IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පියාගේ එළුවන් මරා කෑ පුතුට අත් වූ ඉරණම

ජීවිතය යහ මගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   

 

අංගොඩ කුඩා බුත්ගමුව එම්.ඒ.ජයසිරි මහතා ලියා එවූ කතාවක් මෙසේය.   


බස්නාහිර පළාතේ පිහිටි එම ගම්මානය මීට දශක තුනකට පමණ ඉහතදී පහසුකම් අඩු ප්‍රදේශයක්ව පැවති අතර, ජනයා ද එතරම් බහුල නොවූහ. විවිධ වෘත්තීන්හි නිරත වූ ඔවුහු සාමකාමීව දිවි පෙවෙත ගත කළහ.   
පියදාස නමින් අප මෙතැන් සිට හඳුන්වනු ලබන මොහුද එලෙස නිහඬව දිවි ගෙවූ අයෙකි. කිරි වෙළදාම පියදාසගේ ජීවනෝපාය වූ අතර නිවෙස් වලට එළුකිරි සැපයීම ඔහු​ගේ මූලික කටයුත්ත විය. එහෙත් කලත් ගත වනවාත් සමගම හෙතෙම හදිසියේ රෝගාතුර වුයේය. දරුණු රෝගයක් පියදාසට වැළඳී තිබූ අතර ටික දිනක් තුළදී ඔහු අවාසනාවන්ත ලෙස මිය ගියේය. එසේ මිය යාමට පෙර තම එකම පුතුගෙන් ඉල්ලීමක් ද කර තිබිණි.   
එනම් එළුවන් රැක බලා ගෙන කිරි සැපයීමේ කටයුත්ත හොඳින් කර ගෙන යන ලෙසය. එය එලෙසම ඉටු කරන බවට පුතු ද පොරොන්දු විය. අවිවාහකයකු වන හෙතෙම මහතුන් යනුවෙන් අපි හඳුන්වමු. ඔහු ඒ වන විටද වාහන අලුත්වැඩියා කිරීමේ ආයතනයක් තම ගෙමිඳුලෙහි තනිවම පවත්වාගෙන යමින් තිබිණ.   


එනමුදු අලුත් වැඩියා කටයුත්තක් සඳහා වාහනයක් එහි පැමිණියේ මසකට වරක් හෝ දෙවරක් පමණක් බැවින් කිරි සැපයීමේ කටයුතු බාධාවකින් තොරව, සිදු කරගෙන යාමට මහතුන්ට හැකියාව ලැබිණ. එහෙත් එය ද ටික කලකට පමණක් සීමා වූ අතර පියාට වූ පොරොන්දුව ඉටු කරනවා වෙනුවට එය නොසලකා සිටීමට ද නොයෙක් විට උත්සාහ දරුවේය.   


ඒ එළුවන් පෝෂණය කිරීම කරදරකාරී කටයුත්තක් ලෙස ඔහු කල්පනා කළ බැවිනි. ඒ බව සිය මිතුරන් කිහිපදෙනෙකු හට ද පවසා තිබූ අතර එළුවන් මසට විකිණීම ඔවුන්ගේ අරමුණ විය. එහෙත් අසල්වාසීන් හට එය හෙළි වෙතැයි සැකයෙන් මහතුන් ඊට එකඟ නොවීය. පාප මිතුරන් ඉන් පසු බට නොවු අතර එළුවන් මරා මසට ගනිමු යැයි ඔහු හට ඇවටිලි කරන්නට වූවෝය.   


උපයන මුදල් සුරාව සඳහා වැය කරන පින් පව් පිළිබඳව එතරම් තැකීමක් නොකරන අයෙකු වන මහතුන් ඊට එකඟ වූවා පමණක් නොව එය ක්‍රියාවට නැංවීමට ද යුහුසුළු විය.   


කතිකා කර ගත් පරිදි එකිනෙකා දිනක් රහසේ හමු වූ අතර සෙසු අය​ෙග් සහය මත මහතුන් විසින් එළු දෙනගේ ​ෙගල සිඳනු ලැබුවේ පළ පුරුදු තැනැත්තකු විලසිනි. පසුව එදින රැය පුරා මධු විතෙන් සප්පායම් වෙමින් එම මාංශ අනුභළු කරමින් ඔවුහු සිත් සේ සතුටු වූවෝය.   


