IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


විශාල ලාභයක් නැතිව ගිය බව රාජ්‍ය බැංකු ප්‍රධානීහු කියති

 

‘පිස්සෝ කලබල වුණාට දොස්තර කලබල වෙන්නේ නැහැ’ කියන්නේ, කටකහනවට මෙන්ම කතාවටම නොවන බව පසක් කරමින් මේ වන විට මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ මුලික නඩු කටයුත්තක්ද ආරම්භ කරමින් ප‍්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධීන් වලට සම්බන්ධ යැයි කියන පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස්, එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන, එහි ප‍්‍රධාන ගැණුම්කරු නුවන් සල්ගාදු සහ එහි ප‍්‍රධාන තාක්‍ෂණ විධායක නිලධාරී සචින් දේවතන්ත‍්‍රී මහත්වරුන්ට රටින් පිටවීම තහනම් කරමින් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කෙරිණි.   


ප‍්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කොට ඇති හෙයින් මෙම සිද්ධීන්වලට සම්බන්ධ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධානීන් රටින් පිටවිය හැකි හෙයින් ඔවුන්ට රටින් පිටවයෑම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත‍්‍රාත්වරිය එලෙස නියෝග කළාය.   


 ප‍්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය වු දින ලංසු ඉදිරිපත් කිරීම සඳහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්‍ෂවරයා මෙන්ම තමන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්ට මා තොරතුරු දුන් බවට මුළු රටම බලා සිටියත් තමාට කිසිවක් කීමට නොහැකි බවත් අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් උත්තර දීමට තමන් බැඳී නැති බවත් 2015 පෙබරවාරී 27 වැනිදා සිදු කළ බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් රුපියල් බිලියන 15ක ලංසු ඉදිරිපත් කරන ලෙසට ඔබ තොරතුරු දුන්නා නේදැයි දප්පුල ද ලිවේරා මහතාගේ ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමින් මහේන්ද්‍රන් මහතා පැවසීය.   


ප‍්‍රශ්නය- 2015 පෙබරවාරි 27 වැනිදා සිදු කළ බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් රුපියල් බිලියන 15ක ලංසු ඉදිරිපත් කරන ලෙසට ඔබ තොරතුරු දුන්නා නේද? ඒ වරද පිළිබඳව මුළු රටම බලා ඉන්නවා. ඒ ගැන මුළු රටම ප‍්‍රශ්න කරනවා?   
පිළිතුර-
ඒ ගැන මට කිසිවක් කියන්න බැහැ. මුළු රටම බලා ඉන්නවා කියා මට කියන්න බැහැ.   


රජයේ මුදල් අවශ්‍යතාව පිළිිබඳ තොරතුරු පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්‍ෂවරයා වන අර්ජුන් ඇලෝසියස් දන්නේ නැහැ නේදැයි ලිවේරා මහතාගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇලෝසියස් තමන්ගේ බෑණා වුවත් ඔහු වෙනුවෙන් උත්තර දීමට තමන් බැඳී නැතැයි මහේන්ද්‍රන් මහතා පැවසීය.   


ප‍්‍ර. රජයේ මුදල් අවශ්‍යතාව පිළිිබඳ තොරතුරු පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්‍ෂවරයා වන අර්ජුන් ඇලෝසියස් දන්නේ නැහැ නේද?   
පිළි.
අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් උත්තර දෙන්න බැහැ.   


ප‍්‍ර. 2015 පෙබරවාරි 27 වැනිදා සිදු කළ බැඳුම්කර ගණුදෙනුවේදී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ඉදිරිපත් කළ මුළු ලංසු ප‍්‍රමාණය එදින ඉදිරිපත් කළ මුළු ලංසු ප‍්‍රමාණයෙන් සීයයට 75ක් නේද?   
පිළි.
ඔව්.   


ප‍්‍ර. පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම එදින මුළු ලංසු ප‍්‍රමාණයෙන් මුළු සීයයට 75ක ලංසු ඉදිරිපත් කිරීම මෙන්ම රුපියල් බිලියන 15ක ලංසු ඉදිරිපත් කිරීම අසාමාන්‍ය තත්ත්වයක් නේද?   
පිළි.
ඔව්.   


මේ අතරම බැඳුම්කර ගනුදෙනුවේ තෝරු මොරු කොටු වන තැනට කටයුතු යෙදුණේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා කළ යුතු වැඩ කොටස් මොනවාදැයි විස්තර කොට දැනුම් දෙන ලිපි ගොනු දෙකක් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම පවත්වාගෙන ගොස් ඇති බව හෙළි වීමත් සමඟය.   


පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්‍ෂක අර්ජුන් ඇලෝසියස් මහතාගේ සහ ඔහුගේ පෞද්ගලික සහකාර ස්ටීව් සැමුවෙල් මහතාගේ එස්.එම්.එස්. පණිවුඩ පරීක්‍ෂා කිරීමේදී මෙම තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වු බව දප්පුල ද ලිවේරා මහතා කොමිසමට දැනුම් දුන් අතර ‘ඔබ කළ යුතු කාර්යයන්’ (Things to do for you) යනුවෙන් සඳහන් කොට මෙම ගොනු දෙක පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම පවත්වාගෙන ගොස් ඇති බව හෙළි කළේය.   


ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් රවී කරුණානායක මහතාගේ මැදිහත්වීම ප‍්‍රශ්න සහගත තත්ත්වයක තිබියදී ඔහුගේ ප‍්‍රතිරූපය සම්බන්ධයෙන් තිබු අන්තීම ඇණයට තට්ටු කළේ රාජ්‍ය බැංකු වන ලංකා බැංකුවේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සහ මහජන බැංකුවේ සභාපතිවරුන් තිදෙනා සහ එහි නිලධාරීන්ය.   


2016 මාර්තු මස 29 සහ 31 වැනි දිනවල මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි පැවැත්වීමට කටයුතු යෙදී තිබියදී 2016 මාර්තු මස 28 සහ 30 වැනි දිනවල රාජ්‍ය බැංකු තුනේ සභාපතිවරුන් සහ රාජ්‍ය බැංකුවල ප‍්‍රධානීන් මුදල් අමාත්‍යංශයට කැඳවා රැස්වීම් දෙකක් පැවැත්වු බවත් එම රැස්වීම්වලදී 29 සහ 31 වැනි දිනවල පවත්වන වෙන්දේසිවලදී වෙළෙඳ පොළ අනුපාතයන්ට වඩා අඩු ඵලදායිතා අනුපාතයන් යටතේ ලංසු ඉදිරිපත් කරන ලෙස හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා තමන්ට දැනුම් දුන්නේ යැයි රාජ්‍ය බැංකු තුනේ සභාපතිවරුන් තිදෙනා කොමිසම හමුවේ හෙළි කළහ.   


ලංකා බැංකුවේ සභාපති රෝලන්ඩ් පෙරේරා මහතා, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අස්වින් ද සිල්වා මහතා සහ මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා කොමිසම හමුවේ සාක්කි දෙමින් රාජ්‍ය බැංකු තුනේ ප‍්‍රධානීන් මුදල් අමාත්‍යංශයට කැඳවා හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා මේ බව තමන්ට දැනුම් දුන්නේ යැයි කී අතර රවී කරුණානායක මහතාගේ ඇඟිලි ගැසීම් හා මෙම දැනුම්දීමට අනුව කටයුතු කිරීම හේතුවෙන් රාජ්‍ය බැංකුවලට ලබාගත හැකිව තිබු විශාල ලාභයක් අහිමිව රාජ්‍ය බැංකුවලට විශාල පාඩු සිදුවු බවද හෙළි කළහ.   


භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි වලදී ඉදිරිපත් කළ යුතු අඩු ඵලදායිතා අනුපාත පරාසයන්ද හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා තමන්ට දැනුම් දුන්නේ යැයි පැවසු ඔව්හු අදාළ බැඳුම්කර වෙන්දේසිවලදී ඊට වඩා වැඩි ඵලදායිතා අනුපාතයන් මහ බැංකුව පිළිනොගන්නා බවට රවී කරුණානායක මහතා තමන්ට පෙරොන්දු වුවත් හිටපු මුදල් අමාත්‍යවරයා තමන්ට වු පොරොන්දු කඩ කළේ යැයිද පැවසුහ.   


මීට පෙර ඉතිහාසයේ කවරදාකවත් කිසිදු මුදල් ඇමැතිවරයෙක් භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලදී ඉදිරිපත් කළ යුතු ඵලදායිතා අනුපාතයන් හෝ ලංසු කවරදාකවත් තමන්ට දී නැතැයි පැවසු ඔව්හු හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා බැඳුම්කර වෙන්දේසිවලදී අඩු ඵලදායිතා අනුපාතයන් ඉදිරිපත් කරන ලෙස තමන්ට කළ දැනුම් දීමට අනුව කටයුතු කිරීම හේතුවෙන් රාජ්‍ය බැංකුවලට ලබාගත හැකිව තිබු විශාල ලාභයක් අහිමිව ගිය බවද රාජ්‍ය බැංකුවලට පාඩු සිදුවු බවද පැවසුහ.   


