IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සසරින් එතෙර වෙන්න කළ යුතු දේ

මා මරණයට පත්කරන ඖෂධය බුදුන්වහන්සේ සොයා ගත්තා.

රාග, ද්වේෂ, මෝහ ඉවත් කරන්නා සංඝ නම් වෙයි.

 

රාග, ද්වේෂ, මෝහ යන ‘සං’ ‘සාර’ කොට ගැනීම නිසා අපි ‘සංසාරයේ’ ගමන් කරන බව ඔබට දැන් වැටහෙන්නට ඇති. ‘සං’වලින් මත් වීම ‘සමත්’ යන්නයි. විභාගයකින් සමත් වුණත් තරගයකින් දිනුවත් සටනකින් දිනුවත් ඒ වනාහි රාග, ද්වේෂ, මෝහයෙන් මත් වීමයි. මේ ‘සං’ ‘විසං’ කරමින් සසරින් එතෙර වන්නේ කෙසේද? අද තව කොටසක් කියවමු.

 

කෙනෙකු තුළ මමත්වය හට ගන්නේ රාග, ද්වේෂ, මෝහ කාරණ නිසයි. මේ කාරණා තුන මුලින් උගුලුවා දැමූවෙකුට මමත්වයක් ඉතිරි වෙන්නෙ නෑ.


දැන් ගම්වල මිනිස්සු මැරෙනවා කියනවා. අද පියදාස මරණයට පත්වුණා කියනවා. හෙට කරුණාවතී මරණයට පත් වුණා කියනවා. තව දවසක තව කෙනෙක් මරණයට ගිය බව කියනවා. හොඳට මතක තියා ගන්න පෘථග්ජනයන්ට මරණ දෙකයි. එකක් ‘රූප මරණය’. අනික ‘මම’ මරණය. අපි නිතර අහන ගම්වල අයගෙ මරණ තමයි රූප මරණය. එනම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතූන්ගෙන් හටගත් රූපය මිය යාම. එය ‘මගේ මරණය’ කියා හඳුන්වනවා.


රූප මරණයක් සිද්ධ වුණාට මිය ගිය කෙනා තුළ ‘මම’ මරණයට පත්වෙලා නෑ. ඇයි ඔහු රාග, ද්වේෂ, මෝහ උගුල්ලපු කෙනෙක් නෙවෙයි. දැන් සමහරු කියනවා බය වෙන්න එපා මැරුණත් මේ ඉඩමෙන් යන්නෙ නෑ. මැරුණත් උඹල මගෙන් බේරෙන්න නෙවෙයි කියලා.


ඒක වැරදි කතාවක් නෙවෙයි. ධර්මය අතින් නිවැරදියි. මොකද සිදු වෙන්නෙ රූප මරණයක්. ඔහු මරණයට පත් වුණත් රාග, ද්වේෂ, මෝහ ඔහු සමග යන යන තැනට යනවා.


බුදුරජාණන් වහන්සේ ‘මම’ ‘මරණයට’ පත් කරන ඖෂධය සොයා ගත්තා. කුමක්ද ඒ ඖෂධය? බඹයක් පමණ වන ශරීරය පිළිබඳ ගවේෂණය කරනවා. උන්වහන්සේ අවබෝධ කර ගන්නවා බඹයක් වන මේ ශරීරය තුළ තමයි ඇවිළීම, පිච්චීම, දැවීම තියෙන්නෙ කියලා. ඒ වගේම නිවීමත් ඒ බඹයක් වන ශරීරයේම තියෙනවා කියලා. දේදාවිතක්ක සුත්‍රයේ පැහැදිලි කරන කතාව තමයි මේ. බුදුරජාණන් වහන්සේ මාරයාට අයිති පැත්ත ‘මර’ සොයා ගත්තා. මාරයාට අයිති නැති පැත්ත ‘අමර’ සොයා ගත්තා.


රාග, ද්වේෂ, මෝහ නමැති ‘සං’ හැමවිටම විඥානයට ආහාර සපයනවා. ඒ නිසා විඥානයට ආහාර දීම බුදුන් වහන්සේ ‘වරණය’ කළා. ‘සංවර’ කියන්නේ මේකයි. විඥානයට ආහාර දීම සිඳ දැමුවා. ‘සන්සිඳවීම’ යනු මේකයි. අද සියලු භාවිතයන් මාරයාගේ වචන වෙලා. කිසිම සංවරයක් නැති පෘථග්ජනයන්ට සංවරයි කියනවා. ශාන්ත (සං අන්ත කිරීම) භාවිත කරන්නේත් මාර ලෝකයේ අයට. ඒ තමයි මාර චක්‍රයේ හැටි.


“එත්තේ සං උප්පජ්ජමාන උප්පජ්ජති පහිය මානා පහීයති”


එනම් ඒ ඒ මොහොතේම ‘සං’ උපදින උපදින මොහොතේම ප්‍රහාරණය කළ යුතුයි කියන එකයි.