එය ඉන් අවසන් නොවූ අතර ඊට නුදුරු දිනක දී ඉතිරි එළු දෙනගේ ඉරණම ද පෙර පරිද්දෙන්ම ඔවුන් විසින් විසඳනු ලැබීණ. එසේම දින කිහිපයක්ම කිරි නොලැබීයාම පිළිබඳව ඇතැමුන් විමසූ විට එම එළුවන් බෝ වෙන රෝගයක් වැළඳී මිය ගිය බවක් පැවසීමට ද මහතුන් වග බලා ගෙන තිබිණ. මෙලෙස කිසිදු අමුත්තක් නොමැතිව සති කීපයක් ගෙවුණ අතර දිනක් හවස අබලන් වාහනයක් තවකෙකු සමග තල්ලු කරගෙන පැමිණි අයකු මහතුන් ඇමතුවේය.   


එහි පවතින කාර්මික දෝෂය යථා තත්ත්වයට පත්කර දෙන්නැයි ද අයැද සිටියේය. මහතුන් ඒ අනුව උපකරණ ද ගෙන වාහනයේ එන්ජිම පරීක්ෂාවට ලක් කළේය. පසුව පිටත පැමිණි අතර බිම දිගා වී එහි යට කොටස පරීක්ෂා කරන්න වූයේය. අවාසනාවකි. වාහනය හඬක් නොනගා සෙමින් සෙමින් ධාවනය වන්නට වූ අතර, එහි දකුණු පස රෝදය මහතුන්ගේ ගෙළ මතින් ගමන්කොට නතරවූයේ සෙසු අය වික්ෂිප්තව බලා සිටියදීය.   
සියල්ල සිදු වීමට ගත වූයේ තත්පර කිහිපයක් වැනි සුළු කාලයකි. පිරිස එක්ව මහතුන් රෝහල වෙත ගෙන යාමට කටයුතු කළ නමුදු ඒ වන විටත් හෙතෙම මිය ගොස් සිටියේය. මාංශ අනුභවය පිණිස අහිංසක එළුවන් ගෙල කපා මරා දැමීමේ පාප කර්මයට කල් නොයවාම ඔහුට මෙලොවදීම දුක් විපාක ලැබුණු බව එය ඇසූ දුටු කාගේත් පිළිගැනීම විය.   

 



අනුරාධපුර පබා රණසිංහ මහත්මිය ලියා එවූ කතාවක් මෙසේය.   


නිගරු කොට සසුනට වැටුණේ මහා දුකකට   


අාගමික ගෘස්තෘවරුන්ට ගැරහීම හා අපහාස කිරීමද සිල්වත් හා ගුණ ධර්ම වලින් හෙබි පූජ්‍ය පක්ෂයට හෝ ගිහි පක්ෂයට අපහාස හා නිගරු කිරීම මෙලොව හා එලොව යන දෙතැන්හිදීම විපාක දිය හැකි පවක් බව බුදු දහමේ දැක් වේ. එවැනි පව් කම් කළ අයට මෙලොවදී පහර කෑමෙන් වේදනාවට ලක්වීම, අතපය කොන්ද කැඩී යාම නිසා වේදනාවට පත් වීම, සුව කළ නොහැකි පිළිකා වැනි දරුණු ආබාධ ඇති වීම, සිහි විකල් වීම, ධනය පිරිහි නැති වී යාම, රජුන්ගෙන් ලැබෙන දඬුවම් තමාද අභූත චෝදනා වලට ලක් වීම, නෑදෑයින් තමා හැර යාම, නිශ්චල හා වංචල දේපළ විනාශ වීම් හා ගෙවල් දොරවල් ගින්නෙන් විනාශ වීම ආදියට ලක් විය හැකි බව බුදු දහමේ දැක් වේ. මරණින් මතු සතර අපායන්හි උපදින බවද දැක්වේ.   


