IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


හම්බන්තොටින් නැව්වලට තෙල් දීමෙන් රටේ ණය බර නිදහස් කරගත හැකියි

 

(දයාසීලි ලියනගේ)  
හම්බන්තොට වරායෙන් නැව්වලට තෙල් විකිණීම දියුණුකර ගතහොත් රටේ ණය බර නිදහස් කරගත හැකි බව වෘත්තීය සමිති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පෙන්වා දී ඇත.  

දිනකට නැව් 300ක් පමණ ප්‍රමාණයක් හම්බන්තොට වරාය අසලින් ගමන් කරනු ලබන අතර එයින් එක් නැවකට තෙල් සැපවුවහොත් රුපියල් මිලියන 4ක ලාභයක් හිමිවන බව ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ කඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා කීය.  


මලක්කා සමුද්‍ර සන්දිය මගහැර කෙටි මගකින් යාමට තායිලන්තය හරහා නාවික ගමනාගමනයට ඇළ මාර්ගයක් කපමින් සිටින අතර ඒ ඔස්සේ නැව් ගමන් කිරීමෙන් කිලෝමීටර් 1200ක දුරක් අඩුවන අතර, ඒ සියලු නැව් හම්බන්තොට වරාය අසලින් ගමන් කරනු ඇතැයි ද ඔහු කීය.  වර්ෂ 2016 අගෝස්තු මාසයේදී පමණක් නැව්වලට තෙල් ටොන් 35000ක් ලබාදීමෙන් වරාය අධිකාරිය රුපියල් බිලියනයක ලාභයක් ලබා තිබූ අතර, ඉන්පසුව හම්බන්තොට වරායෙන් තෙල් නිකුත් කිරීම අත්හිටුවා තිබිණි.  


හම්බන්තොට වරායෙන් නැව්වලට තෙල් නිකුත් කිරීම ආරම්භ කළහොත් රටේ ණය බර පහසුවෙන් නිදහස් විය හැකිවන බවද රාජකරුණා මහතා කීය.  


තෙල් පිරිපහදුව අලුත්වැඩියාවට ඩොලර් මිලියන 2000ක් වැය වන බව ගණන් බලා ඇති අතර, ඒ වැය වන මුදල වසර 5කින් උපයා ගත හැකි බවද ඔහු කීය.



අදහස් (0)

හම්බන්තොටින් නැව්වලට තෙල් දීමෙන් රටේ ණය බර නිදහස් කරගත හැකියි

ඔබේ අදහස් එවන්න

පුවත්

සමගි ජන සන්ධානය එළි දකී
2024 අප්‍රේල් මස 08 403 0

සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.


අප්‍රේල් 12 වැනිදාට ණය ගෙවීම පැහැර හැර අවුරුදු දෙකයි
2024 අප්‍රේල් මස 08 78 0

ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ


දේශපාලන පලිගැනීම්වලට ලක්වූ එ.ජා. පාක්ෂිකයන්ට මැයි මස සිට වන්දි
2024 අප්‍රේල් මස 08 174 0

දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.


බාල ඖෂධ ගෙනත් කෝටි 15ක් වතුරේ
2024 අප්‍රේල් මස 08 38 0

ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා


දුප්පතුන් සංඛ්‍යාව ලක්ෂ 57 කට නැගලා
2024 අප්‍රේල් මස 08 11 0

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලු‍ත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප


උසස් පෙළ ප්‍රතිඵල මැයි මුල
2024 අප්‍රේල් මස 08 13 0

අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 319 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site