IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සල්ලි නැතිව බඩුගත හැකි වීසා කාඩ්පතේ කතාව

ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි 

  • ලෝකයට VISA කාඩ්පත හඳුන්වා දුන්නේ 1958 දී Bank America සමාගමයි
  • වීසා කාඩ්පත් හරහා වසරකට බිලියන සියයකට එහා මුල්‍යමය ගනුදෙනු සිදු කරනවා
  • විද්‍යුත් කාඩ්පත් මගින් මුදල් ගනුදෙනු කිරීමේදී, වැඩිම ගාස්තුවක් කපා ගනු ලබන රට  පෝලන්තයයි

 

‘වීසා’ යන නාමය කියූ විගස සිහිගැන්වෙන්නේ, ගුවන් ගමන් බලපත්‍රයකට රටකින් තවත් රටකට යාම සඳහා ලබාදෙන අවසරය සහිත මුද්‍රාවය.

කෙටියෙන් කිව​හොත් රටකට යාම සඳහා ලබා දෙන අවසරයයි. නමුත් අප අද විස්තර කිරීමට සූදානම් වන්නේ ආගමන - විගමන කටයුතු වලදී අදාළ වන එම ‘වීසා’ ගැන නම් නෙවෙයි. ඔබ ළඟ නිරන්තරයෙන් තිබෙන ‘වීසා’ ඉලෙක්ට්‍රොනික කාඩ්පත ගැනය. ණය පත් හෙවත් ක්‍රෙඩිට් කාඩ් එක වගේම හරපත් හෙවත්, ඔබ එදිනෙදා භාවිත කරන ඉලෙක්ට්‍රොනික කාඩ්පත කුමක්ද කියා අමුතුවෙන් විස්තර කළ යුතු නොවෙයි. මුදල් භාවිත කිරීම වෙනුවට අද ලෝකයේ බොහෝ දෙනා භාවිත කරන්නේ, ATM මගින් මුදල් ලබා ගැනීමට භාවිත කරන මෙම කාඩ්පත්ය.   


මෙම කාඩ්පත් මාස්ටර් කාඩ් සහ වීසා නමින් බොහෝ විට දැකගත හැකිය. එහිදී ‘වීසා’ නාමයෙන් යුතු කාඩ්පත් මගින් ලොව ඕනෑම තැනකදී ඔබට ගනුදෙනු සඳහා එය භාවිත කළ හැකිය. මුදල් කන්දරාවක් මල්ලක දමාගෙන යනවාට වඩා මෙය ඉතා​ ආරක්‍ෂිත බව කිව හැකිය. ලෝකයේ බොහෝ දෙනා එනිසා මුදල් භාවිතය වෙනුවට වත්මනෙහි එදිනෙදා මුදල් ගනුදෙනු කටයුතු සඳහා භාවිත​ කරන්නේ මෙම ඉලෙක්ට්‍රොනික කාඩ්පත්ය. ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය ඔස්සේද අද අප විස්තර කරන්නේ මෙම ඉලෙක්ට්‍රොනික කාඩ්පත් ලෝකයට හඳුන්වා දුන් ‘‘වීසා ඉන්කෝපරේෂන්’ සමාගමේ කතාවය.  


