IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ආයුර්වේදයට මුවාවී කෙරෙන ලෝකයේ පැරණිම රැකියාව

පිරිසිදු ජලය පිරවූ ඔරුවක සුදු මල් පෙති පාවෙමින් තිබේ. එහි බැස සිටින්නේ සුන්දර කාන්තාවකි. එම රූපයට යටින් ආයුර්වේද පංචකර්ම ප්‍රතිකාරයන්ට අනුව රුව ලස්සන කරගත හැකි බව සඳහන් පාඨයකි. එය ලස්සන වීමට කැමති කාගේත් නෙත් සිත් වශීකරවනසුලුය.   


උතුරු කොණේ සිට දකුණු කොණ දක්වා වූ ලංකාවේ ප්‍රධාන නගරවල මෙවැනි දර්ශන පුවරු බොහොමයක් දැකගත හැකිය.   


ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන නමින් හෝ ස්පා (Spa) ලෙසින් දැන්වීම් ප්‍රදර්ශනය කර ඇති එම ස්ථාන වලින් තෙල්, බෙහෙත් හා ශාකසාර ආශ්‍රයෙන් රුවනාරි ප්‍රතිකාර සිදුකරගත හැකි බව දකින්නෙකුට සිතිය හැකිය.   
ඊට හේතු වෙන්නේ මෙම නාමයන් හා බැඳුණු ඉතිහාසගත මූලාශ්‍රයන්ය. එනම් ආයුර්වේදයේදී මල් පියලි, ශාකසාර සුවඳ ලාටු, තෙල් වර්ග, පලතුරු යුෂ, මීපැණි, රත්තරන්, රිදී වැනි දෑ මුසුකළ ඔසු ඔරුවල බහා රුවනාරි ප්‍රතිකාර සිදුකර තිබීමය.   


ඒ පිළිබඳ සොයායාමේදී හමුවන්නේ රූමත් ක්ලියොපැට්රා චරිතයයි. එනම් ඇය සිය රුව ලස්සන කරගැනීම සඳහා රත්තරන් හා කිරි මුසු ජලයේ බැස රුවනාරි ප්‍රතිකාර කළ බව ඉතිහාස කතාවල සඳහන්ය.   
එසේම බයිබලයට අනුව රූමත් එස්තර් බිසව අහෂ්වේරොෂ් රජු වෙතට යාමට පෙර ස්පා ඔරුවක සිට සුවඳ ලාටු හා තෙල් සුගන්ධය භාවිත කර ඇති බව සඳහන්ව ඇත.   


මේ ආකාරයට අතීතයේ සිට රජකුමරියන් හා රජ බිසෝවරු දේශීය ඖෂධවලින් සිය රූසපුව ලස්සන කරගෙන ඇත.   


ආයුර්වේද රුවනාරි ක්‍රම එසේ වෙන අතර අද කා අතරත් ජනප්‍රිය ස්පාවලද රසවත් ඉතිහාසයක් ඇත්තේය.   


බෙල්ජියමේ ස්පා නම් නගරය පසුබිම් කරගෙන ස්පා කරළියට ආවේය. එනම් ස්පා ලෙස හඳුන්වන්නේ ඖෂධ හෝ ලෝහ මුසු වතුර උල්පත යන්නය. එය ලතින් කියමනට අනුව ජලයෙන් ලැබෙන සෞඛ්‍ය (Health Through Water) යන අර්ථය දෙයි. එසේම Salus per Aquan යන වචන තුනේ මුල් අකුරු ගෙන SPA (ස්පා) යන්න සෑදී ඇත.   


ග්‍රීක රෝම අදහසට අනුව ප්‍රචලිත වූ ස්පා ක්‍රමය රතු ඉන්දියානුවෝ, බැබිලෝනියානුවෝ ආදීහු ඖෂධ වතුර ස්නානය කිරීමේ ආගමික අභිචාරයක් ලෙස ප්‍රචලිත කළහ.   


