IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කොටින්ගේ කුරිරුකම්

 

එල්.ටී.ටී.ඊ. සංවිධානය උතුරේ සිය අණසක පතුරුවාගෙන එම ප්‍රදේශ පාලනය කළ කාලයේ බාල වයස්කාර ළමුන් පවා ළමා සොල්දාදුවන් වශයෙන් සටන් පුහුණුවීම ලබාදීමට බලහත්කාරයෙන් පැහැරගෙන ගියේ මව්පිය විරෝධය මැද්දේය.  


මේ කියන්නට යන්නේ එල්.ටී.ටී.ඊ.යේ අමානුෂික බව කෲර බව කදිමට කියාපාන හදවත් කම්පා කරවන සුළු කතාවකි.   


​ෙකාටි සංවිධානයට තම එකම දරුවා බාරදෙන ලෙස කොටි සංවිධානයෙන් ලැබී තිබූ නියෝගයක් නිසා සිත් වේදනාවට පත්වූ අඹු සැමි යුවළක් දරුවාට වස පොවා මරා දමා ඔවුන් දෙදෙනාද වස පානය කිරීම අනුවේදනීය සිද්ධියකි.   


වඩාත්ම කතාව වනුයේ මේ අඹු-සැමි යුවළට කාලයක් තිස්සේ සිට දරුවන් නොමැතිව සිටීම නිසා ඉන්දියාවේ රෝහලකට ගොස් එහිදී නළ දරු උපතක් සිදුකරගෙන පැමිණ තිබීමය.  


කොටි ගරිල්ලා සටන් පුහුණුව ලබාදීමට ඉල්ලා අැත්තේ ඒ අඹු-සැමි යුවළට සිටි නළ දරු උපතකින් බිහිකළ දරුවාය.  
කොටින්ගේ අමානුෂිකත්වය කියාපාන මේ අනුවේදනීය සිද්ධිය එවකට මන්නාරම කොට්ඨාසය බාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි ශාන්ත උඩ පමුණුව මහතා සමඟ පවසනු ලැබ ඇත්තේ දමිළ ජාතික වෛද්‍යවරයෙකු විසිනි.  


ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා 2001 වසරේ අගෝස්තු මාසයේ 21 වැනිදා සිට 2004 වසරේ ඔක්තෝබර් මාසයේ 28වැනිදා දක්වා මන්නාරම කොට්ඨාසය බාරව රාජකාරී සිදුකර ඇත.  


වසර 38 ක පමණ කාලයක් පොලිස් සේවයේ නිරතව සිටි ශාන්ත උඩපමුණුව මේ වනවිට විශ්‍රාම ලබා පදිංචිව සිටින්නේ කෑගල්ලේය.  


ඉරිදා ලංකාදීපයට විරල ගණයේ සිදුවීම් ගැන තොරතුරු සපයන උඩපමුණුව මහතා අපේ හොඳ පාඨකයෙක්ද වන්නේය.   


මේ කතාව මාත් එක්ක ඒ කාලයේ කිව්වේ මුලතිව් රජයේ රෝහලේ සේවය කළ දමිළ ජාතික වෛද්‍යවරයෙක්. ඔහුගේ නම දැන් මට මතකයේ නැහැ. මා ඔහු දැන හඳුනාගත්තේ මන්නාරම ප්‍රදේශයට පැමිණි අවස්ථාවකයි. මේ වෛද්‍යවරයා නිතර නිතර ඔහු එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශවල සිදුවන අමානුෂික ක්‍රියා ගැන ගොඩක් කතා කිව්වා. වෛද්‍යවරයා ඒ කතා මාත් එක්ක කිව්වේ බොහොම හිත් වේදනාවකින්. ඔහු කී මේ කතාව මගේ මතකයේ තාමත් නොනැසී පවතින්නේ ඒ තරමට ඒ කතාව සංවේදී නිසයි.   


විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ​ෙපාලිස් අධීකාරි උඩ පමුණුව මහතා කතාව කියන්නට ආරම්භ කළේ එහෙම කියමිනි.  
මෙතැන් සිට අපි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශාන්ත උඩ පමුණුව මහතා කියන ඒ කතාවට සවන් දෙමු.   
‘‘මල්ලාවි කියන්නේ​ මුලතිව් දිස්ත්‍රික්කයට අයිති ප්‍රදේශයක්. මල්ලාවි ප්‍රදේශයේ යමක් කමක් තිබෙන ව්‍යාපාරිකයෙක් පදිංචිවෙලා ඉඳලා තිබෙනවා. මේ ව්‍යාපාරිකයා විවාහ වෙලා අවුරුදු ගණනාවක් වෙලා තිබුණත් ඔවුන්ට දරුවෝ ඉඳලා නැහැ. මේ නිසා මේ අඹු සැමි යුවළ හරිම කනස්සල්ලකින් ඉඳලා තියෙන්නේ. කොච්ච්ර මිල මුදල් තිබුණත් දරුවෝ නැති එක ගැන ඔවුන් නිතරම කතා බහකරලා තියෙන්නේ හරිම වේදනාවකින්. දරුවෙක් හදාගන්න මේ අඹු-සැමි යුවළ නොයෙකුත් ප්‍රතිකාර වෛද්‍ය උපදෙස් ගන්න ගියත් වැඩක් වෙලා නැහැ.  


