• වැඩි වෙලාවක් පරිගණක හා දුරකථන තිරය දෙස බලාසිටීම දරුවන් හා වැඩිහිටියන්ගේ අක්ෂි ආබාධවලට හේතු වෙනවා.

 

 

පමණට වඩා වැඩි කාලයක් තිස්සේ ස්මාර්ට් ෆෝන් භාවිත කිරීමත්, ලැප්ටොප් පරිගණක භාවිත කිරීමත් නිසා ලෝකයා ඉතා නරක විදියට රෝගාබාධවලට ගොදුරු වෙමින් සිටින බව දැන් අනාවරණය වී තිබේ. විශේෂයෙන් ළමයින් ඩිජිටල් තිර (Digital Screens) නැරඹීමට ගතකරන කාලය කණස්සල්ලට කරුණකි. ඔවුන් රූපවාහිණිය නැරඹීමට හෝ අයිපෑඩ්, ස්මාර්ට් ෆෝන් සමග සෙල්ලම් කිරීමෙන් වෙහෙසට පත්වීමක් නොපෙන්වයි. නමුත් මෙම උපාංග සමග ඇති ඇල්ම සැලකිලිමත්විය යුතු කරුණකි, මන්ද එය නොදැනුවත්වම ඔවුන්ගේ පෙනීමට අහිතකර බලපෑම් ඇති කරන අතර තවත් රෝග රැසකට දොර විවර කර දීමකි.


ක්‍රීඩා කිරීම, කතාබස් කිරීම, ගවේෂණය කිරීම හෝ චිත්‍රපට නැරඹීම සඳහා ඩිජිටල් ස්ක්‍රීන් සහිත උපකරණ භාවිතා කරන අතර ළමුන් මෙන්ම වැඩිහිටියන්ද කෙතරම් ඒ සමග සම්බන්ධ ​ෙවනවාද කියතොත් ඔවුන්ගේ අවධානය තිරයෙන් ඉවතට නොගනී. ඉරියව්, තිරය අතර ඇති දුර සහ දීප්තිය (Brightness) වැනි දේ කෙරෙහි අවධානය යොමු නොකෙරේ. ඔබගේ ඇස් වියළි ගොස් අක්ෂි අපහසුතාවයෙන් පෙලෙමින් ටික වේලාවක් හෝ අවධානය යොමු කර සිටීමට නොහැකි වේ. එක් ඉරියව්වකම රැඳී සිට වැඩි කාලයක් ගත කිරීමෙන් බෙල්ල සහ පිටුපස කැක්කුම ඇති විය හැක. ඔබට තිරයේ වේලාව සමග කටයුතු කිරීමට අපහසු නම් ඔබේ දරුවාගේ දෑස්වලට කෙතරම් දුරට එය බලපෑමට හැකිදැයි සිතන්න. ඩිජිටල් තිර ජීවිතයේ වෙන් කළ නොහැකි කොටසක් බවට පත්ව ඇත්දැයි කියතොත් ඔබට ඉන් මිදීමට හෝ දරුවන්වද ඉවත් කර තැබීමට නොහැකි වී තිබේ. නමුත් ඉන් ඔබටත් දරුවන්ටත් ඇති බලපෑම අවම කර ගත හැකියි. ඊට ඔබ තෝරා ගන්නේ කුමක්දැයි තීරණය කළ යුතුය.


