IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


විශ්වාසභංගය ජයගන්න තැන තැන රහස් සාකච්ඡා කළ හැටි


ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයේ කණ්ඩායම් මෙම විශ්වාසභංග යෝජනාව නිසා කොටස් තුනකට කැඩෙන තත්ත්වයට පත්වී ඇති බවයි. දේශපාලන වශයෙන් කුමන තීන්දු තීරණවලට එළඹුණත් ඒ කිසිවක් රටට හෝ රටේ ජනතාවගේ ඉදිරි කටයුතුවලට අවහිරයක් බාධාවක් නොවිය යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. දේශපාලන වශයෙන් අස්ථාවරවීමෙන් හානිය රටට හා ජනතාවට බවද පෙන්වා දී ඇත.


අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව යහපාලන රජයේ ප්‍රධාන පක්ෂයක බෙදීමක් ඇතිවන තරමට බරපතළ කරුණක් විය. ගෙවී ගිය සතිය මේ නිසා බෙහෙවින් උණුසුම් විය. වචන කෙලෙසින් හැසිරුවත් ප්‍රධාන පක්ෂ දෙකේම දේශපාලනඥයන් යම් අවිනිශ්චිතතාවයකට පත්ව සිටි බව කියති. ඇතැම් මැති ඇමැතිවරු එළිපිට සිය මතය ප්‍රකාශ කළහ. විශ්වාසභංගයට විරුද්ධ විය නොහැකි බව ප්‍රකාශ කළහ. තවත් අය වෙන දේ බලාගෙන සිටියහ. මත ගැටුම් එහා මෙහා හුවමාරු විය.   


ගිය සතියේ දේශපාලනයට රජයට වැදගත් වෙන සාකච්ඡා ගණනාවක් පැවතිණි. එළිපිට, මාධ්‍යයට අනාවරණය කෙරුණු සාකච්ඡාවලට අමතරව රහස් සාකච්ඡා ගණනාවක් පැවැත්වුණු බව වාර්තා වේ.   


එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු වෙන් වෙන් වශයෙනුත්, අගමැතිවරයා සමඟත්, රජයට සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරු වෙන් වෙන් වශයෙනුත් ජනාධිපතිවරයා සමඟත් මෙම සාකච්ඡා පවත්වා තිබිණි.   


මීට අමතරව ඇතැම් මැති ඇමැතිවරුන්ගේ නිවාසවල සාකච්ඡා වට ගණනාවක් පවත්වා තිබුණි. විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා අවස්ථාවේ ප්‍රධාන පෙළේ ඇමැතිවරයකුගේ නිවසේ සාකච්ඡාවක් පවත්වා ඇත.   
ගිය සතියේ 29 වැනිදා අරලියගහ මන්දිරයේදී ඇමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ඇමැති පාඨලී චම්පික රණවක, ඇමැති මනෝ ගනේෂන්, පලනි දිගම්බරන් ඇතුළු එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයින් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී පලනි දිගම්බරන් මහතා දෙමළ ජනතාවට සාධාරණයක් ඉටු නොවීම පිළිබඳව දොස් පවරා තිබිණි. එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරනු ලබන තම පක්ෂය සිටියදී ප්‍රධාන ඇමැතිවරුන් දෙපළක් තොණ්ඩමන් ඇමැතිවරයා සමඟ ඩීල් දමන බවට ඔහු චෝදනා කර ඇත. මේ වාතාවරණය මත දැඩි තීන්දුවකට එළඹීමට සිදුවෙන බවට ඔහු ප්‍රකාශ කර තිබිණි.   


