IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වංචාකාරී බිරිඳට සිරබත් කෑමට සිදුවෙයිි

ජීවිතය යහ මගට ගැනීමට නිවැරදි මගපෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.  


කැස්බෑව බී. චාන්දනී ලියා එවූ කතාවක් මෙසේය.  


අපි ඔහුව චාමර යැයි කියමු. පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් උසස් ලෙස සමත් වූ චාමර ඒ අනුහසින් කොළඹ උසස් ජනප්‍රිය පාසලක ඉගෙන ගැනීමේ වරං හිමිකර ගත්තේය. එම ගමන ඔහු නිමා වූයේ සරසවි වරම් හිමි කර ගැනීමෙනි.  


උපාධිය සමත් වීමෙන් අනතුරුව පශ්චාත් උපාධිය හැදෑරීමට ඔහු එංගලන්තය බලා ගියේය. වත් පොහොසත්කමින් පිරිපුන් පවුලක ඉපදුණු චාමරට ඇවැසි වූයේ අධ්‍යාපනයෙන් ඉහළට යාමය.  


එංගලන්තයට ගිය චාමර එම අරමුණ ඉතා ඉහළින් ජය ගත්තේය. එසැනින්ම එරට පෞද්ගලික සමාගමක විධායක ශ්‍රේණියේ රැකියාවක්ද්‍ ඔහුට හිමි විය.  


ජපන් ජාතික මිතුරකු ඔහුට මුණ ගැසෙන්නේ ඔය අතරවාරයේදීය. ඔහුගේ යෝජනාවකට අනුව ජපානයෙන් වාහන ගෙන්වා අලෙවි කිරීමේ ව්‍යාපාරයක් චාමර ආරම්භ කළේය.  


මෝරන තලමල සේම සාර සුබාවට ව්‍යාපාරය දියුණු වී ගියේය. සාර්ථකත්වය කොතෙක්ද යත් නෙදර්ලන්තයේ ද එම ව්‍යාපාරය ආරම්භ කිරීමට චාමර සමත් විය. ලන්ඩන් නුවරින් නිවෙස් දෙකක් මිලදී ගත් ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙක් ලෙස නමක් දිනා ගත්තේය.  


ඉසුරින් පිරි දිවියක් ගත කළද ඔහු තවමත් තනිකඩය. ඒ සම්බන්ධයෙන් වැඩියෙන්ම සිත කලබල කර ගත්තේ කොළඹ සිටි අම්මාය. තාත්තාය.  


චාමරගේ සියලු විස්තර සහිත දැන්වීමක් සතිඅන්ත ජාතික පුවත්පතක මංගල දැන්වීම් අතිරේකයේ පළ වූයේ ඔය අතරවාරයේය.  


මංගල​ යෝජනාවට ලැබුණු පිළිතුරු පත් අතරින් එක් පිළිතුරු පතකට චාමරගේ සිත ඇදී ගියේය. ඇය වියළි රජරට පළාතේය. චාමර මෙන්ම ඇයද ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව කොළඹ ප්‍රසිද්ධ බාලිකා විදුහලක ඉගෙන වෛද්‍ය විද්‍යාලයට ඇතුල්වීමට සමත්ව සිටියාය. එක් සොහොයුරකු පමණක් සිටින ඇයගේ මව්පියන් විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ උසස් රැකියාවන්හි නියැලෙන බව සඳහන්ව තිබිණි. අපි ඇයට චමරි යැයි කියමු.  


නෑ ගමන් ආගිය කතා සියල්ල නිමාවීමෙන් පසුව චාමර යළිත් එංගලන්තය බලා ගියේය. ඔහු යළිත් ලංකාවට පැමිණියේ විවාහයට දින නියමවීමෙන් පසුවය.  