මේ පිළිබඳව ජීවනශූරී, මැකෝ සහ වෛද්‍ය විද්‍යා කීර්ති දේශබන්ධු සම්මාන ලාභී, ප්‍රවීණ ලේඛිකා, හෝමියෝපති වෛද්‍ය හා මනෝ චිකිත්සිකා වෛද්‍ය ජීවනී හසන්තා මහත්මිය ඉරිදා ලංකාදීපයට සඳහන් කර සිටියේ, “ඩිජිටල් උපාංග මගින් පිටකරන විකිරණ කුඩා දරුවන්ට ඉතා නරක අයුරින් බලපානවා. විශේෂයෙන් එය දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලදී මතක ශක්තිය කෙරෙහි තදින් බලපෑම් ඇති කරනවා. මෙම උපාංග මගින් නරඹන කාටූන්, චිත්‍රපට, වීඩියෝ දර්ශන සහ විවිධ ක්‍රීඩා පිළිබඳව ඍජුවම යටිහිතේ තැන්පත් වෙනවා. වැඩිහිටියෙකුට මෙය හොඳයි මෙය නරකයි කියා අවබෝධ කරගත හැකියි. නමුත් ළමුන් එම නරඹන ක්‍රියාකාරකම් අත්හදා බැලීමට උත්සහ දරන අතර බොහෝ අනතුරුවලට ගොදුරු වෙනවා. එමගින් ළමා මනස එක් රාමුවක් තුළ කොටු වෙනවා. ඔවුන්ගේ හිතල යමක් කිරීමේ හැකියාව දුර්වල වෙනවා. සමාජයත් එක්ක තිබෙන සම්බන්ධතාව මෙම උපාංගවලටම ඇබ්බැහිවීම නිසා විනාශ වෙන අතර දරුවා ජීවත් වෙන්නේ හිතින් මවාගත් වෙනමම ලෝකෙක” බවයි.


එමෙන්ම මීළඟට අප හා අදහස් දැක්වූ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය කාංචනා කුමුදුනී මෙ​ෙනවිය තවදුරටත් එය විස්තර කළේ “ඩිජිටල් ස්ක්‍රීන් භාවිතයට ඇබ්බැහි වීම නිසා ළමුන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ද ප්‍රායෝගික ක්‍රියාකාරකම් අවම වෙනවා. දුව පැන ක්‍රීඩා කරනවා වෙනුවට ස්මාර්ට් ෆෝන්, ටැබ් සහ පරිගණක ක්‍රීඩාවල යෙදීම සුලබයි. ඒ හේතුවෙන් අද වැඩි වශයෙන් තිබෙන අධික තරබාරුව සහ දියවැඩියාව වැනි බොහෝ රෝගවලට ළමුන් ගොදුරු වී තිබෙනවා. එමෙන්ම එම භාවිත කරන උපාංගවල තිරයේ ආලෝකය දීර්ඝ වේලාවක් එහි නියැලී සිටීමෙන් විවිධ දෘෂ්ඨි අාබාධයන්ද ඇතිවීමට බොහෝ ඉඩකඩ ඇත” ලෙසයි.


කෙසේ වෙතත් ඩිජිටල් ස්ක්‍රීන් උපාංග අධික ලෙස භාවිතය, නින්දට යාමට ආසන්නයේදී ඔබටත් දරුවන්ටත් දැඩිව බලපායි. එය රාත්‍රී නින්දට දුෂ්කරතා පමුණුවන අතර බාධා ඇතිකරයි. මෙම උපකරණ මගින් නිකුත් වෙන නිල් ආලෝකය දිවා කාලය යැයි සිතීමට මොළය පොළඹවන අතර වැඩිහිටියන්ට වඩා දරුවන්ට නින්දක් අවශ්‍ය බව පැය භාගයක හෝ නින්ද අහිමි වුවොත් පසුදා උදෑසන දරුවන්ගේ හැසිරීමෙන් පෙන්නුම් කරයි. රාත්‍රී කාලයේ උපාංග වෙත එන දැනුම් දීම්, කෙටි පණිවුඩ සහ නාද රටා සඳහා ප්‍රතිචාර දැක්වීමට අවදි වීම නින්ද කෙටි කරන අතර නින්දේදිත් ඔවුන් සමාජ මාධ්‍ය ආදිය හරහා සිදුවන සිදුවීම් පිළිබඳ සිතන බැවින් නැවත නින්දට වෙහෙසෙයි. මෙම බාධා කිරීම් දරුවාගේ මනෝභාවයන්, හැසිරීම, අවධානය සහ අනෙකුත් සියලුම අංශ කෙරෙහි ඍණාත්මක බලපෑම් ඇතිකරයි. කාලයත් සමග මෙය බරපතළ ශාරීරික හා මානසික සෞඛ්‍ය ගැටලු ඇති කරයි.


