IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සුනඛ පවුලක් වැනසූ පව පළදුන් හැටි

ජීවිතය යහ මඟට ගැනීමට යහපත් මඟ පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   

බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති නාලන්දේ විමලවංශ හිමියන් ලියා එවු කතාවක් මෙසේය. 

 
සුනඛ පවුලක්ම වැනසූ  මැගිලින් නෝනාද වැනසුණි


තම කුසින් බිහි කළ දරුවන් මහ මඟ හෝ වෙනත් ස්ථාන වල හෝ අතරමංකර දමා යන මව්වරුන් පිළිබඳ මෙකල නිරතුරුවම අසන්නට ලැබෙයි. ඇතැම් විට කාණුවක හෝ ජනාකීර්ණ ස්ථානයක, පොදු ස්ථානයක දරුවන් තබා හොර රහසේ පලා යන මව්වරුන් පිළිබඳ අසන්නට ලැබෙයි. ඇතැම් මව්වරු උපන් විගස දරු පැටවා වැසිකිළියට දමති. ඇතැම් මව්වරු දරුවන් ජලාශයට හෝ ගංගාවකට දමා ජීවිත විනාශ කරති. මෙවැනි දෙය කරන කතුන් මව් වරුන් වශයෙන් සැලකීම මව කියන වචනයට ද නිග්‍රහයකි. ඔවුන් මව් වරුන් නොව, ඉහත ආත්ම වල සිට පතාගෙන පැමිණි මනුෂ්‍ය වේෂයෙන් සිටින අමනුෂ්‍ය කාන්තාවක් වශයෙන් සැලකීම වරදක් නොවේ. මනුෂ්‍ය යන වචනයෙහි අර්ථය වන්නේ මනසින් උසස් යන්නය. මනසින් උසස් පුද්ගලයන් කරන්නේ මනුෂ්‍යත්වයට ගැළපෙන කටයුතුය. එසේ නොකරන මිනිසුන් අමනුෂ්‍යයන් වශයෙන් හැඳින්වීමෙහි කිසිදු වරදක් නැත.   


සත්ත්ව ලෝකයෙහි ක්‍රියාකාරකම් පිළිබඳ ගවේෂණය කරන විට තිරිසන් සතුන් කොතරම් උසස් දැයි සිතීමට පවා අසීරුය. ඔවුන් තම දරුවන්ට දක්වන ආදරය, කරුණාව, දයාව සැලකිල්ල කොතෙක්ද යනු අදහා ගැනීම පවා අපහසුය. බැළලියක් තම පැටවුන්ට කොතෙක් ආදරය දක්වන්නීද යනු දක්නට ලැබෙන්නේ මෙලොව බිහි කර, දෑස් විවර නොවු පැටවුන් ආරක්ෂිත පියවරක් වශයෙන් විවිධ ස්ථාන වලට ගෙන යනු දක්නට ලැබීමෙනි. එක් ස්ථානයක ආරක්ෂාව මදි බව වැටහුන විට, ඇය තම පැටවුන් වෙනත් ආරක්ෂිත ස්ථානයකට රැගෙන යන්නේ දත් වලින් සපා ගැනීමෙනි. තම පැටවා සතුරකු විසින් ඩැහැගෙන යන ලද බැළලියක් දින ගණනාවක් විලාප නගමින් පැටවා සෙවූ අයුරු අපගේ මතකයට නැගෙයි. ගස් බෙනයක සිටි කුරුලු පැටවුන් ඩැහැ ගැනීමට පැමිණි ගැරඬියකුට කුරුලු ජෝඩුවක් තම පුංචි හොට වලින් පහර දී පලවා හැරි අයුරු මෑත දිනක දැකගත හැකි විය.   