වීසා (Visa) ඉලෙක්ට්‍රොනික කාඩ් මුලින්ම ලෝකයේ ප්‍රචලිත වූ හැටි 

 
මුදල් වෙනුවට කාඩ්පතකින් ගනුදෙනු කිරීමේ මේ අපූරු අදහස මුලින්ම ප්‍රායෝගික කළේ බෑන්ක් ඔෆ් ඇමරිකා හෙවත් ඇමරිකානු බැංකුවය. 1958 දී ප්‍රථම වරට ඔවුන් විද්‍යුත් ගෙවීම් කාඩ්පතක් ලෙස ‘‘බෑන්ක් ඇමරිකාඩ්’’ හඳුන්වා දුන්නේ, ප්‍රථමයෙන් තම සේවා ස්ථානයන්හි සේවය කළ පිරිසක් වෙනුවෙනි. එය ඉතා ප්‍රචලිත වීමත් සමඟ ඔවුනගේ බැංකු ආයතනය සමඟ බැඳී සිටි ගිණුම් හිමියන් වෙත මෙම කාඩ්පත් සේවාව හඳුන්වා දී තිබේ. හරියටම කිව්වොත් මෙම ඇමරිකාඩ් සේවාව පටන් ගත්තේ, 1958 සැප්තැම්බර් 18 වැනිදා ඇමරිකාවේ කැලිෆෝර්නියාවේ ​ෆ්‍රෙස්නෝ නගරයේ ස්ථාපිතව තිබූ බෑන්ක් ඔෆ් ඇමරිකා ආයතනයේදීය.   


ණයපත් ලෙස මුලින්ම මෙම සේවාව පටන්ගත්තේ ෆ්‍රෙස්නෝ - කැලිෆෝර්නියා හිදීය.  


එදා මෙම බැංකු ආයතනය විසින් හඳුන්වා දෙනු ලැබුවේ අද භාවිතයට ගන්නා 'Visa' නාමයේ විද්‍යුත් කාඩ්පත් නම් නෙවෙයි. තම රට ඇතුළතදී බැංකු ගනුදෙනු කටයුතු කළ හැකි පරිදි මෙම කාඩ්පත් සේවාව හඳුන්වා දුන් පසු කැලිෆෝර්නියාවේ විසූ ජනතාව අතර එය ඉතා ශීඝ්‍රයෙන් ප්‍රකට විය. වෙසෙසින්ම මධ්‍යම පාංතික ජනතාව අතර මෙය වඩා සක්‍රීය සේවයක් බවට පත් වුණේ, ණය පත් ලෙසද භාවිත කිරීමට හැකි වූ නිසාය.  


ඊට අමතරව සුළු හා මධ්‍යම ප්‍රමාණයේ වෙළෙඳුන් සඳහා සහන සේවාවක් ලෙස මෙම ණයපත් හඳුන්වා දුන් නිසා මේ අලුත් ක්‍රමවේදය ගැන බොහෝ දෙනා කතා කරන්නට පටන් ගත්තේය. බෑන්ක් ඔෆ් ඇමරිකා හෙවත් ඇමරිකා බැංකුව විසින් මෙය එදා මුලින්ම දියත් කළේ, ඔවුනගේ බැංකු සේවාවේ තවත් එක් වැඩ සටහනක් ලෙස යැයි සඳහන් කළ හැකිය. ණයපත් හෙවත් ක්‍රෙඩිට් කාඩ්පත් ලෙස මුලින්ම ප්‍රචලිත වීමෙන් අනතුරුව මෙම බැංකු සමාගම හට ජාත්‍යන්තරව ලැබුණේ සුවිශාල ප්‍රසිද්ධියකි.  


1958 දී බෑන්ක් ඇමරිකාඩ් 1976 දී වීසා ලෙස ලෝක ව්‍යාප්ත වීම.  


