IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සෙනසුරු වක්‍රවීම හා අවුරුදු නැකත රටට දුන් ප්‍රතිඵල

 

අප පසුගිය කාලය පුරා සසඳා බලන විට ලංකාවේ මෑත කාලය තුළ ඉතා දරුණු විපත් රටට ඇතිවිය. නියං කාලය ඇතිවීම, සාමසර කන්ද නායයෑම, මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීම පසුගිය ගංවතුර සමග රටේ ආර්ථික දේශපාලන වෙනස්කම් රැසක් පිළිබඳව ඉරිදා ලංකාදී හරහා අනාවැකි පළකර අතර මේ වනවිට එම අනාවැකි සැබෑවී ඇත. 2017 ජනවාරි 22 සෙනසුරු මාරුව රටට කොහොමද කියන ලිපියෙන් ද 2017 අප්‍රේල් 30 වෙනිදා ඉරිදා ලංකාදීප ලිපියෙන් හා විශේෂයෙන් 2017 ජනවාරි 01 වෙනිදා 2017 වසර පිළිබඳව පළකළ ලිපියෙන් ගංවතුර නායයෑම්, කඳු කඩා වැටීම් නිසා දේපළ ජීවිත රැසක් විශාල ලෙස විනාශ වන බවත් සබරගමුව මධ්‍යම විශේෂයෙන් දකුණු පළාතට වැඩි වශයෙන් හානි සිදුවන බවත් ජනතාව ඉතා පරිස්සම් වියයුතු බවත් අනාවැකි පළ කළ අතර වත්මන් යහපාලන ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන් ඉවත්ව යන බවත් අනාවැකි පළ කළ අතර වත්මන් යහපාලන ආණ්ඩ​​ුවේ ඇතැම් ඇමතිවරුන් ඉවත්ව යන බවත් අනාවැකි පළ කළේය. පියංකර ජයරත්න උතුරුමැද පළාත් ඇමැතිවරු හා ඇමැතිවරුන් ඉවත්වීමෙන් පළකළ අනාවැකි මේ වනවිට සනාථ වී ඇත.   


මෙවර අවුරුදු නැකත සෑදීම සඳහා අතිශය දෝෂ සහගත වන අතර අවුරුදු නැකත සෑදීමේදී සඳු හෙවත් චන්ද්‍රයාගේ බලය අනිවාර්ය විය යුතු බව පුරාණ ජ්‍යොතිෂයේ හා ඍෂිවරුන්ගේ මතයයි. හෝරාබරණයේ සඳහන් වන පරිදි තිථියේ බලය එකකි. නැකතේ බලය දහසයකි. හිරුගේ බලය දහයක් වන අතර සඳු හෙවත් චන්ද්‍රයාගේ බලය ලක්ෂයකට වැඩිය. ඒ අනුව සඳු ග්‍රහයා නීචව හය අට දොළහ ස්ථානවල පිහිටා නැකත් සෑදීම ඉතා නරක කල දසාවක් රටට සහ රටවැසියාට උදා කිරීමට හේතු වෙයි. එමෙන්ම අවුරුදු උදාවේදී තත්කාල කේන්ද්‍රයෙන් මේෂ ලග්නයෙන් හතර අධිපති අටවැන්නේ පිහිටීම ඉතා දුර්දාන්ත කාලයකට රට ඇද දැමීමක් වන අතර ඉතා දෝෂ සහගත නැකතක් වේ. එමෙන්ම චන්ද්‍රයා වායු හා ජලය නියෝජනය කරන හෙයින් ජල විපත් ගෙනදී දරුණු ජල ගැලීම් රටේ දකුණු පළාතේ සිදුවන විට උතුරු පළාතේ නියං තත්ත්වයක් ඇති කරමින් ගහකොළ සතා දිව්පාවා ජ්‍යොතිෂ ක්‍රමයක් ඇති අතර සඳු ග්‍රහයාට ඉතා වැදගත් පිළිගැනීමක් තිබේ. එහෙත් අදූරදර්ශී නැකත් ක්‍රමය නිසා රටට ඉතා දරුණු විපත් ඇති කිරීමට මෙය එක් හේතුවකි. අවුරුදු නැකතින් සිදුවන්නේ රටේ සෞභාග්‍යය හා රටට යම් දෝෂ විපත් කරදර ඇතිවීමේ ග්‍රහ බලපෑමක් තිබෙනම් එම දෝෂ මග හැරවීම සඳහා ඉතා පරිස්සමින් විජය වර්ෂයක් ලෙස ඇතිකරලීමට නැකත සෑදීමයි. එයින් රටට වන විපත් හා දෝෂ අවම කිරීමට හේතු වන බව ජ්‍යොතිෂ්‍යයේ මතයයි. එහෙත් මෙම අදූරදර්ශී නැකත් ක්‍රමය නිසා මෙම වර්ෂය දුර්මුග වර්ෂයකි. කෙසේ වුවද චන්ද්‍රයා අටවැන්නේ තබා නැකත් සෑදීම මළමිනි ඉසලීමට හා නිවසට ගෙන ඒමට යොදා ගන්නා නැකත් ක්‍රම​ෙව්දය බැවින් එම ක්‍රමය අවුරුදුර නැකතට යොදා ගැනීම ඉතා වැරදිය.   