චාමරට අවශ්‍ය වූයේ චාම් විවාහ උත්සවයකින් අනතුරුව අලුත් මනාලිය සමග ඇමෙරිකාවට යාමටය. එහෙත් චමරිගෙන් මෙන්ම ඇගේ මව්පියන්ගෙන්ද එයට අවසරයක් නොවීය. ඔවුන්ට උවමනාවූයේ ගමට රටට ඇසෙන්නට මගුල් කෑමටය. එහෙත් එලෙස වියදම් කිරීමට ඔවුන් සතුව වත් පොහොසත්කමක් නොවන බව චාමරට දැනෙමින් තිබිණි. එහෙත් තමාගේ මනාලිය වෙනුවෙන් කරන වියදම් අපරාධයකැයි චාමර නොසිතුවේය. එහෙයින් ඔහු අතදිගහැර වියදම් කළේය.  


කොළඹ තරු පංතියේ හෝටලයක මංගල සාදය සංවිධානය විය. මනාලියගේ රන් ආභරණ සියල්ලෙහිම වියදම් චාමරගෙන්ය. ඒ වියදම් මගුල් ගෙවල් හත අටකට වුවද ප්‍රමාණවත්ය. එම වියදම්වල විශේෂ වෙනසක් දැනුණද චමරි කෙරෙහි උපන් ප්‍රේමය නිසාම චාමර ඒවා කිසිවක් ගණන් නොගත්තේය.  


විවාහයට පෙරදා රාත්‍රියේ චමරිගෙන් හදිසි ඇමතුමකි.  


‘හරි වැඩේ ඔයාගේ මගුල් මුද්ද හොයාගන්න බෑ. අලුත් එකක් ගන්න අතේ සල්ලිත් නෑ. ඔයා කොහොමහරි මගුල් මුද්දක් අරගෙන එන්න.’  


මෙබඳු දේ විය හැකිද? එහෙත් එය සිදුවී තිබේ. අනාගත මනාලිය ගැන සැකයක් ඇති කරගත හැකිද? නොහැකිය. ඒ සිතිවිලි පවා චාමරගේ සිතට බර වැඩිය. එහෙයින් චාමර කිසිවක් විශ්වාස නොකළේය. චමරිට අවශ්‍ය පරිදි සියල්ල සිදුවිය. මල්වලට පමණක් ලක්ෂ 10 කි. මාලයට ලක්ෂ 20 කි. මෙමගින් ඉතිරි වියදම් පිළිබඳව සිතාගත හැකිය.  


චාමර යළි එංගලන්තය බලා ගියේය. චමරි දැන් ඔහුගේ බිරිඳය. එහෙයින් පශ්චාත් උපාධියකට ලියාපදිංචි කර චමරිව එරටට ගෙන්වා ගැනීමට චාමර සමත් විය. පශ්චාත් උපාධිය අවසන් කළ චමරි වෛද්‍යවරියක ලෙස අලුත් ජීවිතයක් ආරම්භ කළාය.  


සියලු පහසුකම් චාමරගෙනි. නිවෙසේ සියලු කටයුතුද චාමරගෙනි. සිය රථයෙන් රැකියාවට යන චමරි සවසට නිවෙසට පැමිණ වි​වේක දිවියක් ගත කළාය.  


වසරක පමණ ඇවෑමෙන් මෙම කැදැල්ලට අලුත් අමුත්තෙක් එක් විය. මාස 6 කට පමණ පසු බබා රැගෙන චමරි යළි ලංකාවට ගියාය. එහෙත් චාමරගේ දෙමාපියන්ට දරුවාගේ මූණවත් බලන්නට වරම් නැත.  


පවුල් දෙක අතර විරසකය එපමණටම බලවත්ය. දරුවා නැති සොවින් පෙලුණ චාමර ලංකාවට පැමිණියේ චමරි සහ දරුවා යළිත් එංගලන්තයට රැගෙන යාමටය. නිවෙසේ වැඩ කටයුතු කිරීමට සේවිකාවක් ද ලංකාවෙන් ගෙන්වා ගැනීමට චාමර සමත් විය.  


නිවෙස තුළ තමන්ට එරෙහිව මහා කුමන්ත්‍රණයක් සිදුවෙන බව චාමරට දැනෙමින් තිබිණි. එහෙත් තම බිරිඳ සැක කිරීමට තරම් පාපී සිතක් ඔහුට නොවීය. එහෙත් සැකය තීව්‍ර කරන සිදුවීම් එකක් පසුපස එකක් වශයෙන් ඔහු​ගේ අතට හසුවිය.  