මහ බැංකුවේ බැඳුම්කර සඳහා අඩු ලංසු ඉදිරිපත් කරන ලෙස හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කළ දැනුම් දීම අනුව එයට අනුව කටයුතු කිරීමට තමන් වු පොරොන්දුව ඉෂ්ඨ කළත් මහ බැංකුව වැඩි ලංසු නොගන්නා බවට අමාත්‍ය රවී කරුණානායක මහතා අපිට වු පොරොන්දුව කඩ කළා යැයිද පැවසුහ.   


රවී කරුණානායක මහතාගේ දැනුම් දීම් අනුව කටයුතු කිරීමෙන් තම බැංකුවලට විශාල පාඩු සිදුවු බවත් අපගේ අනුපාතයන් යටතේ ලංසු ඉදිරිපත් කළා නම් අපගේ බැංකුවලට වාසිදායක තත්ත්වයක් ඇති වන්නේ යැයි රාජ්‍ය බැංකුවල සභාපතිවරුන් සහ නිලධාරීන් සියළු දෙනා කොමිසම හමුවේ සාක්කි දෙමින් පැවසුහ.   


අමාත්‍ය රවී කරුණානායක මහතා සමඟ සබඳතා තිබු බව කියන නවීන් අනුරාධ නමැත්තා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප‍්‍රධාන ගැනුම්කරු බවට පත්වී පැමිණි පසු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (භාණ්ඩාගාර) තනතුර දැරූ තමාට කතා කොට ලංසු ඉදිරිපත් කිරීමට පෙර තමාට දැනුම් දෙන්නැයි ඔහු කී විට තමා ඒ ගැන ඉහළ නිලධාරීන්ට දැනුම් දුන්නා යැයි බැඳුම්කර කොමිසම හමුවේ පැවසු ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ භාණ්ඩාගාර දෙපාර්ත​ෙම්න්තුවේ උපදේශක එම්. ලයනල් මහතා එවිට එතෙක් මට දී තිබු රුපියල් බිලියනය දක්වා ගනුදෙනු කිරීමේ සීමාව ඉවත් කිරීමට තම බැංකුවේ නිලධාරීන් පියවර ගත්තා යැයිද කීය.   


පිළි. රාජ්‍ය බැංකු ඉදිරිපත් කරන ඵලදායිතා අනුපාතයන්ට ඉහළින් ඉදිරිපත් කරන ලංසු පිළිනොගන්නා බවට රවී කරුණානායක මහතා පොරොන්දු වුණා.   


ප‍්‍ර. ඉතිරිවන ලංසුවලට මොනවා කරනවා කියලද අමාත්‍ය රවී කරුණානායක මහතා කිව්වේ?   
පිළි.
ඉතිරිවන ලංසු සේවක අර්ථ සාධක අරමුදල සහ රක්‍ෂණ සංස්ථාව විසින් ගන්නා බව රවී කරුණානායක මහතා කිව්වා.   


ප‍්‍ර. අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යුතු ඵලදායිතා අනුපාතයන්වල පරාසයන්ද දැනුම් දුන් බව ඔබ කීවා. එලෙස ඉදිරිපත් කළ යුතු ඵලදායිතා අනුපාතයන් වල පරාසයන් මොනවාද?   
පිළි.
9.5 - 12.5, 12.25 - 13.20, 12.85 - 13.45, 12.90 - 13.6, පරාසයන් තුළ ඵලදායිතා අනුපාතයන් ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය රවී කරුණානායක මහතා දැනුම් දුන්නා.   


ප‍්‍ර. දුරකතන සංවාදයක් කොමිසම හමුවේ ප‍්‍රතිවාදනය කරවු අතර එය කවුරුන් අතර සිදුවු සංවාදයක්ද?   
පිළි.
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ රොෂිනි විජේරත්න සහ මහ බැංකුවේ ණය අධිකාරී එස්. සරත්චන්ද්‍ර යන දෙදෙනා අතර. 

 
ප‍්‍ර. එම දුරකතන සංවාදයට අනුව ඔවුන් දෙන්නා කියන්නේ මොනවාද?   
පිළි.
‘රවී කියු ගණන්වලට වඩා ලංසු ගන්න එපා’ කියා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ රොෂිනි විජේරත්න මහත්මිය, මහ බැංකුවේ ණය අධිකාරී එස්. සරත්චන්ද්‍ර මහතාට කියනවා.   


ප‍්‍ර. 2016 මාර්තු මස 29 වැනිදා බැඳුම්කර වෙන්දේසියේ ප‍්‍රතිඵල පිටවු විට ඔබට දැනගන්න ලැබුණේ කුමක්ද?   
පිළි.
රවී කරුණානායක මහතා පොරොන්දු කඩකර ඇති බව.   


