IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


යෝධ බල ඇති මිනිස්සු බිහිකළ එදා ගමේ ආහාර රටාව

 

පරිසරයේ පවතින ගහ, කොළ, මල්, ගෙඩි උපයෝගී කර ගෙන පෙරදා නුවර කලාවියේ ආහාර රටාව සකස්වී තිබිණ. එසේ සකස් කරගත් රසකැවිලි මාළුපිණි ආදිය පිළිබඳ විස්තර පහත දැක්වේ.


කීරොටී - රසවත් කෑමකි. කැකුළු හාල් පිටිවලට ලුණු වතුර පදමට දමා පොල් වතුරෙන් අනා රාමන්ඩි මිශ්‍රකර පිපෙන්නට තියයි. පිටි මිශ්‍රණය පිපුණ පසු ආප්ප උයන පිළිවෙලට කීරොටී සාදා ගනු ලැබේ. ඊළඟට කීරොටි කෑමට පැණි හොද්දක් සාදා ගනී. පොල්කිරි, පොල්පැණි හෝ මීපැණි, හාල්පිටි, ලුණු වතුර පදමට ගෙන මිශ්‍රකර ලිපේ තබා උතුරවනු ලැබේ. ඉන්පසු කලින් සෑදු කීරොටී මේ පැණි හොද්දට දමා පැයක් දෙකක් තැබූ විට කීරොටීවලට මේ පැණි හොද්ද උරා ගනී. ඉන්පසු කෑමට ගැනීමට පුළුවන.


කිරිවැදෑනි - කිරිවැදෑනි ද රසවත් කෑමකි. කැකුළු හාල් බැද අඹරා වතුර සමඟ රාමන්ඩි දමා, අනා පිපෙන්න තබනු ලැබේ. මේ පිටි පිපුණ පසු අාප්ප උයන ආකාරයට ටිකක් ඝනකමට සාදනු ලැබේ. මේවා මුදවන ලද කිරි සහ මීපැණි සමඟ මිශ්‍ර කොට ආහාරයට ගනු ලැබේ. කිරිවැදෑනි ලෙස හඳුන්වන්නේ මේවාය.


දොහොයි - තවත් නුවර කලාවියේ රසවත් කෑමකි. කුරහන් පිටි සමඟ උඳුපිටි පදමට ගෙන එකට අනා තරමක් උකුවට සකස් කර ගනී, ඉන්පසු රොටී කබලක් බඳු ඊටම විශේෂ වූ ‘දොහොයි’ තැටියක දමා ලිපේ තබා රත්වෙන ආකාරයට රොටියක් මෙන් දෙපැත්ත පෙරලා හොඳින් පිළිස්සුන පසු තැටියෙන් ඉවත් කර බිමට බාගනී. දොහොයි රසකැවිල්ලක් නොව ගුණාත්මක හා ශක්තිමත් ආහාරයකි. දොහොයි කෑමට ලූල් මාළු ඇඹුල, කමත් බිම්මල්, දඩමස් වැනි ව්‍යාංජනයක් සකස් කරගනී.


වෙල්ල වැහුම් - කැකුළු හාල් පිටිවලට වතුර හා ලුණු මිශ්‍රකර තුඩුදවුලා වැනි නානු ඇති යුෂ වර්ගයක් ද යොදා පිටි මිශ්‍රණය සාදා කබලට දමා තැම්බුන පසු කබලෙන් ගලවා බිමට ගෙන මැදට පැණිපොල් තබා රවුම් කර ගනී.
කොමළවටා - සීනි හොඳින් උණුකොට ගාන ලද පොල් ඇති පදමට සීනි මිශ්‍රණයට දමා හොඳින් මිශ්‍ර කර ඉන්පසු කැකුළු සහල් පිටි කළවම් කර ලිපේ තබා රත් කරනු ලැබේ. මේවා අතේ ගුලිකර ගත හැකි තරමට උකු බවට පත්වූ පසු ලිපෙන් බාගෙන වෙනම සකස් කර ඇති පොල්පැණි මිශ්‍රණය මෙයට මුහුකොට යළිත් ලිප තබා රත් කරගෙන අග්ගලා මෙන් ගුලි වශයෙන් සාදා ආහාරයට ගනී. 