ඇමැති මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතික පෙරමුණේ සුළු පක්ෂවල සහාය අවශ්‍ය වී ඇත්තේ අසීරුවට පත්වූ අවස්ථාවල පමණක් බවය. දෙමළ ජනතාවට හා පෙරමුණට බලපාන ප්‍රශ්න මග හරිමින් සිටින ස්වභාවය ගැන මනෝ ගනේෂන් ඇමැතිවරයා දොස් පවරා තිබිණි. උදාහරණයක් ගෙන දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ වැඩිපුර එක් ඡන්දයකින් පමණක් බලය ලබාගෙන සිටින කොළඹ නගර සභාවට තම පක්ෂයේ සහාය නොමැතිව ඉදිරියට යා නොහැකි තත්ත්වයක් පවතිද්දී මේ මොහොත වෙන තුරුත් ඒ ගැන කිසිදු කතාබහක් නොපවත්වා ඇති බවයි.   


ඇමැති පාඨලි චම්පික රණවක මහතා ප්‍රකාශ කර ඇත්තේ වෙනසක් නොවුනොත් ඉදිරි මාස 18 කින් පසු ජනතාව කුමන තීරණයක් ගනීද යන්න සැක සහිත බවය. මෙම සාකච්ඡාව පිළිබඳව මාධ්‍යයට කරුණු දැක්වීමෙන් වැළකී සිටීමට පක්ෂ නායකයන් තීරණය කර තිබිණි. නිල නොවන ආරංචි මාර්ග සඳහන් කර තිබුණේ විශ්වාසභංග යෝජනාවට මුහුණ දීම දැඩි අභියෝගයක් විය හැකි බැවින් තම ගරුත්වය රැක ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින්ම තීන්දුවක් ගතයුතු බවය.   


සෙනසුරාදා දිනය විශේෂයක් විය. එනම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමැති රාජිත සේනාරත්න මහතාගේ නිල නිවසේදී හමුවීමයි. රාජිත සේනාරත්න මහතාගේ නිල නිවසත්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවසත් පිහිටා ඇත්තේ කොළඹ ස්ටැන්වෝ චන්ද්‍රවංකයේය. මෙම හමුව සූදානම් කර තිබුණේ ඇමැති රාජිත සේනාරත්න මහතා විසින්ය.  


ඇමැති රාජිත සේනාරත්න මහතා හා බිරිඳ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් පිළිගෙන ඔවුන්ට නිදහසේ සාකච්ඡා කිරීමට අවස්ථාව සලසා දුන්හ. මෙහිදී රාජිත සේනාරත්න මහතා ජාතික රජය පිහිටුවීමේ බලාපොරොත්තුව ඉටු නොවූ පොරොන්දු, කළයුතු දේ නායකයන් දෙදෙනාට යළි මතක් කර දුන් බව දැනගන්නට ඇත.  


මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්​ෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකුට තමන් බලපෑමක් නොකරන බවයි. මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට පැවරීම ආර්ථික කමිටුව අහෝසි කිරීම වැනි තීරණ ගනු ලැබුවේ රටේත්, ජනතාවගේත් යහපතට මිස වෙනත් කිසිදු හේතුවක් නිසා නොවන බව පෙන්වා දුන් බවද සඳහන් වේ.  


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ තමන් හා පක්ෂය විශ්වාසභංග යෝජනාවට මුහුණ දෙන බවයි. යෝජනාව පරාජය කිරීමට හැකි බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇතැයිද වාර්තා වේ.  
පසුගිය සඳුදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතික පෙරමුණේ කැබිනට් ඇමැතිවරුන් හමුවී ඇත. අම්පාරේ සංචාරයක යෙදී සිටි ඇමැති රාවුෆ් හකීම් මහතා විශේෂ හෙලිකොප්ටර් යානයකින් කොළඹට පැමිණ මෙම සාකච්ඡාවට සහභාගි විය. නැගෙනහිර පළාතේ මුස්ලිම් ඇමැතිවරයෙක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇමැතිවරයෙක්, රත්නපුර හා අනුරාධපුර ඇමැතිවරු දෙදෙනෙක් මෙම සාකච්ඡාවට සහභාගි වී නොසිටි බව වාර්තා වේ.  


මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයේ කණ්ඩායම් මෙම විශ්වාසභංග යෝජනාව නිසා කොටස් තුනකට කැඩෙන තත්ත්වයට පත්වී ඇති බවයි. දේශපාලන වශයෙන් කුමන තීන්දු තීරණවලට එළඹුණත් ඒ කිසිවක් රටට හෝ රටේ ජනතාවගේ ඉදිරි කටයුතුවලට අවහිරයක් බාධාවක් නොවිය යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. දේශපාලන වශයෙන් අස්ථාවරවීමෙන් හානිය රටට හා ජනතාවට බවද පෙන්වා දී ඇත.  


මෙහිදී ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා දුමින්ද දිසානායක ඇමැතිවරුන් කර තිබූ ප්‍රකාශයන් පිළිබඳව රාජිත සේනාරත්න ඇමැතිවරයා විමසා ඇත.  


අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළා දැයි රාජිත ඇමැතිවරයා විමසා ඇත. එහිදී ජනාධිපතිවරයාගේ පිළිතුර වී ඇත්තේ එවැනි තීන්දුවක් ගෙන නැති බවයි. ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.  

 

 

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා හා විජිත් විජිතමුනි සොයිසා යන ඇමැතිවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇත.  


එහිදී විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර තනතුරින් ඉල්ලා අස්වෙන ලෙස ඉල්ලා ඇතැයි දැන ගන්නට ඇත. එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් විශ්වාසභංග යෝජනාවට මුහුණ දෙනවා විනා ඉල්ලා අස්නොවන බවයි. විශ්වාසභංග යෝජනාවේ ප්‍රතිඵල මත තීන්දුවක් ලැබෙනු ඇති බවයි.  


පසුගිය අඟහරුවාදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතම ඥාතියකුගේ නිවසේ පැවැති උපන් දින සාදයකට රාජිත සේනාරත්න මහතා සහභාගි විය. තමන් සමඟ රාත්‍රී ආහාරය ගැනීම සඳහා යාමට එන ලෙස අග්‍රාමාත්‍යවරයා එදින දහවල් රාජිත සේනාරත්න මහතාට දන්වා තිබිණි. දෙදෙනා එම උත්සවයට සහභාගි වෙන විට රවි කරුණානායක, ඉඳුනිල් තුෂාර, කාවින්ද ජයවර්ධන යන අය ඇතුළු කීප දෙනෙක්ම පැමිණ සිට ඇත.  
මෙහිදී මන්ත්‍රී පිරිසක් ඇමැති තනතුරු ලබා ගැනීම පිළිබඳව අදහස් ප්‍රකාශ කර ඇත. එහිදී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර ඇත්​ෙත් ඇමැති තනතුරු ගැන කතා කිරීමට පෙර විශ්වාසභංග යෝජනාව ගැන තීන්දුවකට අප යායුතු බවයි.  


 ඇමැති අමරවීරගේ නිවසේ සාකච්ඡාව  


​ෙම් අතර රජයට සම්බන්ධ මැති ඇමැතිවරු ගණනාවකගේ සහභාගිත්වයෙන් ඇමැති මහින්ද අමරවීර මහතාගේ නිවසේදී සාකච්ඡා ගණනාවක් පවත්වා ඇත.  


විශ්වාසභංග යෝජනාවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය පාවිච්චි කිරීම, ජයග්‍රහණය හෝ පරාජය ලැබීමෙන් පසු ඇතිවිය හැකි තත්ත්වයන්, රජය පවත්වාගෙන යාම, එක්සත් ජාතික පක්ෂයෙන් සිදුවූ කෙනහිලිකම් ජනතාවට දුන් පොරොන්දු යන මාතෘකා යටතේ මෙහිදී සාකච්ඡා පවත්වා ඇත. අවසාන සාකච්ඡාව පවත්වා ඇත්තේ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගත් අවස්ථාවේදීය. ජාතික රජයක් ලෙස රජය පවත්වාගෙන යාම, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට දක්වන ලද සහාය මෙතෙක් කලක් එක්ව රට පාලනය කිරීම ඉදිරි වසර දෙක සඳහාත් රට ඉදිරියට සංවර්ධනය කිරීම යනාදී හේතු සලකා බලා විශ්වාසභංග යෝජනාවට සහාය දැක්වීම සදාචාරාත්මක නොවන බවට අවසාන වශයෙන් තීරණය කරනු ලැබ තිබිණි.  


 විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා ලද පසුගිය 4 වැනිදාට පෙර දින (3) රාත්‍රියේ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ මන්ත්‍රීවරු 17 දෙ​ෙනක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. එහිදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඡන්දය දීමට සූදානමක් ඇති බව ප්‍රකාශ කර ඇතැයි කියති. එම අදහසට ජනාධිපතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැතැයි දැනගන්නට ඇත. එක්සත් ජාතික පක්ෂයට එරෙහිවීමෙන් තමන්ට ඇතිවන දේශපාලන අස්ථාවරතාව රැකගැනීම සඳහා ජනාධිපතිවරයා පිහිට නොවන බව තේරුම් ගිය නිසා මෙම පිරිස අවසාන මොහොතේ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දීමට තීරණය කරනු ලැබූ බව දැනගන්නට ඇත.  


විශ්වාසභංගය පරාජය වෙන බව ඒකාබද්ධ විපක්ෂය ස්ථීරවම දැන ගත්තේ යෝජනාව විවාදයට ගත් දිනයේ උදේය. ඒ මෙම එක්සත් ජාතික පෙරමුණේ 17 දෙනා යෝජනාවට විරුද්ධව ඡන්දය දීමට තීරණය කිරීමත් සමඟය.  


විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමට සූදානමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමක් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු​ෙග් නිවසේ රැස්වී සාකච්ඡා කර ඇත. ඔවුන්​ෙග් එකම මතය වී තිබුණේ රනිල් වික්‍රමසිංහගේ අගමැති ධුරයත් සමඟ රජයේ ඉදිරිගමන යා නොහැකි බවයි. තම තනතුරු තිබුණත් නැතත් විපක්ෂයේ අසුන් ගැනීමට සිදුවුවත් යෝජනාවට පක්ෂව ඡන්දය දිය යුතු බව සුසිල් ප්‍රේමජයන්ත හා ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න යන ඇමැතිවරු එකහෙළාම තීරණය කර තිබිණි. දෙතුන් වතාවක් රැස්වූ මෙම පිරිස විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමේ අවසාන තීරණයට එළඹී ඇත. එහිදී සිය කාර්ය මණ්ඩලයට රැකියා අහිමිවීම ඇතැම් ඇමැතිවරුන්ගේ දැඩි කම්පනයට හේතුවක් වී තිබුණත් ගමට මුහුණ දීමේ අවශ්‍යතාව මත මෙම තීරණයට එළඹීමට එකඟතාව දක්වා ඇති බවද කියති.  


විශ්වාසභංග යෝජනාව මූලික මාතෘකාව කර ගනිමින් ගිය සතියේ තැන්තැන්වල පැවැති සාකච්ඡා අතරතුර තවත් වැදගත් රහස් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.  
 ඒ සම්බන්ධයෙන් අපූරු සිදුවීමක් වාර්තා වේ. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් කර තිබුණු බව වාර්තා වේ. ඒකාබද්ධයේ ප්‍රධාන පෙළේ මන්ත්‍රීවරයෙක් කල් ඇතිව එහි ගොස් ඇත්තේ මොහොතක් විවේකීව කල්පනා කිරීමටය. ඒ මොහොතේ හෝටලයේ ලොබියේ රනිල් වික්‍රමසිංහ මහතාට සමීපතම හිතවත් ඇමැතිවරයෙක් හා තවත් මන්ත්‍රීවරයෙක් කතා කරමින් පැමිණෙමින් සිටි නිසා ඒකාබද්ධයේ මන්ත්‍රීවරයා ඔවුන්ට මුණ නොගැසී වහන් වී ඔවුන් දෙදෙනා දෙස බලා සිටි බව කියති. ඒ සමඟම මන්ත්‍රීවරයාගේ මෝටර් රථය හෝටලය ඉදිරිපිටට පැමිණ ඇති අතර ඔහු පිටුපස ආසනයේ අසුන් ගන්නා විටම ඇමැතිවරයා ඔහුගේ අතට පාර්සලයක් දුන් බව දැක ඇතැයි කියති. මේ සිද්ධිය ප්‍රකාශ කළේ ඇසින් දුටු මන්ත්‍රීවරයෙකි.  


