IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අවසන් ගමන තෙක් පොදු ජනයා අත නොහැරි දුප්පතාගේ හිතවතා

1949 වර්ෂයේදී කම්කරු නායක - ඒ.ඊ. ගුණසිංහ මහතාගේ පුරෝගාමිත්වයෙන් පැවති ලංකා කම්කරු පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙසින් කටයුතු කිරීමට ප්‍රේමද‌ාස තරුණයා තීරණය කරනු ලැබීය. එය ඔහුගේ සුචරිතවාදී දිවිය දුගී දුප්පත් අසරණ ජනතාවගේ යහපත උදෙසා සිදු කෙරෙන මහා දේශපාලන අරගලයක ආරම්භය විය.   


1950 වර්ෂයේදී සිය මුල්ම දේශපාලන ජයග්‍රහණය ලබමින් කොළඹ නගර සභාවේ ශාන්ත බස්තියම ආසනයේ නාගරික මන්ත්‍රී ධුරයට පත්වූ ප්‍රේමද‌ාස තරුණ මන්ත්‍රීවරයා 1955 වසරේදී කොළඹ මහ නගර සභාවේ උපනගරාධිපති ධුරයට පත්විය.   


1956 වසරේදී එක්සත් ජාතික පක්ෂයෙන් රුවන්වැල්ල ආසනයෙන් තරග කළ ප්‍රේමද‌ාස නාගරික මන්ත්‍රීතුමා වාමාංශික ව්‍යාපාරයේ පතාක යෝධයෙකු වූ ආචාර්ය එන්.එම්. පෙරේරා මහතාට පරාජය වූයේ ඡන්ද 5000 ක් වැනි සුළු ගණනකිනි.   


එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය   


1956 මැතිවරණය තුළින් එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට පත් වූ අතර, ඔවුනට රැක ගැනීමට හැකිවූයේ ආසන 08 ක් පමණි. මෙම පරාජය දරාගත නොහැකි වූ බොහෝමයක් එක්සත් ජාතික පක්ෂ නායකයින් තාවකාලිකව හා සද‌ාකාලිකවම සිය පක්ෂයෙන් සමු ගනිද්දි ප්‍රේමද‌ාස තරුණ මහතා තම පරාජය තුළින් සිය අනාගත විජයග්‍රහණය තහවුරු කර ගැනීමට තීරණය කරනු ලැබීය. ඔහු පසු දින ම එක්සත් ජාතික පක්ෂ මූලස්ථාන කාර්යාලය වූ කොල්ලුපිටිය සිරිකොත මැදුරට ගියේ ගරාවැටුණු තම පක්ෂය ගොඩනැගීමට සහාය වීමටය. එද‌ා එහිදී ඔහු හට අවශ්‍ය නිවැරදි මාර්ගෝපදේශකත්වය ලබාදුන්නේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන් විසිනි. එතැන් සිට ප්‍රේමද‌ාස තරුණයාගේ දේශපාලන ජීවිතයේ වැඩිකාලයක් ගතවූයේ සිය දේශපාලන පක්ෂයේ අනාගතය සවිමත් කිරීම සඳහාය. නිරතුරුවම තම පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවල නිරත වූ ඔහු 1957 වසරේදී ඩඩ්ලි සේනානායක හා ජේ.ආර්. ජයවර්ධන යන මහත්වරුන් සමගින් ඓතිහාසික මහනුවර පා ගමනට එක්විය.   


