IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


යුද්ධයේදී අාබාධිත වූ රණවිරුවන් තිදෙනකුට එකම දා මංගල සීනු

අපට කුරිරු ත්‍රස්තවාදයෙන් නිදහස් රටක් උරුමකර දීම සඳහා ඔවුහු ජීවිත පරිත්‍යාග කළහ. ඇට, ලේ, මස්, නහර පූජා කළහ. අවසායේදී පැතූ ඒ නිදහස රණවිරුවන්ගේ උතුම් ජීවිත පරිත්‍යාගයෙන් රටට ලැබුණි.


රට දැය වෙනුවෙන් යුද බිමට ගිය බොහෝ රණවිරුවෝ යෞවන වියේදීම ආබාධිතයන් වූහ. ඇතැමකු පූර්ණ ආබාධිතයන් වූයේ ඔවුන්ගේ යෞවනත්වය සුළඟේ පා කර හරිමිනි. යුද්ධය අවසන් වී දැන් බොහෝ කල්ය. ඇතැමුන්ට රණවිරුවන් කළ පරිත්‍යාගය දැන් මතක වී ගොස්ය. එවැනි තත්ත්වයකදී යුදබිමේදී සතුරු ප්‍රහාරයන්ට ගොදුරුව පූර්ණ ආබාධිත වූ යෞවනයන් තිදෙනකුගේ අත ගැනීමට රුවැති තරුණියන් තිදෙනකු ඉදිරිපත් වීමේ විරල සිදුවීමක් පසුගියදා කුරුණෑගලින් වාර්තා විය.  


මේ සිදුවීමෙන් කියාපෑවේ රට වෙනුවෙන් තම තුරුණු දිවිය කැප කළ රණවිරුවන් වෙනුවෙන් තම යෞවන දිවිය කැපකිරීමට තරම් මේ මහපොළොවේ පය ගසා සිටින තරුණියන් ද සිටිනා බවය. එසේම රණවිරුවන් පිළිබඳව වූ අභිමානය ජනතා සිත්සතන් තුළ තවමත් නොනැසී පවතින බවය. යුද හමුදාවේ විජයබාහු පාබළ රෙජිමේන්තුවේ සේවය කරන පූර්ණ ආබාධිත රණවිරුවන් තිදෙනෙකුට මංගල සීනු හැඬවූයේ ඔවුහු තවදුරටත් ජීවන මඟේ තනි නොවන බව පසක් කරමිනි.  


කුරුණෑගල බෝගයනේ පිහිටි විජයබාහු පාබළ රෙජිමේන්තු මූලස්ථානයට අයත් ‘සැලියුට්’ උත්සව ශාලාවේදී මේ අපූරු විවාහ උත්සවය සිදු කෙරිණි.  


මාතලේ මහවෙල පදිංචි සැරයන් බී.ජී.එස්.කේ. නන්දසිරි මහතා ගොකරැල්ල වදගමේ නිශාන්ති මධුෂානි මෙනෙවියගේද මතුගම පන්නිල පදිංචි ක්‍රෝප්‍රල් තරිදු චාමිකර මහතා මතුගම බදුවත්තේ පදිංචි දිස්නා ප්‍රබෝධනී මෙනෙවියගේද අම්පාර පදියතලාව තපස්සිකයායේ පදිංචි කොප්‍රල් එම්.සී. ප්‍රේමසිරි මහතා හොරොව්පොතානේ මොරකෑවේ චන්දිමා හේමලතා රණතුංග මෙනෙවියගේද අතගත්හ.  


ව්‍යාපාරිකයන් පිරිසකගෙන් සැදුම්ලත් ගම්පහ ‘සියනෑවේ අපි’ සංවිධානය මෙම විවාහ මංගල්‍යයේ පූර්ණ දායකත්වය ලබාදී තිබුණි. විවාහයේ සාක්ෂිකරුවන් ලෙස යුදහමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා සහ කුරුණෑගල ප්‍රකට ව්‍යාපාරිකයකු වන කුරුණෑගල සිංහල වෙළෙඳ සංගමයේ සභාපති ඩයස් රත්නායක මහතා අත්සන් තැබූහ.   