පැටවුන් සිටින සුනඛ ධේනුවක්, වෙනත් සතෙකුට හෝ මිනිසුන්ට හෝ අසලකටවත් ඒමට ඉඩ නොදී පලවා හරින අයුරු ඔබත් දැක ඇතැයි සිතමි. සත්ත්ව ලෝකයෙහි දරුණුයි පැවසෙන සැපින්නක් පැටවුන් බිහිකළ පසු වෙනත් කිසිවකුටත් ඒ අසලට පැමිණීමට ඉඩ නොදෙයි. ඒසේ ගිය හොත් එළවා එළවා පහර දෙන්නීය. ඇතින්නක් තම පැටවා රැගෙන ගිය මිනිසුන් සිටි ගම්මානයක් රංචුවෙහි අනෙක් සතුන් සමග පැමිණ එම ගම්මානය වැනසු සිද්ධියක් අපට සිහිපත් වෙයි. එක්තරා බැල්ලක් හදිසි අනතුරකින් මිය ගිය පසු, වෙනත් බැල්ලක් ඇයගේ පැටවුන්ට ද කිරි පොවන අයුරු අන්තර් ජාලය ඔස්සේ දැක ගන්නට ලැබුණි. හදිසි අනතුරක් අවස්ථාවෙහි කලබල වන වඳුරු රංචුවක් තම අතට අසුවන පැටවුන් රැගෙන ආරක්ෂිත ස්ථානයකට යන අතර පසුව ඔවුනොවුන් තම දරුවන් හුවමාරු කරගන්නා අයුරු සත්ත්ව විද්‍යාඥයන් විසින් පෙන්වා දෙන ලදී. හැම සතෙක්ම තම දිවි පරදුවට තබා ඔවුන්ගේ පැටවුන් ආරක්ෂා කරයි. මුහුදට වැටුණ තම පැටවුන් බේරා ගැනීම සඳහා ලේන් අම්මෙක් ස්වකීය වලිගයෙන් මුහුද හිස් කිරීමට ගන්නා ලද උත්සායක් පිළිබඳ ජාතක පොතේ එන ජාතක කථාවකින් පෙන්වා දෙයි.   


සත්ත්ව ලෝකයෙහි සතුන්ගේ දරු සෙනහස පිළිබඳ නිදසුන් දක්වන ලද්දේ අංශු මාත්‍රයක් පමණකි. අප්‍රමාණ නිදසුන් ඇත. උසස් මනසක් ඇතැයි පවසන මනුෂ්‍ය ලෝකයෙහි මිනිසුන් අතර, සැබෑ ලෙස දරු සෙනහසින් යුතු මව්වරු සිටිති. එහෙත් දැන් දැන් අසන්නට ලැබෙන තොරතුරු අනුව මව්පියන් කෙරෙහි සැබෑ ලෙසම තිබිය යුතු දරු සෙනෙහස ක්‍රමයෙන් දුරස් වන බව පෙනෙයි. ඇතැම් දෙමාපියෝ දරුවන් මහා කරදරකාරයන් වශයෙන් සලකා කටයුතු කරති. ඔවුන් තම දරු සම්පත සීමා කර ගන්නට විවිධ ක්‍රියා මාර්ග ගන්නේ එනිසා නොවේද ? නිමක් නැති ලෞකික, භෞතික වස්තූන් කෙරෙහි ආශාවෙන් මිනිස් සංහතියෙහි පැවැත්මට අත්‍යවශ්‍යම සාධකය වන දරු සම්පත ප්‍රතික්ෂේප කිරීම මගින් ඔවුන් සිදු කරන්නේ බරපතළ වරදක් නොවේද? ඔවුන් ඉවත දමන කසල ගොඩට කුණු කාණුවට දමන දරුවන් අනාගතයෙහි මෙම රටට පමණක් නොව මනුෂ්‍ය සංහතියටම සෙතක් උදා කළ හැකි විද්‍යාඥයන්, වෛද්‍යවරුන්, දාර්ශනිකයන් නොවේ යැයි කාටනම් කිව හැකිද? බෞද්ධ සාහිත්‍යයේ එන ජීවක වෛද්‍යවරයාගේ කතාව මෙයට කදිම නිදසුනකි. උපන් විගස කසළ ගොඩට දැමු දරු සිඟිත්තා රජ මාළිගාවට භාරගෙන හොඳින් රැක බලා ගන්නා ලදි. මෙම දරුවා වෛද්‍ය ශාස්ත්‍රය හදාරා එවක සිටි දක්ෂතම වෛද්‍යවරයා බවට පත් විය. බුදුරජාණන් වහන්සේට පවා ප්‍රතිකාර කළ වෛද්‍යවරයාගේ වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ අසන විට පුදුම සහගතය.   


