IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මත්ද්‍රව්‍ය සමඟ පාතාලයට ගොදුරු වූ එල් සැල්වදෝර්

වළ පල්ලට ගිය රටවල්

 

 

 

දුෂ්ට පාලකයන්ට ජනතාව විසින් තම මානුෂික අවශ්‍යතාවන් ප්‍රකාශ කිරීම හිස් අවකාශයට වචන මුසු කිරීමක් පමණකි. එම ජනතාව තම හිතේ ඇතිවන හැඟීම් වචනගත නොකර ඒවා කඳුළු බවට පත් කරනුයේ කිසිදු පිළිසරණක් නොලැබුණු විටදීය. බොහෝ පාලකයන්ට බලය ලැබුණු විට ජනතාවගේ ජීවන දුක් ගින්දර නොපෙනේ. ගිනිගෙන දැවෙන්නේ මෙවැනි රටවල්ය. ජනතාවගේ ගතේ ගින්න නිවන්නට මෙලෝ මලදානයක් නොකරන පාලකයන්ගෙන් රටකට වැඩක් තිබේ ද? ඔවුහු ප්‍රතිලාභ ලබාදෙන්නේ පොදු ජනතාවගේ දිශාවට නොවේ. තමන්ගේ දිශාවටය. 


මා දුටු දිළිඳු රටවල් බොහොමයකම තත්ත්වය මෙසේ කෙටියන් සඳහන් කළ හැක. ජනහිතකාමී, විචාර බුද්ධියෙන් යුත් පාලකයන් හරියට සයුරට රැල්ල වගේය. වෙරළට වැල්ල වගේය. එවැනි පාලකයන් සිටින්නේ කීයෙන් කීදෙනා ද? අද මෙම තීරුවෙන් හඳුන්වා දෙනු ලබන්නේ දේශපාලන පක්ෂ දෙකක් විටින් විට බලය ලබාගෙන සූරාකනු ලැබූ ලතින් ඇමෙරිකාවේ තවත් අවාසනාවන්ත ජනරජයකි. එය එල් සැල්වදෝරයයි (El Salvador).


එල් සැල්වදෝරයේ ජීවන සටන 


මෙය මධ්‍යම ඇමෙරිකාවේ කුඩාම රටයි. මේ රට ස්පාඤ්ඤායෙන් නිදහස ලබා ගත්තේ 1821 සැප්තැම්බර් 15 දාය. නිදහස ලබාගෙන වසර 198 කි. ජනාධිපතිවරුන් 45 දෙනකු මේ රට පාලනය කරනු ලැබුවත් නිදහසින් පසු රට පෙරට ගිය බවක් පෙනෙන්නට නැත. 


1979 සිට 1992 දක්වා සිවිල් යුද්ධයක් පැවැති රටකි. සිවිල් යුද්ධය අවසන් වී වසර 27ක් ගත වී ඇතත් රටේ කිසිදු ප්‍රගතියක් සිදු වී නැත. දරිද්‍රතාවය, අපරාධ, කුඩු ජාවාරම් හා දේශපාලකයන්ගේ වංචා දූෂණ හේතුකොට ගෙන වළ පල්ලට ගිය තවත් රටකි. භූමිකම්පා, ගිනි කඳු පිපිරීම්, සුළි සුළං ආදී ස්වභාවික විපත්වලින් ද පීඩනයට පත් මෙහි ජනතාව ගෙන යන ජීවන සටන ශෝකාලාපයකි. 


හොන්ඩුරාස් සහ ගෝතමාලාව යන රටවලට මැදිව පිහිටා ඇත. විශාලත්වය ව.කි.මී. 21,041 කි. නැතහොත් ව.සැ. 8124 කි. ලක්ෂ 63කට මඳක් වැඩි ජනගහණයකින් සමන්විතය (63,44,722). ඇමෙරිකන් ඩොලරය තම මුදල් එ්කකය වශයෙන් භාවිත කරන රටකි. ලෝකයේ තවත් වැඩිපුරම මනුෂ්‍ය ඝාතන සිදුවන අනාරක්ෂිත දේශයකි. මුළු ජනගහණයෙන් සියයට 37කට වැඩි පිරිසක් ඉතා දිළිඳු ජීවිත ගෙවති. නීතියේ ආධිපත්‍යය බිඳ වැටුණ රටක් වශයෙන් හැඳින්විය හැක. 


