IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කාෂ්මීරයේ මරාගෙන මැරෙන ප්‍රහාරයට ලෝක නායකයන්ගේ විරෝධය

 

කුරිරු ත්‍රස්තවාදයේ බියකරු බව අපට කිසිදා අමතක නොවෙයි. ත්‍රස්තවාදයේ කුරිරු බව යළිත් වරක් ලොවට යළිත් පසක් කරදීමට ඉන්දියාවේ, පුල්වාමා දිස්ත්‍රික්කයේ සිදුවුණු මරාගෙන මැරෙන ප්‍රහාරය සමත් විය. පුල්මාවා දිස්ත්‍රික්කය පිහිටා ඇත්තේ ඉන්දු කාශ්මීරයේය. ඉන්දීය ආරක්ෂක අංශ රැගත් රථ පෙළක් ඉලක්ක කර ගනිමින් ඉකුත් 14 වැනිදා එල්ල වූයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකි. ඉන්දීය ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් එල්ල වුණු දරුණුතම ප්‍රහාරය මෙය යැයි පැවැසෙයි.   


ප්‍රහාරයෙන් මියගිය ආරක්ෂක අංශ සාමාජිකයන් ගණන 46 කි. තවත් බොහෝ දෙනෙක් ප්‍රහාරයෙන් තුවාල ලැබූහ. ප්‍රහාරයේ වගකීම ඉන්දීය පාලනයට නතු ජම්මු කාශ්මීරයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන ‘ජායිෂ් ඊ මොහොමද්’ ත්‍රස්ත කල්ලිය විසින් බාරගනු ලැබ ඇත. ජම්මු කාශ්මීරයේ ක්‍රියාත්මක ‘ජායිෂ් ඊ මොහොමද්’ ත්‍රස්ත කල්ලියට, පාකිස්තාන රජයේත් එරට අයි.එස්.අයි. බුද්ධි අංශයේත් සහාය සහ අනුග්‍රහය හිමි වෙයි. 


පුල්වාමා ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, ඕසට්‍රේලියාව, ජපානය, සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ප්‍රංශය, ජර්මනිය, කොරියාව පමණක් නොව බහරේනය දැඩි ලෙස විරෝධය පළ කර ඇත. ඉන්දීය සොල්දාදුවන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල කළ, ‘ජායිෂ් ඊ මොහොමද්’ සටන්කාමීන්, ත්‍රස්තවාදීන් ලෙස පිළිගැනීම කළ රටක් වන්නේ ඇමෙරිකාවය. ඊට අමතරව, එක්සත් රාජධානිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ‘ජායිෂ් ඊ මොහොමද්’ කල්ලිය, ත්‍රස්ත කල්ලියක් ලෙස නම් කර ඇත. 
ප්‍රහාරය සැලවීමත් සමඟ, ඇමෙරිකාව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කළේය. ඒ, පාකිස්තාන රජය සහ එරට බුද්ධි අංශය ‘ජායිෂ් ඊ මොහොමද්’ ඇතුළු මුස්ලිම් අන්තවාදී කල්ලිවලට අනුග්‍රහය සහ සහාය ලබාදීම වහා නවත්වන ලෙසය. මේ වනවිටත්, ත්‍රස්තවාදයට එරෙහි සටනේදී පාකිස්තාන රජය උදාසීන අයුරින් ක්‍රියාකරනවා යැයි චෝදනා නගමින්, වාර්ෂිකව පාකිස්තානයට ලබා දෙන ආධාර නැවැත්වීමට පවා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත. 


පසුගිය 14 වැනිදා පුල්වාමා ප්‍රහාරයෙන් පසු, ඇමෙරිකා ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් අමතමින් කියා සිටියේ, ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලදී ඇමෙරිකාවේ සහාය නොඅඩුව ලැබෙන බවය. ඉන්දු පාකිස්තාන දේශසීමාවේ දී, ඉන්දීය පාලනය යටතේ පවතින ප්‍රදේශයේ, ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් සහ ඉන්දීය වැසියන් වෙනුවෙන් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම පියවරක් ගැනීමට ඉන්දීය රජයට අයිතිය ඇතැයි ද ඇමෙරිකා ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් පවසා ඇත. 


රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, පුල්වාමා ප්‍රහාරය තරයේ හෙළා දකිමින් කියා සිටියේ ප්‍රහාරය සිදු කළ සහ ප්‍රහාරයට සම්බන්ධ සියලුම දෙනාට දැඩි දඬුවම් ලබා දිය යුතු බවය. ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී, නිරන්තරයෙන් රුසියාවේ සහාය ඉන්දියාවට හිමිවන බව ද ජනාධිපති පුටින් පෙන්වා දුන්නේය. 