මැද කොළඹ මන්ත්‍රී   


1960 වසර ඔහුගේ දේශපාලන ජීවිතයේ තවත් ඓතිහාසික වසරක් විය. මෙතෙක් නාගරික මන්ත්‍රීවරයකු, උපනගරාධිපතිවරයකු වශයෙන් අත්දැකීම් ලැබ සිටි ප්‍රේමද‌ාස තරුණයා 1960 මාර්තු මැතිවරණයේදී ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැද මැද කොළඹ 3 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් පත්විය. 1965-70 දක්වා පැවැති ඩඩ්ලි සේනානායක රජයේ මැද කොළඹ ආසනයේ 02 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් තේරී පත්වීමට ප්‍රේමද‌ාස තරුණ මන්ත්‍රීතුමා සමත් වූ අතර, ඔහු විසින් පෙන්නුම් කරනු ලැබූ නිවැරදි දේශපාලන නායකත්වය නිසාම 1965 වසරේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙසින් පත්විය. 1966 වසරේදී පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්වූ ප්‍රේමද‌ාස මන්ත්‍රීතුමා 1968 වසරේදී පළාත් පාලන අමාත්‍යවරයා ලෙසින් පත් කරනු ලැබීය.   


මාළිගාවත්ත පුරවරයේ උද‌ාව   


1968 වසරේදී ප්‍රේමද‌ාස අමාත්‍යවරයා තම දේශපාලන ජීවිතයේ තවත් ඓතිහාසක සිදුවීමක් සනිටුහන් කරනු ලැබීය. දුගී දුප්පත් ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට නිරතුරුව පෙරුම් පිරූ ප්‍රේමද‌ාස අමාත්‍යතුමන්ගේ කලක සිට පැවති බලාපොරොත්තුවක් වූයේ මෙම ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම සඳහා ජීවත්වීමට සුදුසු නිවහනක් ලබාදීම කෙරෙහිය. පළාත් පාලන අමාත්‍ය ධුරය ලැබීමත් සමගින් ඔහුට සිය බලාපොරොත්තු මල්ඵල ගැන්වීමට අවස්ථාව සැලසිනි. තම මැතිවරණ කොට්ඨාසයේ ජනාකීර්ණ ප්‍රදේශයක පැවති වගුරු බිම් අක්කර 25 ක පමණ ජීවත් වූ අසරණ දරු පවුල් සිය ගණනකගේ අනාගත දිවිය සාර්ථක කර ගැනීම සඳහා නව නිවහන් ඉදිකිරීමට ඔහු තීරණය කරනු ලැබීය. වගුරුබිමක් ගොඩකර සුවිසල් නිවාස ක්‍රමයක් ඉදිකිරීමට ඔහු එද‌ා ඉදිරිපත් කළ අදහස අවඥ‌ාවෙන් බැහැර කළ අය බොහෝ වූහ.   


කවුරු එම අදහස අනුමත නොකළ ද තමන් ඉදිරිපත් කළ අදහස අනුමත කළ කිහිපදෙනෙක් සමගින් ප්‍රේමද‌ාස අමාත්‍යතුමා මෙම වගුරු බිම තුළ නව පුරවරයක් ඉදිකිරීමේ මහා කර්තව්‍ය ඇරඹීය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම සුවිසල් නිවාස යෝජනා ක්‍රමය වූ මාළිගාවත්ත නිවාස යෝජනා ක්‍රමය බිහිවිය.   


මෙය එයට දශක 02 කට පසු දිවයිනේ දසදෙස පැතිර ගොස් ජගත් කීර්තියක් ලැබූ මහා නිවාස සංකල්පයක් බවට පත්වේ යැයි එද‌ා කිසිවෙකු නොසිතන්නට ඇත.   


1970 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට පත් වුවද පළාත් පාලන අමාත්‍යතුමා ලෙසට කටයුතු කළ ප්‍රේමද‌ාස මැතිතුමන් 1970 මහ මැතිවරණයේදී මැද කොළඹ ජනතාව විසින් පත් කරනු ලැබුවේ තම පළමුවෙනි මන්ත්‍රීවරයා වශයෙනි. එතැන් සිට ම ඔහු එවකට පැවති විරුද්ධ පක්ෂයේත්, එක්සත් ජාතික පක්ෂයේත් පළමු පෙළේ නායකයෙක් විය. එතැන් සිට ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන්ගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂයේ එවකට බලයේ සිටි රජයේ පාලනයට විරුද්ධව පුරා වසර 07 ක් ගෙනගිය සටනේ පුරෝගාමී නායකයෙක් වූයේ ප්‍රේමද‌ාස මතිතුමන්ය.   


මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 1977 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ 6 න් 5 ක බලයක් ලබමින් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන්ගේ රජය බලයට පත්විය. 1970-77 කාල පරිච්ඡේදය තුළ දී රට තුළ පැවති රජයේ පාලනය වෙනස් කොට රටට නවෝදයක් ලබාදීම සඳහා එක්සත් ජාතික පක්ෂය බලයට පත් කරන ලෙස ඉල්ලමින් ප්‍රේමද‌ාස මැතිතුමන් 1977 මැතිවරණයේදී රට පුරා යමින් ජනතාව හමුවන විට දහස් ගණනින් ජනතාව ඔහු වටා රොක් වූයේ ඔහු සතුව පැවති චතුර කථිකත්වය හා ජනතාව සඳහා වූ ඔහුගේ සමීපභාවය නිසාය.   


අගමැතිකමෙන් පුද ලබයි   


ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් 1977 වසරේ බලයට පත් රජයේ සභා නායක ධුරය සහ පළාත් පාලන නිවාස හා මහාමාර්ග අමාත්‍යංශය බාරගත් රණසිංහ ප්‍රේමද‌ාස මැතිතුමන් 1978 පෙබරවාරි මස 06 වැනි දින ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කරනු ලැබීය.   


උද‌ාගම් ව්‍යාපාරය   


යාපහුව මැතිවරණ කොට්ඨාසයේ බඩල්ගම නම් වූ ඉතා අසරණ දුගී දුප්පත් දරු පවුල් රැසක් ජීවත් වූ ගම්මානයක් අංගසම්පූර්ණ ආදර්ශ ගම්මානයක් බවට පත් කිරීම තුළින් රණසිංහ ප්‍රේමද‌ාස මැතිතුමන් 1978 වසරේ උද‌ාගම් ව්‍යාපාරය ආරම්භ කරනු ලැබීය.   


නිවාස සංවර්ධනය   


නිවාස සංවර්ධන වැඩපිළිවෙළ ආරම්භ වූයේ උද‌ාගම් ව්‍යාපාරය පදනම් කොටගෙනය. 1977 මහ මැතිවරණයේදී ප්‍රේමද‌ාස මැතිතුමන් ජනතාවට දී ඇති පොරොන්දුවක් ඉටුකරනු වස් 1978 වසරේදී එතුමන් විසින් නිවාස ලක්ෂයක් ඉදිකිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරනු ලැබීය. පුරා වසර 05 ක කාලයක් තුළ ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩපිළිවෙළ 1983 වසරේ අවසන් වෙන විට නිවාස ප්‍රශ්නයෙන් පීඩා විඳි දරු පවුල් 150,000 කට නිවාස ඉදිකිරීමට සමත්වී ඇත.   

  
පෞරාණික ආගමික සිද්ධස්ථාන පිළිසකර කිරීම  


ඉපැරණි ආගමික සිද්ධස්ථාන පිළිසකර කිරීම තුළින් ප්‍රේමද‌ාස මැතිතුමන් විසින් බෞද්ධ හින්දු, මුස්ලිම්, කතෝලික ආදී සෑම ආගමකට ම ඉටුකළ සේවාව මෑත කාලයකදී කිසිදු රාජ්‍ය පාලකයකුගෙන් සිදුනොවූ තරම්ය. මහනුවර ශ්‍රී දළද‌ා සමිඳුන්ට රන් වියනක් පූජා කිරීම, මාලිගාවිල ඓතිහාසික බුදු පිළිමය පිළිසකර කිරීම, මිරිසවැටිය මහ සෑය පිළිසකර කිරීම, අනුරාධපුර හා මිහින්තලය වැනි පූජනීය ස්ථානයන් සුරක්ෂිත කිරීම, හලාවත මුන්නේශ්වරම් දේවාල භූමිය, තලවිල සාන්ත ආනා දෙව් මැදුර පිළිසකර කිරීම ප්‍රේමද‌ාස මැතිතුමන් අතින් සිදු වූ සේවාවන් කිහිපයකි.  