අලුත් ජනපති රට හදයි ද? 


වත්මන් ජනපති සැල්වදෝර් සන්ඩෙස්ය. 74 හැවිරිදි ඔහු එම තනතුරට පත්වූයේ 2014 ජුනි 1 දාය. ඊට පෙර 2009 සිට 2014 දක්වා උපජනාධිපති ධුරය දැරුවේය. 2019 පෙබරවාරි 3 දා පැවැත්වූ මැතිවරණයෙන් පසු ඔහු පරාජයට පත් කරන ලද්දේ 37 හැවිරිදි නයිබ් බුකෙල් ය (Nayib Bukele). ඔහු නව ජනපති වශයෙන් දිවුරුම් දීමට නියමිතව ඇත්තේ 2019 ජුනි 1 දාය. මෙහි විශේෂත්වය වනුයේ නිදහසින් පසු රටේ බලය ලබාගත් දේශපාලන පක්ෂ දෙකටම සම්බන්ධ නොවී ඔහු ජයග්‍රහණය කිරීමයි. ඉකුත් සතියේ ඇමෙරිකාවේ හෙරිටේජ් ෆවුන්ඩේශන් හිදී (Heritage Foundation) ජයග්‍රහණයෙන් පසු තම ප්‍රථම කතාව පවත්වමින් ඔහු සඳහන් කළේ දූෂණ ක්‍රියා සිදු කළ එල් සැල්වදෝරයේ හිටපු පාලකයන් කීපදෙනකුටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට තමා පසුබට නොවන බවයි. 


හොරකම් කළ හිටපු ජනපතිවරු 


එල් සැල්වදෝරයේ හිටපු ජනාධිපතිවරුන් තුන්දෙනකුට එරෙහිව ඇති දූෂණ චෝදනා විභාග කිරීමට එරට ශ්‍රේ‍ෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා දක්වයි. හිටපු ජනාධිපති මරිසියෝ ෆුනේස් 2009 සිට 2014 දක්වා ඩොලර් මිලියන 13ක ධනයක් නීති විරෝධී අයුරින් උපයාගෙන ඇති බව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති චෝදනාවේ සඳහන් වේ. 


මේ අතර 1999 සිට 2004 දක්වා ජනපති පදවිය හෙබවූ ප්‍රැන්සිස්කෝ ෆ්ලෝරස් භූමිකම්පාවෙන් විපතට පත්වූවන්ට සහනාධාර වශයෙන් සැපැයීමට විදේශ රටවලින් ලබාදුන් ආධාර මුදල්වලින් ඩොලර් මිලියන 15ක් ගසාකෑ අයුරු ද හෙළි වී තිබේ. 


වත්මන් උපජනාධිපති ඔස්කාර් ඕර්ටිස්ට (Oscar Ortiz) එරෙහිව ද මුදල් විශුද්ධිකරණය සිදුකිරීම පිළිබඳව දැනටම නඩු පවරා ඇත. වසර 12ක කාල සීමාවක් තුළදී රජයේ ඉහළ තනතුරු දරමින් ඩොලර් මිලියන 215කට වැඩි ධනස්කන්දයක් මහා භාණ්ඩාගාරයෙන් සොරකම් කරන ලදැයි යන්න ඔහුට එරෙහිව ඇති චෝදනාවලින් එකකි. රාජ්‍ය මුදල් විවිධ විදේශ බැංකු ගිණුම්වලට රාජ්‍ය අනුග්‍රහයෙන් ඔහු සහ ඔහුගේ කාර්ය මණ්ඩලය මගින් යවා ඇති අයුරු නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අනාවරණය කර තිබේ. එල් සැල්වදෝරයේ වත්මන් පරිහානියට වගකිව යුත්තේ එරට හිටපු පාලකයන් බව විදේශ ජනමාධ්‍යයන් සඳහන් කරයි. 


