නව නිපැයුම්:අපේ හපන්නු
විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න
මං හදපු නව නියැපුම් නිර්මාණවලට යොදාගත්ත යකඩ කෑල්ලක්, ඇණයක් ගානේ මේ රටට ඒ තුළින් යහපත් දෙයක් වේවි කියලා මහා විශාල බලාපොරොත්තුවක් මගේ හිතේ තිබුණා.
ඒත් ඒ නිර්මාණ අද අබලිෙවන්නට අතෑරදාලා. ඒවා දකිද්දී හදවත මුවහත් බ්ලේඩ් එකකින් කපනවා වගේ දරන්න බැරි වේදනාවක් මට දැනෙනවා.
විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න නම් තරුණයා එසේ කියයි. ඔහු කළ නව නිපැයුම් තුළින් අද පේටන්ට් බලපත්‍ර 6ක් ඔහු සතුව ඇත. ලංකාවේ කසළ ගැටලුවට විසඳුමක් සොයාගත්, පයිනස් ශාකයෙන් පෙට්‍රල් සෑදූ, අගනා හෙලිකොප්ටරයක් නිර්මාණය කළ ඒ වගේම තම අලුත් නිර්මාණය ලෙස රසදිය යොදාගෙන ඇන්ජිමක් ධාවනය කිරීමට සැරසෙන විකුම් තරුණයා ගම්පල, දොළුව, ගොඩවල ප්‍රදේශයේ ජීවත් වෙයි.
ඔහු ඉන්ජිනේරුවකු නොවුණත් ඊටත් එහා ගිය ප්‍රායෝගික දැනුමෙන් ඔහු නව නිපැයුම් කළ අයෙකි. තමා වඩාත් හිතකර නිර්මාණය වන්නේ කසළ ප්‍රතිචක්‍රීකරණ යන්ත්රයයි. කසළ රැස් කරමින් කොටස් 4කට බෙදා ඒවා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අයුරින් කසළ ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රයක් විකුම්ගේ දෑතින් නිර්මාණය ෙවන්නේ මීට වසර 4කට පෙරය. එහෙත් විෂයභාර ඇමැතිවරුන්, රජයේ වගකිවයුත්තන් එමගින් නිසි ප්‍රයෝජනයක් ගැනීමට අවශ්‍ය පරිසරයක් සාදා නොදීම හේතුවෙන් ඔහුගේ මහන්සියෙන් නිර්මාණය වූ කසළ ප්රතිචක්රිකරණ යන්ත්‍ර ත්‍රිත්වයක්ම මේ ෙවනවිට ප්‍රයෝජනයක් නොගෙනම ඉවත් කිරීමට සිදුව ඇත.
අලුත් දේ හිතන අලුත් දේ තනන මෙවැනි නිර්මාණකරුවන්ට අපේ රටේ නිසි තැනක් ලැබෙන්නේ කවදාද?.
පයිනස් ශාකයෙන් පෙට්‍රල්:
මම මුලින්ම කළේ පයිනස් ශාකයෙන් පෙට්‍රල් හදපු එක. දවසක් මං ප්‍රවීණ ලේඛක රන්බණ්ඩා සෙනෙවිරත්න මහත්තයාගේ ලංකාවට අලුත් දේශපාලනයක් කියන පොත කියෙව්වා. ඒ පොතේ එක්තරා පරිච්ඡේදයක තිබුණා ලංකාවට පයිනස් ශාකය හඳුන්වලා දුන්නේ ඇයි? එහි අහිතකර ප්‍රතිඵල මොනවද? කියලා. ඵල හට ගන්නේ නැති ලීවලින් ප්‍රයෝජනයක් ගන්න බැරි පයිනස් ශාක ඉතා ඉක්මනින් දහනය ෙවන නිසා මම හිතුවා පෙට්‍රල් වගේ දෙයක් ශාකයෙන් හදලා බලන්න. ඒ වෙනකොට ලෝක වෙෙළඳපොළේ බොරතෙල් මිල ගොඩක්ම ඉහළ ගිහින් තිබුණේ.
