙනම ආසන පනවා නැති මහා බ්‍රිතාන්‍යයේ නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයේ (හවුස් ඔෆ් කොමන්ස්) මෙන් නොව, ශ්‍රී ලංකාවේ සෑම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුටම සභාගර්භයේ නියමිත ආසනයක් පනවා ඇත.   


මන්ත‍්‍රී සංඛ්‍යාව වර්ධනය වීම නිසා සභා ගර්භයේ ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරණ විශාල වශයෙන් අවශ්‍ය විය. රජයේ සහ විරුද්ධ පාර්ශ්වයේ ඉදිරි පේළිවල පමණක් ලියන මේස සපයන ලදී. මේස ලාම්පු ඉවත් කරන ලද අතර, සැඟවුණු ප‍්‍රතිදීප්ත දිවා ආලෝක නළ මගින් සභා ගර්භය ආලෝකමත් කෙරිණ. ශබ්දය පැතිරයෑම සඳහා විකාශන යන්ත‍්‍ර ‘මයික්‍රෝෆෝන්’ සවිකරන ලද අතර එමගින් සභා ගර්භයේදී මෙන්ම ගැලරිවල සිට ද වඩා පැහැදිලිව කථාවලට සවන් දිය හැකි විය. ප‍්‍රධාන ද්වාරයේ දෙපස පිහිටි පුවත්පත් කුටි (ප්‍රෙස් බොක්සස්) එතැනින් ඉවත් කර කථානායක ආසනය ඉහළින් ගැලරියේ පුවත්පත් කලාවේදීන්ට ඉඩ සලසන ලදී. ආරම්භයේ සිටම මහජනතාව සඳහා ගැලරියේ පනවා තිබුණේ දළ වශයෙන් ආසන 200 කි. කෙසේ වුවද පුවත්පත් කලාවේදීන්ගේ ස්ථාන මාරුව සහ කථා පරිවර්තක කුටි ඉදි කිරීම ද නිසා මෙම සංඛ්‍යාව අඩු කරන්නට සිදුවිය.   


පාර්ලිමේන්තු ගොඩනැගිල්ල මුදුනේ ප‍්‍රමුඛ ස්ථානයක ප‍්‍රදර්ශනය වූ  බ්‍රිතාන්‍ය  රාජ්‍ය ලාංඡනය වෙනුවට ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය ඒ ස්ථානය ගත්තේය. සෝල්බරි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිගැනීමත් සමග ම සභා ගර්භය තුළදී ආණ්ඩුකාරවරුන් විසින් ව්‍යවස්ථාදායකයේ මන්ත‍්‍රීවරුන් ඇමතීමේ සම්ප‍්‍රදාය අවසන්විය. සභා ගර්භය තුළ දී මන්ත‍්‍රීවරුන් අමතා කතා කළ අවසාන යටත් විජිත ආණ්ඩුකාරවරයා ශ්‍රීමත් හෙන්රි මන්ක් මේසන් මුවර් මහතාය. ඉන් ඉක්බිති අග‍්‍රාණ්ඩුකාරවරයා මන්ත‍්‍රීවරුන් ඇමැතූයේ රැස්වීම් ශාලාවේදීය. පළමුවැනි ශ්‍රී ලාංකික අග‍්‍රාණ්ඩුකාරවරයා ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා වූ අතර අවසාන තැනැත්තා විලියම් ගොපල්ලව මහතාය.   
කථානායක ආසනය සහ සෙංකෝලය මහා  බ්‍රිතාන්‍ය  පාර්ලිමේන්තුවෙන් පරිත්‍යාග කරන ලද අතර ඒවා ප‍්‍රදානය කරන ලද්දේ 1949 දීය.   