මේ ආකාරයට ප්‍රචලිත වූ ස්පා ක්‍රමයත්, දේශීය ආයුර්වේද හා හෝමියෝපති ක්‍රමයට සිදුකළ බෙහෙත් ඔරු, ශිරෝධාරා පංච කර්ම, නිල ඇල්ලීම ආදී ප්‍රතිකාර ක්‍රමත් සමග අද නවීකරණය වී ඇත. එනම් එය එදා සැබෑවටම ලෙඩ රෝග සුවකරන හා රුව ලස්සන කරන ප්‍රතිකාර ක්‍රමයක්ව පැවතුණත් අද සිදුවන්නේ ඒ නමට මුවාවී අයතා ලිංගික වෙළෙඳාම සිදුකිරීමය.   


එනම් ඒ සඳහා තරු හෝටල් මුහුද ආශ්‍රිත සංචාරක පුරවර ප්‍රධාන නගර සැදී පැහැදී ඇති අතර ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන යන නමට මුවාවී ගණිකා වෙළෙඳාම ව්‍යාප්ත කරති. ඒ සඳහා අන්තර්ජාලය ඇතුළු බොහෝ මාධ්‍යයද භාවිත කරති.   


ඒ හරහා ප්‍රචාරණයක් ලබාගන්නා එම ආයතනයන්හි සිදුකෙරෙන අකටයුතුකම් මෙසේය.   


වයස අවුරුදු 18 ට වැඩි කාන්තාවන් සහ අවුරුදු 50 ට නොවැඩි කාන්තාවෝ, තරුණ පිරිමි ළමයි මෙම සම්බාහන මධ්‍යස්ථානවල සේවය කරති. දේශීය හා විදේශීය තෙරපි වරියන් හා තෙරපිවරුන් ලෙස කටයුතු කරන මොවුන්ගේ සේවාව රු 1000 සිට ඉහළ අගයන් ගන්නේය.  


මෙම ස්ථාන රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන් යටතේ ලියාපදිංචිය ලබා ඇති ඒවාද වෙයි. එහි වෛද්‍ය සහයකයෙකුද සිටින අතර සෑම කාමරයකම තෙල් බෙහෙත් වර්ගද වේ. තෙරපිවරියන් හා තෙරපිවරුන් එකම ඇඳුම් මෝස්තරයකින් සැරසී සිටියි. පිට සිට බලන ඕනෑම කෙනෙකුට සිතෙනුයේ මෙම ස්ථානවල සැබෑවටම ආයුර්වේද ප්‍රතිකාර සිදුවෙන බවයි.  


ඒත් එම තත්ත්වයන්ට මුවාවී ඇතැම් ආයතන සිදුකරන අයතා ලිංගික ගනුදෙනුවේ සැබෑ පැතිකඩ මෙසේය.  


2017 වසරේ මැයි අටවැනි දින මීගමුව උසාවියේදී රු 12,000 ක දඩ මුදලක් නියම කරන ලද්දේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වා ගෙන ගිය කාන්තාවකටය.  


2017 වසරේ මැයි 30 වැනි දින අනුරපුර නගරයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය මසාජ් ක්ලිනික් එකක් වටලා ඇති අතර සුදුසුකම් නොලත් තෙරපිවරියන් 15 ක් අත්අඩංගුවට ගෙන ඇත්තේය.  


එසේම පොසොන් පෝය ආසන්න දිනයක සම්බාහන ආයතන මුවාවෙන් පවත්වාගෙන ගිය නීතිවිරෝධී ස්ථාන 14 ක් අනුරාධපුර පොලිසිය විසින් වටලා ඇති අතර අභිසරු ලියන් 52 ක් අත්අඩංගුවට ගෙන තිබුණි.  
මීට අමතරව ජුනි 07 වැනි දින මීගමුව උසාවියේදී අතිරේක මහේස්ත්‍රාත් රංකොත්ගේ මහත්මිය රු 13,000 බැගින් වූ දඩ මුදල් නියම කර තිබුණේ ආයුර්වේද වෛද්‍යවරයකු නොමැතිව පවත්වාගෙන ගිය නීතිවිරෝධී සම්බාහන මධ්‍යස්ථාන හිමි කාන්තාවන් හතරක් උදෙසාය.  