2017 ජනවාරි 26 වන දින තමාට සම රාශියක් වූ ගුරුට හිමි ධනු රාශිය වෙත පැමිණි සෙනසුරු ග්‍රහයා 2107 අප්‍රේල් මස 06 වන දින පෙ.ව. 10.36ට චක්‍ර ගමන අරම්භ කළේය. ඉන්පසු 2017 ජුනි මාසයේ 20 වන දින සවස 5.59ට පමණ ආපස්සට ගමන් කරමින් වෘශ්චික රාශිය වෙත පැමිණේ.   


ලංකා කේන්ද්‍රයේ 11 වැන්න වන ගුරුට හිමි ධනු රාශියෙන් තමාට සතුරු රාශියක් වූ වෘශ්චික රාශිය වෙත වක්‍ර ගමනේ යෙදුණු සෙනසුරු ඉන් ටික කලකට පසු ධනු රාශිගතවීමට නියමිතය. මෙම ග්‍රහ තත්ත්වය අනුව රටේ ආර්ථික දේශපාලන ආන්දෝලනාත්මක පුවත් මැවීමට හේතු වනු ඇත. එ් අනුව පවතින පාලනයට ඉතා නරක ප්‍රතිඵල ඉදිරි කාලයේ උදා කරන අතර වත්මන් ආණ්ඩුව තුළ නිරත අර්බුද ගැටලු ඇති කරයි. ආණ්ඩුව ඇතුළේම තනතුරු දරන මැති ඇමැතිවරුන් අතර එළිපිට වාද විවාද බහින් බස්වීම් ඇතිවනු ඇත. යහපාලනයේ ජනපති පාර්ශ්වයේ ඇතමුන් තවදුරටත් කලකිරීමෙන් එම පක්ෂයෙන් හා නායකයා අතහැර ඉවත්ව යනු ඇත. පවතින යහපාලනයට විරුද්ධව විරෝධතා චෝදනා නැගෙන අතර මහජන අප්‍රසාදයන් ගොඩනගනු ඇත.   
2017.06.29 දින බුධ ග්‍රහයා ග්‍රහ ලොවේ සෙන්පතියා වන කුජ ග්‍රහයා සමග යුද වැදී එම ග්‍රහ යුද්ධයෙන් බුධ ග්‍රහයා ජයගන්නා අතර එම ග්‍රහ යුද්ධයේ දී රවිගේ පිහිටීම ද ඉදිරි කාලය අසුබ ප්‍රතිඵල උදා කරයි. යහපාලනය විසින් ගෙනෙනු ලබන අලුත් ව්‍යවස්ථාව පිළිබඳව විරෝධතා ඇති කරමින් ආණ්ඩුව ඇතුළෙන් මෙන්ම ඇතැම් මැති ඇමැතිවරු හා යහපාලනයට සහයෝගය දෙන ඇතැම් කණ්ඩායම් වලින්ද විරෝධතා එල්ල වනු ඇත. තවද රටේ කණ්ඩායම් අතර අර්බුද ගැටුම් හා කලහකාරී සිදුවීම් ඉදිරියටත් ඇතිවන අතර ලේ වැගිරීම් හා දේපළ හානි සිදුවිය හැකි බැවින් රජයේ අවධානය යෙමුකළ යුතුවේ. එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්, පාතාල ක්‍රියාකාරකම්, මංකොල්ලකෑම්, මනුෂ්‍ය ඝාතනවල වර්ධනයක් ඇතිවනු ඇති බැවින් ආරක්ෂක අංශවල අවධානය යොමුවිය යුතුය.