දිනක් මැදියම් රාත්‍රියේ නිවෙසේ පහත මාලයේ කිසියම් රහස් කතාබහක් සිදුවන බව චාමරට දැනුණි. කාටත් නොදැනෙන්න ඔහු පහත මාලයට කරපොවා බැලුවේය. බිරිඳ සිය මෙහෙකාරිය තවත් අමුත්තෙකු සමග බර කතාවකය. සැණෙකින් චාමර අමුත්තා හඳුනා ගත්තේය. ඒ බිරිඳගේ සහෝදරයාය. 

 
ඔහු එංගලන්තයට ආවේ කොහොමද? පැමිණියේ කුමකටද?  


එහෙත් ඒ ප්‍රශ්නවලට චාමරට පිළිතුරු ලැබුණේ නැත.  


දිනක් නිවෙසේ ඉදිරිපස දොරට තට්ටු කරන ශබ්දය ඇසී චාමර දොර ඇරියේය. පැමිණ සිටියේ පිස්කල් නිලධාරීන්ය.  


‘ඔබට එරෙහිව මේ ගෙදර නෝනා පැමිණිල්ලක් දාලා තියෙනවා. ඔබ වහාම මේ නිවෙසින් පිටවිය යුතුයි.’


එය නියෝගයකි. අවනත විය යුතුමය. චාමර ඒ මොහොතේම නිවෙසින් එළියට බැස්සේය. ළඟම ඇති පොලිසියට චාමර ගියේය.  


දින දෙකක් පොලිස් කූඩුවේ සිටීමට චාමරට සිදුවිය. චාමර චාමරිට පහර දුන් බවට පොලිසියට පැමිණිලි කර තිබූ අතර සාක්ෂියට ඉදිරිපත් කර තිබුණේ මෙහෙකාර කාන්තාවය. එරට නීතිය අනුව කාන්තාවකට පහරදීම බලවත් වරදකි.  


දින දෙකක් පොලිස් කූඩුවේ සිටි චාමර යළි නිවෙසට ආවේය. ඒ එනවිටත් චමරිගේ මව සහ පියාත් සහෝදරයාත් එම නිවෙසේ පදිංචිව සිටියහ. විශේෂිතම සිද්ධිය වන්නේ චමරි එම නිවෙස ඒ වනවිටත් පිටස්තරයකුට විකුණා තිබීමය.  


සියල්ලම අහිමිවූ චාමර නාඳුනන රටක අසරණයෙක් විය.  


දිගු කාලයක් පුරා ඉතා සූක්ෂමව ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයක් පලදරා තිබුණේ එසේය.  


මිතුරකුගේ නිවෙසේ නතරවූ චාමර ජීවිතය අලුතෙන් පටන් ගත්තේය. තමාට සිදුවූ අවනඩුව නීති මාර්ගයෙන්ම විසඳා ගැනීමට ඔහු කටයුතු කළේය. ඒ සඳහා අවශ්‍ය සියලු සාක්ෂි ඒකරාශී කරගත් චාමර අධිකරණයට ගියේය.  


අවසානයේදී චාමර නිර්දෝෂී විය. චමරිට සිරබත නියම විය. චමරිගේ මවුපියන්ට ලංකාවට ඒමට සිදුවිය. කටුනායක ගුවන්තොටුපළේ සිට නිවසට ඒමට ඔවුන්ට සිදුවූයේ ත්‍රිරෝද රියකිනි. එහෙත් නිවෙසට ඒමට තරම් වාසනාවක් ඔවුන්ට නොවීය. ඉදිරියෙන් පැමිණි කන්ටේනරයක ත්‍රිරෝද රිය හැපුණි.  


ඔවුන්ට මතක එපමණකි.  


මංගල දැන්වීම් මගින් අප වගේ තරුණයන් හඳුනාගෙන ඉක්මනින් පොහොසත් වීමට උත්සාහ දරන වංචනික පවුලකට නිසි දඬුවම් ලැබුණා. චාමර තම මිතුරන්ට එසේ කියයි.  

 



පාදුක්ක බෙලිඅත්තවිල කේ.​ෙක්. පියරත්න මහතා ලියා එවූ කතාවක් මෙසේය.  


