IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අහස උසට මිල නැග්ග කොළඹ ඉඩම්

 

​මෙයට දශක කිහිපයකට පෙර සුන්දර කොළඹ නගරය මේ වන විට විශාල තට්ටු ගොඩනැගිලි වලින් ගහණය වූ කොන්ක්‍රීට් පුරවරයක් වී ඇති බව කිවහොත් නිවැරදිය. මෑතක සිට කොළඹ නගරයේ බිම් අඟලක් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින අතර සෑම තැනකම පාහේ කුඩා ඉඩක දැවැන්ත සුවිසල් ගොඩැගිලි ඉදිකර තිබේ. දිනෙන් දින වැඩිවෙන ජනගහනයට අනුව ඊට සරිලන ලෙස මහල් නිවාස ඉදිකෙරෙමින් පවතියි.   
ඇතැම් මහල් නිවාස තට්ටු 30ක් හෝ 40ක් දක්වා උසට ඉදි කෙරේ. මේවායේ මිල ගණන්ද සුලු පටු නොවේ. බොහෝ අය තමන්​ෙග් පහසුව සඳහා ඒවා මිලට ගන්නා අයද නැතිවාම නොවේ.   


අද කොළඹ නගරාසන්නයේ ඇති බිම්කඩක් සොයා ගැනීමටත් නොහැකි අතර ඇති සීමිත බිම් කඩක්ද ඉඩම් ​ෙවන්දේසිකරුවන් මිලට ගෙන නව නිවාස ඉදිකරති. ඇතැම් බිම් කඩවලට සුන්දර නම් ද පට බැඳ ති​බේ. උදාහරණයක් ගත්තොත් ‘නිසල උයන’ නම් සඳහන් කළද ඒ හරියේ කිසිම නිසල බවක් නම් නැත. විවිධ මල් වර්ගවලින් අදාළ භූමිය නම් කළද එහි කිසිම මලක් හටගෙන නැත.   


කොළඹ හා තදාසන්න ප්‍රදේශවල අද ​ෙබාහෝ ඉඩකඩම් විකිණීම සඳහා දැන්වීම් පළ කර තිබේ. විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය ආශ්‍රිතව විවිධ නම් වලින් සෑදුණු භූමි අද අලෙවි කිරීමට ඇත. කොළඹ නගරයේ වාණිජ හදවත බඳු පිටකොටුව, කොටුව, කොම්පඤ්ඤවීදිය, මැලේවීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත ප්‍රදේශවල අද බිම් කඩක් සොයා ගැනීමට නොහැකි වී තිබේ.   


කොළඹ හා තදාසන්න නගරවල මෙතරම් මිල ගණන්වලට භූමි ප්‍රදේශ අලෙවි වෙන්නේ ඇයි? විශේෂයෙන් නාගරික පරිසරය තුළ සියලු පහසුකම් සහිත ගොඩනැගිලි ඉදිකිරීමත්, කාර්යාල භූමි ඉදිකිරීමත් මීට හේතුවක් වී ඇත. විශේෂයෙන් අති සුඛෝපභෝගී තරු පහේ හෝටල ඉදිකිරීමත් මීට තවත් හේතුවකි.   


අද වන විට කොළඹ නගරයේ සමහර ස්ථානයක බිම් කඩක මිල පර්චසයක් රුපියල් ලක්ෂ හතහමාරක් වැනි මිලකට අලෙවි වෙයි. ඒත් ඒවා මිලදී ගැනීමට ද දෙස් විදෙස් ආයෝජක​යෝ සිටිති. කොළඹ නගරයේ කොම්පඤ්ඤවීදියේ ගාලු මුවදොර පිටියට ආසන්නයේ පිහිටි භූමියක පර්චසය රුපියල් මිලියන 7.6ක් (ලක්ෂ 760ක්) වැනි මිලකට මිල නියම කර තිබේ.  


කොළඹ 07 වෝර්ඩ් පෙදෙසේ පර්චසයක් අලෙවි කෙරෙන්නේ රුපියල් මිලියන 16.5ක් වැනි මිලකටයි. කොළඹ 07 ධර්මපාල මාවතේ පර්චසයක් රුපියල් ලක්ෂ 19කි. කොළඹ 07 බේරේ වැව ආසන්නයේ පර්චසයක් රුපියල් ලක්ෂ 17කට අලෙවි වෙයි.   


කොළඹ නගරයට ආසන්නයේ මාලඹේ නගරයේ පර්චසයක් මිල රුපියල් ලක්ෂ 08කි. නාවල ප්‍රදේශයේ පර්චසයක් රුපියල් ලක්ෂ 10කට අළෙවි කෙරේ.  තලවතුගොඩ ප්‍රදේශයේ නිවසක් සමඟ පර්චස් 5ක ඉඩමක් අළෙවි කෙරෙන්නේ මිලියන 36.8ක් වගේ මිලකටයි. එහෙත් මේ වන විට පිටකොටුව ප්‍රදේශයේ කිසිදු බිම්කඩක් මිලදී ගැනීමට නොහැකි තරම් තත්ත්වයක් පවතියි. බොහෝ ඉඩම් විදේශීය ආයෝජකයන් විසින් මිලදී ගෙන මහ පරිමාණ හෝටල් හෝ ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යති. කොළඹ කොල්ලුපිටියේ ඉදිකෙරෙන නවීනතම මහල් නිවාසයක මිල රුපියල් ලක්ෂ 150කි.  