 

 


ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, පාකිස්තාන අගමැති ස්කොට් මොරිසන් පවසා ඇත්තේ පුල්වාමා ප්‍රහාරය තරයේ හෙලා දකින බවය. එය බියගුලු ප්‍රහාරයක් යැයි ද ඕස්ට්‍රේලියා අගමැතිවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වෙයි. ජපන් රජය සහ ජපාන වැසියන් වෙනුවෙන් ජම්මු කාශ්මීරයේ පුල්වාමා දිස්ත්‍රික්කයේ සිදුවුණු ප්‍රහාරය තමන් තරයේ හෙළා දකින බව ජපාන අගමැති ෂෙන්සෝ අබේ පැවැසීය. ප්‍රහාරයෙන් මියගිය ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ පවුල්වල අයට සොව පළ කරන බව ද ජපාන අගමැති ෂෙන්සෝ අබේ වැඩිදුරටත් කියා සිටියේය. මෙවැනි ත්‍රස්ත ක්‍රියා කිසිම අයුරකින් සාධාරණීය කළ නොහැකි බව ද ජපාන අගමැතිවරයා පෙන්වා දුන්නේය. 


සිංගප්පූරුව වෙනුවෙන් එරට විදේශ කටයුතු පිළිබඳ ඇමැති ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් කියා සිටියේ පුල්වාමා ප්‍රහාරය තරයේ හෙළා දකින බවත් එවැනි කුරිරු ත්‍රස්ත ක්‍රියා කිසිසේත් අනුමත කළ නොහැකි බවත්ය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් එරට විදේශ අමත්‍යාංශයත්, බහරේන් රාජ්‍යය වෙනුවෙන් එරට විදේශ ඇමැතිවරයාත් ඉන්දීය ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් එල්ලවුණු කුරිරු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හෙළා දැක ඇත. 


ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ඉන්දියාවට සහාය පළ කරමින්, ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ප්‍රහාරය හෙළා දැක ඇති අතර, මෙවැනි ත්‍රස්ත කල්ලි මුලිනුපුටා දැමීමට මුළු ලොවට එක් විය යුතු බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. ජර්මනිය සැමවිටම ඉන්දියාවේ මිතුරකු බව පෙන්වා දෙමින්, ඕනෑම අවස්ථාවක ඉන්දියාවට ජර්මනියේ සහාය ලැබෙන බව ද පවසා ඇත. පසුගිය 14 වැනිදා පුල්වාමා දිස්ත්‍රික්කයේ ඉන්දීය ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් එල්ල වුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය තරයේ හෙළා දකින බව කොරියා ජනරජය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. 


පුල්වාමා ප්‍රහාරය සිදුකළ ජායිෂ් ඊ මොහොම්මද් ත්‍රස්ත කල්ලිය ඉන්දු කාශ්මීරයේ ක්‍රියාත්මක වන්නේ 1999 වසරේ සිටය. ‘ජායිෂ් ඊ මොහොම්මද්’ යන්නෙහි අර්ථය ‘මොහොමද්ගේ හමුදාව’ යන්නය. මෙම ත්‍රස්ත කල්ලියේ උපත සිදුවූයේ 1999 වසරේ දෙසැම්බර් 24 වැනිදා, ඉන්දීය ගුවන් සේවයට අයත් ගුවන් යානා අංක 814 පැහැර ගැනීමේ සිදුවීමත් සමඟය. 
ඉන්දීය ගුවන් සේවයට අයත් ගුවන් යානා අංක 814 යානය එයාර්බස් ඒ 300 වර්ගයේ එකකි. එදා එය, නේපාලයේ කත්මණ්ඩු අගනුවර ත්‍රිබුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වූයේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර, ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා පැමිණීමේ අරමුණින්ය. යානය ඉන්දීය ගුවන් සීමාවට පිවිසීමට ඔන්න මෙන්න කියා තිබියදී යානයේ මගීන් ලෙස වෙස්වළාගෙන සිටි ඉස්ලාමීය ත්‍රස්තවාදීහු කණ්ඩායමක් යානය පැහැර ගත්හ. යානය පැහැර ගත්තෝ ‘හර්කාත් උල් මුජහදීන්’ නමැති පාකිස්තානයේ ක්‍රියාත්මක ඉස්ලාමීය ත්‍රස්ත කල්ලියේ සාමාජිකයෝය. පැහැරගත් යානය, ඉන්දියාවේ අම්රිත්සාර්, පාකිස්තානයේ ලාහෝර් පමණක් නොව ඩුබායි දක්වාත් ඉන්පසු ඇෆ්ගනිස්තානයේ කන්දහාර් පළාත දක්වාත් පියාසර කරවීමට ත්‍රස්තයෝ බල කළහ. 