මේ ශාකයේ කොටස් එකතු කරලා පල්ප් එකක් හදලා ඒක වියළීමකට පත් කළා. එවිට මේකෙන් වායුවක් නිකුත් වුණා. ඒ වායුව නැවත කූලින් සිස්ටම් එකක් හරහා සිසිල් කළාට පස්සේ වතුර වැනි ද්‍රාවණයක් බවට පත්වෙනවා. මේ ද්‍රාවනය ඉතාම ඉක්මනින් පත්තු වෙනවා. ඒ විදිහට පෙට්‍රල් නිෂ්පාදනය කළ මම ගමේ ත්‍රීවීල්වලට පෙට්‍රල් ලීටරයක් රුපියල් 60ක වැනි මුදලකට විකිණුවා. මම මේකට එවකට හිටපු ප්‍රාදේශීය ලේකම්ගෙන් අවසරයක් ඉල්ලුවා මේක වැඩිදියුණු කරන්න වැඩපිළිවෙළක් සකස් කර දෙන්න කියලා.
එතුමා කිව්වා මේ පිළිබඳ උපදේශයක් ගත යුතුයි කියලා. දවස් දාහතරකට පස්සේ එතුමාගේ සෘජු නිවේදනය වුණේ කිසිම අවස්ථාවක මෙය නීත්‍යානුකුල කිරීමේ හැකියාවක් නොමැති බවයි. අවසනයේ මට නඩු දාන්නත් හැදුවා.
අන්තිමට ඉන්ධන නිෂ්පාදනය කරන්න හදපු යන්ත්‍රය කඩලා යකඩවලට විකුණුවා. පයිනස් ශාකයෙන් පෙට්‍රල් පෙරීම සංකල්පයට අවසානයේ අත්වූ ඉරණම ඕන්න ඕකයි.
හෙලිකොප්ටරය කුඹුර මැද දිරාපත් වෙලා:
මගේ අනිත් නිපැයුම වුණේ හෙලිකොප්ටරයක් නිර්මාණය කිරීම. හෙලිකොප්ටරයක් නිර්මාණය කිරීම අරුමයක් නෙමෙයි. මගේ අරමුණ වුණේ පොලිසියට සහ වනජීවී මහත්වරුන්ට අදාළ රාජකාරියට පහසු ආකාරයට හතර දෙනකුට යා හැකි හෙලිකොප්ටරයක් නිර්මාණය කිරීමයි.
ට්‍රැෆික් බයිසිකලයක් ගන්න විශාල මුදලක් යනවා. අපේ රටේ ආර්ථිකයට ගැළපෙන විදිහට මෙය ඉතාම අඩු මුදලකින් සිව් දෙනෙකුට ගමන් කළ හැකි හෙලිකොප්ටරය අද වසර 3ක් තිස්සේ දිරාපත් වෙමින් පවතිනවා. අදටත් මේක පණගන්වන්න පුළුවන්. ලංකාවේ තියෙනවා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයක්, නව නිපැයුම් කොමිසමක් තියෙනවා. ඒත් නව නියැපුම් යන්ත්‍රයක් හැදුවට ඒක ක්‍රියා කරලා බලන්න අපේ රටේ නීතියෙන් අවසරයක් නැහැ.
මේ හෙලිකොප්ටරේ විශේෂත්වය ෙවන්නේ රසදියවලින් ධාවනය වීම. අපේ රටේ නව නියැපුම් නිර්මාණ දැක්කම මේ දැනුමෙන් වැඩක් ගන්නව නම් අපේ රට හිඟන තත්ත්වයට පත්වෙන්නේ නැහැ.
මෙතනින් එහාට මොකක්ද ඔබේ අරමුණ:
අපි රටේ තියෙන මොළවලින් මේ රටේ අලුත් අලුත් දේ නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ තරම් දක්ෂයෝ මේ රටේ ඉන්නවා. මම කරන නව නිපැයුම් අද කැලෑවට ගිහින් දිරාපත් වුණත් මම මගේ ගමන නවත්වන්නේ නැහැ. මට කාගෙන්වත් සත පහක්වත් එපා. මට ඕනැ ආශිර්වාදය සහ මගපෙන්වීම විතරයි.
ජනාධිපතිතුමාගෙන් මම ඉල්ලනවා නව නිපැයුම් හැදුවා කියල මල්මාල දාලා උත්සව තියන එක නෙවෙයි කළ යුත්තේ. ඒ නිපැයුමෙන් ඉදිරියට මේ රටේ ව්‍යාප්ත කළ යුත්තේ කෙසේද කියලයි බැලිය යුතු ෙවන්නේ.