පවුල තුළ රැඳුණ රටේ පාලනය 


කාලයක් තිස්සේ පවුලේ සාමාජිකයන් අතරේ රටේ පාලන බලය නතුවීම තුළින් එල් සැල්ව​ෙදා්රය ද මකර කටට ඇදවටුණේය. මෙහි බහුතර ජනතාවගේ දෛනික ආදායම ඩොලර් 1.90 කි. ළමයින්ගෙන් සියයට 70ක් විවිධ ලෙඩ රෝගවලින් පෙළෙති. සෑම පවුල් 100කින් පවුල් 19ක් පමණ එදා වේල පිරිමසාගත නොහැකිව දුක් විඳිති. මේ රටේ ද පොදු ජනතාවට දුක ශෝකය හා සංතාපය උරුමය. බලයට පත්වන දේශපාලකයන්ට සැපය. සනීපය. 


විරැකියාව උග්‍ර වී ඇත. රැකියා අහිමි තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව ලක්ෂ 8ක් ඉක්මවා ඇත. තරුණ අසහනය උග්‍ර වී තිබේ. රට අතහැර යන අයගේ සංඛ්‍යාව අධිකය. විවිධ නීති විරෝධී මාර්ගවලින් ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී ඇති එල් සැල්වදෝර ජාතිකයන්ගේ සංඛ්‍යාව දහතුන්ලක්ෂ පනස්දහසකට වැඩි බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි. මෙහි 18 වැනි වීදියේ සිදුවන මිනී මැරුම්, පාතාල කල්ලි ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ලොව පුරා ප්‍රචලිතය. පොලිසියේ සහාය ද මේ පාතාල කල්ලිවලට හා මත්කුඩු ජාවාරම්කරුවන්ට ලැබෙන බව හෙළි වී තිබේ. ජනතාවට මේ රට අනාරක්ෂිත වී ඇත්තේ මේ නිසාය. හැම කෙනකුගේම වෑයම මෙම අපායෙන් ගැලවී වෙනත් රටක අලුත් දිවියක් ඇරඹීම සඳහා යාමයි. 

 

 


කෝපි වෙනුවට කුඩු 


ඇමෙරිකාව ප්‍රමුඛ ලොව බොහෝ රටවලට මත්කුඩු බෙදාහරින තවත් මධ්‍යස්ථානයකි එල් සැල්වදෝරය. බලයේ සිටින ඇතැම් දේශපාලකයන් ද මෙම මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධය. මාසයකට කොකෝන් හෙරොයින් ප්‍රමුඛ මත්කුඩු ටොන් 11ක් පමණ රට රටවලට යවන මේ රට තව තවත් විනාශ මුඛයට පත්වෙමින් තිබේ. රජයේ වාර්තා දක්වන්නේ මෙහි පාතාල කල්ලි සතුව පවතින ගිනි අවි සංඛ්‍යාව 450,000කට අධික බවය. අතීතයේ දී මෙහි ප්‍රධාන ආදායම් මාර්ගය වී තිබුණේ කෝපි අපනයනයයි. රාජ්‍ය අනුග්‍රහය ඇතිව මත්කුඩු අපනයනය කිරීම තුළින් අද මේ රටට සිදු වී ඇත්තේ මහා විපතකි. 


එල් සැල්ව​ෙදා්රය ගොඩ ගැනීමට අලුතින් තේරී පත්වූ තරුණ ජනාධිපතිවරයා සමත්වේ ද? මෙහි හිටපු දූෂිත පාලකයන් නීතියේ රැහැනට හසු කරගෙන ඔවුන්ට නිසි දඬුවම් ලබා දී, මත්ද්‍රව්‍ය උවදුර හා පාතාල කල්ලිවල අපරාධ මැඩපවත්වා මහජන මුදල් සොරා කෑමේ දූෂණ ක්‍රියා නවත්වා ඔහු එල් සැල්වදෝරයට නව යුගයක් උදා කරනු ඇත්ද? වළ පල්ලට ගිය එල් සැල්වදෝරය ඔහු ගොඩ ගන්නා අයුරු ලෝකය බලා ගෙන සිටියි.

 

 

 

සිරි හීන්පැල්ල 
නිව්​ෙ‌යා්ර්ක් නුවර සිට ලියයි



අදහස් (0)

මත්ද්‍රව්‍ය සමඟ පාතාලයට ගොදුරු වූ එල් සැල්වදෝර්

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3054 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 25 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1430 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 429 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 163 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site