ගෘහස්ථ බලශක්ති අවශ්‍යතා සඳහා එල්. පී. ගෑස් භාවිතා කිරීම ඉහළ යන අතර පරිහරණයේ දී ආරක්ෂාව ගැන අවධානය යොමු නොකිරීමෙන් අනතුරු ප්‍රමාණයේ වර්ධනයක් පවතින බව නිරීක්ෂණය කළ හැකි යැයි ගිනි නිවන හමුදාවේ කොටහේන ඒකකයේ ස්ථාන භාර නිලධාරි ඩබ්. එස්. ආර්. එම්. සේනාරත්න පසුගියදා එම්. එම්. බී. එල්. පාත්ෆයින්ඩර් ආයතනයේ පැවැති වැඩ මුළුවක දී සඳහන් කළේය. කාර්ය මණ්ඩලයට ආයතනය තුළ හා නිවෙසේ දී ගිනි අනතුරක දී මුහුණ දිය යුතු අන්දම ගැන ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීම සඳහා මෙම වැඩමුළුව පවත්වන ලදී.
වැඩිම අනතුරු ප්‍රමාණයක් අළුයම් කාලයේදී වාර්තාවෙන අතර ගෑස් කාන්දුවක් වාර්තාවෙන විට අවම වශයෙන් විදුලි ස්විච් එකක් හෝ දැල්වීම අනතුරක් බව මෙහිදී අනාවරණය විය. ගෑස් සිලින්ඩරයක් පුපුරා නොයන බව සහතික කළ හැකි අතර ගෑස් කාන්දුවේ දී ක්ෂණයකින් ගිනි ගැනීම පුපුරා යෑමක් යැයි වරදවා වටහා ගනී. ගෑස් කාන්දුවෙන අවස්ථාවක හැකි ඉක්මනින් රෙගියුලේටරය ගලවා සිලින්ඩරය එළිමහන් තැනකට ගෙන යා යුතු අතර බාහිර වාතාශ්‍රය තුළ ගිනි නොගනී. සිලින්ඩරයේ ඇති හැඬලයට ආධාරකයක් යොදවා පහසුවෙන් හා ඉක්මනින් ගිනි ගන්නා සිලින්ඩරයක් පවා බැහැර කළ හැකි බව මෙහිදී දක්වන ලද අතර අනතුරු අවම කර ගැනීම සඳහා ආරක්ෂිත විධි ගැන අවබෝධය අවශ්‍ය බවද ප්‍රකාශ කළේය.
ගිනි අනතුරක් තමන්ට පාලනය කරගත නොහැකි නම් ක්ෂණික ඇමතුම් 110 මගින් ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවට දැනුම්දීම ඉක්මන් පියවරක් වෙන අතර කොළඹ අවට ප්‍රාදේශීය කාර්යාලය පවා මූලස්ථානයේ අවසරය ගැනීමෙන් පසු ක්‍රියාත්මක වෙන බව විශේෂයෙන් සඳහන් කළේය.
එම්. එම්. බී. එල්. පාත්ෆයින්ඩර් ආයතනයේ අධ්යක්ෂ නන්දන දේවගේ (පාලන හා ආරක්ෂක), අධ්යක්ෂ කේ. ඩී. ලියනගේ (නීති) මූලස්ථාන ගිනි උපදේශක ඩබ්. ආර්. රන්ජන් කුමාර සහ ගිනි උපදේශක ජේ. එල්. ජීවන්දර යන මහත්වරු සමඟ කාර්ය මණ්ඩලය මෙම උපදේශනයට සහභාගිවූ අවස්ථාව ඡායාරූපයෙහි දැක්වෙයි.
මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්
මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්
මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.
බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප
එදිරිවීර සරච්චන්ද්‍ර ඉස්සෙල්ලම මුණගැහෙන මොහොත ගැන කතා කරමු අපි.
දින කිහිපයක් ඇවෑමෙන් සෙබළ සූරියබණ්ඩාර කෑගල්ල නගරය වෙත යන ලද්දේ එහි වූ ස්ටුඩියෝවෙන් තම ඡායාරූප ලබා ගැනීමේ අරමුණිනි. එහිදී ඔහුට 36 කොඩැක් සේයා පටලයෙන් මා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකින් අනතුරු වළක්වාගන්න උපදෙස්