මම අ.පො.ස. උසස් පෙළ වෙනතෙක් අධ්‍යාපනය හදාරපු කෙනෙක්. කාර්මික අංශයෙන් ඉලෙක්ට්‍රිකල් අංශයේ ඉංජිනේරු අංශයෙන් මම කවදාවත් ඉගෙන ගෙන නැහැ. එදිනෙදා ජීවිතේ මිනිස්සුන්ට දැනෙන ප්‍රශ්නවලට උත්තර හොයන්න තමයි නව නිපැයුම් ලෙස මම නිර්මාණ කළේ. ඉදිරියටත් මම තවත් බොහෝ දේ නිර්මාණය කරනවා.
මම මේ දිනවල ලක්ෂ 70ක් පමණ වියදම් කරලා ජංගම කසළ ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍ර හදනවා. තවත් දින කිහිපයකින් ඒ යන්ත්‍රය සාදා නිම කරන්න පුළුවන්. පළාත් පාලන ආයතන 325 තුළ දිනකට බැහැරවන කසළ ප්‍රමාණය අනුව මැෂින් 1800 පමණ අවශ්‍ය වෙනවා. රජයේ අවධානය යොමු වෙලා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේවි කියන විශාල විශ්වාසයකින් තමයි නැවත මම මේ යන්ත්‍රය හැදුවේ.
නගර සභාවල කුණු එකතු කරන අහිංසක මිනිස්සුන්ට මේ යන්ත්‍රය හැදුවට පස්සේ අතින් කුණු අල්ලන්න අවශ්‍ය නැහැ. රජයෙන් මා බැගෑපත් ඉල්ලීමක් කරනවා. මේ ගැන සොයලා බලලා කසළ ගැටලුවට මා සොයාගත් විසඳුමට අනුමැතිය දෙන්න කියලා.
කසළ ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රය:
දැන් මම මේ දවස්වල නිර්මාණය කරන්නේ හතරවෙනි කසළ ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රය. මීට පෙර යන්ත්‍ර තුනක්ම හදලා අවසානයේ යකඩවලට විකුණලා දැම්මා.
ගම්පොළ නගරයේ කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් මීතොටමුල්ල කුණු කන්දටත් වඩා විශාල ප්‍රශ්නයක් මතු වුණා. 2015 අම්බුලුවාවේ කුණු කන්ද නාය ගිහිල්ලා ඇති වුණ ප්‍රශ්නයත් එක්ක තමයි මම කසළ ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රය හැදුවේ.
ලක්ෂ 27ක් වියදම් කරලා මැෂින් එක හදලා පාවිච්චි කරන්න බලන කොට මෙවැනි නිර්මාණයක් වාහනයක් සම්බන්ධ කරලා හැදුවට පස්සේ ඒක පාවිච්චි කරන්න නීත්‍යානුකූල ක්‍රමවේදයක් නැහැ.
අද තියෙන අවාසනාවන්ත තත්ත්වයක් මේක. වාහනයක් හැදුවට පරීක්ෂණයක් කරන්නවත් පාරේ ධාවනය කරන්නත් මේ රටේ නීතියෙන් තහනම්. ඉතින් ලක්ෂ ගාණක් වියදම් කරලා එක කසළ ප්‍රතිචක්‍රීකරණ මැෂින් එකක් ධාවනය කරන්න බෑ කිව්වම හදවත බ්ලේඩ් තලයකින් කපාගෙන යනවා වගේ දැඩි වේදනාවක් ආවා. මේ මැෂින් එකට දාපු ඇණයක් ගානේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා මේක මිනිස්සු ප්‍රයෝජනයට ගිනිවී කියලා.
මේ යන්ත්‍රයේ යන්ත්‍රානුසාරයෙන්ම කුණු පටවා ගන්නවා. ප්ලාස්ටික්, වීදුරු, යකඩ කාබනික, පොලිතින් යන්ත්‍රය ආධාරයෙන්ම තෝරා ගැනීමත් කරනවා. පසුව ඇඹරීමත් එක්ක ඇති වෙන දුගඳ නැතිකරන්න රසායනික ද්‍රව්‍යයකුත් යොදනවා. කුණු පටවා ගැනීමේ ඉඳලා තේරිලා ඇඹරෙන තැනට වෙනකම්ම පුද්ගලයන් දෙදෙනකුගෙන් මේ යන්ත්‍රය ක්‍රියාත්මක වෙනවා.