 

 

නැති බැරි ජනතාව නගාසිටුවීමේ වැඩපිළිවෙළ  


නැති බැරි ජනතාව තුළ සැඟවී ඇති හැකිකම් ඉස්මතු කිරීමේ අරමුණින් ආරම්භ කළ ජනසවිය වැඩපිළිවෙළ මෙතෙක් වාර 04 ක් තුළදී අසරණ දරු පවුල් ලක්ෂ ගණනකට සහන සලසා ඇත. මෙවන් සංවර්ධන වැඩපිළිවෙළක් ලොව ක්‍රියාත්මක කෙරුණු ප්‍රථම අවස්ථාව මෙය වේ. ප්‍රේමද‌ාස මැතිතුමන්ගේ පුරෝගාමිත්වයෙන් ආරම්භ වූ ජනසවිය වැඩපිළිවෙළ හේතුවෙන් අද දුගී දුප්පත් ජනතාවට සිය අනාගත සුරක්ෂිත බව උදෙසා තමන්ගේම යයි කිව හැකි රැකියා මාර්ගයකට යොමුවීමටත් සිය අනාගත දරු පවුලේ ඉදිරි අභිවෘද්දිය සඳහා කිසියම් මුදලක් ඉතිරිකර ගැනීමටද හැකියාව ලැබී ඇත.   


ඇඟලුම් කම්හල් 200  


මෙතෙක් නාගරික ප්‍රදේශවලට සීමා වී පැවති විවිධ කම්හල් එහි ​ෙස්වයෙහි නියුතු තරුණ තරුණියන් ජීවත් වූ ගම් පෙදෙස් වෙත ගෙනයාමේ අවශ්‍යතාව නිරතුරුවම පෙන්නුම් කළ ප්‍රේමද‌ාස මැතිතුමන් මුළු දිවයින පුරා ගම් මට්ටමින් ඇඟලුම් කම්හල් 200 ක් පිහිටුවීමේ වැඩපිළිවෙළ තුළින් එකී කාර්යය ආරම්භ කරනු ලැබීය. දුගී දුප්පත් තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා ලබාදීම අරමුණු කොට ඇරඹි මෙම වැඩපිළිවෙළ හේතුවෙන් ඇඟලුම් කම්හල් නිෂ්පාදන අලෙවි කිරීමෙන් විශාල විදේශීය විනිමය ප්‍රමාණයක් උපයා ගැනීමට හැකිව තිබේ.  


බලය විමධ්‍යගත කිරීම

  
රජය සහ පාලන අධිකාරියට මධ්‍යගත වූ බලතල ගම් මට්ටමට විමධ්‍යගත කිරීමේ අවශ්‍යතාව තේරුම් ගත් ප්‍රේමද‌ාස මැතිතුමන් දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල පිහිටුවීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරනු ලැබීය. එමගින් සෑම සියලු ජන කොටසකටම සිය ගම්බිම් ප්‍රදේශයන්හි සිට සිය සේවා පහසුකම් ලබා ගැනීමට හැකියාව ලැබී ඇත.    


පාසල් දරු දැරියන්ට නොමිලේ දිවා ආහාරය  


පාසල් දරු දැරියන් සඳහා නොමිලේ දිවා ආහාරය සැපයීමේ වැඩපිළිවෙළ ප්‍රේමද‌ාස මැතිතුමන් විසින් අග්‍රාමාත්‍ය වශයෙන් කටයුතු කරන අවධියේදී කොළඹ මහ නගර සභා බල ප්‍ර​ෙද්ශය තුළින් ආරම්භ කරනු ලැබීය.   