ජුලි 12 වෙන දින තලවතුගොඩ ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස ප්‍රචාරය කර ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකි. එහිදී අනාවරණය වී තිබුණේ පාදුක්ක, දඹුල්ල, බණ්ඩාරගම, පස්සර, ගලේවෙල, වත්තේගම, හපුතලේ, හඟුරන්කෙත ආදී ප්‍රදේශවල පදිංචි වයස 20 සිට 36 දක්වා වූ රූමත් විවාහක මෙන්ම අවිවාහක කාන්තාවන් අත්අඩංගුවට ගත් බවයි.  
සැප්තැම්බර් 11 වැනි දින කොල්ලුපිටිය ප්‍රදේශයේදී ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ආයුර්වේද වෛද්‍යවරයෙකු ඇතුළු තරුණියන් හතර දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.  


මීට අමතරව පන්නිපිටිය, බම්බලපිටිය වැනි ස්ථානවල ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන නමින් පවත්වාගෙන ගිය නීතිවිරෝධී ගණිකා මධ්‍යස්ථාන වැටලීම් කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.  


2017 වසර අවසන් වීමට මත්තෙන් නාවල වෝල්ටර් ගුණසේකර මාවතේ දෙමහල් නිවසක ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් මිරිහාන පොලිසිය දිසා දූෂණ මර්ධන අංශය මගින් වටලා කාන්තාවන් 18 ක් අත්අඩංගුවට ගෙන ඇත.  


මේ 2017 වසරේ පොලිසිය විසින් සිදුකළ වැටලීම්වලින් අංශු මාත්‍රයක් පමණි.  


මේ තොරතුරු ගවේෂණයේදී හෙළිවන්නේ බොහෝ ස්ථානවල සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් ගණිකා වෘත්තිය ව්‍යාප්ත කරන බවයි. ඒ පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා සම්බාහන මධ්‍යස්ථාන කීපයක සේවය කරන තරුණියන් කීපදෙනෙකු සම්බන්ධ කරගත් අතර ඔවුන් පැවසූ තොරතුරු මෙසේය.   


අැය අවුරුදු 24 ක සුරූපී අවිවාහක තරුණියකි. මා ඇගෙන් මුලින්ම විමසා සිටියේ ඇත්තටම මෙම සම්බාහන මධ්‍යස්ථානවල පංචකර්ම ප්‍රතිකාර සිදුකරනවාද යන්නය. ඇය ඊට දුන් පිළිතුර මෙසේය.  


“සමහර විට එහෙම කරන තැන් ඇති. ඒත් මම දන්න ගොඩක් තැන් එහෙම නෑ. ඒත් ඒ තැන්වල ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙක් ඉන්නවා. ඔහුට සහයකයෙකුත් ඉන්නවා. ඩොක්ට වෙනම කාමරයක ඉන්නේ පොලිසියෙන් පැන්නොත් කියන බයට. සහායක තමයි හැමදේම කරන්නේ. අයිතිකාරයෝ අපි දන්නේ නෑ. ආයුර්වේද ප්‍රතිකාර ගැන පුහුණු අයත් නෙවෙයි අපි. ඒත් ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් බව පෙන්වන්න ඕනෑ ලියාපදිංචි සහතික තියෙනවා. තෙල් බෙහෙත් වර්ග තියෙනවා. අපි ඒවා පාවිච්චි කරන්නෙත් නෑ. කරන්න දන්නෙත් නෑ. ක්‍රීම් වර්ග තමයි පාවිච්චි කරන්නේ. මෙතෙන්ට එන්නේ  ළමයි, වයසක අය හා රැකියා කරන අය. උදේට ඉගෙන ගන්න යන තරුණ ළමයි තමයි වැඩිපුර එන්නේ. ජොබ් වලට යන අය හවසට එන්නේ.  