කාලයාගේ ඇවෑමෙන් මන්ත‍්‍රී සංඛ්‍යාව වැඩිවීමත් ඒ මගින් පාර්ලිමේන්තුවේ කාර්යභාරය පුළුල්වීමත් හේතුවෙන් ප‍්‍රමාණවත් ඉඩ පහසුකම් සහ උපයෝගී පහසුකම්වලින් සමන්විත නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක තදබල සහ ඉක්මන් අවශ්‍යතාව මතුවිය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණය ඒ අවශ්‍යතාව සම්පූර්ණ කළේය. පැරණි ගොඩනැගිල්ලේ අවසාන පාර්ලිමේන්තු රැස්වීම පවත්වන ලද්දේ 1982 මාර්තු 26 වනදාය. මුලසුන හෙබවූයේ කථානායක අල්හාජ් එම්.ඒ. බාකිර් මාකර් මහතාය.   


සෝල්බරි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ හඳුන්වා දෙන ලද පාර්ලිමේන්තුවේ උත්තර මන්ත‍්‍රී මණ්ඩලය නොහොත් සෙනෙට් සභාවට කලින් ලංකා ව්‍යවස්ථාදායකය පිහිටි ගොඩනැගිල්ල උරුම වූ අතර එම ගොඩනැගිල්ල 1833 දෙසැම්බර් මස 06 දින ශ්‍රීමත් ආතර් හැමිල්ටන් ගෝර්ඩන් මහතා විසින් විවෘත කරන ලද්දකි.  බ්‍රිතාන්‍ය  පරිපාලනය කොළඹ කුඩා දේශයකට සීමා වී තිබුණු අතර යුරෝපීය පරිපාලනයේ ජීවනාලිය වූ වරාය පිහිටියේ එහි මුහුණත වූ කොළඹ කොටුවේය. වරායට යාබදව පරිපාලනයේ මූලස්ථානය වූ රජගෙදර පිහිටියේය. ආණ්ඩුකාරවරයාට පහසුවෙන් යා හැකි වන ආකාරයට මාර්ගයේ විරුද්ධ පැත්තේ ව්‍යවස්ථාදායකය පිහිටියේය. රජගෙදරට (වර්තමාන ජනාධිපති මන්දිරය) උතුරෙන්ද සෙනෙට් ගොඩනැගිල්ලට බටහිරින්ද ආණ්ඩුකාරවරයකු සිහිවීම පිණිස ඔහුගේ නමින් ‘ගෝර්ඩන් උද්‍යානය’ යි නම් කරන ලද්දා වූ ආණ්ඩුකාරවරුන්ගේ පෞද්ගලික උද්‍යානය පිහිටා තිබුණි.   


ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ 70 වැනි සංවත්සරය අද සමරනු ලබන්නේ සර්වජන ඡන්ද අයිතිය මගින් තෝරාපත් කරනු ලබන එහි මන්ත‍්‍රීවරුන් සහිත ආසියාවේ පැරණිතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාර්ලිමේන්තුව ලෙසයි. එයට ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජය හා සංස්කෘතිය ලෙස ආපසු හැරී බැලිය හැකිය. ඒ දර්ශනය නම් යටත් විජිතවාදී රාජ්‍යයක සිට නිදහස්, ස්වාධීන හා ජාතික ස්වෛරී රාජ්‍යයක් කරා පිවිසෙන අන්දමකි. මේ පාර්ලිමේන්තුව බ්‍රිතන්‍ය ඍජු යටත් විජිත පාලනයෙන් පසු ඩොමිනියන් හෙවත් ස්වාධිපත්‍ය තත්ත්වයට මාරුවන අන්දමත්, රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයක් ව්‍යර්ථ කෙරෙන අන්දමත්, තරුණ නැගිටීම් හා දිගට ඇදීගිය යුද්ධය හා එහි විජයග‍්‍රහණය යන මේ සියල්ල හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තිරසර බව නිරීක්ෂණය කර ඇත.   

 

 

 

 

 

 

පී.ඇම්. සේනාරත්න  



අදහස් (0)

හැත්තෑ වසක් වයස අපේ පාර්ලිමේන්තුව

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3030 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 24 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1429 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 423 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 163 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1520 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site