IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික ලැබෙන තෙක් ආබාධිත රණවිරුවෝ මහපාරේ

 

තරුණ බව හේතුවෙන් සිතට ගතට දැනෙන ජව සම්පන්න බවත් බිය සැක පසෙකලා සටන් පෙරමුණේ ඉදිරියට යෑමේ හැකියාවන් යනාදිය මත පදනම්ව යුද සෙබළා යන තනතුරු දරන නිලධාරියා රණවිරුවා නමින් රටවැසියා අතර අතිශය ගෞරවාදරයට පාත්‍ර වන්නේය.


 තිස් වසරක් ඉක්මවන අපේ රටේ යුදගැටුම් කාලසීමාව තුළ රට වෙනුවෙන් තම ජීවිත පූජා කිරීමට තරම් කැපවුවන් සදානුස්මරණීයය. යුද්ධයේ අඳුරු මතකයන් සමඟ තවමත් ජීවත්වන ආබාධිත වූ රණවිරුවන්ද එසේමය. ඉල්ලීම් කිහිපයක් මූලික කරගනිමින් ආබාධිත රණවිරුවන් මේ වනවිට පසුවන්නේ අර්බුදකාරී වාතාවරණයකය. ඒ අනුව ඔවුන් ප්‍රධාන ඉල්ලීම් හතරක් මූලික කරගනිමින් කොටුව දුම්රිය පොළ  ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක නිරත වේ. ඔවුන් ඉල්ලා සිටින ඉල්ලීම් එකිනෙක පෙළ ගැසෙන්නේ මෙපරිද්දෙන්ය.


දෙදහස් පහළොව වසරේ හත්වැනි මස තිස්වැනිදා නිකුත් වූ චක්‍රලේඛයට අනුව යෝජිත සේවා විශ්‍රාම වැටුප ආබාධිත රණවිරුවන්ට ලබා දීමේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු දිනය වන විට රණවිරුවන් ලබමින් සිටි වැටුපේ ඒකාබද්ධ වැටුපට අනුව සේවා විශ්‍රාම වැටුප සැකසීම, සේවා විශ්‍රාම වැටුපට අදාළව පාරිතෝෂික දීමනාවක් ලබා ගැනීම, චක්‍රලේඛයට යටත් නොවූ සේවා කාලය වසර දොළහ සම්පූර්ණ කර ඇති රණවිරුවන්ටද විශ්‍රාම වැටුප ලබා ගැනීම හා සේවා කාලය වසර දොළහට අඩු එහෙත් මේ වන විට අවුරුදු පනස්පහ සම්පූර්ණ කර ඇති ආබාධිත වැඩිහිටි රණවිරුවන්ට හිඟ සේවා විශ්‍රාම වැටුප් ලබා ගැනීම යන ඉල්ලීම් හතර එයට අයත්ය. 
අදාළ ඉල්ලීම් මූලික කරගනිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය සංවිධානය ඉකුත් පෙබරවාරි දාහතරවැනිදා සිට මෙලෙස කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවයේ නිරත වේ.


 රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය සංගමයේ සභාපති යූ.ඩී. වසන්ත මහතා අප සමඟ දැක්වූ අදහස් මෙසේය.
“අපි ඉකුත් දාහතරවැනිදා සිට කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයේ නිරත වෙනවා. අප සඳහා ලබාදිය යුතු යෝජිත සේවා විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා මෙයට පෙරත් අවස්ථා කිහිපයක සිට උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වුණා. අදාළ චක්‍රලේඛයට අනුව සේවා විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා යුදහමුදා වැටුප් අංශයටත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවටත් අදාළ ලියකියවිලි භාරදී තිබෙනවා. නමුත් ඊට අදාල ඉල්ලීම් මේ වනතෙක් සම්පූර්ණ නොවීම නිසා අපි මේ විදියට දැඩි දුෂ්කරතාවයට මුහුණදී සිටිනවා.