අපි මේ ස්ථානයේ ලිංගික හැසිරීමක් කරන්නේ නෑ. සම්බාහනය මගින් ආශ්වාදයක් ලබාදීමයි කරන්නේ. සමහර අය නම් පිටදී හම්බවෙනවා. මෙතනට එන්න පුරුදුවෙච්ච අය එයාලා දන්න අයව ඉල්ලනවා. අලුතින් කෙනෙක් ආවොත් අපිව පෝලිම් ගස්වලා කැමති කෙනා තෝරාගන්න අවස්ථාව දෙනවා. මම නම් මෙතන විතරයි ජොබ් එක කරන්නේ. උදේ 9 ඉඳලා රෑ 11.00 වෙනකම් ඉන්න පුළුවන්. අපිත් එක්ක වැඩ කරන සමහර අක්කලා බැඳලා දරුවෝ ඉන්න අය. සමහරු බඳින්න ඉන්න අය. ඒ අයගෙන් කොටසක් වෙන රැකියා කරනවා. මේකට එන්නේ පාර්ට් ටයිම් ජොබ් එකක් විදියට.”  


ඇය එසේ පවසද්දී ලැබෙනා මුදල් පිළිබඳවද විමසුවෙමි. එහිදී ඇය කියා සිටියේ එක සේවාදායකයකුගෙන් ආයතනයට රු 1500 ක් ලැබෙන අතර අදාළ කාන්තාවට රු 1000 ක් ලැබෙන බවය. මේ ආකාරයට මුදල් ලබාගන්නා අතර සේවය සඳහා ලැබෙන උපරිම කාලය පැයක් පමණකි.  


සිංහල, දෙමළ හා තායි කාන්තාවන් සේවයේ නිරතවෙන අතර අදාළ ආයතනය විශාල මුදලක් ඉපයීම සිදුකරයි. සේවයේ යෙදෙන කාන්තාවන්ට ආයතනයෙන් මුදලක් නොගෙවන අතර දවසට එන සේවාදායකයන් ප්‍රමාණය අනුව ඔවුනගේ දවසේ ආදායම තීරණය වේ.  


මීළඟට මා තෝරාගත්තේ සුපිරි ගණයේ සම්බාහන මධ්‍යස්ථානයක සේවය කරන තරුණියකි. ඇය සේවය කරන ස්ථානයේ සියයට සීයක් නොවුවද යම් තරමක ප්‍රතිකාරයන් සිදුවෙන බවත් ඊට එහා ගිය තවත් ගනුදෙනු සිදුවෙන බවත් පැවසුවාය.  


“එන කස්ටමර්ට අනාවරණ රුපියල් 10,000 ක් කවුන්ටරයට ගෙවලා කැමති ගෑනු ළමයව තෝරාගන්න පුළුවන්. එයා කාමරයට ආවට පස්සේ අපි මුලින්ම කරන්නේ කකුල් දෙක, නියපොතු, කන්පෙති ඇඟිලි දත් ආදිය පිරිසිදු කිරීම. ඊට පස්සේ සුවඳ කැවූ ඔරුවකට බස්සවලා ඇඟ පිරිමදිනවා.  


තුන්වෙනුව කරන්නේ ඇඟ තෙත මාත්තු කරලා සුවඳ තෙල් ගාන එක. පස්සේ කොණ්ඩා පීරලා පිරිසිදු කරලා සියලු කටයුතු අවසන් කරනවා. ඒ සියල්ල එයා මුලින් දුන් රුපියල් 10000 හේ මුදලට පමණයි සිදුකරන්නේ. ඒ කටයුතු වලට අමතරව වෙනත් කිසිදු කටයුත්තක් සිදුකරන්නේ නෑ.  


ඒ ආකාරයට සේවය ලබාගන්න සමහර අය එතනින් නතරවෙනවා. සමහර අය වෙනත් යෝජනා ගේනවා.  


අපේ තෙරපිවරියන් වගේම තෙරපිවරුන්ද ඉන්නවා. ධනවත් පවුල්වල වයසක කාන්තාවන් හා විදේශීය කාන්තාවන් වැඩිපුර ඉල්ලන්නේ තරුණ තෙරපිවරුන්ගේ ප්‍රතිකාර.   


තරුණ ගෑනු ළමයින්ගෙන් සේවාව ලබාගන්නෙ මැදි වයස් පුද්ගලයන් හා තරුණයන්. මෙතෙන්ට නිතරම එන කස්ටමස්ලා එයාලා කැමති තෙරපිවරියට කෝල් කරලා බුක් කරගෙන එන ක්‍රමවේදයකුත් තියෙනවා. එහෙම හිතවත් වෙච්ච අය එළියේ හමුවෙන අවස්ථාත් තිබෙනවා. ඇය පැවසුවාය.  