නගරං සෝමේගේ අවසන් ගමන   


මෙයට දසක හතරකට පමණ ඉහත රජරට ප්‍රදේශයේ සිදුවූ සිද්ධියකි. රජරට ප්‍රදේශයේ ඈත එපිට දුෂ්කර ගම්මානයක ජීවත්වූ බබුන් සිං​ෙඤා්ට හා එන්සොනෝනාට දාව උපන් පවුලේ තුන්වැනි දරුවා ලෙස මෙලොව එළිය දුටු සෝමදාස තම පියාගේ ගොවිතැන් වැඩපලට සහයෝගය දෙමින් ගමේ පාසලේ අධ්‍යාපනය ලබාගත් අතර මොහු තරමක් මුරණ්ඩු දරුවෙක් විය. 


පාසැලේ අටවැනි ශ්‍රේණියට පමණ ගොස් මොහු අධ්‍යාපන ගමන අවසන් කළ අතර මොහු අනුරාධපුර නගරයේ රැකියාවක් සොයා ගමෙන් පිටව ගියේය. 


මොහුට එහිදී හමුවූයේ පාපතර මිත්‍රයන්ය. එහිදී ඔහු අනුරාධපුර නගරයේ කසිප්පු මුදලාලි කෙනෙක් ළඟ කසිප්පු විකිණීමට යොමුවූ අතර කලක් ගතවූ පසු මොහු විසින්ම කසිප්පු පෙරීම හා විකිණීම කරගෙන යන ලදී. පසුව මොහු අනුරාධපුර පළාතේම ප්‍රසිද්ධ කසිප්පු ව්‍යාපාරිකයකු බවට පත්විය. 


මේ අතර මේ සඳහා සේවකයෝ දහදොළොස් දෙනෙකු සේවය කළහ. මේ අතර මොහුට වටිනා වාහනද නගරයේ ගෙවල්ද කඩද අයත්විය. 


එම පළාතේ මොහුගේ නම ‘නගරං සෝමේ’ යන නමින් ප්‍රසිද්ධියට පත්විය. ඒ වෙන විට මොහු හා මොහුගේ ගෝලබාලයන් විසින් එම පළාතේ මිනීමැරුම් ප්‍රධාන මංකොල්ල ගණනාවකට සම්බන්ධ වී තිබිණි. 


ඒ සඳහා මොහුට අනුරාධපුර උසාවියේ නඩු ගණනාවක් ඇසෙමින් තිබිණි. මෙසේ කාලය ගෙවීයන අතර රටේ මහ මැතිවරණයද ලංවෙමින් තිබිණි. 


රජරට ප්‍රදේශයේත් මැතිවරණ උණුසුම ළංවෙත්ම පළාතේ දේශපාලනඥයන් පළාතේ නමගිය අපරාධකරුවන් අතර ඇයිහොඳයිකම් පැවැත්විණි. 


මේ අවස්ථාවේදී නගරං සෝමේ ද එම පළාතේ ප්‍රධාන පක්ෂ අපේක්ෂකයකුට සහයෝගය දුන් අතර මොහු විසින් එම දේශපාලකයාට උදවු උපකාර කළ අතර විරුද්ධවාදීන්ට පහරදීම් වෙඩිතැබීම් මැතිවරණ රැස්වීම් කඩාකප්පල් කිරීම ආදී දේ කරමින් මොහු සහ මොහුගේ සහචරයින් මුළු රජරට ප්‍රදේශයම භීෂණයට පත්කළේය. එම මැතිවරණයේදී මොහුගේ දේශපාලකයා හා ඔහුගේ පක්ෂය ජයග්‍රහණය කළ අතර රජය පිහිටුවීමෙන් පසුව නගරං සෝමේගේ දේශපාලකයාට අමාත්‍ය ධූරයක්ද ලැබිණ. ඉන් පසුව නගරං සෝමේ කිසිදු බයක් සැකක් නොමැතිව මොහුගේ නීතිවිරෝධී වැඩ කටයුතු කරගෙන යයි. නගරං සෝමේට ඇමතිවරයා මගින් කලගුණ සැලකීමක් වශයෙන් අරක්කු තැබෑරුමක් ලබාදුන්නේය. අමාත්‍යවරයා ලවා රැකියාවල් සහ වෙනත් කටයුතු සඳහා සෑහෙන සෙනඟක් මොහුගේ නිවසට පැමිණෙයි. නගරංසෝමේ විසින් එම අයට රැකියාවල් සහ වෙනත් දේ කරදුන් අතර රැකියාවල් දෙන මුවාවෙන් නගරංසෝමේ විසින් තරුණියන් අමාරුවේ දැමූ අවස්ථාද අනන්තය. 