උපදින වෙලාවේ ‘සං’ ප්‍රහාරණය කළාම විඥානයට කෝ ආහාර. විඥානයට ආහාර නැති වෙද්දී ‘මම’ නැතිවෙනවා. ‘සං’ නැති වෙනවා. එවිට ‘විසං’ ඇති වෙලා.


වීත රාගී, වීත ද්වේෂී, වීත මෝහී කියන්නේ ‘විසං’ වල ස්වභාවයයි.


යම් ගසක පොත්ත ගලවන්න ගලවන්න ලියලනවා. ඒ කියන්නේ ගසේ වැඩීමක් තියෙනවා කියන එකයි. රාග පොත්ත, ද්වේෂ පොත්ත, මෝහ පොත්ත මුලින්ම ගලවා දැමුවොත් සියලු ප්‍රශ්න ඉවරයි.


එවිට මම යැයි මගේ යැයි ගන්න දෙයක් නෑ. 


ප්‍රඥාව කියන්නේ ප්‍රකෘති තත්ත්වයටයි. ප්‍රඥාව යනු ස්වභාවයයි. ප්‍රඥාව යනු වීත රාග, චීත ද්වේෂි, වීත මෝහී යන ‘විසං’ කරුණය. එය කිසි විටෙකත් අස්භාවය නොවෙයි. එය ස්වභාවයයි. නමුත් අද මාර චක්‍රයේ මිනිස්සු ප්‍රඥාව දකින්නේ අස්වභාවයක් ලෙසයි. විකෘති ඥානයක් ලෙසටය.


ධර්මයට අනුව ස්වභාවය ප්‍රඥාව නම් අස්වභාවය කියන්නේ කුමක්ද? හොඳට තේරුම් ගන්න. ඔබට තරමක් ගැඹුරුයි. අස්වාභාවය කියන්නේ ‘සං’ (රාග, ද්වේශ, මෝහ) වලට ආහාර සපයන විඥානයටයි. එය විකෘති ඥානයක්. ඔහු නිසයි මමත්වය මරණයට පත් කරන්න නොහැකි වී තියෙන්නෙ. එහෙනං ‘සං’ (රාග, ද්වේෂ, මෝහ) යනු අස්වාභාවයයි. ‘විසං’ (වීත රාග, වීත ද්වේෂ, වීත මෝහ) ස්වභාවයයි.


සතර අපාය, මනුෂ්‍ය භවය, දිව්‍යලෝක, බ්‍රහ්මලෝක යන තල 31 තුළම තියෙන්නේ ‘සං’. එනම් විඥානය ආහාර සපයන තැන්. විඥානයට ආහාර සැපයීම අවසන් වුණාම ‘මම’ කියලා කෙනෙක් මේ කිසිම තලයක උපදින්නේ නෑ. නිවීමට පත් වුණා. සාරයි කියන මේ ලෝකයේ උපදින්නේ නෑ.


ප්‍රකෘති තත්ත්වය තුළ හෙවත් ස්වභාවය තුළ ප්‍රඥාව තුළ ‘මම’ යැයි මගේ යැයි ගැනීමට දේකුත් නෑ. ගන්නට කෙනෙකුත් නෑ. මේකනෙ ස්වභාවිකත්වය. ඒකට කියනවා බුද්ධ කියලා. එනම් භවය උදුරා දැමූ කියන අදහස. මොනවද උදුරා දැම්මේ? රාග භව, ද්වේෂ භව සහ මෝහ භවයයි.


බෞද්ධයා කියන්නේත් ‘භවය’ ‘උද්ධ’ (උදුරා දමන) අයටයි. ඒත් අද බෞද්ධයන් බොහෝ දෙනෙක් ‘භවය’ ‘උද්ධ’ කරන කටයුත්තට ඇවිත් නෑ. භවය උදුරා දමනවා වෙනුවට භවය වවා ගන්නවා.  මේ නිසා පළමුව බෞද්ධයා එහි අර්ථය පිළිපන්නෙක් වෙන්නට ඕනෙ. ‘භවය’ ‘උද්ධ’   කිරීමට මොන තරම් දේවල් කළ යුතු ද? ඒවා කවරක් ද? යන්න ඔවුන් දන්නේ නෑ.

අද ‘සංඝ’ යනුවෙන් භික්ෂූන් වහන්සේ අර්ථ ගන්වනවා. ඇයි මේ සංඝ කියන්නේ. ත්‍රිවිධ රත්නයට අයිති නිසා ද?
‘සං’ ගසා දමන්නා ‘සංඝයි’. එනම් රාග, ද්වේෂ, මෝහ ගසා දමන කෙනාටයි. සියල්ලන් ගමන් කළ යුතු වන්නේ එතැනටයි.
(මතු සම්බන්ධයි)

සටහන - අසංක ආටිගල

 



අදහස් (0)

සසරින් එතෙර වෙන්න කළ යුතු දේ

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3005 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 22 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1429 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 423 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 162 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site