පංච කර්ම ප්‍රතිකාර, විරේචන කර්ම, නෂ්‍ය කර්ම, අනවාසන කර්ම, ව්‍යාති කර්ම හා නිරූපා වස්ති ලෙස වර්ගීකරණය වෙයි.  


එම තත්ත්වයන්ට එපිටින් යමින් ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන යන නාම පුවරුවට මුවාවී සිදුකරන අයතා ගනුදෙනු දවසින් දවස වැඩිවෙයි. එනම් 2015 වසර වෙනවිට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිව තිබූ ආයතන ප්‍රමාණය 135 ටත් අඩුවූ අතර පුහුණුව ලැබූ තෙරපිවරියන් ප්‍රමාණය 2000 ට ආසන්නය. එහෙත් අද වෙනවිට ලංකාව පුරා ව්‍යාප්තවී ඇති ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන ස්පා හා එහි සේවය කරන පිරිස අති විශාලය.  


අායුර්වේද සම්බාහන මධ්‍යස්ථානවලට මුවාවී සිදුකරන ජාවාරමේ පසු කතාව එය වුවද ඉන් පැන නගින සමාජ ප්‍රශ්න ගණනාවකි.  


එනම් ඉහළ අධ්‍යාපනයක් ලබන සිසුන් මෙවැනි අයථා දේවලට සම්බන්ධ වෙන්නේ ඇයි? විවාහ වීමට අපේක්ෂිත හෝ විවාහ වූ දරුවන් සිටින අම්මලා මෙවැනි තැන්වල සේවය කරන්නේ ඇයි? තරුණ පිරිමි ළමයින් මෙවැනි ස්ථානවල රැකියා කරන්නේ ඇයි? මේ ගැටලු සියල්ල අවසානයේ ඉතිරිවෙන්නේ විරැකියාව හා දරිද්‍රතාවය යන පසුබිම්ය. එය අවසන් වෙන්නේ සමාජ රෝග, දික්කසාද, පවුල් ආරවුල් වැනි ගැටළු රාශියකිනි. ඉන් සිදුවන්නේ සමාජ ධර්මතා බිඳවැටීමය. මෙම තත්ත්වයන් අවම කිරීම සඳහා රටේ පිළිගත් නෛතිකමය රාමුවක් ඇත. එය අපරාධ නීතිය හා සිවිල් නීතිය ලෙස වර්ගවෙන අතර අපරාධ නීතිය යටතේ හරයාත්මක නීතිය ක්‍රියාත්මක වෙයි. වැරදි සහ දඬුවම් ක්‍රියාත්මක වෙන්නේ ඒ යටතේය. 

 


ආයුර්වේද වෛද්‍යවරයකු නොවන​ කෙනෙක් වෛද්‍යාචාර්ය නාමය භාවිතා කිරීමත් අපරාධයක්

 

මෙවැනි වාතාවරණයකදී ආයුර්වේද මධ්‍යස්ථානයක නෛතිකමය රාමුව සහ ඊට මුවා වී සිදුකරන ගණිකා ජාවාරමට ලැබෙන දඬුවම පිළිබඳ කතාකිරීමට පොලිස් අධිකාරී අධ්‍යක්ෂ මාධ්‍ය මහජන සම්බන්ධතා විනය හා කල්ක්‍රියා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතා සම්බන්ධ කර ගත්තෙමු.  


1961 අංක 31 දරන ආයුර්වේද පනතේ 10 වගන්තියේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ලියාපදිංචි කළ හැකි ආකාරය දක්වලා තිබෙනවා. එහිදී ආයුර්වේද ආරෝග්‍ය ශාලාවක් ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාරයක්, ආයුර්වේද ඖෂධ ශාලාවක් හෝ ආයුර්වේද බෙහෙත් ගබඩාවක් තිබීම අවශ්‍යයි.  


ඒ වගේම 64 වැනි වගන්තියට අනුව ලියාපදිංචි කරනු ලැබූ ආයුර්වේද වෛද්‍යවරයකු නොවන අයකු වෛද්‍යාචාර්ය නාමය පාවිච්චි කිරීමත් අපරාධයක් කොට සලකනවා.   