 

 


අවසානයේ යානය ඇෆ්ගනිස්තානයේ කන්දහාර් පළාතට ගොඩබැස්සීමට හර්කාත් උල් මුජහදීන් ත්‍රස්තයෝ පියවර ගත්හ. එදා ඇෆ්ගනිස්තානයේ පාලනය තලේබාන් සංවිධානය යටතේ පැවැතිණි. ඔවුන්ට අල් කයිඩා සංවිධානයේ ද සහාය හිමි විය. පැහැර ගැනීමට ලක්වුණු යානයේ සිටි මගීන් ගණන 176 කි. ඔවුන්ගෙන් 27 දෙනකු ඩුබායිවලදී මුදාහැරීම සිදුවිය. එහිදී එක් මගියකුට පිහි ප්‍රහාරයක් එල්ල වුණු අතර තවත් කිහිපදෙනෙක් තුවාල ලැබූහ. 


කන්දහාර් බලා ගිය පැමිණි පසු, තලේබාන් ත්‍රස්තවාදීන් ගුවන් යානය වට කළේ, ඉන්දීය හමුදා පැමිණ ගුවන් යානයේ මගීන් බේරා ගැනීම වළක්වමිනි. තලේබාන් සංවිධානයට ද පාකිස්තාන බුද්ධි අංශයේ සහාය හිමිවී තිබුණු අතර, එසේ නොවුණා නම්, යානය පැහැර ගැනීමේ අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් කඩිනමින් විසඳා ගැනීමට හැකිවන බව ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානී අජිත් දොවාල් පසුව කළ ප්‍රකාශයක සඳහන් වෙයි. හර්කාත් උල් මුජහදීන් ත්‍රස්තයන් ගුවන් යානය පැහැර ගත්තේ, ඉන්දීය අත්අඩංගුවේ පසුවුණු ඉස්ලාමීය ත්‍රස්තවාදීන් පිරිසක් මුදාහරින්නැයි ඉන්දීය රජයට බල කරමිනි. 


ගුවන් යානයේ පිරිස දින 7ක් තිස්සේ ප්‍රාණ ඇපයේ රඳවා තබා ගැනුණු අතර, අවසානයේදී ඔවුන් නිදහස් කිරීම සිදුවූයේ ඉන්දියාව ඔවුන්ගේ අත්අඩංගුවේ පසුවුණු ඉස්ලාමීය ත්‍රස්තවාදීන් තිදෙනකු නිදහස් කිරීමට එකඟත්වය පළ කිරීමෙන් පසුවය. මුෂ්ටාක් අහ්මද් සර්ගාර්, අහ්මද් ඕමාර් සඊඩ් ෂෙයික් සහ මුල්ලානා මසූද් අසාර් යනු ඔවුන් තිදෙනාය. 2002 වසරේ සිට, 2008 මුම්බායි නුවරට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයත්, ඉන්පසු පසුගිය 14 වැනිදා එල්ල වුණු ඉන්දු කාශ්මීරයේ පුල්වාමා ප්‍රහාරය එල්ල කළ ‘ජායිෂ් ඊ මොහොම්මද්’ හෙවත් ‘මොහොමද්ගේ හමුදාව’ නමැති ත්‍රස්ත කල්ලියේ නායකයාත්, ප්‍රහාර මෙහෙයවීම සිදු කරන්නේත් මසූද් අසාර්ය. 

 

 

ලුසිත ජයමාන්න

 


පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා දැක්වූ අදහස්වලට ඉන්දියාවේ ප්‍රතිචාරය  

2019 පෙබරවාරි 19 


1. පුල්වාමා ප්‍රදේශයේ දී අපගේ ආරක්ෂක අංශ වෙත එල්ල වූ ප්‍රහාරය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හැඳින්වීම පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව අපි පුදුමයට පත් නොවෙමු. පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙම කුරිරු ක්‍රියාව හෙළා දැක නොමැති අතර එයින් විපතට පත් පවුල් වෙත සිය ශෝකය ද පළ කර නොමැත. 