පසුව මේවා කාබනික පොහොර වශයෙන් ගන්න පුළුවන්. ඒවා ප්ලාස්ටික්, යකඩ, වීදුරු කර්මාන්ත ශාලාවලට සපයන්න පුළුවන්. මේ යන්ත්‍රයෙන් ක්‍රමවේදයන් 8ක් සිදු වෙනවා. මිනිස්සු දෙදෙනෙකුගෙන් මේ යන්ත්‍රය මගින් කසළ ටොන් 45ක් පැය 3 ඇතුළත ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. මේ යන්ත්‍රය මගින් කසළ ප්‍රතිචක්‍රීකරණය කරනවා නම් රජයට ලැබෙන ආදායම සුළුපටු නැහැ.
කසළ ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රය හැදුවට විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයෙන් ඇගයීමට ලක්වුණ වෙලාවේ මට මහත් සතුටක් දැනුණා. ඒ රට වෙනුවෙන් මට දෙයක් කරන්න පුළුවන් වේවි කියලා. ඒත් අත්වුණු ඉරණම හරිම ඛේදනීයයි. මේ රටේ ජාතික ආරක්ෂාවට වඩා කසළ සම්බන්ධයෙන් මේ රටේ මිනිස්සුන්ට සංවේදී බවක් තියෙනවා. මැෂින් එක ක්‍රියාත්මක කරන්න නීතිමය තත්ත්වයක් නැහැ කිව්වම මම යන්න පුළුවන් හැමකෙනා ළඟටම ගිහිල්ලා මේකට අවසර අරගෙන දෙන්න කියලා බැගෑපත් මුණා. ඒත් වැඩක් වුණේ නැහැ. පස්සේ මැෂින් එක පැත්තකට දාලා නිකං හිටියා.
දේශපාලන පොරොන්දු නම් දීලා මාව ගොඩක් අය රවට්ටලා තියෙනවා. මම දැන් ඒ පොරොන්දුවලට අහුවෙන්නේ නැහැ. එයාලා සාකච්ඡා කරනවා විතරයි. රටට ආදරේ මිනිස්සු දේශපාලනයේ නැහැ.
වසර ගාණකට පස්සේ අලුත් පාලනයත් එක්ක අලුත් බලාපොරොත්තුවක් ආවා. ඒ නිසා නැවත කසළ ප්රතිචකීකරණ යන්ත්‍රය මම හදන්න පටන් ගත්තා.
මීට අමතරව අතිවිශාල ටර්බයින් තාක්ෂණයෙන් කරකවා විදුලිය නිපදවීම ඔහු ඉදිරිපත් කරනු ලැබූ සංකල්පයක් අතුරින් තවත් නිර්මාණයකි. රසදියෙන් ටර්බයිනයක් කරකවා විදුලිය නිපදවිය හැකි එන්ජිමට රාජ්‍ය මට්ටමෙන් කිසිවෙකුගේ අවධානය යොමු නොවීම කනගාටුවකට කරුණක්.
මගේ අලුත්ම අරමුණ වන්නේ රසදිය යොදාගෙන ඇන්ජිමක් ධාවනය කිරීම. මේක ශබ්දයෙන් තොරයි. ග්‍රහලෝකවලින් එන යානා ශබ්දයෙන් තොරව ගමන් කරන්නෙත් රසදිය මගින් ධාවනය කරන තාක්ෂණයක් යොදාගෙන තිබෙන නිසයි. රාවණා රජුට දඬුමොරණයෙන් යෑමට තරම් අපේ තාක්ෂණය දියුණුවී තිබුණා නම් අද තියෙන තාක්ෂණයත් එක්ක මගේ තාක්ෂණික දැනුම සාර්ථක නම් ගුවන් යානා ධාවනයට රසදිය යොදා ගත හැකියි.
ඒ විතරයි නෙමෙයි විදුලිය නිපදවීමට, ජෙනරේටර් දිවීමටද යොදාගත හැකියි. විශේෂයෙන් නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ටර්බයින් කැරකැවීමටද රසදිය යොදාගෙන තනන ඇන්ජිමට හැකියාව තිබෙනවා. මේ වෙනකොට මගේ රසදිය තාක්ෂණික ක්‍රමවේදය නොබෙල් ත්‍යාග සඳහා ද ඉදිරිපත් කර තිබෙනවා.