69 වැනි වගන්තියට අනුව ලියාපදිංචි කරනු ලැබූ ආයුර්වේද වෛද්‍යවරයකු නොවන අයකු ලියාපදිංචි කළ බව ඇඟවෙන වචන භාවිත කිරීම නීතියට අනුව දඬුවම් ලබාදෙන වරදක් වෙනවා.  


71 වැනි වගන්තියෙන් කියවෙන්නේ ලියාපදිංචි කරනු ලැබූ ආයුර්වේද ඖෂධ සංයෝජකයකු හෝ ආයුර්වේද සාත්තු සේවකයෙකු නොවන අයෙකු ලියාපදිංචි කළ බව හැඟවෙන වචන පාවිච්චි කිරීම වරදක් බවයි.  


72 වගන්තියට අනුව ඉහතින් සඳහන් කළ අයකු ආයුර්වේද ඖෂධ සංයෝගයෙහි හෝ ආයුර්වේද සාත්තු සේවයෙහි ලාභය පිණිස නිරත වීම පිළිබඳව සඳහන් කරලා තිබෙනවා. 78 වගන්තියට අනුව කියවෙන්නේ පනත යටතේ සාදන නියෝග උල්ලංඝනය කිරීම පිළිබඳව.  


79 වගන්තියෙන් ලියාපදිංචි කළ ස්ථානයක පනත යටතේ වරදක් කළ විට ලියාපදිංචි තැනැත්තාද වගකිවයුතු බව සඳහන් වෙනවා.  


80 වගන්තියෙන් කියවෙන්නේ මෙම වැරදි සඳහා වූ දඩ මුදල් පිළිබඳව.  


මීළඟට මේ සම්බන්ධව වැදගත් වෙන්නේ 1889 අංක 5 දරන ගණිකා නිවාස ආඥා පනත.  


එහි සඳහන් දෙවැනි වගන්තියෙන් ගණිකා නිවාසයක් කළමනාකරණය කිරීම, ඒ සඳහා සහයදීම, අදාළ ගොඩනැගිල්ල බදුදීම ආදිය වැරදි ලෙස පෙන්වා දී තිබෙනවා.  


ඒ වගේම මේ සඳහා ඩොරති සිල්වා එදිරිව නීතිපති 78 නව නීති වාර්තා 433 වැදගත් වෙනවා. මෙය ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක්. ඊට අනුව ගණිකා නිවාසයක් වීමට ලිංගික ක්‍රියාවලියක් තිබීම අත්‍යවශ්‍ය නැති බවත් පිංතූර පෙන්වීම මගින් හෝ කාන්තාවන් තෝරාගැනීම ප්‍රමාණවත් බවත් කියවෙන්නේ.  


මේ සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ 19 වැනි අධිකාරිය 354 වගන්තිය යටතේ දඬුවම් නියම වෙනවා.  


එහි සඳහන් 354 වගන්තියෙන් අපහරණය සඳහා අවුරුදු 7 ක සිර දඬුවමකුත් 357 වගන්තියට අනුව ලිංගික සංසර්ගය සඳහා අපහරණය නිමිතිකොටගෙන අවුරුදු 10 ක සිර දඬුවමකුත් 360 (ඇ) වගන්තියට අනුව තැනැත්තන් වෙළෙඳාම් කිරීම සඳහා අවුරුදු දෙකේ සිට විස්ස දක්වා සිර දඬුවමකුත් ලබාදෙනවා.  


නෛතිකමය රාමුවට පිටින් යමින් යම් ස්ථානයක නීති විරෝධී ක්‍රියාවක් සිදුවුවහොත් පොලිස් මූලස්ථානයට අනුයුක්තව ඇති සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ 0112451397 අංකයට හෝ වලාන වැටලීම් ඒකකයේ 0382234314 අංකයට හෝ අදාළ නගරයේ පොලිසියට දැනුම් දෙන්න පුළුවන්.

 

 

 

 

සටහන - කුමාරි හේරත්    

 



අදහස් (0)

ආයුර්වේදයට මුවාවී කෙරෙන ලෝකයේ පැරණිම රැකියාව

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3010 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 22 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1429 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 423 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 162 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site