1958 දී ඉහත සඳහන් කළ ආකාරයට බෑන්ක් ඇමරිකාඩ් ලෙස ඇරඹි මෙම ඉලෙක්ට්‍රොනික කාඩ්පත ‘වීසා’ නමින් ලෝකය අල්ලා ගත්තේ 1976 වසරේදීය. ඉනික්බිතිව අදියරෙන් අදියර විකාශය වෙමින්, ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ්, පෙරගෙවුම් කාඩ්පත් ලෙස වීසා නාමය ලෝකය ආක්‍රමණය කළේය. ලෝකයේ රටවල් 195ක් ලෙස සඳහන් වූවද, වීසා සමාගමේ නිල වෙබ් අඩවියේ දක්වා ඇති පරිදි රටවල් 200ක ‘වීසා’ කාඩ්පත් භාවිත වීම සිදු කෙරේ. ස්වෛරී රාජ්‍යයන්ට අමතරව ඉතා සුළු වශයෙන් ජනයා වෙසෙන ප්‍රදේශ සහිත රටවල් ඊට ඇතුළත් විය හැකිය. ‘‘වීසා’’ කාඩ්පත්හි ඇති සුවිශේෂත්වය වන්නේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය (ATM) වෙතින් ගනුදෙනු සිදු කිරීමට පමණක් නොවීමය. ලැප්ටොප්, යන්ත්‍ර, ජංගම ස්මාර්ට් දුරකථන ඇතුළු අන්තර්ජාල සේවා සඳහා විවර වූ මෙවලම් ඔස්සේ ‘‘වීසා’’ කාඩ්පතට අදාළව සියලු ගනුදෙනු සිදු කළ හැකිය. මුදල් නෝට්ටු පරිහරණයකින් තොරව කාඩ්පතකින් මෙලෙසින් ගනුදෙනු සියල්ල කරගත හැකි වූ මේ මහා තාක්‍ෂණික විප්ලවය කිරීමට මුල් වූ පුරෝගාමීයා කවුද?  


ඩී - හොක් (DEE Hock)   


වත්මනෙහි මුදල් ස්පර්ශ කිරීම සහ අත-පත ගෑම ඉතා අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇත්තේ කොරෝනා වසංගතය නිසාය. එනිසා මුදල් නෝට්ටු හා කාසි පරිහරණයෙන් තොරව මෙම ඉලෙක්ට්‍රොනික කාඩ්පත් භාවිතයට ගනු ලැබීමට මිනිසා හට හැකිවීම කෙතරම් නම් ආරක්‍ෂිතද යන්න ඔබහට අමුතුවෙන් කිවයුතු නොවේ. මේ මහා කාඩ් විප්ලවය ලෝකයට හඳුන්වා දුන්, මහා මිනිසා ඩී හොක් (DEE Hock) ය. කවුද මේ ඩී හොක්?  
‘‘ඔබ ඔබගේ මනසෙහි තැනෙක හිස් ඉඩක් නිතරම තබා ගන්න. ඔබ සතු නිර්මාණශීලීත්වය ඒ හිඩැස ක්‍ෂණිකව පුරවනු ඇත.’’  
‘‘ඔබගේ මනසට නව්‍ය සිතිවිලි ලබා ගත්තේ කෙසේද යන්න ගැටලුව නොවෙයි, ගැටලුව වන්නේ පැරණි දේ ඉවත් කර ගන්නේ කෙසේද යන්නයි.’’  