බොහෝ ඉඩම් වෙන්දේසිකරුවන් ඉඩම් මිලදී ගෙන නිවාස ව්‍යාපෘති සඳහා අළෙවි කෙරේ. එය ඔවුන්ගේ ව්‍යාපාරයේ ලාභය සඳහා ගත් නවීන පියවරකි. ඇතැම් විට පාරිභෝගිකයන්ට ද ඉන් සේවාවක් සැලසෙන්නේ නිවාසයක් ඉදිකිරීම් සඳහා අවශ්‍ය ගොඩනැගිලි උපකරණ සෙවීමට යන කාලය පිළිබඳ සැලකීමේදීය.  


ඇතැම් ව්‍යාපාරිකයන් තමන්ට අවශ්‍ය පරිදි සැලසුම් අනුව නිවාස ඉදිකර දෙයි. දිනෙන් දින ඉහළ යන ජනගහනයත් සමඟ ඔවුන්ගේ නිවාස අවශ්‍යතාව ද දිනෙන් දින ඉහළ යයි. එහෙත් දැන් බොහෝ දෙනෙකු මහල් නිවාසවල පදිංචියට නැඹුරු වී සිටින්නේ ඒවායේ ඇති පහසුකම් නිසාවෙනි.  


කොළඹ නගරයේ ඉදිකෙරෙන වරාය නගරයේද නව නිවාස සංකීර්ණයක් ඉදිකෙරේ. ඒ සඳහා දැනටමත් ආයෝජකයන් ඉදිරිපත් වී ඇත. එම නගරය තුළ මහල් 60ක් වැනි උසකට ගොඩනැගිලි ඉදිකිරීමට සැලසුම් කර ඇත. ඉඩ පහසුකම් නොමැති නිසා මහල් නිවාස ඉදිකිරීම මෑත කාලයේ නිවාස හිඟයට ඇති විසඳුමට පිළියමකි. කෙතරම් මිල අධික වුවත් ඒවාද මිලදී ගැනීමට පාරිභෝගිකයෝ සිටිති.  


කොළඹ නගරයට පිටින් බලන කල මේ දිනවල වැඩිම මිලකට පර්චසයක් අලෙවි වෙන්නේ තලවතුගොඩ, මාලඹේ, ​හෝමාගම වැනි ප්‍රදේශවලයි. තලවතුගොඩ ප්‍රදේශයේ පර්චසයක මිල රුපියල් ලක්ෂ 10 ක් වැනි මිලකට අළෙවි වෙයි. මීට අමරව නාවල ප්‍රදේශයේ එක් පර්චසයක් අළෙවි කෙරෙන්නේ ලක්ෂ 10ක් වැනි මිලකටයි.  මෙයට වසර කිහිපයට පෙර කොළඹ නගරයට පැමිණි කෙනෙකුට අද පැමිණියහොත් දැකිය හැකි වෙන්නේ හාත්පසින්ම වෙනස් නගරයකි. වෙනදා තිබූ දැකුම්කළු කොළඹ නගරය වෙනුවට අද දැකිය හැක්කේ දැවැන්ත ගොඩනැගිලිවලින් ගහන ප්‍රදේශයකි. රාත්‍රී කාලයේදී විදුලි බුබුලුවලින් අලංකාර කොළඹ නගරයේ රාත්‍රී සැරිරසන්නෙකුට ඒ අලංකාරය දැකිය හැක.  


කොළඹ නගරයට මදක් ඔබ්බෙන් වූ නගර ගැන කතා කළහොත් වැඩියෙන්ම ඉඩම් අළෙවි වන නගරයකි ගම්පහ දිස්ත්‍රික්කය. අද වන විට මිනුවන්ගොඩ ප්‍රදේශයේ පර්චසයක් අලෙවි කෙරෙන්නේ රුපියල් 1,19,000ක් පමණ මිලකටයි. නිට්ටඹුවේ පර්චසයක් 3,90,000කට පමණ අලෙවි කෙරේ. මීගොඩ හා හෝමාගම ප්‍රදේශයේ පර්චසයක් රුපියල් 1,35,000ත් 2,20,000ත් අතර මිලට අළෙවි වෙයි.   


අද වන විට බොහෝ ඉඩම් වෙන්දේසිකරුවන්ගේ ග්‍රහණයට නතුවී ඇත. ඉතා සුළු මුදලකට ඔවුන් ප්‍රදේශයේ ඉඩම් මිලදී ගෙන එය කොටස් කර ඉතා වැඩි මුදලකට අලෙවි කෙරේ. කොළඹ නගර සීමාව තුළ කිසිදු හිස් බිම් ප්‍රදේශයක් සොයා ගැනීමටත් නැති තරම්ය. පර්චර්ස් 20ක් හෝ 30ක් වැනි ප්‍රදේශයක ඇති ඉඩමක විශාල තට්ටු නිවාස ඉදිකර ඉතා වැඩි මුදලකට අලෙවි කෙරේ.


මෙතරම් විශාල ගොඩනැගිලි ඉදිකිරීම භූමියට ඔරොත්තු දෙන්නේ ද යන්න පිළිබඳ සිතා බැලිය යුතු ​ෙනාවේද? තවත් නො​ෙබා් දිනකින් කොළඹ නගරයේ ඉදිවෙන ගොඩනැගිලි සංඛ්‍යාව මෙතෙකැයි කියා කීමට නොහැක. දිනෙන් දින දියුණුවට පත්වෙන කොළඹ නගරය සිතාගන්නට නොහැකි ලෙස දියුණු වී තිබේ.   

 

 

 

 

 

 

 


සටහන
නිශාන්ත කුමාර බණ්ඩාර



අදහස් (0)

අහස උසට මිල නැග්ග කොළඹ ඉඩම්

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2954 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 20 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1421 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 422 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 162 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1510 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site