නළ දරු උපත් සිදුකරන ආකාරය ගැන ඔවුන්ගේ හිතවතෙක් ඒ සඳහා ඉන්දියාවේ තියන හොඳ ​ෙරා්හලක් ගැනත් දැනුම්දීලා තිබෙනවා. මේ බව දැනගත්තාට පස්සේ අඹු-සැමි යුවළ හරියට සන්තෝෂ වෙලා. එල්.ටී.ටී.ඊ. එක ඒ කාලයේ ඔවුන්ගේ පාලන ප්‍රදේශවලින් පිට වී තාවකාලිකව හෝ විදේශ ගතවන්නේ නම් එසේ විදේශගත වන අයගේ දේපොළ සියල්ල කොටි සංවිධානයට පවරා යා යුතු බවට නියෝගයක් පනවා තිබුණා. ඊට අමතරව ලක්‍ෂ ගණනක කප්පම් මුදලක් ගෙවීමටත් නියෝග පනවා තිබුණා. එහෙම නැතිව රටින් බැහැරව යන්න ඉඩ දුන්නේ නැහැ. මේ අඹු-සැමි යුවළත් ඒ නියෝගවලට අවනතව කටයුතු කරලා දරු සම්පතක් බලාපොරොත්තුවෙන් ඉන්දියාවට ගොස් තිබෙනවා. ආපසු ආවොත් තමා ඔවුන්ට අයිති දේපොළ ආපසු ලබා දෙන්නේ.  

 


ඔවුන් ඉන්දියාවේ රෝහලකදී නළ දරු උපතක් සිදුකරගෙන ඇති අතර ඒ දරුවා හුරුබුහුටි කොලු පැටියෙකි.  
දරු සිඟිත්තා මෙලොව එළිය දුටු දවසේ සෑම මවක් පියෙක් මෙන්ම ඔවුන්ද අසීමිත සතුටක් ලබා ඇත.   
ව්‍යාපාරිකයා සහ ඔහුගේ බිරිඳ වඩාත් සතුටු වී ඇත්තේ විවාහ වී වසර ගණනක් යනතෙක්ම දරු සම්පතක් ලැබීමට තරම් වාසනාවන්ත නොවූ නිසාය.  


ව්‍යාපාරිකයා සහ බිරිඳ ඉන්දියාවේ සිට යළි මුලතිව් මල්ලාවි තම උපන් ගමට පැමිණ ඇත්තේ දරු උපත සිදුවී මාස හයකට පමණ පසුවය.  


ඔවුන්ගේ එකම බලා​පොරොත්තුව වී ඇත්තේ පවුලේ එකම දරුවා උස් මහත් කර සමාජයට වැඩදායක දරුවකු දායාද කිරීමටය.   


එහෙත් ඒ වනවිට එවැනි වටපිටාවක් උතුරේ නිර්මාණය වී නොතිබුණේය.  


ඒ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබුණේ එල්.ටී.ටී.ඊ. යේ කැලෑ නීතියයි.   


ඔවුන්ගේ නියෝග නීති රීතිවලට පටහැනිව යන ඕනෑම අයෙකුට දැඩි වධ බන්ධනවලට ලක්වීමට සිදුවිය. එසේත් නැත්නම් අවසානයේ උරුම වූයේ මරණයයි.   


එල්.ටී.ටී.ඊ. යේ කැලෑ නීතියේ හැටි එහෙමය.   