එලෙසින් පවසා ඇත්​තේ වීසා ඉලෙක්ට්‍රොනික කාඩ්පත ලෝකයට හඳුන්වා දුන් ඩී හොක්ය. ඇමරිකාවේ උතුරු ඕඩන් නගරයේදී ඔහු උපත ලැබුවේ 1929 වසරේ මාර්තු 21 වෙනිදාය. මෙම නගරය ඇමරිකාවේ අනෙකුත් නගර මෙන් යාන්ත්‍රික නොවූවක් ලෙස සඳහන් කළ හැකිය. ඉතා කුඩා ලක්‍ෂයකට වඩා අඩු ජනගහණයක් වෙසෙන පරිසර දූෂණය වෙතින් මෙන්ම අනෙකුත් බොහෝ දේ වෙතින් කිලිටි නොවූ සුන්දර පළාතක් ලෙස ඕඩන් උටා නගරය නම් කළ හැකිය. මෙම නගරය ගැන මෙලෙසින් සඳහන් කළේ ‘ඩී හොක්’ නමැති මිනිසා එම නගරයට, පළාතට, කලාපයට, දේශයට, පමණක් සීමා නොවී ලෝකයට මහා චරිතයක් වූ නිසා වෙනි. ඕඩන් උටාහි වේබර් කොලීජියෙන් අධ්‍යාපනය හදාරා, ඉන්පසුව උසස් අධ්‍යාපනය නිම කොට, බැංකු ක්ෂේත්‍රයේ රස්සාවකට පිවිසියේ 1949 දීය. ඕඩන් උටාහි පැසිපික් ෆිනෑන්ස් සමාගමේ ශාඛා කළමනාකරු ලෙස වෘත්තීය ජීවිතය අරඹන විට ඔහුගේ වයස අවුරුදු 20 සපිරී තිබිණි. රස්සාව එක්කම අවුරුදු 20 පසු වූ මේ කොල්ලා පරස්තාවක්ද කර ගත්තේය. ඇය ෆෙරල් ඩෙලර්ස් ක්‍රෝගන් නම් වූවාය. හොක්, පැසිපික් ෆිනෑන්ස් ආයතනය හා එක් වී එහි විවිධ අංශ ඔස්සේ තනතුරු දරමින් 1955 දක්වා සේවය කර තිබේ. ඉන්පසුව කැලිෆෝර්නියාහි කොළම්බියා ඉන්වෙස්ට්මන්ට් ආයතනය හා බැඳී කටයුතු කළේ එහි සාමාන්‍යාධිකාරීවරයා ලෙසය. ඉනික්බිතිව 1962 සිට වොෂින්ටන් නගරයේ මුල්‍ය ආයතනයක ඉහළ තනතුරක් දැරූ ඔහු ඇමරිකානු බැංකු ආයතනය හා එක්වූයේ 1966 වසරේදීය. එහි ‘බෑන්ක් ඇමරිකාඩ්’ අංශයේ සාමාන්‍යාධිකාරී, මෙන්ම උප සභාපති මෙන්ම විධායක කමිටුවේ සභාපතිවරයා ලෙසද පසුව කටයුතු කර තිබේ. බොහෝ දෙනා තමුන්ගේ රාජකාරිය පමණක් ඉටු කර වැටුප ගෙන ජීවිතය ගෙවා දැමීම පුරුද්දය. එහෙත් ඩී හොක් නිතරම අන් අය පොළඹවනු ලැබුවේ, ගැටලුකාරිත්වයකින් තොරව සමස්ත පද්ධතියම අතමිට මොළවා ගෙන ක්‍රියා කළ යුතු විදිය ගැන සිතමින්ය. බෑන්ක් ඇමරිකාඩ් සමාගමේ සභාපති මෙන්ම ප්‍රධාන විධායක ලෙස කටයුතු කරමින් එතෙක් තිබූ ප්‍රශ්න හරි අඩකින් විසඳා දීමට සමත් වූ හොක් ‘‘ඇමරිකාඩ්’’ අංශය වඩාත් ලාබ ලැබූ තත්ත්වයට ගෙන ඒමට සමත් වුණි. ඉනික්බිතිව මෙම ‘‘වීසා’’ කාඩ් විප්ලවය ලෝකයට ව්‍යාප්ත කළ අතර 1984 දක්වා ඇමරිකානු බැංකුව හා එක් වී යෝධ මෙහෙවරක නියැළීය.  