මේ කතාවද පූජ්‍ය පක්ෂයට අපහාස කළ අයෙකු පිළිබඳ කතාවකි. රජරට පළාතේ ගමකට පිට පළාතකින් පදිංචියට පැමිණි ඔහු වඩු කාර්මිකයකු විය. සයිමන් බාස් (නියම නම නොවේ) යනු​ෙවන් ගම්මු ඔහුව හැඳින්විය. ගමේත් නගරයේත් සුළු සුළු වඩු වැඩ කරමින් ඔහු දිවි ගැට ගසා ගත්තේය.   


දියණියන් තිදෙනෙකු සමග ගමට පැමිණි ඔහු පසුව දියණියන්ම දෙළොස් දෙනකුගේ පියෙකු බවට පත් විය. මේ නිසා ගමේ තරුණ කැළ දුසිම් බාස් යන නමක් පට බැන්ඳාහ. ග​ෙම් කවුරුත් ඔහු නැති තැන හැඳින්වූයේ දුසිම් බාස් යනුවෙනි.   


දියණියන් දොළොස් දෙනෙකුම ලද ඔහුගේ බිරිය ජීවිතයේ සැඳෑ සමය එළඹෙත්ම පිනට දහමට නැඹුරු වූවාය. එහෙත් ඇගේ සැමියා කිසි දිනෙක කිසිදු ආකාරයක පින් කමකට සහභාගී නොවූ අතර බුදුන් වහන්සේටද සංඝයා වහන්සේලාට ද අපහාස කරමින් කතා කරන්නට පුරුදු විය. බිරිය ද දියණියන් ද කොතෙක් ඉල්ලා සිටියත් ඔහුගේ එම ගතිය බිඳක් අඩු නොවීය. මුලදී වඩු වැඩ වලින් අත මිට සරු වුවත් පසුව එන්න එන්නම ධනය අතින් ඔහු පිරිහීමට ලක් විය. දියණියන් අට දෙනෙකු විවාහ වී පිට පළාත් වල පදිංචියට ගියත් ඔවුන්ගෙන් කිසිදු උදව්වක් පියාට නොලැබුණේ බෑණා වරුන්ට තම මාමණ්ඩිය එපා වී තිබූ නිසාය. පවුලේ අග හිඟකම් වැඩිවත්ම දුසිම් බාස් මත් වතුරට ද ඇබ්බැහි විය.   


මොහුගේ බිරියගේ සොයුරියන් මිය යාම නිසා බිරිය දියණියන් ද කැටුව මළ ගෙදර ගියේ සැමියා නොමැතිවයි. බීමත් කමත් ආගම දහමට අපහාස කිරීම නිසාත් කිසිදු නෑදෑයෙක් මොහුව ගණන් ගත්තේ ද නැත. බිරිය මළ ගෙදර යාමට පෙර සැමියාට මුදල් ද දී ඉල්ලා සිටියේ පසු දින උ​ෙද් හීල් දානය සඳහා කඩයකින් ආප්ප හෝ ඉඳි ආප්ප රැගෙන ගොස් භික්ෂූන් වහන්සේට පූජා කරන ලෙසය.   


තමාට ද මුදලක් ලැබුණ නිසා ඔහු අකැමැත්තෙන් වුවත් එය භාර ගත්තේය. බිරිය ලොකු අකුරෙන් උදෙන්ම පන්සලට හීල් දානය ගිහින් දෙන්න කියා කඩදාසියක ලියා ඔහුට පෙනෙන තැනෙක තබා ගමන පිටත් වූවාය.   
රාත්‍රියේ මත් වතුර බී උදේ පමා වී පිබිදුණ දුසිම් බාස් බිරිඳගේ ඉල්ලීම සිහි වී ඉක්මණින්ම පා පැදියේ නැගී කඩයකට ගොස් ආප්ප හයක් හා කෙසෙල් ගෙඩි හයක් ද එකට රෝල් කරගෙන කඩදාසියක ඔතාගෙන පන්සලට ගියේය. පන්සලේ හිටියේ වයස් ගත හිමි නමක් පමණි. ඔහු තම පාර්සලය හාමුදුරුවන් වෙත විසි ​ෙකාට ඔන්න උදේ කෑම ගෙනාවා. කාලා දාන එකයි ඇත්තේ කියා හාමුදුරුවන් කිසිවක් කියන්නටත් පෙර ආපසු ගියේය. හාමුදුරුවන්ගේ හිත හොඳටම රිදුණි. මෙවන් දුර්ජනයකුගේ දානය කුමකට දැයි සිතා හිමියෝ එය අතින් වත් ඇල්ලුවේ නැත. දහවල් දානය ලැබෙනතෙක් නිරාහාරව ඉවසා සිටියහ.   