අපි රට බේරාගත් නිසා අද රටවැසියෝ මෙන්ම පාලක පක්ෂයත් නිදහසේ ජීවත්වෙනවා. ඒ අය අපි වෙනුවෙන් කෘතගුණ දක්වාවි කියලා බලාපොරොත්තු වෙනවා. අපි පසුපස දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක වන බවට නිරන්තරයෙන් චෝදනා එල්ල වෙනවා. නමුත් මා පැහැදිලිවම ප්‍රකාශ කරනවා එවැනි කිසිදු දේශපාලන උවමනාවක් මත අප මෙම කටයුතු සිදුකරන්නේ නැහැ කියලා. අපත් සමඟ සෙබළුන් හතර දෙනෙක් මාරාන්තික උපවාසයේ නිරත වෙනවා. ඊයේ දිනයේ අපගේ සෙබළුන් දෙදෙනෙක් උපවාසය නිසා රෝගාතුරව රෝහල් ගත කරනු ලැබුවා.


කිසිදු හේතුවක් මත අපගේ ඉල්ලීම් ලැබෙන තෙක් සටන අවසන් කරන්නේ නැහැ. මාධ්‍ය හා ජනතාව මැදිහත්ව මේ වනවිටත් අපේ සටනට සුවිශාල ශක්තියක් සපයා තිබෙනවා. ඒ සියලු දෙනාටම අපගේ ස්තූතිය ප්‍රකාශ කරනවා. අපගේ සටනේ ඉදිරි පියවරක් විදිහට එළඹෙන පෙබරවාරි විසිපස් වැනිදා උදේ අටට රටේ සියලු පුරවැසි බලවේග මහා සංඝරත්නය හා අන්‍ය ආගමික නායකයන් එක්රැස් කරගනිමින්  ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ලබා ගැනීම සඳහා යෑමට බලාපොරාත්තු වෙනවා.” වසන්ත මහතා සඳහන් කළේය.
 වසර දහයක පමණ කාලයක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ සේවය කරමින් සිට ආබාධිත වූ ඩබ්ලිව්.ජේ. විජේකෝන් මහතා අප සමඟ දැක්වූ අදහස් මෙසේය.


 “දෙදහස් පහළොව හතයි තිහ (7/30) චක්‍රලේඛයට අනුව ලැබිය යුතු වරප්‍රසාද නොලැබීම නිසා අපට මේ විදිහට මහ මඟ අව්වැසි කුණාටු මැද්දේ දුක් කරදර විඳීමට සිදුවී තිබෙනවා. එකා පිට එකා මියගියත් අපේ සටන අතහැර යන්න සූදානම් නැහැ. රජයේ බලධාරින්ගෙන් අපි ඉල්ලීමක් කරනවා මෙතැන සිටින රණවිරුවන් තමන්ගේ අත් පා අහිමි කරගත්තේ ඇස් අහිමි කරගත්තේ රට වෙනුවෙන් සටන් කරලා. ඒ අයගේ ඉල්ලීම් වෙනුවෙන් සංවේදී වෙන්න කියලා  සාධාරණ ඉල්ලීම් මත පදනම් වූ අපගේ මේ විරෝධතාවයට මේ වනවිට විවිධ පාර්ශ්වයන්ගෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. මේ සියල්ල ඉදිරිපිට අප මේ ගමන නොසැලී ඉදිරියට යනවා.” ඒ මහතා සඳහන් කළේය.