විශේෂයෙන් නොරොච්චෝලේ වැනි විදුලි බලාගාරයකට ගල් අඟුරු පුච්චා රුපියල් කෝටි ගණන් වියදම් කරන එක මේ රසදිය තාක්ෂණ යන්ත්‍රය මගින් අවම කර ගන්න පුළුවන්. වැස්ස, සුළඟ අවශ්‍ය නැහැ. විදුලිය සීමා සහිතයි කියන්න කාටවත් බැහැ.
මිනිසුන්ට විදුලිය වෙනුවෙන් මේ තරම් මුදල් ගෙවන්න වුවමනා වෙන්නේ නැහැ. ඒ වගේම රටේ ලස්සන දිය ඇළි හරස් කරලා විදුලි බලාගාර ඉදිකරන්න අවශ්‍ය නැහැ. මේ වසරේ මාර්තුවල විදුලිය හිඟයක් එනවා කියලා මම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයට ව්‍යාපෘති වාර්තාවක් පවා දීලා තියෙනවා. ඒවට තාම ප්‍රතිචාරයක් නැහැ.
මේ රසදියෙන් වැඩ කරන යන්ත්‍රය මම හැදුවේ මිනිරන්වලින්. මෙහි අකෘතිය මේ ෙවනවිට මම නිර්මාණය කර අවසන්. අපේ දක්ෂතාවන්ට අත හිත දෙනවට වඩා කකුලෙන් අදින මිනිස්සු හරිම වැඩියි.
සුවිශේෂි නිර්මාණයන් රැසක් නව නිපැයුම් තුළින් බිහිකළ විකුම් සැබෑම දක්ෂයෙකි. රුපියල් ලක්ෂ ගණනක් විදයම් දරමින් ඔහු නිපදවූ සුවිශේෂ නිර්මාණ රැසක් කිසිදු ඇගයීමක් නොමැතිව වසර ගණනාවක් තිස්සේ දිරාපත් වෙමින් පවතී. එය කාගේ අවාසනාවද? ඔහුගේ නිර්මාණයන්ට නිසි ඇගයීමක් ලබා දෙන්නේ නම් ඔහුගේ දක්ෂතා ඉතිහාසගතවනු නොඅනුමානය.
නදීශා අතුකෝරල
මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්
මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්
මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.
බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප
එදිරිවීර සරච්චන්ද්‍ර ඉස්සෙල්ලම මුණගැහෙන මොහොත ගැන කතා කරමු අපි.
දින කිහිපයක් ඇවෑමෙන් සෙබළ සූරියබණ්ඩාර කෑගල්ල නගරය වෙත යන ලද්දේ එහි වූ ස්ටුඩියෝවෙන් තම ඡායාරූප ලබා ගැනීමේ අරමුණිනි. එහිදී ඔහුට 36 කොඩැක් සේයා පටලයෙන් මා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නව නිපැයුම් හයක් කළ තරුණයා අද කලකිරිලා
chandra weerasinghe Friday, 17 January 2020 09:11 PM
මෙම නව නිපැයුම් වලට ඔබ විසින් පේටන්ට් සහතික ලබා ගෙන රජයේ හෝ පුද්ගලික අදාල ආයතන වලට ගොස් කර්මාන්තය සුළුවෙන් අරඹන්න. ඔබට වාසනාවන්ත අනාගතයක්!
කමල් Saturday, 18 January 2020 03:54 AM
මේ දරුවාගේ උත්සාහයන් මම අගය කරනවා. ඒත් සමහරක් නව නිර්මාණයන් කළ පමණින් ප්‍රායෝගිකව අත්හදා බැලීම අනතුරුදායකයි. උදාහරණයකට හෙලිකොප්ටරයක් අත්හදාබලනවා නම් එහි ගමන් කරන අයගේත්, අන් අයගේත්, අන් ගුවන් යානා ආදියේත් ආරක්ෂාව තහවුරු කරගන්න වෙනවා. ඒවා පහසුවෙන් කරන්න බෑ. ඊට සුදුසු පරිසරයක, සුදුසු ප්‍රමිතීන්ට අනුකූලව තමයි එවැනි දෑ පරික්ෂා කර බලන්න ඕනෑ. ෆයිනස් ශාකයෙන් නිපදවූ ඉන්ධනය නම් බැලූ බැල්මට හොඳයි වාගේ. නමුත් එයත් ප්‍රමිතිය පිළිබඳ පරික්ෂා කරලා බලන්ඩයි තිබ්බේ. ප්‍රාදේශීය ලේකම්වරයෙක් ඔවැනි දෙයකට කොහොම අවසර දෙන්නද?