කාලය කෙමෙන් ගෙවී ගියේය. ඉන්දියාවේ ලද නළ දරුවා ඒ වනවිට සිටියේ අවුරුදු 16 ක තරම වසයේය.   
වෛද්‍යවරයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සමග පවසා ඇති ආකාරයට ඉන්පස්සේ වී ඇත්තේ මෙවැන්නකි.   
එල්.ටී.ටී.ඊ. එකට ඒ කාලයේ සෑම පවුලකින්ම අඩු තරමින් එක දරුවෙක් හරි යුද පුහුණුව සඳහා දෙන්න ඕනෑ. ඒක අනිවාර්්‍යයෙන්ම සිදුවිය යුතු දෙයක්. ඉන්දියාවේ රෝහලකට ගිහින් නළ දරු උපතක් සිදුකරගෙන ආ ව්‍යාපාරිකයාගේ එකම දරුවත් එල්.ටී.ටී.ඊ. යට බඳවා ගන්න ඉල්ලා තිබෙනවා. ඔවුන් දෙපොළ දරුවා හදාගත් අන්දමට දරුවා ඉල්ලාගෙන ආ කොටි කණ්ඩායමේ නායකයාට පවසා තිබෙනවා. ඒත් ඔහු මව්පිය යුවළගේ මේ කතාව එච්චර ගණන් අරගෙන නැහැ. දරුවා ගෙනවිත් බාර දෙන ලෙසත් එසේ නො​ෙකාළහොත් බලහත්කාරයෙන් හෝ ඇවිත් අරගෙන යන බවට තර්ජනය කර යන්නට ගිහින් තිබෙනවා.  


එල්.ටී.ටී.ඊ. ය කිව්වොත් කිව්වාම තමා. ඒ වචනය වෙනස් කරන්න බැරි බව ඔවුන් හොඳටම දන්නවා. දරුවා සටන් පුහුණුවට අරගෙන ගියොත් ජීවිත කාලය පුරාවටම දුක් විඳින්න වෙන බවත් සටන් පෙරමුණට යැව්වාම වෙඩි කා මිය යන්නට හෝ සදාකාලික අබ්බගාතයෙක් වෙන්නට ඉඩකඩ ති​ෙබන බවත් මේ දරුවාගේ අම්මයි තාත්තයි කතා වෙලා තියෙනවා.   


දරුවා උහුලන්න බැරි දුක් වේදනා විඳලා මැරෙනවාට වඩා හොඳයි අපි දරුවාට වස පොවා මරා අපි දෙන්නත් වස බී මැරෙන එක හොඳයි කියා තීරණයකට ඇවිත් මේ අම්මයි තාත්තයි පුතාට වස පොවා ඊට පස්සේ ඔවුන් දෙන්නත් වස පානය කරලා. කොටින්ගෙන් දරුවා බේරා ගන්නයි මෙහෙම දෙයක් කරලා තියෙන්නේ. වස පෙවූ දරුවා වස පානය කළ අඹු සැමි යුවළ නිවස තුළ වැටී සිටින අයුරු දැක තිබෙන අසල්වාසීන් මේ තුන්දෙනාව මුලතිව් රෝහලට ගෙනත් තිබෙනවා. ප්‍රතිකාර ලබමින් ඉන්න කොට 16 හැවිරිදි පුතා මිය ගොස් අම්මාගේ හා තාත්තාගේ ජීවිතය බේරා ගැනීමට හැකිවී තිබෙන බව මොවුන්ට ප්‍රතිකාර කිරීමට හවුල් වූ වෛද්‍යවරයා මාත් එක්ක පැවසුවා. ජීවිතය බේරුණාට පස්සේ සම්පූර්ණ කතාව ඒ අඹු සැමි යුවළ වෛද්‍යවරයා සමඟ කියා තිබෙනවා. ඒ කතාව තමා වෛද්‍යවරයා මාත් එක්ක කිවුවේ යැයි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කීය.  


එල්.ටී.ටී.ඊ. යට බඳවා ගන්න දරුවන් පැහැරගෙන ගිය නිසා සිත් වේදනාවට පත්ව වස පානය කර හෝ සිරුරුවලට ගිනි තබා ගෙන සියදිවි නසාගත් අය ගැන ඒ වකවානුවේ දක්නට ලැබුණු බවත් වෛද්‍යවරයා මාත් එක්ක කිව්වා. නිවුන් සහෝදරයාව එල්.ටී.ටී.ඊ. යෙන් යුද පුහුණුව ලබාදෙන්න බලහත්කාරයෙන් පැහැරගෙන ගිය එක ගැන සිත් තැවුලට පත්ව අනෙක් නිවුන් සහෝදරයා වස පානය කර සිය දිවි නසා ගත් අනුවේදනීය කතාවක් ගැනද වෛද්‍යවරයා මාත් සමඟ කියා තිබෙන බවද විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ​ෙපාලිස් අධිකාරි උඩපමුණුව මහතා පැවැසීය.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය



අදහස් (0)

කොටින්ගේ කුරිරුකම්

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2868 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 13 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1413 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 420 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 162 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site