බොහෝ පර්යේෂණ අනුව ඩිජිටල් ස්ක්‍රීන් සහිත උපාංග භාවිතය නිසා මානසික අවපීඩනය, සාංකාව, විශාදය, ලිංගාශ්‍රිත රෝග, මානසික අාබාධ සහ සියදිවි නසාගැනීම් ඇතුළු මානසික සෞඛ්‍ය රෝග ලක්ෂණ වාර්තා වේ. දුරකතන සංවාදයකදී උපාංග හිසට සමීපව තබාගැනීම, දුරකතනය මේසය මත තබාගෙන ස්පීකර් භාවිත කරනවාට වඩා කෘතිම EMF වලට මොළය නිරාවරණය කරයි. ඇස් ඇරීම ස්වභාවික යාන්ත්‍රණයකි. එය ඇස්වල තෙතමනය, ලිහිසි හා පිරිසිදුව තබා ගනී. ඉලෙක්ට්‍රොනික් තිරවලට දීප්තියෙන් හා ප්‍රතිවිරුද්ධතාවයෙන් රූප ජනනය කළ හැකි අතර වෙනස් කිරීමටද හැක. බොහෝ නවීන උපකරණ, LED තිර සමග පැමිණෙන්නේ ඒවා වඩාත් පැහැදිලි පින්තූර නිපදවන අතර අඩු බලයක් පරිභෝජනය කරන නිසාවෙනි. මෙම තිර මගින් විමෝචනය වන නිල් ආලෝකයේ ප්‍රමාණය සැලකිලිමත් විය යුතුය. LCD තිරවලට සාපේක්ෂව LED වැඩි නිල් ආලෝකයක් නිකුත් කරයි. බොහෝ දෘෂ්ඨි විශේෂඥයින් සැක කරන්නේ නිල් ආලෝකය මගින් දෘෂ්ඨි විතානයට ආපසු හැරවිය නොහැකි හානියක් සිදුවිය හැකි බවයි. මෙම නිල් පැහැ ආලෝකය විසින් මිනිස් සිරුරේ ස්වභාවික රිද්මය වෙනස් කරනු ලබයි. එනම් අඳුරු වැටුණු විට වුවත් සිරුර එය හඳුනා නොගෙන, ඇසින් ලැබෙන ආලෝකයේ තීව්‍රතාව මත පිහිටා තවමත් දහවල යැයි වැරදි ලෙස හඳුනා ගනී. අඳුර වැටෙන විට එය හඳුනා ගන්නා සිරුර, නින්ද ඇති කරවනු පිණිස මෙලනීන් හෝමෝනය ස්‍රාවය කරයි. එහෙත් ස්මාර්ට් ෆෝන් තිර හෝ පරිගණක තිර දෙස බලාගෙන සිටින විට එය නවතී. එනිසා නිදිමත දැනෙන්නේ නැත. එනම් පුද්ගලයා අවදියෙන් තබයි.


මෙය අක්ෂි පරිහානිය හා ඇසේ සුද ඉවත් කිරීමේ අවදානම වැඩි කළ හැකිය.