දරුවන් විනාශ කිරීම ළමා හිංසනය ළමා අපචාර වැනි දෙය බරපතළ වරදකි. මිනිස් සත්ත්වයන්ට මෙන්ම තිරිසන් සත්ත්වයන්ට ද එක සේ කරුණාව දයාව දැක්විය යුතුය. බුදු දහම අනුව කරණීය මෙත්ත සූත්‍රයෙහි සියලු සතුන් කෙරෙහි පිළිපැඳිය යුතු අයුරු මැනවින් පෙන්වා දෙයි. සතුනට හිංසා පීඩා කිරීම බරපතළ පාප කර්මයකි. එය මෙලොව දුක් විඳ පරලොව දුගතියට යාමට හේතු වන පාප කර්මයක් බවට පත් වෙයි. මෙය ඔප්පු කරනු වස් මැගිලින් නෝනාගේ කථාව ඔබ හමුවේ තබමි.   


මැගිලින් යනු ඇයගේ නියම නම වෙයි. දරුවන් දෙතුන් දෙනකුගේ මවක් වන මැගිලින්ගේ පවුල් ජීවිතය මුල් අවධියේ අවුල් සහගත විය. ඇය සමග දරුවන් අතරමං කළ සැමියා වෙනතක ගියපසු ඇය දරුවන් හදාවඩා ගත්තේ බෙහෙවින් දුකසේය. කෙසේ හෝ දරුවන් ලොකු මහත්වූ පසු ඔවුන් විදෙස් රැකියා වලට යන ලදි. මහ මන්දිරයක් ද ඉදිකර ගත් පසු ඇය කවුරුත් හඳුන්වන ලද්දේ මැගිලින් නෝනා යන නමිනි. දැන් ඇය ධනවත් කාන්තාවකි. කෙතරම් ධනවතියක් වුව ද ඇය තුළ කිසිදු කරුණාවක් මෛත්‍රියක් නැත. ලෝකයට පෙනෙන්නට සිල් සමාදන් වුවත් කිසිදු ශීල ගුණයක් ඇය තුළ තිබුණේ නැත. දුගියෙකුට මගියෙකුට යාචකයකුට සතයකුදු දුන්​ෙන් නැත. යමක් දුන්නා නම් දුන්නේ තමන්ට හෝ අනුන්ට ප්‍රයෝජනයක් ගත නොහැකි දෙය පමණි.   


මැගිලින්ගේ නිවස අසල බැල්ලක් පැටවුන් දමා සිටියාය. පැටවුන් හය දෙනකු එහි විය. මෙම බැල්ලියගේ පුරුද්දක් තිබුණි. එනම් කාගේ හෝ පාවහනක් අසුවුව හොත් රැගෙන ගොස් සපා දැමීමයි. මෙම බැල්ල මැගිලින්ගේ නිවසට ගොස් වරින් වර නිවසේ ඉස්තෝප්පුවේ තිබෙන පාවහන් රැගෙන යන්නීය. මෙයින් බොහොමයක් ගෙවී ගිය, ඉවත දැමිය යුතු පාවහන් විය. කිහිප අවස්ථාවකදීම මෙය සිදු වු බැවින් මැගිලින් බෙහෙවින් කෝපයට පත් වුවාය. ඇය කිසියම් තීරණයකට එළඹුණාය. තමන් දන්නා හඳුනන තරුණයකුට මුදල් දී එම බැල්ලිය සහ පැටවුන් කොහේ හෝ ගෙන ගොස් දමන මෙන් නියමි කළාය. එකී නියමයට අනුව එම තරුණයා දිනක් පැමිණ බැල්ල සහ පැටවුන් සියල්ල වෑන් රියකට දමා ගත්තේ මැගිලින් ද මෙම කාර්යය සඳහා උදව් කළාය. ඇය පැටවුන් එක එකා අල්ලා ගෙන වුත් වෑන් රිය තුළට දැමුවේ දැන්නම් කරදරකාරීන්ගෙන් නිදහස් වුවායි බොහෝ සොම්නස් සිතෙනි. ජන ශූන්‍ය ප්‍රදේශයක මහ මඟ අයිනෙහි අත හැර දැමු බැල්ල සහ පැටවු බෙහෙවින් අපහසුතාවට පත් වූහ. ආහාර නොමැති බැවින් ඉතා දුක්ඛිත තත්ත්වයට පත් වූහ. කිහිප දෙනකු කුසගින්න නිසා මිය ගිය අතර තවත් කිහිප දෙනෙක් වාහන වලට හසු වීමෙන් මරණයට පත් වූහ.   