ආස්මී - කැකුළු හාල් පිටි සකස් කරගැනීමෙන් පසු මේවා පොල් කිරට දමා මුහුකොට අතේ නොඇලෙන පදමට පිළියෙල කරගත යුතුය. ඉන්පසු දවුල් කුරුඳු කොළ සහ පොල් මිශ්‍රකොට වංගෙඩියේ දමා කොටා පසුව මිරිකා රෙදි කඩකින් පෙරා යුෂ වෙන්කර ගත යුතුය. ඉන්පසු මෙම නානු යුෂ සහ පිටි මුහුකොට ඇඟිලිවලින් රැළි බේරෙන පදමට සකස් කොට තෙල් ලිපේ තබා ඇඟිලි අගින් මෙම මිශ්‍රණය හිමින් සීරුවේ තෙල් භාජනයට ටික ටික දමා තැම්බීගෙන එද්දී හැන්දක් සහ කූරක් යොදාගෙන ආස්මිය දෙකට නමා, තෙලෙන් ඉවතට ගෙන භාජනයක දමා දවසක් පමණ තෙල් බේරෙන්නට තියා දෙවෙනි දිනයේත් ආස්මි තෙල් කබලට දමා බැදගෙන ලිපෙන් බා පදමට උණු කරගත් පැණි රටාවකට ආස්මිය මතට එක් කිරීමෙන් පසු ආහාරයට ගනු ලැබේ.


උඳු වළලු - මෙයද නුවර කලාවියේ ඉතා රසවත් කෑමකි. උඳු ඇට වතුරට දමා හොඳින් පෙඟුණ පසු ඒවායේ පොතු ඉවත් කර සෝදා මිරිස් ගලේ දමා අඹරා ගනු ලැබේ. ඉන්පසු කැකුළු සහල් පිටි ටිකක්ද මුහුකර පොල්කිරි දමා පැය පහක් පමණ වේලා පිටි පිපෙන්නට තැබිය යුතුය. ඊළඟට පිරිසිදු රෙදි කෑල්ලක කුඩා සිදුරක් කර එම රෙදි කෑල්ලට මෙම පිටි මිශ්‍රණය ටික ටික ගෙන ලිපේ තබා ඇති රත්වූ තෙලට වළලු ආකාරයට මිරිකා රන්වන් පාටට පැමිණි පසු තෙලෙන් ඉවත් කොට උණුකර සූදානම් කරගත් පොල් පැණි, කිතුල් පැණි. මීපැණි හෝ සීනි පැණිවලට මෙම වලලු දමා වලලුවලට පැණි පිරුණු පසු ඉවත් කර ප්‍රයෝජනයට ගත හැකිය. 


ලාළු - තවත් රසකැවිලි වර්ගයකි. කැකුළු හාල් සෝදා පිටිකර ගැනීමෙන් පසු පෙනේරයකින් හලා පිටිවලට ඇල්වතුර දමා උකුවට අනාගනු ලැබේ. ඉන්පසු හිල් කළ පොල් කටුව ගෙන මෙම පිටි මිශ්‍රණය පොල් කටුවට දමා කෙසෙල් කොළයක් මතට මලක් මෙන් සිටින සේ තදකර වත්කර ගත යුතුය. ඉන්පසුව මේවා එකිනෙක වන්ඩුවේ තම්බා, තැම්බුන පසු අව්වේ තබා වේලාගත යුතුය. ඊට පසු තෙලෙන් බැද පැණි මිශ්‍ර කොට ආහාරයට ගනු ලැබේ. වන්ඩු​වේ තැම්බීම යනු වතුර දැමූ මුට්ටියක කඩපිම්ම බැඳ ඒ මත මේවා තබා තවත් භාජනයකින් වසා ලිපේ තබා තම්බා ගැනීමය.


පොල් කැවුම් - කැවුම්වලට පිටි සාදාගන්නා ආකාරයට පිටි සකස් කර ඇල් වතුර දමා තරමක් දියාරු ආකාරයට පිටි මිශ්‍රණය සකස් කරගත යුතුය. ඊට පසුව කලින් සකස් කරගත් පොල් ගුලිය පිට මිශ්‍රණයට දමා හොඳින් පිටි තැවරුණු පසු උණුවන තෙල් තාච්චියට දමා රන්වන් පාටට හැරෙන තුරු තෙලේ බැද ලිපෙන් බාගත යුතුය. මේවා පොල් කැවුම් ලෙස හඳුන්වනු ලැබේ.