මෙසේ කාලය ගෙවී යන අතර නගරංසෝමේ නගරයේ සුපිරි නිවසක් ඉදිකළ අතර කඩ ගණනාවක්ද මිලයට ගෙන තිබිණි. 


මෙසේ කාලය ගෙවී යන අතර සුර සැප විඳිමින් නගරංසෝමේ කාලය ගෙවන අතර වසර ගණනාවකට පසුව නැවත මැතිවරණයද පැමිණෙමින් තිබිණි. 


නගරංසෝමේ විසින් තම දේශපාලකයාට ආධාර උපකාර කළ අතර පළාතේ බොහෝ තරුණියන් සහ තවත් මැර කණ්ඩායම් මොහුගේ අපේක්ෂකයාට විරුද්ධ අපේක්ෂකයාට ආධාර උපකාර කළ අතර මේ අනුව මුළු රජරට ප්‍රදේශයම භීෂණය වෙලාගෙන තිබිණි. 


මෙසේ උදාවූ මැතිවරණ දිනය විවිධ කලකෝලාහල මැද අවසන් විය. එදින රාත්‍රියේ මැතිවරණ ප්‍රතිඵල නිකුත්වූ අතර නගරංසෝමේගේ දේශපාලකයා පරාජය වී ඇති බව පසුදින පාන්දර වෙන විට දැකගත හැකිවිය. 
නගරංසෝමේ සහ ඔහුගේ සහචරයන් පළාතෙන්, පැන ගොස් සැඟවුණු අතර විරුද්ධවාදීන් විසින් මොහුගේ ගෙවල්, බාර්, වාහන සියලු දේ ගිනිතබා විනාශ කළ අතර මොහුට කරකියා ගැනීමට කිසිවක් නොමැතිවිය. 
ඉන් පසුව නීතිවිරෝධී කටයුතු සියල්ල නතරවූ අතර මොහුගේ සුරාසැල් අළුගොඩක් බවට පත්විය. නඩු සඳහා මොහුගේ තිබුණු සියලු දේ විකුණා දැමූ අතර මොහුට සියලු සේසතම අහිමි විය. 


මෙසේ දිනක් මොහු උසාවියේ නඩුවක් සඳහා එනවිට මග රැක සිටි විරුද්ධවාදීන් විසින් ඔහුගේ අත්පා කපා සිරුරෙන් වෙන්කරන ලදී. පසුව ඔහු රෝහල් ගත කළ අතර කාලයක් රෝහලෙහි සිට මොහුට රෝහලෙන් පිටවීමට සිදුවූයේ දෑත් දෙපා නොමැතිවය. 


ඉන්පසුව මොහුට තිබූ සියලු දේපලත් හිතවතුනුත් නොමැතිවූ අතර මොහුට ජීවත්වීම සඳහා නගරයේ සිඟා කෑමට සිදුවිය. 


මෙසේ කලක් දුක් විඳිමින් කාලය ගෙවී මොහු මියගිය අතර මොහුගේ දේහය භාරගැනීමට කිසිවෙක් නොවීය. රජයේ වියදමින් රෝහල් කම්කරුවන් විසින් දේහය පොදු සුසාන භූමියේ භූමිදාන කරන ලදී. 


එම පළාතේ වැඩිහිටි අය කියනු ඇසුනේ ‘නගරංසෝමේට මෙලොවදීම පලදුන් බවය.’ 

 

 

 

මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ‘ඉරිදා ලංකාදීපයට’ යොමු කරන්න. 

 



අදහස් (0)

වංචාකාරී බිරිඳට සිරබත් කෑමට සිදුවෙයිි

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3681 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 34 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1464 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 456 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 168 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 273 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site