මෙසේ ගෙවී ගිය පාවහනක් නිසා සුනඛ පවුලක් විනාශයට පත් කළ මැගිලින්ට වැඩි කලක් සතුටින් සිටිය නොහැකි විය. ආවාහ විවාහයට පත් වු දරුවන් ඇය නොසලකා හරින ලදි. කිහිප දෙනෙක් ඇය අතහැර වෙනත් ප්‍රදේශ වලට පදිංචියට ගියහ. ඇයට ආහාර පාන පවා නිසි ලෙස නොලැබුණි. මුළු පවුලම විසිරි යන ලදි. ඇයගේ යටි පතුලෙහි තුවාලයක් ද හට ගත්තේය. දියවැඩියා තත්ත්වය නිසා එය සුව කළ නොහැකි විය. මෙම තුවාලය නිසා ඇයට යළි කිසි දිනක පාවහන් පැලඳීමට නොහැකි විය. අනන්ත දුක් ගොඩකට මුහුණ දුන් ඇය කිසිවකුගේ හව්හරණක් නොමැතිව මරණයට පත් වූවාය. අසරණ සුනඛ පවුලකට අත්කර දුන් ඉරණම නිසාම ඇය ද එවැනි ඉරණමකට පත්ව මිය ගියාය. ඇය මේ ජීවිතයේදී තමන් කළ අකුසල කර්මය විපාක අත් වින්දාය. පර ලොව දී ද සුගතියක් ලැබේය යි සිතිය නොහැක.   

 


 

සාලියපුර පානියන්කඩවල රොබට් මුතුනායක මහතාලියා එවු කතාවක් මෙසේය.   


බුදු රුව කැඩීමේ අනිටු විපාකය   


ඒ රජරට පිටිසර ගම් දනව්වකි. හේන් ගොවි තැන් කිරීමෙන් හා වැසි ජලය උප​ෙයා්ගී කර ගනිමින් කුඹුරු ගොවිතැනින් ජීවත් වු අඹු සැමි පවුලක් විය.   


දරු මල්ලන් විවාහ කර දීමෙන් පසුව මොවුන් වෙනම විසූ අතර දරුවන් ජීවත් වූවේ අසල ගම්මානයකය.   


දිනක් බිරිඳ සිය සැමියා සමග තම හුදකලා ජීවිතය පිනක් දහමක් කර ගැනීමෙන් ගෙවා දැමීමේ වැදගත්කම ගැන කියා පෑ අතර තමන් අසල් වැසි කාන්තාවන් කීප දෙනෙකු සමග සිල් සමාදන් වීමට අදහස් කර ඇති බව සැමියාට පැවසුවාය.   


කැමති නම් සැමියාට ද සිල් සමාදන් වීමට බිරිඳගේ ඇරයුම විය. එයට සැමියා එතරම් කැමැත්තක් නොදැක් වු අතර උඹලට ඕන දෙයක් කර ගනින් යැයි කියමින් කතාව හමාර කර සිටියේ. දැන් දැන් සතර පෝයට බිරිඳ අසල් වැසි කාන්තාවන් සමග ගමේ විහාරස්ථානයේ සිල් සමාදම් වන අතර සිල් සමාදන් වන පෝය දින වල නිවසේ කටයුතු ද අතපසු විය. ඇතැම් වැඩ කටයුතු සැමියාට පවරා යෑමටද ඇය අමතක නොකළාය.   


මොවුන්ගේ නිවස ඉදිරිපිට මිදුලෙහි කුඩා මැදුරක් සාදා ඇති අතර ඒ මත බුදුරුවක් ද තැන්පත් කර දිනපතාම මල් පහන් පුදා උදය හවස පිළිවෙත් රැකීමද ඇය විසින් සිදු කරනු ලබයි.   


මෙසේ කාලයක් ගෙවී යද්දී තම බිරියගේ දැහැමි කටයුතු දිනෙන් දින වර්ධනය වෙද්දි සීල ව්‍යාපාර, බෝධි පූජා, ආගමික සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට යෑම සමගම නිවසේ මස් මාළු පරිභෝජනය ද නවතා දැමීමට තරම් ඇය දැහැමි විය.   