කිතුල් තලප - මේරූ කිතුල් ගසක බොඩය ඉවත් කරගෙන කුඩාවට කෑලි කපා වේලා ගැනීමෙන් පසු වංගෙඩියේ දමා කොටා, පෙනේරයකින් හලා පිටි ටික බේරා ගනු ලැබේ. ඉන්පසු මුට්ටියට කඩපිම්ම බැද කිතුල් පිටි වතුරේ දියකර කඩපිම්මට දමා කාල් ගාමින් පිරිසිදු පිටි ටික මුට්ටියට පෙරා ගෙන ඊළඟට ​​ෙම්වාට ලුණු මිශ්‍රකර ලිප තබා පදමට තැම්බුන පසු මඳ ගින්නේ තියෙන්නට හැර පසුදා උදයට කෑලි කැපිය හැකි තරමට කැටගැසී ඇති කිතුල් තලපය කෑලි කපා ගනිති. ගුණදායක ආහාරයකි. එසේම තරු පහේ හෝටලයකදීවත් කෑමට නොලැබෙන රසවත් ආහාරයකි.


කුරහන් තලප - කුරහන් පිටි පෙනේරයකින් හලාගෙන ඇල්වතුරට දියකර ඉන්පසු ලිපේ තබා තලපයක් බවට පත්වන තුරු නිතර හැඳි ගා ගත යුතුය. ඒ අතර ඊට ප්‍රමාණවත් තරමට ලුණු දියර මිශ්‍ර කළ යුතුය. තලපයක් බවට පත්වූ පසු ලිපෙන් බාගෙන සුදුසු හොද්දක් සාදා ගෙන ආහාරයට ගත හැකිය.


මෙනේරි බත් - මෙනේරි වී වනේ දමා කොටා හාල් කරගැනීමෙන් පසු ඒවාට කැකුළු හුණු සාල් හතරෙන් එකක් පමණ මුහුකොට මෙනේරි කිරිබත් සාදා ගත හැකිය. තම්බාපු හාල්වලට සුණු සාල් හතරෙන් එකක් පමණ මෙනේරි හාල්වලට මුහු කිරීමෙන් මෙනේරි බත් සාදා ගැනීමට හැකිය.


අමුහාල් බත් - ‘අමු’ නමින් ධාන්‍ය වර්ගයක් ඇත. මේවා වනේ දමා කොටා සහල් සකස් කරගෙන කැකුළු සුණු සහල් සමඟ මිශ්‍ර කිරීමෙන් අමු කිරිබත් ද තම්බාපු සුණු සහල් සමඟ මිශ්‍ර කිරීමෙන් අමුබත් ද සාදා ගැනීමට පුළුවන.


තණහාල් කිරිබත් - ‘තණ’ නමින් ධාන්‍ය වර්ගයක් ඇත. තණ ඇට වංගෙඩියේ දමා කොටා පොතු ඉවත් කර තණහාල් ලබාගෙන ඒවාට කැකුළු සුණු හාල් මිශ්‍ර කොට තණ හාල් කිරිබත් සාදාගැනීමට පුළුවන.
ඕලු බත් - වැව්වල හැදෙන ජලජ පැලෑටියක් වූ ඕලුවල ගෙඩි හැදී පැසුණු පසු ඒවා කඩාගෙන විත් හොඳින් වේලා වංගෙඩියේ දමා කොටා පොතු ඉවත් කර ඕලු සහල් කරගත හැකිය. ඉන්පසු හාල් හුණ්ඩුවකට ඕලුහාල් පතක් පමණ මිශ්‍රකොට ඕලු බත් පිසගත හැකිය. ඕලු හාල්වල විශාල අස්වැන්නක් පවතී.


ලෝලු දළු මාළුව - ලෝලු දළු පිරිමහින තරමට කඩාගෙන සෝදා වතුර තබා තැම්බීමෙන් පසු වතුර පෙරා හැර ලුණු, මිරිස්, උම්බලකඩ, තුනපහ කුඩු, රතු ලූණු ආදිය දමා අමුමිරිස් කරල් කීපයක් සහ තක්කාලි ගෙඩියක් දෙකක් සහ මිටිකිරි ටිකක් දමා තවදුරටත් තම්බාගෙන තෙම්පරාදු කර ගත යුතුය.