ප‍්‍ර. රවී කරුණානායක මහතා වු පොරොන්දුව ඉෂ්ඨ වුණාද?   
පිළි.
රාජ්‍ය බැංකු ඉදිරිපත් කරන ඵලදායිතා අනුපාතයන්ට ඉහළින් ඉදිරිපත් කරන ලංසු පිළිනොගන්නා බවට රවී කරුණානායක මහතා වු පොරොන්දු කඩකරමින් රාජ්‍ය බැංකු ඉදිරිපත් කළ ඵලදායිතා අනුපාතයන්ට වඩා ඉහළ ලංසු මහ බැංකුව විසින් පිළිගත්තා.   


ප‍්‍ර. මේ සම්බන්ධයෙන් ඔබ කිසිවෙකුට හෝ දැනුම් දුන්නාද?   
පිළි.
ඔව්. මා මේ පිළිබඳව ඊ-මේල් පණිවිඩයක් මඟින් අග‍්‍රාමාත්‍ය උපදේශක පාස්කරලිංගම් මහතාට දැනුම් දුන්නා.   


ප‍්‍ර. අග‍්‍රාමාත්‍ය උපදේශක පාස්කරලිංගම් මහතා ඔබට දැනුම් දුන්නේ කුමක්ද?   
පිළි.
නැහැ. පාස්කරලිංගම් මහතාගෙන් මට පිළිතුරක් ලැබුණේ නැහැ.   


ප‍්‍ර. සාමාන්‍යයෙන් ප‍්‍රධාන බැංකු ඉදිරිපත් කළ යුතු ලංසුවල ඵලදායිතා අනුපාතයන් තීරණය කරන්නේ ආයෝජන කමිටුව නේද?   
පිළි.
ඔව්.   


ප‍්‍ර. හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් කළ දැනුම් දීමට අනුව ලංසු ඉදිරිපත් කිරීමෙන් ඔබගේ බැංකුවට සිදුවුයේ කුමක්ද?   
පිළි.
අපේ බැංකුවට විශාල ලාභයක් ලබා ගැනීමට තිබු අවස්ථාව නැති වී ගියා.   


ප‍්‍ර. එතකොට ඔබගේ බැංකුවට පාඩුවක් සිදුවුයේ නැද්ද?   
පිළි.
විශාල ලාභයක් ලබා ගැනීමට තිබු අවස්ථාව නැති වීමෙන්ම අපේ බැංකුවට විශාල පාඩුවක් සිදුවුණා.   


ප‍්‍ර. හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කිව්වාද හල්ඇද්ද නමැත්තෙක් මහජන බැංකුවේ රැකියාවට ගන්න කියලා.   
පිළි.
ඔව්. ඒ වේලාවේ මං අමාත්‍ය රවී කරුණානායක මහතාට කිව්වා මහජන බැංකුවේ ඇබෑර්තු නැහැ කියලා.   
විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. හල්ඇද්ද නමැත්තාගේ ජීව දත්ත තොරතුරු සේවක අර්ථසාධක අරමුදලේ සමන් කුමාරට සමානයි.   
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අස්වින් ද සිල්වා මහතා කොමිසමේ සාක්කි දෙමින් අමාත්‍ය රවී කරුණනායක මහතා අපිට දුන් පොරොන්දු සියල්ල කඩකළ පසුව මා යටතේ සිටින නිලධාරීන්ට කතා කොට ස්වධීනව කටයුතු කරන ලෙස මා උපදෙස් දුන්නා යැයි කීය.   


බැඳුම්කර කොමිසමේ සිදු වන්නේ කුමක්ද? ඊළඟ සතියේදීත් අපි ඔබට දැනුම් දෙන්නෙමු.....................   

 

සටහන
මනෝප‍්‍රිය ගුණසේකර   



අදහස් (0)

විශාල ලාභයක් නැතිව ගිය බව රාජ්‍ය බැංකු ප්‍රධානීහු කියති

ඔබේ අදහස් එවන්න

පුවත්

සමගි ජන සන්ධානය එළි දකී
2024 අප්‍රේල් මස 08 117 0

සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.


අප්‍රේල් 12 වැනිදාට ණය ගෙවීම පැහැර හැර අවුරුදු දෙකයි
2024 අප්‍රේල් මස 08 33 0

ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ


දේශපාලන පලිගැනීම්වලට ලක්වූ එ.ජා. පාක්ෂිකයන්ට මැයි මස සිට වන්දි
2024 අප්‍රේල් මස 08 46 0

දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.


බාල ඖෂධ ගෙනත් කෝටි 15ක් වතුරේ
2024 අප්‍රේල් මස 08 23 0

ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා


දුප්පතුන් සංඛ්‍යාව ලක්ෂ 57 කට නැගලා
2024 අප්‍රේල් මස 08 9 0

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලු‍ත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප


උසස් පෙළ ප්‍රතිඵල මැයි මුල
2024 අප්‍රේල් මස 08 9 0

අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1409 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site