දුසිම් බාස්ට ආපසු ගෙදර යාමට නොලැබුණි. අතර මගදී කුලප්පු වී දුවගෙන පැමිණි මී හරකෙකු ඔහුට අැන දරුණු ලෙස තුවාල කර ඇත. පාපැදියෙන් වැටීම නිසා කකුලත් කැඩී තිබුණ අතර මී හරකා ඇනීම නිසා බඩවැල් ආමාශය හා අක්මාව දරුණු ලෙස තුවාල වී තිබුණි. තුවාල වූ කොටස් කපා ඉවත් කළ නමුත් ඔහුට ආහාර ගැනීමට නොහැකි විය. ආමාශ්‍ය කුඩා වීම නිසා ඝන ආහාර ඔහුට තහනම් විය. දියර ආහාර පමණක් ඔහුට හිමි විය. අද මෙන් කෘත්‍රීම පාද නොමැති නිසා ඔහුට ඇවිදිමට ද නොහැකි විය. ​රෝහලින් නික්ම ගොස් ආහාර නොමැතිව කායිකව හා මානසික වේදනා විඳීම නිසා ඔහු උන්මත්තකයකු බවට ද පත් විය. ගමේ අයට මෙන්ම පවුලේ අයට ද ඔහු එපා විය. කිරි තැඹිලි වතුර හා බීම බෝතල් පමණක් ඔහුට අවශ්‍ය පෝෂණය ලබා නොදුන් නිසා එන්න එන්නම දුබල වූ දුසිම් බාස් ධාරාණිපාත වැසි ඇද හැලුණු දිනයක රාත්‍රියේ පන්සල ඉදිරිපිටම බොරලු පාරේ මිය ගොස් තිබුණි. ඔහු කළ අපරාධයට වසරක් ගෙවීමටත් පෙර දුක් විඳ මිය යාමට සිදුවීම ගමේ කාටත් මෙය කදිම පාඩමක් විය.   

 



මතුගම පාන්තිය පියසේන   

​ෙදාඩම්ගොඩ මහතා ලියා එවු කතාවකි.   

ගසෙන් වැටුණ ‘‘ජෙමාට’’ ඇහැක් කටක් අැරීමට පවා ඉඩක් ලැබුණේ නැත  


දැනට දශක පහ හයකට පමණ පෙර ගම්බද ජනාකීර්ණ නොවූ බැවින් ගමකට තිබුණේ දෑතේ ඇඟිලි ගණනින් ගැනිය හැකි වූ ගෙවල් අතලොස්සක් පමණි. විදුලිය හා හරි හමන් මංමාවත් එදා නොතිබුණ අතර අඩියෙන් අඩිය සුවිසල් මහා මන්දිර ද තිබුණේ නැත. පොල් අතු සෙවිළි කළ වරිච්චි කටු මැටි බිත්ති වලින් නිම කළ ගෙවල් දොරවල් වල ළමා ළපටින් හත් අට දෙනා සමග ගැමි ජනතාව නිදුකින් නිරෝගීව දිගු කලක් ජීවත් වූ බව නොරහසකි. 