වර්තමානයේ අනුරාධපුර අභිමංසලෙහි සේවය කරන සැරයන් නන්දසිරි 8 වන විජයබාහු පාබළ රෙජිමේන්තුවට අයත්ය. මාතලේ රනලවැව මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා 2003-09-05 වන දින යුදහමුදා සේවයට එක්ව අැති ඔහු 2006-09-20 වන දින යුද්ධයේ උච්චතම අවස්ථාවේදී යාපනය නගර්කෝවිල් හීදී ත්‍රස්තවාදීන්ගේ මෝටර් ප්‍රහාරයකට ගොදුරුවීමේන් ආබාධිත තත්ත්වයට පත්ව සිටියි.  


එම ප්‍රහාරයෙන් ඔහුගේ සිරුරෙන් සියයට 80ක පමණ කොටසක් ආබාධිතව තිබෙන අතර, සිරුරේ වම් අංශය අප්‍රාණිකව පවතී. විවාහයෙන් පසු ඉදිරියට වසර දෙකක කාලයක් අභිමංසල සුවසහන මධ්‍යස්ථානය යටතේ පුනරුත්තාපනය වීමට අදහස් කරගෙන සිටින ඔහු තම නිවසේ ඉදිකිරීම් කටයුතු නිමවනතුරු මාපියන්ට හිමි නිවසෙහි පදිංචිවීමට සැලසුම් කර ඇත. මේ​ දෙදෙනාගේ විවාහය ප්‍රේම සම්බන්ධතාවක් මත සිදුවීම විශේෂත්වයකි.  


කඹුරුපිටිය අභිමංසල 2 හි සේවය කරන කෝප්‍රල් චාමිකර 6 වන විජයබාහු පාබළ රෙජිමේන්තුවේ සාමාජිකයෙකි. මතුගම ඉත්තෑපාන මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇති ඔහු 2006-10-25 වන දින හමුදා සේවයට එක්ව ඇත. යාපනය පුදුමාතලන් හීදී 2009-05-17 වන දින ත්‍රස්තවාදී මෝටාර් ප්‍රහාරයකට ගොදුරුවීමෙන් සිරුරේ තුනටියෙන් පහළ කොටස අප්‍රාණිකව තිබේ. මේ නිසා ඔහුට තම සියලු කටයුතු කරගැනීමට සිදුව තිබෙන්නේ රෝද පුටුවේ සිටය.   
වසර 12ක සේවා කාලය සම්පූර්ණ වීමට ආසන්න බැවින් වෛද්‍ය හේතූන් මත හමුදා සේවයෙන් විශ්‍රාම යාමට කෝ‍ප්‍රල් චාමිකර තීරණය කර ඇත. ඔහු සමඟ විවාහ වූ දිස්නා ප්‍රබෝධනී මෙනෙවිය වෘත්තියෙන් රජයේ ලිපිකාරිනියකි. මොවුන්ගේ විවාහයද ප්‍රේම සම්බන්ධයක් මත සිදුව ඇත.  


හතරවන විජයබාහු පාබළ රෙජිමේන්තුවේ සේවය කරන කොප්‍රල් එම්. ජී. ප්‍රේමසිරි පදියතලාවේ පදිංචිකරුවෙකි. ඔහු හමුදා සේවයට එක්ව ඇත්තේ 2007-10-01 වැනිදාය. මුලතිව් පුදිකුඩිඉරුප්පු හිදී 2009-02-03 වන දින ත්‍රස්තවාදීන් එල්ල කළ මෝටාර් ප්‍රහාරයකට ගොදුරු වීමෙන් තුවාල ලැබූ ඔහුගේ වම් අත සහ වම් පාදය මේ වනවිට සම්පූර්ණයෙන්ම අක්‍රීයව පවතී. මේ දෙදෙනාගේ විවාහය පමණක් යෝජනාවකින් සිදු වූවකි.  


