IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


තවුසාගේ ශ​​ාපය

​දේවාල නම් තවුසෙක් හිමාලයේ සිටියේය. ඵලවැල කකා සිටි නිසා මේ තවුසාට ලුණු ඇඹුල් සහිත ආහාරයක් කෑමට සිතිණි. බරණැසට ආවේය. නුවර දොරටුව ළඟ නතර විය. එතැන ළමයි සෙල්ලම් කරමින් සිටියහ. තවුසා ඔවුන් ළඟට ගියේය. දරුවනි, පැවිද්දන් මෙනුවර ලැඟුම් ගන්නේ කොතැනද? ඇසීය.   


ස්වාමීනි! කුම්භකාරයාගේ ශාලාවේ. ඔහු කීහ. තවුසා ඔවුන්ට පැසසුවේය.   


එම ශාලාව සොයා ගියේය. කුම්භකාරයා හමු විය. පින්වත ඔබට අපහසුවක් නැත්නම් මේ ශාලා​ෙව් එක් රැයක් නවතින්න පුළුවන්ද ඇසීය.   


ස්වාමීනී! රාත්‍රී කාලයේ මට ශාලා​ෙවන් වැඩක් නැත. මනාප හැටියට නවතින්න. ඔහු කීවේය. තවුසාට ශාලාව භාර දුන්නේය.   


දේවාල තවුසා ශාලාවට ඇතුළු විය.   


මේ අතර තවත් තවුසෙක් කුම්භකාරයා වෙත ආවේය. ඒ නාරද නම් තවුසාය. ඔහුගෙන් රැයක් ශාලාවේ නවතින්න ඇසීය.   


ස්වාමීනී! මීට පෙර තවුසෙක් ආවේය. ඔහුට මම ශාලාව භාර දුන්නෙමි. ඒ තවුසාගෙන් අහන්න. ඔහු කැමැති නම් නවතින්න කීවේය.   


නාරද තවුසා දේවාල තවුසා ළඟට ගියේය. ඇඳුරුතුමනි, ඔබට අපහසුවක් නැත්නම් මාත් මෙහි රැයක් නවතින්නද ඇසීය.   


කමක් නෑ. එක් පැත්තක ඉන්න දේවාල තවුසා කීවේය. නාරද තවුසා ශාලාවේ තරමක් දුරින් නතර විය. ටික වේලාවක් ගෙවිණි. මේ ​දෙදෙනා සතුටු සාමීචි කථා පටන් ගත්හ. පසුව ඔවුහු නින්දට ගියහ. නාරද තවුසා දේවාල තවුසා නිදන තැනත් දොර තිබෙන තැනත් හොඳින් බලා නිදා ගත්තේය.   


​ෙද්වාල තවුසා මඳ වේලාවක් එතැන සිටියේය. යළි නැගිට්​ෙට්ය. දොරටුව ළඟ හරස් අතට නිදා ගත්තේය. නාරද තවුසාට රාත්‍රියේ එළියට යන්න අවශ්‍ය විය. නැගිට්​ෙට්ය. දොරටුව වෙත ආවේය. නිදා සිටි දේවාලගේ ජටාව පෑගිණි.   
මා පාගන්නේ කවුදැයි ඇසීය.   


ඇදුරුතුමනි මමයි. එම්බා කූට ජටිලය. කැලෑවේ සිට ඇවිත් ම​ෙග් ජටාව පාගන්නේ ඇයි.  ඇදුරුතුමනි! මම ඔබ මෙතැන නිදන බවක් නොදත්තෙමි. මට සමාවන්නැයි ඉල්ලීය. එළියට ගියේය. දේවාල තවුසා ඔහු ආපසු එන විටත් මා පාගයි සිතීය. එබැවින් හිස තැබු දිසාවට පයත් පය තැබු දිසාවට හිසත් තබා නිදා ගත්තේය.   


නාරද තවුසා ආපසු ආවේය. මම පළමුකොට ඇදුරුතුමා වරදක් කළෙමි. දැන් මම ඔහුගේ පා ඇති පැත්තෙන් යමීයි සිතීය. ඒ පැත්තෙන් ගියේය. එවර දේවාල තවුසාගේ බොටුව පෑගිණි.   


මගේ බෙල්ල පාගන්නේ කවුදැයි කෝපයෙන් ඇසීය.   


අැදුරුතුමනි, මමයි.   


ඇයි කූට ජටිලය. තොප පළමුව මගේ ජටාව පෑගුවේය.   


දෙවැනුව ම​ගේ බෙල්ල පෑගුවේය. මම තට ශාප කරමි කීවේය.   


ඇඳුරුතුමනි, මගේ වරදක් නැත. මම ඔබ මෙසේ නිදන බවක් නොදත්තෙමි. පළමුව ඔබට කරදරයක් වු නිසා පා ඇති පැත්තෙන් ආවෙමි. එවිට ඔබ ඒ පැත්තට හැරි සිටියේය. ඇදුරුතුමනි නොදැන වු දේට මට සමාව දෙනු මැනවි.  

 
කූට ජටිලය, නිදහසට කරුණු අවැසි නැත. තොප මා පෑගුවේය. කූට ජටිලය, මම තොපට ශාප කරමි.   


ඇදුරුතුමනි එසේ නොකළ මැනවි.  


 එය දේවාල තවුසා නොපිළි ගත්තේය. ​ෙත්ජෝ බලයෙන් අඳුර නසන හිරු දෙවියෙනි. ලොවට උදා වුණු සමගම මේ ජටිලයාගේ හිස පැලේවා සත්කඩයක වෙන්වේවා යයි ශාප කළේය.   


ම​ෙග් දෝෂයක් නැතැයි කියද්දී ඔබ මට ශාප කරයි.   


මා නිදොස් බැවින් දෝෂය ඇති අයගේ හිස මුදුන පැලේවා. නාරද තවුසා පැතුවේය.   


ධම්මපදට්ඨ කථා අැසුරෙනි   
හලලියේ කරුණාතිලක   



අදහස් (0)

තවුසාගේ ශ​​ාපය

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3104 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 25 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1433 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 429 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 163 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site