ඇසේ කළු ලක්ෂ්‍යය දෘෂ්ඨි විතානයේ කේන්ද්‍රීය කොටස වන අතර එය හොඳ දැක්මක් සඳහා ඉතා වැදගත් වේ. කළු ලක්ෂ්‍යය පිරිහීම නිසා කියවීම සහ රිය පැදවීම වැනි දෛනික ක්‍රියාකාරකම් කළ නොහැකිය. වයස සමග ඇස්වල කාච කළු පැහැයට හැරේ. වැඩිහිටියන් සඳහා මෙය නිල් ආලෝකයට එරෙහිව සීමිත ස්වභාවික ආරක්ෂාවක් සපයයි. නමුත් ළමයින් අවදානමකට ලක් වේ. නිල් ආලෝකය ජීව විද්‍යාත්මක ඔරලෝසුවට බාධා කරන්නේ නින්දට බලපෑම් කරමිනි. සිරුරේ ජීව ක්‍රියා හෙවත් පරිවෘත්තීය ක්‍රියා නිසි ලෙස සිදුවී, මිනිසා නිරෝගීව තැබීම පිණිස පැය ගණනක නින්දක් අවශ්‍ය කරයි. මෙසේ ඇවැසි තරමට නින්ද නොලැබීම සිරුරේ ප්‍රතිශක්තිය අඩු කරයි.


ඩිජිටල් ස්ක්‍රීන් සහිත උපාංග සමග වැඩි කාලයක් ගත කිරීම සත්‍ය වශයෙන්ම සිරුරේ ඉන්සියුලින් ප්‍රතිරෝධය, තරබාරුකම, උදර මේදය වැඩිවීම සහ දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානමක් ඇතුළු විවිධාකාර බරපතළ සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බව පර්යේෂණවලින් හෙලිවී තිබෙන කරුණකි. තිරයේ රැඳී සිටින කාලය වැඩි වන විට මෙම ශාරීරික ගැටලු ඇතිවන්නේ, ළමුන් වැඩිපුර වෙහෙසට පත්වුවත් අඩුවෙන් ගමන් කරයි, එක් තැනකටම වී සිට වැඩිපුර ආහාර ගැනීමට නැඹුරු වන අතර කෙටි ආහාර තෝරා ගනී. ළමුන් රූපවාහිනිය, චිත්‍රපට නැරඹීම සහ සබැඳි මාධ්‍ය සමග සම්බන්ධ වීම සඳහා වැඩි කාලයක් ගත කරන තරමට ඔවුන් ආස කරන ආහාර සහ අවන්හල්වලට නිරාවරණය වීම සිදුවේ. බහුතරයක් එම ආහාර සෞඛ්‍ය සම්පන්න නොවන අතර තරබාරුකම, අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ වෙනත් ශාරීරික ගැටලු වර්ධනය කරයි. බොහෝ පිරිස් මෙම උපාංග භාවිත කරන්නේ වාඩි වී හෝ වැතිර සිටය. වැඩි කාලයක් වාඩි වී සිටීම සිරුරේ බර වැඩි වීම, මාංශ පේශීන් දුර්වල වීම සහ නොයෙක් අපහසුතා ගෙන දෙයි. භෞතික චලනය නොමැති වීම මොළයේ වර්ධනයට ප්‍රබලවම නුසුදුසු බලපෑම් ඇති කරයි. මන්ද යත් භෞතික සම්බන්ධීකරණයේ සිට සන්නිවේදනය දක්වාත් සමාජ කුසලතා දක්වාත් සෑම දෙයකටම අවශ්‍ය, මොළයේ සම්බන්ධතාව රැකගැනීම අවශ්‍ය වේ.


ඩිජිටල් ස්ක්‍රීන් සහිත උපාංග අධික ලෙස භාවිත කිරීමේදී මෙවැනි රෝග ලක්ෂණ ඔබටත් පෙන්නුම් කරනවාද? වියළි හෝ තෙත් වූ දෑස්, කැසීම සහ දැවෙන සංවේදනය, නොපැහැදිලි දර්ශන, නිතර හිසරදය, වේදනාකාරී උරහිස්, පිට සහ පසුපස කැක්කුම, අවධානය යොමු කිරීමේ අපහසුතාවය සහ ආලෝකයට ඇති සංවේදීතාවය වැඩි වීම යන ලක්ෂණ පැමිණිය හැක.