1984 දක්වා ඉලෙක්ට්‍රොනික යුගයක් සමග ජීවත් වූ යන්ත්‍රයක් මෙන් යාන්ත්‍රික වී කටයුතු කළ, ඩී හොක් වයස 54 දී පමණ විශ්‍රාම ගියේ අන් අයට මහත් ආදර්ශයක් වෙමිනි. විශේෂයෙන්ම තාරුණ්‍යයට ඉඩ දීම ඔහුගේ අරමුණ වූයේ, තාරුණ්‍යයට වඩා සක්‍රීයව ක්‍රියාත්මක විය හැකි බව දැන සිටි නිසාය. කල්තියාම විශ්‍රාම ගිය ඩී හොක්, කැලිෆෝර්නියාහි පෙස්කඩේරෝ පළාතෙන් අක්කර 200ක විශාල ඉඩමක් මිලදී ගත්තේය. ඒ වෙන කිසිවක් නිසා නොවීය. වගාවට සහ ගහට - කොළට - පරිසරයට දැක්වූ ඇල්ම නිසාවෙනි. ඊටත් වඩා හුදෙකලාව ජීවත් වීමට බෙහෙවින් ප්‍රිය කළේය. එහෙත් ඔහු සතු දැනුම ශිෂ්‍යයින් වෙත ලබා දීමට මෙන්ම, සමාජයට මුදා හැරීමට කිසි විටෙකත් මැළි නොවූ පුද්ගලයකු විය. ඩී හොක් නමැති දාර්ශනිකයා විසින් ඉටු කරන ලද සමාජ සේවයද පැසසිය යුතු දෙයකි. ඔහු ‘වීසා’ ඒකාබද්ධ සමූහයෙන් ඉවත්ව යන විට ‘වීසා’ ලෝකය ආක්‍රමණය කරමින් ලොව ආදායම් උපයන ප්‍රධානතම සමාගම් 10 අතරට පැමිණ තිබුණි.  


‘වීසා’ සමාගම ගැන  


ඩී හොක් ගැන විස්තර කරන අතරේ ජෝෂප් පී විලියම්ස් ගැනත් සඳහන් කළ යුතුම වන්නේ ‘බෑන්ක් ඇමරිකා’ වෙනුවෙන් ‘ඇමරිකාඩ්’ අංශය ස්ථාපිත කිරීමට පුරෝගාමී වූ පුරෝගාමියා ඔහු වූ බැවිනි. වත්මනෙහි වීසා මූලස්ථානය පිහිටා ඇත්තේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ‘ෆෝස්ටර් සිටි’ නගරයේය. විසි දහසකට එහා ගිය පිරිසක් මෙම වීසා - ඉන්කෝපරේෂන්හි සේවයේ නිරතය. ලොව පුරා වෙසෙන ප්‍රකෝටි ප්‍රමාණයක ජනතාවක් මෙම වීසා ඉලෙක්ට්‍රොනික කාඩ්පත් භාවිත කරන බැවින්, පුද්ගලයන්ට අදාළව දත්ත සුරක්‍ෂිත කිරීම ඉතා රහසිගත හා ආරක්‍ෂණ ක්‍රමවේදයන්ට අනුව කළ යුතු දෙයකි. ලොව පුරා වීසා මගින් සිදු කෙරෙන සියලු ගනුදෙනු සියල්ල ක්‍රියාත්මක වන්නේ, ඇමරිකාවේ වර්ජිනියාවේ ස්ථාපිත කර ඇති ‘‘වීසානෙට්’’ ප්‍රධාන දත්ත සුරැකුම් ස්ථාන 4න් එකකදීය. ඊට අමතරව, කොලරාඩෝහි මෙන්ම ඇමරිකාවෙන් පිට, බ්‍රිතාන්‍යයේ ලන්ඩනයේ, සහ සිංගප්පූරුවේද වීසා දත්ත සුරැකුම් ආරක්‍ෂණ ස්ථාන ස්ථාපිත කර තිබේ. ස්වභාවික විපත් ත්‍රස්තවාදී ක්‍රියා ආදි දේ සිදුවුවහොත් එයින් වැළකී සිටීමට මේ නිසා හැකිවනු ඇත. නැතහොත් සිදුවන්නේ මුළු වීසා ජාලයම අක්‍රිය වීමය. එසේ වුවහොත්, ලෝකයේ බිලියන ගණනක මහා ජන ගංගාවක් මහත් අපහසුතාවට පත් වනු ඇත.  


වීසා නාමයේ ඉලෙක්ට්‍රොනික කාඩ්පත් භාවිත කිරී​මේදී දත්ත පරිගණක ගතකිරීම තරමක සංකීර්ණ ක්‍රියාවලියක් වන්නේ බිලියන සියයකට එහා ගිය ජනතාවකගේ දත්ත පරිගණක ගත කිරීමට සිදුවීම නිසාය. මෙලෙසින් විශාල පිරිසකගේ දත්ත පරිගණක ගත කරන ලොව අංක එකේ සමාගම වන්නේ වීසා ඉන්කෝපරේෂන්ය.   