මෙම ත්‍රිපුද්ගල විවාහයන් ‘සියනෑවේ අපි’ සංවිධානය විසින් මේ ආකාරයට සිදු කෙරුණු දස වැනි විවාහය වේ. එම සංවිධානය සමාජ සද්කාර්යයක් සේ බලකමින් යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන් මේ ආකාරයට විවාහ ගැන්වීම අරඹා තිබෙන්නේ 2012 වසරේදීය. ඉන් අනතුරුව මෙම වසර දක්වාම වාර්ෂිකව නොකඩවා මෙම සද්කාර්යය එම සංවිධානය ඉටුකරමින් සිටීම සුවිශේෂී කරුණකි.   


‘සියනෑවේ අපි’ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයන් වන කථිකාචාර්යවරයකු වන ආනන්ද ද සිල්වා, නීතිඥ උදය කුමාර සහ ගම්පහ වෙළෙඳ සංගමයේ කළමනාකාර නොයෙල් මහත්වරු එක්ව සියලුම මංගල චාරිත්‍ර වාරිත්‍ර විධි ඉටු කළහ. නොයෙල් මහතා ද විශ්‍රාමික ගුවන් හමුදාවේ ආබාධිත රණවිරුවකු වීමද විශේෂත්වයකි.  


මේ විවාහ කටයුතු සංවිධානය පිළිබඳව අදහස් දැක්වූ ‘සියනෑවේ අපි’ සංවිධානයේ නිර්මාතෘ සමන් ජයලත් මහතා මෙසේ පැවසීය.  


“අපි මේ කාර්යය ඉෂ්ට සිද්ධ කරන්නේ මේ රණවිරුවන් කරපු කැපකිරීම නිසයි. අද අපි යහතින් ජීවත් වෙන්නේ ඔවුන් ගැන සිතලයි. ඔවුන් අපිට නිදහස් රටක් ලබාදීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළා. එවැනි කැපවීමක් අප වෙනුවෙන් කළ ඔවුන් රැකබලා ගැනීම කළගුණ දත් ජාතියක් හැටියට අපේ වගකීම හා යුතුකම වෙනවා.  


එම වගකීම හා යුතුකම තේරුම්ගනිමින් අපි 2012 වසරේදී මේ කටයුත්ත ආරම්භ කළා. 2012, 2013, 2014, 2015 වසරවලදී එක් අාබාධිත රණවිරුවකු බැගින් විවාහ සිදුකර දුන්නා. ඊළඟට 2016 වසරේදී රණවිරුවන් තිදෙනකුගේත්, මේ වසරේදී රණවිරුවන් තිදෙනකුගේත් විවාහය අපි සිදුකර දුන්නා. මොවුන් සියලු දෙනා යුද්ධයේදී පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ අයයි.  


මේ සඳහා එම රණවිරුවන්ටත් ඔවුන්ගේ සහකාරියන්ටත් කිසිම වියදමක් දරන්න වෙන්නේ නැහැ. ‘සියනෑවේ අපි’ සංගමයේ සාමාජික මහත්ම මහත්මීන් වගේම විවිධ සංවිධාන, පුද්ගලයන් සියලු කටයුතු කර ගැනීම සඳහා යුද හමුදාපතිවරුන්ගෙන් අපිට විශාල සහයක් ලැබෙනවා. ඒ සහය නොලැබුණානම් අපට මේ කටයුතු සාර්ථකව සිදුකර ගන්න බැහැ.  

 

 

