සංවර්ධනය වෙනුවෙන් කොතෙක් මුදල් වැය කරන බව කීවද යන්නට එන්නට පාරක් තොටක් නැති ගම්බිම් රැසක් තවමත් වියලුව ආසනය පුරාම දක්නට ඇත.
මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කණුගොල්ල, ගොඩයාගම, උඩවෙල, පල්ලේවෙල ආදී ගම්මානවල පවුල් සිය ගණනක්ද ලොග්ගල්ලා ඔයෙන් එගොඩ මෙගොඩ වීමට පාලමක් නැති කමින් විවිධ දුෂ්කරතා රැසකට මුහුණ දී සිටිති.
කලකට පෙර මෙම ස්ථානයේ අත්වැල් පාලමක් ඉදිකර තිබුණ ද වසර දහයකට පමණ පෙර පැමිණි මහා ගංවතුරකින් පාලම ගසාගෙන ගිය බව ගමේ වැඩිහිටියෙකු වූ ඩී.එම්. පොඩි අප්පුහාමි මහතා පැවැසීය.
ඔහු මෙසේද කීය.
“මහත්තයෝ පවුල් සිය ගානක මිනිස්සු උදේ හවස මේ තොටුපළින් එගොඩ මෙගොඩ වෙනව. ඒත් පාලම කැඩුණට පස්සේ මේ මිනිස්සු පුදුම දුකක් විඳගෙන තමා ඔයෙන් එහා මෙහා යන්නේ.
ඩී. එම්. කරුණාවතී : “අපේ ගෙවල් තියෙන්නේ මෙහා පැත්තේ. කුඹුරු තියෙන්නේ එහා පැත්තේ. ඒ නිසා දවසකට දෙතුන් සැරයක් අපි මෙතනින් එගොඩ මෙගොඩ වෙන්න ඕනැ. ඒ වගේම අපේ ගම්වල දරුවො පාසල්යාම සඳහාත් මේ ඔය හරහා යන්න ඕනැ.
අසංග රත්නසිරි : “මෙතනින් ඉස්සර ඉඳලම මිනිස්සු එහා මෙහා ගියා. කීප දෙනෙකුම මෙතන ගිලිල මිය ගිය නිසා තමා මෙතන අත්වැල් පාලමක් හැදුවේ. ඒත් පාලම හදල ටික කාලයක් යද්දි මහ ගං වතුරක් ඇවිත් ඒක කඩාගෙන ගියා.
පාලම යළි හදල දෙන්න කියල කියන්න ඕනෑ හැමෝටම කීවත් යළි පාලම හැදුවේ නැහැ.
ඩී. එම්. කිරිබණ්ඩා : මේ පාලම ඇරුණම ඔය හරහා එගොඩ වෙන්න ළඟපාත වෙන පාලමක් ඇත්තේ නෑ. ඒ නිසා අමාරුවෙන් හරි මෙතනින් එහා මෙහා ගිහින් තමා වැඩ ටික කර ගන්නේ. හැබැයි වැහි කාලෙට මේ පාලමෙන් යන්න බැහැ. එතකොට කරන්නේ ඔය දෙපැත්තේ තියෙන ගස් දෙකකට උණ ගහක් බැඳල ඒක දිගේ ගිහින් එහා ගොඩට යන එකයි.
ඩී. එම්. පුංචිබණ්ඩා :
මෙතන ලොකු අනතුරක් තියෙනව. කලිනුත් තුන් දෙනෙක් මෙතන ගිලිල මැරුණා. ඒ නිසා පරණ පාලමේ ඉතිරිවෙලා තියෙන කොටස් ටිකත් එකතු කරගෙන ආයෙත් පාලම හදල දෙන්න කියල අපි රජයෙන් වගේම ඌව පළාත් මහ ඇමැතිතුමන්ගෙනුත් ඉල්ලා හිටිනව.
මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්
මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්
මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.
බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප
එදිරිවීර සරච්චන්ද්‍ර ඉස්සෙල්ලම මුණගැහෙන මොහොත ගැන කතා කරමු අපි.
දින කිහිපයක් ඇවෑමෙන් සෙබළ සූරියබණ්ඩාර කෑගල්ල නගරය වෙත යන ලද්දේ එහි වූ ස්ටුඩියෝවෙන් තම ඡායාරූප ලබා ගැනීමේ අරමුණිනි. එහිදී ඔහුට 36 කොඩැක් සේයා පටලයෙන් මා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලොග්ගල්ලා ඔයට පාලමක් හදා දුන්නොත් පිනක්