මෙය සැමියාට එතරම්ම රුස්සන කරුණක් නොවීය. නිවසේ මෙතෙක් තිබු සාමය ක්‍රමයෙන් හීන වී දෙදෙනා අතර අඬ දබර ද සිදු වු වාර අනන්තය.   


නමුත් පසු දින දී කිසිවක් සිදු නොවුණා සේ දෙදෙනා සමගියෙන් යුතුව සිටීමට තරම් ඥානවන්ත වූහ.   


කෙසේ වෙතත් බිරිඳගේ පුණ්‍ය කටයුතු හේතු කොටගෙන නිවසේ තිබු සමගිය සමාදානය වෙනුවට දෙදෙනා ගේ සිත් නුරුස්සන හේතුකාරණා නිතරම පැන නැගිණ.   


දිනක් දෙදෙනා අතර ඇති වු වාදය ප්‍රමාණය ඉක්මවා ගොස් තිබිණ.   


සිය සැමියා සමග කරන වාද විවාද වලදී බිරිඳ විසින් පිළිතුරු දීමේදී තමාගේ සිල්වත්කම පවා අමතක වී යෑමට තරම් හේතු කාරණා සිදු විය.   


වරක් සැමියාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් තිබු අතර සිතෙහි බලපෑ ආවේගය පාලනය කර ගැනීමට බිරිඳට පහර දෙනවා වෙනුවට ගෙමිදුලෙහි ඉදිකර තිබු බුදු කුටියෙහි තැන්පත් කරන ලද බුදුරුව ගෙන පොළොවේ ගසා දමන ලදි.   
සැමියාගේ සිත නිසල වන විට සියල්ල සිදු වී හමාරය. කැබලි කීපයකට කැඩී ගිය පිළිමයේ කැබලි මිදුලේ විසිරී තිබු අතර පසුව සිය බිරිඳගේ දෙස් දෙවොල් දීමත් කළ අපරාධයේ විපාක කියා පාමින් විසිරුණ කෑලි එකිකෙත ඔහු එකතු කරන්නට විය.   


අනතුරුව තම පා පැදිය ගත් සැමියා පාපැදියෙහි නැගී අරමුණක් නොමැතිව නුදුරු ගම්මානය වෙත ගමන්කරන්නට විය. මෙම ගමන් මගෙඟි ඇළ ඉවුරු දෙකක් යාකරමින් ලී දඬු ඒ දණ්ඩක් ගැමියන් විසින් ඉදි කර ඇත.   


මොහු පා පැදියෙහි නැගී ගමන් කොට මෙම ඒදණ්ඩකින් පා පැදිය තල්ලු කරමින් යන අතර පාපැදියක් සමගම ඒදණ්ඩෙන් පහළට ඇද වැටිණ.   


උකුළ ඇටය බිඳී යාමෙන් කර කියා ගත හැකි කිසිවක් නොමැතිව අසරණව වේදනාවෙන් යුතුව ඇළේ වැටී සිටි මොහු පිළිසරණ යැදුවද අසල කිසිවෙකු නොවුයෙන් කාලය ගෙවී ගියේය.   


​ෙම් අතර මෙමගින් යෑමට ආ මගියෙකු මෙය දැක සිද්ධිය නිවසේ අයට දන්වා සිටියෙන් අසල් වැසියන් පැමිණ මොහුව රෝහල් ගත කරන ලදි.   


රෝහලින් ප්‍රතිකාර කළක් නිසි සුවයක් නොලැබු හෙයින් ඥාතීන් විසින් සාකච්ඡා කර රෝගියා නිවසට රැගෙන එන ලදි. ඉන් අනතුරුව දේශීය වෛද්‍ය ප්‍රතිකාර කාලයක් කිරීමෙන් සුවයක් නොලැබ නේක දුක් විඳ මරණයට පත් විය.   
මෙය බුදුරුව පොළොවේ ගසා කඩා දැමීමේ විපාක මෙලොවදීම පලදීම සියැසින් දැක ගැනීමට ලෝකයාට ඉඩ සැලසීමක් යැයි අසල් වැසියන් නිතර කියනු ඇසිණ.   

 

 

 

 

 

 


​ෙමබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.



අදහස් (0)

සුනඛ පවුලක් වැනසූ පව පළදුන් හැටි

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3715 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 37 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1468 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 456 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 169 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 273 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site