01. කම්පියුටර් විශන් සින්ඩ්‍රෝම් (CVS)


පරිගණක දෘෂ්ඨි සහලක්ෂණය හෙවත් සීවීඑස් ඩිජිටල් තිරයෙන් දිගු වේලාවක් නොපෙනී, ඉතා සමීපව හෝ අපහසු කෝණවලින් තොරව බලා සිටින අයට මෙය පොදු ගැටලුවක් බවට පත්වෙමින් තිබේ. එය අක්ෂි වික්‍රියාව, හිසරදය, අවධානය යොමු කිරීමේ අපහසුතාවය, වියළි ඇස්, ද්විත්ව හෝ නොපැහැදිලි පෙනීම, ආලෝක සංවේදීතාව සහ දැවෙන කැසීම හෝ ඇස්වල තෙත් ගතිය ඇතිවීම වැනි රෝග ලක්ෂණ ඇති කරයි.


02. ආතති හිසරදය (Tension Headaches)


තිරයේ දීප්තිය හා තද පැහැති වර්ණ අතර ඇති වෙනස ඉතා තදබල කරුණකි. මේ ලෙස දෑස් ඊට නිරාවරණය වීම හිස දෙපස තද වේදනාවක් ගෙන දෙයි. ඒ ඔබ ඉතා දීප්තිමත් තිරයක් සමග වඩාත් වෙහෙසක් දරා කටයුතු කරන බැවිණි.


03. දෘෂ්ඨි විතානයේ හානිය (Retinal Damage)


පෙර සඳහන් කළ පරිදි LED මගින් විමෝචනය කරන නිල් ආලෝකය ඔබගේ කේන්ද්‍රීය දර්ශනයට බලපාන අතර අක්ෂි පරිහානිය ඇති කරයි. වයසත් සමග මෙය කරක අතට හැරීමේ අවදානම පවතී.


04. ඇසේ සුද ඉවත් කිරීමේ අවදානම (The Risk of Cataracts)


මේ සඳහා ද ඩිජිටල් උපාංගයන්හි නිල් පැහැ ආලෝකය බලපාන බව සැලකේ. මෙහි විශේෂත්වය නම් වයස අවුරුදු 70ට වැඩි රෝගීන් තුළ පමණක් දක්නට ලැබෙන ඇසේ වළාකුළු මට්ටම ඇති 30 හැවිරිදි රෝගීන්ද සුද ඉවත් කිරීමේ සැත්කම් සිදු කිරීමයි.


05. අක්ෂීය ඉරුවාරුදය (Ocular Migraines)


රූපවාහිනී තිරය ඉදිරිපිට පැය කීපයක් වාඩි වී සිටීම, අතින් උපාංගයක් සමග ක්‍රීඩා කිරීම, ප්‍රතිදීප්ත පහන් යටතේ විද්‍යුත් මාධ්‍ය භාවිතය හෝ පැය ගණනක් පරිගණකය හා වැඩ කිරීම අක්ෂි ඉරුවාරුදය ඇති කරයි. මෙය සාමාන්‍යයෙන් ආලෝකමත් තිත් දිස්වීම, ඔක්කාරය, දැල්වෙන විදුලි පහන් සඳහා ඇති සංවේදීතාව, තාවකාලික අන්ධභාවය, රැලි සහිත රේඛා දිස්වීම සමග හිසරදයක් ඇති විය හැක.


06. වියළි ඇස් (Dry Eyes)


ඇස් වෙහෙසට පත්වීම මීට හේතුවයි. ආලෝකයට වැඩි සංවේදීතාවයක් දක්වන අතර පෙනීම බොඳ වෙයි. ඉක්මන් ප්‍රතිකාර නොකළහොත් වියළි ඇස් ඔබේ ඇස් පෙනීම කෙරෙහි අහිතකර ලෙස බලපායි.