නොමිලේ පාසල් නිල ඇඳුම් ලබාදීම  


පාසල් දරු දැරියන් සඳහා නොමිලේ නිල ඇඳුම් ප්‍රද‌ානය කිරීමේ අදහස ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව ප්‍රේමද‌ාස මැතිතුමන් විසින් දීර්ඝ කාලයක සිට බලාපොරොත්තු වූවකි. ජාතික වශයෙන් මෙවන් වැඩපිළිවෙළක ඇති වැදගත්කම තේරුම් ගත් එතුමන් ආරම්භක වශයෙන් සෑම දරු දැරියකටම නොමිලේ පාසල් නිල ඇඳුම් කට්ටලයක් ප්‍රද‌ානය කිරීමට කටයුතු යෙදූ අතර, ඈත දුර බැහැර පිටස්තර ගම්මානයන් හි අසරණ දෙමව්පියන්ගේ දරු දැරියන් හට මෙම කරුණ හේතුවෙන් නොකඩවා පාසලට පැමිණීමට අවස්ථාව සැලසිනි.    


පොදු ජන නායකයා  


ජනතාවගේ පොදු සංවර්ධන කාර්යයන්ට විසඳුමක් ලබාදෙන අතර සමාජයේ ජීවත්වන පවුල් ඒකකයන් වෙත එම සංවර්ධනයේ ප්‍රතිලාභ පෞද්ගලිකව ලැබෙන ආකාරයෙන් එම සංවර්ධන කාර්යයන් මෙහෙයවීමේ සහජ හැකියාවක් ප්‍රේමද‌ාස මැතිතුමන් සතුවිය.  රටේ සංවර්ධනයේ කේන්ද්‍රය ගමය යන්න දැඩිව විශ්වාස කළ ප්‍රේමද‌ාස මැතිතුමන් සිය සංවර්ධන ක්‍රියාවලීන් බොහෝමයක් ආරම්භ කර ක්‍රියාත්මක කළේ ගම පදනම් කොටගෙනය. එතුළින් ඔහු බලාපොරොත්තු වූ ගම හද‌ා රට හදමු යන සංකල්පය බොහෝදුරට ක්‍රියාවට නැංවීමට එමඟින් ඔහුට හැකියාව ලැබුණි.  


නිරතුරුව පොදු ජනතාව අතර සිටි ප්‍රේමද‌ාස මැතිතුමන් සුචරිත නිවසින් අරලියගහ මන්දිරයටත් එතැන් සිට ජනාධිපති මන්දිරයටත් ගමන් කළ දිගු ගමන ඉතා දුෂ්කර වුවද එය ඉතා ඵලද‌ායී ගමන් මගක් වූ අතර, දැඩි අධිෂ්ඨානය හා කැපවීම තුළින් එම ගමන් මග තුළින් ඔහු අපේක්ෂා කළ පැතුමන් බොහෝ දුරට ඉටුකර ගැනීමට ඔහුට හැකිවිණි.  


ප්‍රේම‌ද‌ාස මැතිතුමන් විසින් ක්‍රියාවට නැංවූ විවිධ සංවර්ධන කාර්යයන් තුළින් අද බොහෝදුරට සාර්ථක ප්‍රතිඵල ලැබී ඇත. ජනතාවගේ යහපත උදෙසා ඉටුකරන මෙම සංවර්ධන කටයුතු තුළින් තවදුරටත් ඉටුවිය යුතු සේවාවන් බොහෝය. එහි සාර්ථකත්වය සඳහා කැපවීම අපගේ යුතුකමකි. ප්‍රේමද‌ාස මැතිතුමන් වෙනුවෙන් අපට කළ හැකි උසස්ම සේවාව එයයි.  

 

 

 

විජිත කදිරගොන්න



අදහස් (0)

අවසන් ගමන තෙක් පොදු ජනයා අත නොහැරි දුප්පතාගේ හිතවතා

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3491 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 32 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1452 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 451 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 165 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1635 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site