අත්තික්කා ගෙඩි මාළුව - ලපටි අත්තික්කා ගෙඩි ඇති තරමට ගෙන වතුර දමා තම්බා වතුර ඉවත් කළ යුතුය. ඉන්පසු ලුණු, මිරිස්, රතුලූණු ආදිය මිශ්‍ර කොට යළිත් මිටි කිරෙන් තම්බා තෙල් අබ දමා ගත යුතුය. 
ගිණිතිල්ලා ගෙඩි මාළුව - පැසුණු ගිණිතිල්ලා ගෙඩි කඩාගෙන ඒවා දෙකට පලා මැද ඇති අැට ඉවත් කර ඇල් වතුරෙන් තම්බා වතුර පෙරා හැර තුනපහ, රතුලූණු, ලුණු, මිරිස් දමා මිටි කිරිවලින් තම්බා තෙම්පරාදු කරගත යුතුය.


නෙළුම් අල - නෙළුම් අල සෝදා පිරිසිදු කරගෙන ඇල් වතුරෙන් තම්බා ඉන්පසු වතුර ඉවත් කර නෙළුම් අල කෑලිවලට කපා, ඒවාට තුනපහ ලුණු මිරිස් එකතු කර මිටි කිරෙන් නැවත තම්බා, තෙම්පරාදු කරගත හැකිය.
නෙළුම් අල තම්බා ආහාරයට ගැනීම - නෙළුම් අල සෝදා පිරිසිදු කොට බතල මෙන් කෑලිවලට කපා වතුරෙන් හෝ වන්ඩුවෙන් තම්බා පොල් සහ ලුණු මිරිස් සමඟ ආහාරයට ගත හැකිය.  


කෙකටිය අල තම්බා ආහාරයට ගැනීම - වැව්වල හැදෙන කෙකටිය ගස්වල නෙළුම්වල මෙන් අල එරෙයි. ඒවා ගලවා ගෙන හොඳින් සෝදා පිරිසිදු කර ඇල් වතුරෙන් තම්බා වතුර පෙරා හැර, ආහාරයට ගැනීමේදී බතල අලවල මෙන් ඒවායේ පොතු ගලවා ඉවත් කළ යුතුය. පොල් සමඟ හෝ ලුණු මිරිස් සමඟ ආහාරයට ගත හැකිය.


ඕලු දළු මාළුව - ඕලු දඬු ගෙන සෝදා රේණු හැර හීන්වලට කෑලි කපා ලුණු, මිරිස්, තුනපහ සහ පොල් දමා මලවා ගැනීමෙන් මැල්ලුමක් සේ ආහාරයට ගත හැකිය.


මයිල මල් මාළුව - මයිල මල් තම්බා වතුර හැර ලුණු මිරිස්, තුනපහ, රතු ලූණු ආදිය දමා මිටි කිරෙන් මාළුව උයා තෙම්පරාදු කරගත හැකිය.


කරකොළ මැල්ලුම - කරකොළ නමින් ගස් විශේෂයක් කැලෑවේ තිබේ. මේවායේ නොමේරූ කොල සෝදා අඟුණ කොළ මෙන් සිහින්ව කපා රතුලූණු, අමු මිරිස් සහ පොල් මුහුකොට මලවා ගත හැකිය.


ලී කොළ සම්බෝලය - ලී කොළ නමින් පවත්නා පඳුරු විශේෂයේ ලා කොළ කඩාගෙන විත් සෝදා සිහින්ව ලියා රතු ලූණු, උම්බලකඩ, පොල්, ලුණු, අමු මිරිස් ආදිය මුහුකොට සම්බෝලය සාදා ගත හැකිය.
බුත්සරණ කොළ බැදගැනීම - බුත්සරණ නම් වූ පඳුරු විශේෂයක් තිබේ. මේවායේ පුංචිම මල් සමඟ තනිකරම සුදු පාට කොළ හැදෙයි. මේ සුදුපාට කොළ පපඩම් මෙන් බැද ගැනීමට පුළුවන. මේ සඳහා පළමුවෙන් පිටි මිශ්‍රණය සාදා ගත යුතුය. හාල් පිටි හෝ පාන් පිටි ගෙන ඒවාට අමු මිරිස්, ලුණු කුඩු, ලූණු, කරපිංචා, මිරිස් කුඩු ආදිය දමා උකුවට මේ පිටි මිශ්‍රණය සාදා ගෙන ඊළඟට සුදු බුත්සරණ කොළ මෙම මිශ්‍රණයේ ගිල්වා රත්කළ තෙලට දමා බැඳ ගැනීමට පුළුවන.


අබ ඇට සම්බෝලය - අවශ්‍ය තරමට අබ ඇට කබලේ බැදගෙන ලුණු, මිරිස්, බදින ලද අබ ඇට, රතු ලූණු සියල්ල මිරිස් ගලේ අඹරා, සාමාන්‍ය සම්බෝලයක් විදියට සාදා ගැනීමට පුළුවන.