2. ත්‍රස්තවාදී ප්‍රහාරය සහ පාකිස්ථානය අතර සම්බන්ධයක් නොමැති බව ප්‍රකාශ කිරීම පාකිස්ථානය විසින් නිතරම යොදා ගන්නා නිදහසට කරුණකි. පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙම සහාසික අපරාධය සිදු කළ ජයිෂ්-ඉ-මොහම්මද් සංවිධානය සහ එහි ත්‍රස්තවාදියා විසින් සිදු කර ඇති ප්‍රකාශ නොසලකා හැර ඇත. ජයිෂ්-ඉ-මොහම්මද් සංවිධානය පිහිටා තිබෙන්නේ සහ එහි නායක මසූද් අෂාර් සිටින්නේ පාකිස්ථානයේ බව ප්‍රකට කරුණකි. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට පාකිස්ථානයට එය ප්‍රමාණවත් සාක්ෂියක් විය යුතුය. 


3. ඉන්දියාව සාක්ෂි සපයන්නේ නම් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට සූදානම් බව පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. මෙය දුබල නිදහසට කරුණකි. 2008 නොවැම්බර් මස 26 වන දින මුම්බායි නුවරදී සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්ථානයට සාක්ෂි ලබා දුන් නමුත් එම පරීක්ෂණ පසුගිය වසර 10කටත් වැඩි කාලය තුළ දී කිසිදු ප්‍රගතියක් අත්කර ගෙන නොමැත. එසේම පතන්කොට් ගුවන් හමුදා කඳවුරට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ද කිසිදු ප්‍රගතියක් නොමැත. පාකිස්ථානයේ පසුගිය ක්‍රියාකලාපය දෙස බැලීමේ දී “සහතික කරන ලද ක්‍රියාවන්” පිළිබඳ ප්‍රතිඥා පිළිබඳව කිසිදු විශ්වාසයක් තැබිය නොහැක. 


4. නව චින්තනයක් සමඟින් “නව පාකිස්ථානයක්” පිළිබඳව පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා කතා කරයි. මෙම “නව පාකිස්ථානයේ” වර්තමාන රජයේ අමාත්‍යවරුන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහනම් කර ඇති හෆීස් සයීඩ් වැනි ත්‍රස්තවාදීන් සමග එකම වේදිකාවේ දක්නට ලැබේ. 


5. පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ත්‍රස්තවාදය පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් බව ප්‍රකාශ කර ඇත. ත්‍රස්තවාදයෙන් සහ ප්‍රචණ්ඩත්වයෙන් තොර වටපිටාවක පුළුල් ද්වීපාර්ශ්වික සංවාදයකට එළඹීමට සූදානම් බව ඉන්දියාව යළි යළිත් අවධාරණය කර තිබේ. 


6. පාකිස්ථානය කියා සිටින්නේ ත්‍රස්තවාදයේ විශාලතම ගොදුර තමන් වන බවයි. නමුත් මෙය සත්‍යය නොවේ. පාකිස්ථානය ත්‍රස්තවාදයේ මර්මස්ථානය වන බව ජාත්‍යන්තර ප්‍රජාව හොඳින් දන්නා කරුණකි. 


7. ඉන්දියාව ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගෙන මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන බවට පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ඉඟි පළ කර තිබීම කණගාටුවට කරුණකි. ඉන්දියාව මෙම සාවද්‍ය චෝදනාව ප්‍රතික්ෂේප කරයි. ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ලොවට ආදර්ශයක් වන අතර ඒ බව පාකිස්ථානය කිසිදා අවබෝධ කර නොගනු ඇත. ජාත්‍යන්තර ප්‍රජාව නොමග යැවීම නතර කරන ලෙසත් පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරයේ වැරදිකරුවන්ට සහ සිය පාලනය යටතේ පවතින භූමි ප්‍රදේශවල ක්‍රියාත්මක ත්‍රස්තවාදීන් සහ ත්‍රස්ත කණ්ඩායම්වලට එරෙහිව නිසි පියවර ගන්නා ලෙසත් පාකිස්ථානයට ප්‍රකාශ කර සිටිමු. 

 


නව දිල්ලිය 
2019 පෙබරවාරි 19 

 



අදහස් (0)

කාෂ්මීරයේ මරාගෙන මැරෙන ප්‍රහාරයට ලෝක නායකයන්ගේ විරෝධය

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3092 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 25 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1432 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 429 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 163 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1542 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site