මෙහිදී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට සහභාගිවෙමින් කළ ප්‍රකාශයක් සඳහන් කරනු කැමැත්තෙමු.  


‘මනි පුබ්බං ගමා ධම්මා.. මනි ​ෙසට්ඨා මනෝමයා..’ යනුවෙනි.  


විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ දිනයේ සිටම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැඩි ස්ථාවරයකින් පසුවූ බව සඳහන් කළ යුතුව ඇත. තම පක්ෂයේ දේශපාලනඥයන් මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් කරන ලද කතා බස් හමුවේ සුපුරුදු සන්සුන් බවින් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා තමන්​ෙග් ජයග්‍රහණය ලබා ගැනීම සඳහා අනුගාමිකයින් මෙහෙයවීමද ඉතා සූක්ෂමව සිදුකර ඇති බවද වාර්තා වේ.  
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඒකාබද්ධ විපක්ෂයේ යෝජනාවට ඉඩ දෙමින් කටයුතු කර තිබූ අතර යෝජනාව පරාජය වෙන බව කල් ඇතිව දැන සිටියත්, ඔහුගේ අභිප්‍රාය වී තිබුණේ රජය සෙලවීමට බව වාර්තා වේ.  


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මධ්‍යස්ථ මතයක සිටි බව කියති. සියලු කණ්ඩායම්වල හඬට සවන් දුන් ඔහු අවසානයේ සිය කණ්ඩායමට ප්‍රකාශ කළේ තමන් කැමැති ස්වාධීන තීරණයක් ගන්නා ලෙසටයි. ඔරුව කුමන අතකට පෙරළුනත් ජනාධිපතිවරයා පෙර​ෙළන පැත්තට රජයේ කටයුතු කරගෙන යාමට අවස්ථාව ලබා ​ෙදමින් ඔහු පසුවූ බව දැනගන්නට ඇත.

 

 

 

දයාසීලි ලියනගේ



අදහස් (0)

විශ්වාසභංගය ජයගන්න තැන තැන රහස් සාකච්ඡා කළ හැටි

ඔබේ අදහස් එවන්න

පුවත්

සමගි ජන සන්ධානය එළි දකී
2024 අප්‍රේල් මස 08 108 0

සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.


අප්‍රේල් 12 වැනිදාට ණය ගෙවීම පැහැර හැර අවුරුදු දෙකයි
2024 අප්‍රේල් මස 08 27 0

ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ


දේශපාලන පලිගැනීම්වලට ලක්වූ එ.ජා. පාක්ෂිකයන්ට මැයි මස සිට වන්දි
2024 අප්‍රේල් මස 08 39 0

දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.


බාල ඖෂධ ගෙනත් කෝටි 15ක් වතුරේ
2024 අප්‍රේල් මස 08 22 0

ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා


දුප්පතුන් සංඛ්‍යාව ලක්ෂ 57 කට නැගලා
2024 අප්‍රේල් මස 08 9 0

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලු‍ත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප


උසස් පෙළ ප්‍රතිඵල මැයි මුල
2024 අප්‍රේල් මස 08 9 0

අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 203 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1498 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site