 “මම මුලින්ම සේවයට බැඳුණේ විශේෂ බළකායේ නිලධාරියෙක් විදිහට. වසර දහයකට වැඩි කාලසීමාවක් මම මේ රට වෙනුවෙන් සේවය කළා. වෛද්‍ය හේතුන් මත යුදහමුදා වෛද්‍ය මණ්ඩලයෙන් අපව සේවයෙන් ඉවත් කළා. ජීවිතය ගැන හිතන්නේ නැතුව රට වෙනුවෙන් කැපවෙලා ආබාධිත වූ අප ගැන අද තැකීමක් නැහැ. අද වෙද්දී රාජ්‍ය බුද්ධි අංශයෙන් යුද හමුදා බුද්ධි  අංශයෙන් ඇවිත් අපි ගැන සෝදිසි කරලා යනවා. අපේ ඡායාරූප අරගෙන යුද හමුදාවේ ඉහළ අංශවලට භාර දෙනවා. ඒ අයත් අප සමඟ සිටි සහෝදරවරුන්, නමුත් ඔවුන් අද අපට  එරෙහිව කටයුතු කරනවා. ඒ වගේම අද වෙද්දී යුද හමුදාවේ සේවය කරන සෙබළුන්ටත් දවසක අපට අත්වූ මෙම ඛේදනීය ඉරණමම අත්වේවිද කියලා අප තුළ සැකයක් මතු වෙනවා. අපට පෙර විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ රණවිරුවන්ටත් අද වනවිට බොහෝම ඛේදනීය ඉරණමකට මුහුණ පෑමට  සිදුවී තිබෙනවා. මා හොඳින්ම දන්නා ජ්‍යෙෂ්ඨ රණවිරුවෙක් සිටිනවා ඔහු විශ්‍රාම යද්දී ලැබිලා තිබෙන්නේ රුපියල් පන්දහසකට අඩු මූලික වැටුපක්. එම මූලික වැටුපට අනුව අද ඔහුට ලැබෙන්නේ රුපියල් එක්දහස් පන්සියයක් දෙදහසක් අතර විශ්‍රාම වැටුපක්. දරුවන් පස්දෙනෙකුගේ පියෙක් වන එම රණවිරුවා මෙම තත්ත්වය නිසා දැඩි ලෙස පීඩාවට පත්වී සිටිනවා. අද තිබෙන ජීවන වියදමට සාපේක්ෂවම ලැබෙන විශ්‍රාම වැටුප කිසිලෙසකින් වත් සෑහෙන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ දෙපිරිස් එකතුවෙලා තීරණයක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. රටේ රණවිරුවන්ට මේ අයුරින් නොසලකා හැරීම අපේ රට පිළිබඳව ජාත්‍යන්තරයේ තිබෙන ප්‍රතිරූපය සම්පූර්ණ වශයෙන් විනාශ කිරීමට තරම් හේතු වෙනවා. කොටුව  දුම්රිය පොළ ඉදිරිපිට අපි මෙම සටන ආරම්භ කරද්දී දුම්රිය ස්ථානාධිපතිවරයාගෙන් පවා බලපෑමක් එල්ල වුණා. තවත් ගැටලු රැසකටම මුහුණ දෙන්න අපට සිදුවුණා.ා මම ටී පනස් හය ගිනි අවියකින් මීටර් අටසියයක් දුරට වෙඩි තැබීමේ හැකියාව සහිත සෙබළෙක්. යුද්ධයේදී මම මැරිලා ඉපදුණා. යළිත් මැරෙන්න මම බය නැහැ. නමුත් මගේ දරුවන් හා බිරිඳට කන්න අඳින්න දීමේ වගකීම තිබෙන්නේ මට. ඒ හේතුව නිසා මෙම සටනට එළඹුනේ. අපේ ඉල්ලීම් ඉටුකිරීමට රජය තවදුරටත් කටයුතු නොකරන්නේ නම් අප මෙයට වඩා සටනකට හෝ යෑමට සූදානම් බව ප්‍රකාශ කරනවා”, ඒ මහතා සඳහන් කළේය.



අදහස් (0)

විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික ලැබෙන තෙක් ආබාධිත රණවිරුවෝ මහපාරේ

ඔබේ අදහස් එවන්න

පුවත්

සමගි ජන සන්ධානය එළි දකී
2024 අප්‍රේල් මස 08 336 0

සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.


අප්‍රේල් 12 වැනිදාට ණය ගෙවීම පැහැර හැර අවුරුදු දෙකයි
2024 අප්‍රේල් මස 08 69 0

ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ


දේශපාලන පලිගැනීම්වලට ලක්වූ එ.ජා. පාක්ෂිකයන්ට මැයි මස සිට වන්දි
2024 අප්‍රේල් මස 08 127 0

දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.


බාල ඖෂධ ගෙනත් කෝටි 15ක් වතුරේ
2024 අප්‍රේල් මස 08 35 0

ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා


දුප්පතුන් සංඛ්‍යාව ලක්ෂ 57 කට නැගලා
2024 අප්‍රේල් මස 08 10 0

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලු‍ත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප


උසස් පෙළ ප්‍රතිඵල මැයි මුල
2024 අප්‍රේල් මස 08 11 0

අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 292 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1659 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1522 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site