වැල්පෙනෙල සම්බෝලය - දළු වැල් පෙනෙල කොළ නොතැලෙන අන්දමට සිහිනව කපා ලූණු, රතු ලූණු, අමු මිරිස් දමා ගොටුකොළ සම්බෝලයක් හදන පිළිවෙලට සාදා ගැනීමට පුළුවන.


උඩත්තා කොළ මැල්ලුම - උඩත්තා කොළ සෝදා පිරිසිදු කරගෙන අගුණකොළ කපන ආකාරයට සිහින්ව ලියා වෙනත් කොළ වර්ග මලවන ආකාරයටම මලවා ගත හැකිය.


තෙලටිය ගෙඩි මාළුව - තෙලටි ගෙඩි දෙකට කපා තම්බා වතුර පෙරා ඉන්පසු තුනපහ ලුණු මිරිස් ආදිය දමා මිටි කිරිවලින් මාළුව උයාගෙන තෙම්පරාදු කරගත් මාළුවක් සාදාගත හැකිය. 


පෙතන් මල් බැදුම - පළමුවෙන් හාල්පිටි ​හෝ පාන්පිටි අවශ්‍ය තරමට ගෙන කරපිංචා, ලූණු, ලුණු, මිරිස් ආදිය එකට අඹරා ඒවා පිටිවල දියකර උකුවට පිටි මිශ්‍රණය සාදාගනු ලැබේ. ඊට පසුව පෙතන් මලේ පෙති ගලවා එකිනෙක පෙති මෙම මිශ්‍රණයේ පොඟවා කොකිස් බදින ආකාරයට තෙලට දමා බැදගත හැකිය.


තිබ්බොටු සම්බෝලය - තිබ්බොටු අවශ්‍ය තරමට ගෙඩි කඩා ගෙන හොඳින් සෝදා කබලේ බැද පසුව හොඳින් කුඩු කරනු ලැබේ. ඉන්පසු පොල්, ලුණු, රතුලූණු, තක්කාලි සමඟ තිබ්බොටු කුඩු මිශ්‍රකර ආහාරයට ගත හැකිය.
අවර මාළුව - ළපටි අවර කරල් ගෙන දෙකට පලා ඇට සහ මදය ඉවත් කර තම්බා වතුර ඉවත් ​කර තුනපහ, මිරිස්, ලුණු ආදිය දමා තෙම්පරාදු කරගත් විට රසවත් මාළුවකි. 


කිරින්ගලා කොළ අැඹුල - කිරින්ගලා කොළ නොතැලෙන සේ සෝදා දිය බේරෙන්නට තියා, ඊළඟට තුනපහ හොද්ද උතුරා පැසෙන විට කොළ පොඩි නොවන සේ කපා හොද්දට දමා තුනපහ දමා තැම්බුන පසු ලිපෙන් බා ගන්න. මෙය ඉතා රසවත් ඇඹුලකි. පෙර රජදරුවන්ගේ භෝජනයට පවා කිරින්ගලා කොළ ඇඹුල එකතු කර තිබේ.


පුහුල් මල් සාදා ගැනීම - පුහුල් ගෙඩියේ පොත්ත ඉවත් කර දික් අතට පුහුල් තීරු කපා ගැනීමෙන් පසු ඒවා නැවත හීන්වට දික් අතට තුනීවට කපා ගනු ලැබේ. ඊළඟට මෙසේ කැපූ පුහුල් කෑලි හුණු දියට දමා දවසක් පමණ තබා නැවත ගෙන හොඳින් සෝදා දිය බේරෙන සේ තැබිය යුතුය. ඉන්පසු පුහුල් කෑලි කිලෝ එකකට සීනි කිලෝවක් වන සේ ගෙන සීනි උණුකර ප්‍රයෝජනයට ගත හැකිය. 


පෙරදා නුවර කලාවියේ ජනතාව පරිසරය සමඟ එක්ව පරිසරයේ සම්පත් උකහා ගෙන ජීවිත ගැටගසා ගත් බව පරිසරයෙන් උකහා ගත් මෙම ආහාර වට්ටෝරුවලින් සනාථ වේ.

 

 

 

එප්පාවල 
රත්න බී. ඒකනායක



අදහස් (0)

යෝධ බල ඇති මිනිස්සු බිහිකළ එදා ගමේ ආහාර රටාව

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3038 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 24 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1430 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 429 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 163 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 215 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1530 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site