යුද්ධයට ගිය රණවිරුවන් වගේම යුද්ධයෙන් ආබාධිත වුණු රණවිරුවන් වැඩිම පිරිසක් ඉන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙයි. මේ නිසා කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිටින එවැනි ආබාධිත රණවිරුවන් සොයාබලා ඔවුන්ට ද මේ ආකාරයට විවාහ මංගල්‍යය සිදු කරදීමේ කර්ත්‍යවය සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කිරීමටත් අපි තීරණය කළා. ඒ සඳහා ‘සියනෑවේ අපි’ වගේම ‘ඇතුගල්පුර අපි’ නමින් සංවිධානයක් බිහි කිරීමටත් අපි තීරණය කර තිබෙනවා.”  
විශාල පිරිසකගෙන් සහභාගිත්වය ලැබුණු, රසවත් කෑම වර්ගවලින් පිරීගිය, නැටුම් ගැයුම්වලින් සපිරුණු අංගසම්පූර්ණ අතිසුන්දර විවාහ උත්සවයක අසිරිය විඳ ගැනීමට මේ ආබාධිත රණවිරුවන්ට සහ ඔවුන්ගේ සහකාරියන්ට අවස්ථාව ලැබිණ. යුද්ධයෙන් ආබාධිත වූ තමන්ට යළි කිසිදු දිනෙක මෙවැනි සුන්දර විවාහයකට එළැඹීමට ලැබේවි යැයි ඔවුහු සිතන්නට නැත. මේ නිසාම එක් රණවිරුවකු පැවසුවේ මෙම විවාහය තමන්ට සිහිනයක් ලෙස දැනුණු බවය.   


එසේම මෙවැනි පූර්ණ ආබාධිත රණවිරුවකුගේ සහකාරිය වීමට තීරණය ගත් මේ තරුණියන් තිදෙනාද මෙලෙසින්ම අගය කළ යුතුය. මොකද මෙවැනි ආබාධිත වූවන් සමඟ දිගු කාලයක් යුගදිවියක් ගත කිරීම ඔවුන්ට ලැබී තිබෙන බරපතළ අභියෝගයක් වන නිසාමය. සැබැවින්ම මෙය අපූරු කැපකිරීමකි. මෙවැනි රණවිරුවකුගේ භාර්යාව වී ඔවුන් රැකබලා ගෙන ජීවිතය ගෙනයාම එම තරුණියන් තිදෙනා මෙලොව ජීවිතයේදී ලබාගත් විශාල පුණ්‍යකර්මයක් ද වනු ඇත.  


මෙම විවාහ මංගල්‍යයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවූ යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ඒ පිළිබඳව අදහස් පළකළේ මෙසේය.  


“මේ රටේ සාමය සංහිඳියාව වෙනුවෙන් අපේ රණවිරුවන් කටයුතු කළේ ජීවිත පරිත්‍යාගයෙන්. විශාල පිරිසක් යුද්ධයේදී රට ජාතිය වෙනුවෙන් දිවි පිදුවා. රට වෙනුවෙන් ඇස්, ලේ, මස් පූජා කළා. දිවි පිදූ අය වගේම යුද්ධයෙන් ආබාධිත වූ මෙවැනි යෞවනයන් රැකබලා ගැනීම අපි සැමගේම වගකීමක් සහ යුතුකමක් වෙනවා.  


තම ශරීර අවයව රට වෙනුවෙන් පූජාකළ රණවිරුවන් තුන් දෙනකුට අද මංගල සීනු හැඬවුණා. මේ සඳහා පූර්ණව මැදිහත් වෙලා ‘සියනෑවේ අපි’ සංවිධානය ඉටුකළේ අසමසම කාර්යයක්. එම සද්කාර්යය මා ඉතා ඉහළින් අගය කරනවා.”  


මේජර් ජනරාල්වරුන් වන ශවේන්ද්‍ර සිල්වා, පියල් වික්‍රමරත්න, විජයබාහු පාබළ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර්වරුන් වන චන්දන ගුණරත්න, පාලිත ජයවීර, ශ්‍රීනාත් ආරියසිංහ, රොෂාන්ත කැටකුඹුර මහත්වරු ඇතුළු යුද හමුදාවේ උසස් නිලධාරීහු රැසක්ද ආබාධිත රණවිරුවන්ද, විවාහ දිවියට පත් මනාල යුවළගේ ඥාතීහු විශාල පිරිසක් ද මෙම මංගල උත්සවයට සහභාගී වූහ.

 

 

 

 

 

 

 

 

 

 

 

සේයාරූ හා සටහන :
පුෂ්පකුමාර ජයරත්න

 



අදහස් (0)

යුද්ධයේදී අාබාධිත වූ රණවිරුවන් තිදෙනකුට එකම දා මංගල සීනු

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3483 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 32 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1451 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 451 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 165 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 278 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site