(අජන්ත කුමාර අගලකඩ)
ජනමත විචාරණයකට නොගොස් සම්මත කළ හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පමණක් පාර්ලිමේන්තුවට ගෙන ආ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට දැනුම්දී ඇත.
මේ අතර බලය බෙදාහැරීම 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ පමණක් සිදුවිය යුතු බවත් 13න් එහා ගිය බලය බෙදාහැරීමකට ශ්රීලනිපය එකඟ නැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් අතර ඉකුත් සඳුදා ජනාධිපති නිල නිවසේ පැවැති සාකච්ඡාවේදී මෙම දැනුම් දීම කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ, ඇමැතිවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, විජයදාස රාජපක්ෂ යන මහත්වරුන්ද පාර්ලිමේන්තු මන්ත්‍රිනි තුසිතා විෙජ්මාන්න මහත්මියද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන්, ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ආචාර්ය සරත් අමුණුගම, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, අනුර ප්‍රියදර්ශන යාපා, ෆයිසර් මුස්තාපා, ඩිලාන් පෙරේරා සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල යන මහත්වරුන්ද සහභාගිවී ඇත.
පක්ෂවලට එකඟවිය හැකි හා ජනමත විචාරණයකට තුඩු නොදෙන සංශෝධන මුලින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත යුතු යැයිද අනෙකුත් කාරණා පසුව සාකච්ඡා කළ හැකි යැයිද ශ්‍රීලනිප නියෝජිතයින් එහිදී ප්‍රකාශකර තිබේ. මේ අතර නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින් සංඛ්‍යාව අටදහස් ගණනක් වන බැවින් එය දැනට සිටින හාරදහස් ගණනකට අඩු කරන්නැයි ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී උපදෙස් දී ඇත.
ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය අතරද සාකච්ඡාවක් පෙරේදා (23) රාත්‍රියේ පැවැත්විය.
එම සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනෙකුත් කුඩා පක්ෂ සමඟද ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත.
ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් ජනතාවගේ මතය දැන ගැනීම සඳහා විවිධ ආකාරයේ සමීක්ෂණ කරවා ගැනීමට සමීක්ෂණ ආයතනවලට රුපියල් කෝටි දාහකට වැඩි මුදලක් පසුගිය කාලයේදී
දැඩි ආර්ථික පීඩනය මත ආතතිය, ලෙඩ රෝග වැඩිවීම හේතුවෙන් මේ රටේ පුරවැසියන් දහ දෙනෙකුගෙන් හය දෙනෙකුම අවදානම් කලාපයට ගොස් ඇතැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලි
මුදල් අමාත්‍යාංශය ප්‍රසිද්ධ කර ඇති දත්තවලට අනුව 2022 අප්‍රේල් 12 වැනි දින විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවූ දා සිට 2023 සැප්තැම්බර් අවසන් වන විට ශ්‍රී ලංකා
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමේ සාකච්ඡා සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධ
කැලෑ ගිනි තැබීම් දිගින් දිගටම ඉහළ යාම නිසා විශාල පරිසර හානියක් සිදුවෙමින් තිබෙන බවත් මේ මාසයේ 01 වැනි දින සිට 21 වැනි දින දක්වා ගෙවීගිය සති තුනක කාලයේදී ග
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ශ්‍රීලනිප සහාය ජනමත විචාරණ නැති සංශෝධනවලට පමණයි