මෙම ඩිජිටල් ස්ක්‍රීන් මගින් වන ශාරීරික හා මානසික හානිය වළක්වා ගැනීමට මෙම ක්‍රමවේදයන් අනුගමනය කළ හැක.


දිලිසීම වළක්වා ගැනීම අක්ෂි සඳහා පීඩා පමුණුවීම අවම කරයි. එබැවින් ඔබ නිතර භාවිත කරන ඩිජිටල් ස්ක්‍රීන් උපාංගවල දිලිසීම නැති කිරීමට යම් අලේපනයක් හෝ යොදන්න.
 “20-20-20” රීතිය අනුගමනය කරන්න. සෑම මිනිත්තු 20කට වරක්, අඩි 20ක් දුරින්, තප්පර 20ක් තිරය දෙස බලන්න. අක්ෂි පීඩා සහනයට වරින් වර ඔබේ ඇස් සම්බාහනය කරන්න.
ඔබගේ දුරකතනය ඇස්වලින් හැකිතාක් දුරට තබා භාවිත කරන්න. නමුත් ඔබට වෙහෙස නොවී පහසුවෙන් කියවිය හැකි දුරින් තබාගන්න.


ඔබේ ඩිජිටල් උපාංගයේ දීප්තිය (Brightness) සකසා ගන්න. එවිට එය පරිසරයේ හා අවට ප්‍රදේශයේ දීප්තියට අනුව ගැලපේ.


පරිගණක තිරයේ සිට අක්ෂි මට්ටම මඳක් පහළින් හා අතේ දුරින් තබා ගන්න.


ඔබේ ඇස් විවේකී කරවීමට එක දිගට වැඩ නොකොට මඳක් පිටත ඇවිදිමින්, නිදාගැනීමෙන් හෝ වෙනත් කටයුත්තකින් මඳ සහනයක් සලසන්න.


ඇස් පෙනීම හෝ අක්ෂි සෞඛ්‍යය රැකගැනීමට එය නරක අතට හැරීමට ප්‍රථම නිරන්තරයෙන් අක්ෂි පරික්ෂාවක් කරන්න.


ඔබේ ඇස් පිරිසිදුව සහ පහසුවෙන් තබන ඇස් ඇරීම පියවීම වැනි පහසු ව්‍යායාම් ක්‍රම භාවිත කරන්න.


උපාංගය පිටුපසින් නොව, යම් ආලෝක ප්‍රභවයක් තබනවා නම් ඔබගේ පිටුපසින් තබන්න. එවිට ඇස් වෙහෙස කරමින් වැඩ කිරීමට වන්නේ නැත.


දිගු කාලීනව ඔබ ඩිජිටල් ස්ක්‍රීන් උපාංග භාවිත කරන්නේ නම්, ඒ අතරතුර ප්‍රති පරාවර්තක ආලේපනයක් සහිත කණ්නාඩි පළඳින්න.


මෙලෙස යම් වෙනස්කම් පුරුදු පුහුණු වෙමින් නිවැරදිව උපාංග භාවිතය සිදු කිරීම යහපත්ය. ඔබගේ දරුවා රූපවාහිනී ඇතුළු ඩිජිටල් ස්ක්‍රීන් භාවිතය අවම කර වෙනත් එළිමහන් සෙල්ලම් ආදියට ද යොමු කරන්න. පොත් පත් කියවීමට, චිත්‍ර ඇඳීමට වෙලාව වෙන්කර දෙන්න. නින්ද අවශ්‍ය ලෙස ලබා දෙන්න. හැකිතාක් කුඩා දරුවන් වශයෙන් මෙවැනි උපාංග භාවිතය අවම කොට යහපත් සෞඛ්‍ය පුරුදු සඳහා හුරු කරවන්න.

 

 

සටහන - පැතුම් වීරසිංහ