උණක් හෙම්බිරිස්සාවක් හැරෙන්නට ගැමියන්ට හිසෙන් බසින රෝගයක් ද වැළඳුණේ නැත. පසු කාලයක දී ගොවියාට වගා කිරීමට වස විස අඩංගු රසායනික පොහොර ඇතුළු විස සහිත බෙහෙත් ද්‍රව්‍ය පුරුදු කළ බැවින් මේ වෙන විට ගොවියා පමණක් නොව මුළු රටේම ජනතාව භයානක මාරක ලෙඩ රෝග පීඩාවන්ට ගොදුරු වී ඇත. ඩෙංගු රක්තපාත, මී උණ, වකුගඩු රෝග, ප්‍රෙසර් හි දියවැඩියාව ආදී රෝග වලින් මුළු රටම වෙලාගෙන ඇත. වැඩි වුන ජනගහණයත් සමග ඇති වූ මංමාවත් සමග රථ වාහන අධික ලෙස භාවිතයට ගැනීමෙන් දැනට රටේ සිදු වෙන මාර්ග අනතුරු වලින් මිය යන ගණන පමණක් නොව අංගවිකල තත්වයට පත් වෙන අයගේ ගණන ද අති මහත්ය. එදා නිවී සැනසිල්ලේ ජීවත් වූ ගැමි ජනතාව වෙනුවට අද ඇත්තේ කාර්ය බහුල ජන සමාජයක දිවි ගෙවන රුපියල් සත පසු පස හඹා යන ජනතාවක් වීම දෛවයේ සරදමකි. අද රටේ මරණය පවා ඉතා සරල සැහැල්ලු කරුණක් බවට පත් වී තිබීම කණාගාටුවට කරුණකි.   


​රටේ කෙතරම් ජනශූන්‍ය වුවත් ආර්ථිකය යහපත් වුණත් පිස්සු කෙළින යකා නටන හොරුන් තක්කඩියන් හා සල්ලාලයින්ද ගම් දනව් වල නොසිටියා නොවේ. මළ පොතේ අකුරක් නොදත් වනචර ගති පැවැතුම් ඇති ජෙමාද එවැන්නෙකි.   


තම වියපත් දෙගුරුන්ගේ පිහිටෙන් ජීවත් වෙන ජෙමා මුළු දවස පුරා සූදු පිටි වල රා පොළ වල කරක් ගසමින් නිකරුණේ කාලය කා දමන අතර රාත්‍රී කාලයේ දී ගම් වැසියන්ගේ කුකුළන්, එළුවන්, හා ගවයින් ආදී සතුන් හොරකම් කරයි. ගමේ ගොඩේ හොර කමක් සිදු වූ විටක එය ජෙමා විසින් කරන ලද එකක් බව ගමේ අය සහසුද්දෙන්ම දැන ගෙනත් ඔහුට විරුද්ධව නැගී නොසිටි බැවින් ජෙමා තම පුරුදු හොරකම් දිගින් දිගටම කරගෙන ගිය බව නොරහසකි.   


ගමේ හොරකමක් සිදු වූ දිනක හොරාට හෙන හත ලබා දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා සිටීම හැර ගම්මුන් නීතියේ පිළිසරණක් කිසි විටෙක පැතුවේ නැත. ගල් හත අටක් ගහන විට එකක් හෝ නිවැරැදි තැනට වඳින්නා සේ එක් වැසි බර හැන්දෑවක කොස් ගෙඩියක් කඩා ගැනීම සඳහා කොස් ගසට නැගගත් ජෙමාට සිදු වූයේ මහත් විපතකි. අතු අගිස්සක තිබුණ කොස් ගෙඩිය කැඩීමට උත්සාහයක යෙදුණ ජෙමා කොස් ගෙඩිය කැඩීමට පෙර පය පැකිළී අඩි හැට හැත්තෑවක් උඩ සිට ඇද වැටුණේ කොස් ගහ අසල තිබූ ගල් තලාව මතටය. ඔහු ගේ හිස ගලේ වැදී කුඩු පට්ටන් වී මිය පරලොව ගිය අතර දිවි බේරා ගැනීමට තබා ඇහැක් කටක් ඇරීමට වත් ඉඩත් නොලැබුණි. අපරාධකරුවා පිටුපස දඬුවමද නොපමාව ලැබෙන බව මින් පැහැදිලි වෙනු ඒකාන්තය.   

 

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.   

 



අදහස් (0)

පියාගේ එළුවන් මරා කෑ පුතුට අත් වූ ඉරණම

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2987 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 20 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1424 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 422 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 162 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site