වත්මන් යහපාලනයේ ඇතැම් ප්‍රබල දේශපාලනඥයන් කිහිප දෙනකුට සෘජු දූෂණ චෝදනා ඇති කරමින් රටේ කතාබහට ලක්වන අතර ඉදිරියේදී ඇතැම් පැවිදි උතුමන් වහන්සේලාගෙන් වත්මන් රජයට දැඩි චෝදනා සහ අභියෝග පැමිණෙනු ඇත. සඟ, වෙද, ගුරු ගොවි කම්කරු පංච බලවේග මෙන්ම නොයෙකුත් සංවිධාන වැඩ වර්ජන, උද්ඝෝෂණ ඇති කරවන අතර ශිෂ්‍ය අරගලයන් ඇති කරමින් කලහකාරී සිදුවීම් හා තරුණයන්ගේ ආවේගකාරී හැඟීම් දක්නට ලැබෙනු ඇත. මෙම සිදුවීම් නිසා නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය හා පොලිස්පතිවරයා ඉතා කල්පනාකාරීව තීරණ ගතයුතු අතර නීතිය පිළිබඳවත් දැඩි කතාබහට ලක්වනු ඇත. මෙම නැගෙන අභියෝගකාරී තත්ත්වය වත්මන් පාලනයේ යම් මර්දනකාරී හා ආවේගකාරී කටයුතු කිරීමට පෙළඹෙන බැවින් ජනතාව සමග ඉතා නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් පාලකයන් ඉතා ඉවසිලිවන්තව කටයුතු කළ යුතුයි.   


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාධක කාලය ක්‍රමයෙන් පහව වන අතර 2018 ජනවාරි මාසයෙන් පසු ඔහුට ඉතා යහපත් කාලයක් ඇතිවනු ඇත. එතුමා හට චෝදනා නැගු බොහෝ අය නැවත එතුමාගේ ගුණ ගායනා කරන කාලයක් ඉදිරියට පැමිණෙන අතර යහපාලන ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරු හා රාජ්‍ය ඇමැතිවරු කිහිප දෙනකු ඉදිරි ප්‍රධාන මැතිවරණයක දී පිල් මාරු කරමින් රාජපක්ෂ මැතිතුමාට සහයෝගය දක්වනු ඇත. එමෙන්ම එම වසරේ යම්කිසි පළාත් පාලන මැතිවරණයකට රාජපක්ෂ මහතා මුහුණ දෙන්නේ නම් රටේ ඇතැම් බලකොටුවල ශක්තිමත් බලයක් මහින්ද පාර්ශ්වයට හිමිවනු ඇත. එහෙත් මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉතා ඉවසීමෙන් කටයුතු කළ යුතු අතර දූරදර්ශීව ක්‍රියා කරමින් තම ප්‍රජා අයිතිය දිගටම රැක ගැනීම සඳහා වැඩි අවධානයක් යොමුකළ යුතුය.  


සෙනසුරු ග්‍රහයා විශේෂයෙන් ධනු රාශියේ ගමන් කරන කාලය තුළ දී ලාංකේය දේශපාලනයේ කුණාටුවක් පැමිණෙමින් දේශපාලන ලෝකය උඩු යටිකුරු කරමින් වත්මන් පාලන ක්‍රමය වෙනසකට යොමු කරනු ඇත. කෙසේ වුවද දැනට පවතින යහපාලන ආණ්ඩුවේ ඇතැම් ගැටලු බාධා තිබුණ ද ජනපතිතුමන් හා අගමැතිතුමන් එක්ව ඉතා ඉවසීමෙන් ඉදිරියට සම්මුති ආණ්ඩුව රැගෙන යනු ඇත.   


වත්මන් ජනපතිතුමාගේ ග්‍රහචාරයට අනුව පක්ෂ නායකයකු ලෙස ගන්නා තීන්දු දූරදර්ශී නොවන අතර දුර්වල ප්‍රතිවිපාක එතුමාට හා එතුමාගේ කණ්ඩායමට ඉදිරියේදී ලැබෙනු ඇත. එම නිසා එතුමාගේ දේශපාලන හිතවාදීන් හා වත්මන් රජයේ නායකයා කරමින් හැරයනු ඇත. තවද ලබන වසරේ මැද භාගය අතර කාලය තුළ එතුමා මැතිවරණයකට මුහුණ දෙන්නේ නම් විධායක ජනාධිපතිරයෙකු ලෙස තම ධුර කාලයේදී ලබන දුර්වලම ඡන්ද ප්‍රථිඵලය එතුමාට හිමිවන ඇත.   