sharm warnMonday, 20 January 2020 06:56 AM
අපේ රටේ ඉන්න දේශපාලුවෝයි ඒ අයගේ හෙන්චයියෝයි කතා කරන්නෙත් මේ භාෂාවෙන් තමයි. මේ නිර්මාණ වල ගුණ අගුණ ගොඩ ඉදන් කිරන්න බැහැ. ඒකට සුදුසු පරීක්ෂණ කළ යුතුයි. ඔහු ඉල්ලා සිටින්නේත් ඒකමයි. නිසි බලධාරීන්ගේ බලපත්‍රයක්. එහෙම නැතුව ඔහු ඉල්ලන්නේ නැහැ ඔහුගේ නිර්මාණ කෙලින්ම මිලට ගන්න කියලා. අපේ රටේ ඉන්න කුහකයෝ එක්ක මොන කතාද ?
rana Sunday, 19 January 2020 05:10 AM
ඔබ ඉපදී ඇත්තේ වැරදි රටක. කෙසේ වෙතත් මම ඔබට ජය පතමි !
jayaMonday, 20 January 2020 05:50 AM
නවසීලන්තයේ Peter Beck තනියම රටට රොකට් ව්‍යාපෘතියක් හැදුවා. පාසල් ගිහින් තියෙන්නේ අවුරුදු 7 වෙනකල් විතරයි. අපි එහෙම අයව පාගනවා.
sampath Monday, 20 January 2020 01:24 PM
ඔයා මේක ජාත්‍යන්තර ව්‍යාපාරිකයෙකුට විකුණලා දන්නා. නැත්නම් ඕක ගැන අධ්‍යයනය කරන්න දන්න අය ලංකාවේ ඉදි කියල හිතන්න අමාරුයි. ඔය කලා විෂයන් කරපු නිලධාරීන් තමා අමාත්‍යංශ වලත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලත් ඉන්නේ. ඒ නිසා ඕක කාටහරි විකුණලා වැඩි දියුණු කරලා ලංකාවට විකුණන්න පුළුවන්.
IBS PERERA Tuesday, 21 January 2020 11:32 AM
ඔබ වගේ කෙනෙක් ඉන්දියාව වගේ රටක උපන්නා නම් අද කර්මාන්ත ශාලාවක හිමිකරුවෙක්. ඔබ ඇමෙරිකාව, ජපානය, යුරෝපය, ඕස්ට්‍රේලියාව වගේ රටක උපදින්න තිබුනේ. රටේ කරුමෙට ඔබ මෙහි ඉපදුනේ. එහෙම නැතුව ඔබේ වරදක් නොවේ. මම ඔබට සුභ පතමි !
Sunil Thursday, 23 January 2020 02:46 AM
මම විකුම් ගැන හොඳට දන්නවා. ඔහුට ඇත්තටම හැකියාවක් තියෙනවා. නිකන් හිතලා බලන්න ඔය වගේ හැකියාවක් තියෙන කෙනෙක් ඔය තත්වේ ඉන්නේ කියලා.
B . Anthony Friday, 24 January 2020 12:37 AM
අනේ පුතේ! ඔයා කරන්න හදන්නේ කී දෙනෙක්ගෙ බඩට ගහන්නද? ඕවා හරි ගිහිල්ලා විදුලිය තුට්ටු දෙකට දෙන්න උනොත් විදුලියෙන් ගල් අගුරුවලින් කොන්ත්‍රාත් වලින් ගසාකන ඒවාට නේද වදින්නෙ. ඒකනෙ එකෙක් වත් කථා නැතුව ඉන්නේ. සමහරවිට දැනටමත් ඔය සැළසුමුත් ඔයාගෙන් හොරාගෙන පිටරටකට දීලා ගතමනාවක් ගන්නත් හිතලාඇති. රටේ සංවර්ධනය කියන්නේ ජනතාවට කරන එකක් කියලද පුතා තාම හිතාගෙන ඉන්නෙ. නෑ පුතා ඒක ඒ අයගේ හත් මුතු පරම්පරාවේ වර්ධනය.