මෙම වීසා කාඩ්පත් බිලියන ගණනක් මෙලෙසින් ලොව පුරා විසිරී තිබුණද ඒ ඒ කාණ්ඩවලට අදාළව කේත යොදා තිබීමද විශේෂත්වයකි. උදාහරණයකට ඔබ භාවිත කරන වීසා ඉලෙක්ට්‍රොනික කාඩ්පතෙහි පසුපස බලන්න. එහි ඔබගේ අත්සන යෙදීමට ඇති තීරුවට එහායින් ඇති අංක තුනකින් යුතු අංක සහ අකුරු වලංගු වන්නේ ඔබටම පමණෙකි. මෙම වීසා ඉලෙක්ට්‍රොනික කාඩ්පතෙහි ඇති යුනික් හෙවත් ‘අසමසම’ බව වන්නේ එයයි.   


වීසා කාඩ්පත් භාවිත කිරීමේදී, සේවා සැපයීම වෙනුවෙන් පුංචි ගාස්තුවක් අයකරන බව ඔබ දන්නා දෙයකි. මෙලෙසින් සෑම ගනුදෙනුවක් කිරීමේදී එම ගනුදෙනුවේ මුළු මුදලට සාපේක්‍ෂව "Swipe Fee" ලෙස වැඩිම අනුපාතයක් අය කරන රට වන්නේ පෝලන්තයයි. එම රටේදී 1.6%ක කපා ගැනීමක් සිදුවේ.  
අඩු පිරිසකගේ වැඩිම ලාභයක් ලබන ලොව අංක එකේ සමාගමකි.  


වීසා ඉන්කෝපරේෂන් යනු ලබාදෙන සේවාවේ හැටියට අඩුම පිරිසකගෙන් වැඩ ගන්නා සමාගමකි. එනිසා වීසා ඉන්කෝපරේෂන් යනු ලැයිස්තුගත වූ හෝ රැකියා ලේඛනයට ඇතුළත් වූ ආයතනයක් නොවීමද විශේෂත්වයකි. ලෝකයේ ‘වීසා’ කාඩ්පත් භාවිත කරන වැඩිම පිරිසක් සිටින රට වන්නේ, ඇමරිකාවය. මෙලෙසින් ලෝක ව්‍යාප්ත වූ ‘වීසා’ ඉන්කෝපරේෂන් යනු ලෝකයේ ධනවත්ම මුල්පෙළේ සමාගම් 10ට අයත් සමාගමකි.  


වීසා කාඩ්පතෙහි ඇති නිල් වර්ණයෙන් ප්‍රකාශ වන්නේ සීමා මායිම් නැති ‘අහස’ යන්නය. රන්වන් පැහැය (කහ පැහැයට හුරු) ප්‍රකාශ වන්නේ මෙම ‘වීසා’ උපත ලැබූ කැලිෆෝර්නියාවේ නිල් පැහැයට අදාළවය.

  
වීසා කාඩ්පත මෙලෙසින් ලෝකයම අල්ලාගෙන සිටියද, ග්‍රහණය කරගෙන සිටියද, ලෝකයේ අද ගනුදෙනු විශාල ප්‍රමාණයක් සිදු කෙරෙන කාඩ්පත වන්නේ චීනයේ යුනියන් පේ (Union Pay) නාමයයි. කෙසේ නමුත් ලෝකයේ වඩාත් ප්‍රචලිත ඉලෙක්ට්‍රොනික වීසා කාඩ්පත වන්නේ මේ ‘වීසා’ නාමයම වේ.

 

 

පරිවර්තන සටහන :
සඳුන් ගමගේ



අදහස් (0)

සල්ලි නැතිව බඩුගත හැකි වීසා කාඩ්පතේ කතාව

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3121 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 25 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1434 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 429 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 163 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1444 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site