එම නිසා ඒ ගැන කල්පනාකාරීව කටයුතු කළ යුතුය. ලංකා කේන්ද්‍රයේ පවතින ග්‍රහචාරය අනුව ඉදිරි කාලයේ රටේ ආර්ථිකය දියුණු කිරීමට රජය කොතරම් උත්සාහ කළද රජය විසින්ම පහළ හෙලන ලද බඩුමිල ඉහළ යාම, මහජනයාට ආර්ථික අපහසුකම් ඇතිවීම මෙන්ම ආර්ථිකය පහළ වැටීම තවදුරටත් සිදුවනු ඇත. වත්මන් රජය විදේශීය රටවලින් බලාපොරොත්තු වූ ආර්ථික සහයෝගය ප්‍රමාණවත්ව හිමි නොවන අතර ආයෝජකයන්ගේ පැමිණීම මන්දගාමී තත්ත්වයකට පත්වෙමින් ඇතැම් සංවර්ධනයේ මන්දගාමීව සිදු කිරීමට සිදුවනු ඇත. එමෙන්ම තවත් දේශපාලන චරිත බන්ධනාගාර ගතවීම හා නීතිය ඉදිරියේ අසරණ වන්නට සිදුවන අතර රජයේ ඉහළ තනතුරු කිහිපයක්ද වෙනසකට පත්වනු ඇත. එමෙන්ම තවද උතුරු හා නැගෙනහිර පළාතේ ඇතැම් අන්තවාදී දේශපාලනඥයන්ගේ ක්‍රියාවන් පිළිබඳව රජයේ අවධානය යොමු කළ යුතු අතර ඔවුන් නොයෙක් වි​රෝධතා රජයට ඇති කරමින් හර්තාල් ඇති කරමින් වත්මන් පාලනයට විරුද්ධව මෙන්ම රටේ සමගියට අහිතකර ලෙස ඇතැම් ක්‍රියා හා බලපෑම් ඇති කරනු ඇත.   
මෙම තත්ත්වය මෙන්ම ස්වභාවික තත්ත්වය අනුව උතුරු හා නැගෙනහිර පළාත්වල නියං සමය අවසන් කොට ඉදිරි කාලයේදී අධික වර්ෂාවක් ලැබෙන අතර උතුරු මැද, උතුර නැගෙනහිර, මධ්‍යම කඳුකරයේ ජනතාව කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. එමෙන්ම මේ වසරේ අවසාන මාස 04 ස්වභාවික ව්‍යසනයන් පිළිබඳව ජනතාව අවදා​නය යොමුකළ යුතු අතර 2020 දක්වා ලංකාවේ ස්වභාවික ව්‍යසනයන් වරින්වර ඇති කරයි. විශේෂයෙන් 2018 මැද භාගයේ සිට 2019 හා 2020 පිළිබඳව කල්තියා අවධානය යොමුකළ යුතුවේ. එමෙන්ම ඉදිරි කාලයේ මුහුදු ආශ්‍රිත රැකියා කරන අය ප්‍රවේශම් විය යුතු අතර ගොඩනැගිලි අාශ්‍රිතව ගිනිවිපත් තවදුරටත් කල්පනාකාරී විය යුතුය. එමෙන්ම ගොවි ජනයාට ද බෝග විනාශවීම්, වගා හානි මෙන්ම ඵළදායි අඩුවීම් ඇති කරන අතර යම් තරමක වගාවල ඵලදාවන්ට අවම තත්ත්වයකට පත්වෙමින් ආහාරවල රටේ ගැටලු ඇති කරයි. රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්නකාරී ගැටලුකාරී තත්ත්වය ඇති කරමින් වැඩ වර්ජන ගැටලු ඇති කරන අතර මහජනතාව අතර රෝග පීඩා වසංගත රෝග ඇති කරමින් කුඩා දරුවන්ටද සෘජු බලපෑම් ඇති කරයි. මෙම බලපෑම අවම කර ගැනීම සඳහා නිරතුරුව තම ආගමික කටයුතුවල නිරතවීම යහපත් වේ.



අදහස් (0)

සෙනසුරු වක්‍රවීම හා අවුරුදු නැකත රටට දුන් ප්‍රතිඵල

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3538 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 32 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1454 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 451 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 165 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1650 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site