IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


විධායක ජනපති ක්‍රමය දිගටම

 

නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේදී විධායක ජනාධිපතිධුරය පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ ඒකමතික අදහසක් නැති බව පෙනෙන්නට තිබේ. මෛත්‍රීපාල සිරිසේන මහතා, ජනාධිපති  කරවූ ජනපතිවරණ සටනට උරදුන් එක්සත් ජාතික පක්‍ෂය මේ ධුරය අහෝසි කළ යුතු බව ප්‍රකාශ කරන විට ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වය නියෝජනය කරන ඇමැතිවරුන් කියන්නේ මේ ධුරය පවත්වාගත යුතු බවය.

 

2015 ජනාධිපතිවරණය සඳහා මෛත්‍රී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය උපුටා දක්වමින් ඔවුන් පවසන්නේ ජනමත විචාරණයකට ලක්වන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනවලට නොයන බවට ජනාධිපතිවරයා දී තිබෙන ප්‍රතිඥාව අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කරනාකාරයේ ව්‍යවස්ථා සංශෝධනයක් නොගෙනෙනා බවය.


කෙසේ වෙතත් එජාපය ඇතුළු මෛත්‍රීගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට සහාය දුන් දේශපාලන පක්‍ෂ සහ සිවිල් සංවිධාන අඛණ්ඩව අවධාරණය කරන කාරණයක් නම් ජනාධිපතිවරයා අවස්ථා කීපයකදීම විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට දුන් ප්‍රතිඥා අනුව ඔහු කටයුතු කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවය.


මේ පසුබිමේ බොහෝ පාර්ශ්ව විමසිලිමත්ව සිටින්නේ සත්‍යවශයෙන්ම විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් ගන්නා ස්ථාවරය කුමක්ද යන්න පිළිබඳව ජනාධිපතිවරයා සිය මතය රටට හෙළිකරන තුරුය. මේ ඒ සියලු කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුවේ එජාප හා ශ්‍රීලනිප දෙපාර්ශ්වයේ නියෝජිතයන් දෙදෙනකු හා පුරවැසි සංවිධාන නියෝජිතයකු ඉරිදා ලංකාදීපයට පළ කළ අදහස්ය.

 


අපේ පක්ෂයේ අවසන් 
තීරණයක් තවම නෑ
අමාත්‍ය මහින්ද අමරවීර

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධීවර හා ජලජ සම්පත්  ඇමැති
විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවද නැද්ද කියලා තීරණය කරන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ඉදිරි යෝජනාත් සලසා බලලයි. නමුත් අපේ පක්‍ෂය මේ පිළිබඳව තවම නිල තීරණයක් අරගෙන නෑ. මේ කාරණය සම්බන්ධ බොහෝ බලතල අපි ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට දීලා තියෙන්නෙ. එතනින් තීන්දු වෙන විදිය අනුව තමයි ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන්නෙ. අපේ පක්‍ෂයේ සමහර ඇමැතිවරු කියන්නෙ ජනමත විචාරණයකට තුඩු නොදෙන විදිහෙ ව්‍යවස්ථා සංශෝධනයක් සහ විධායක ජනාධිපති ධුරයේ බලතල අඩු කිරීමක් ගැන මිසක් විධායක ජනාධිපති ක්‍රමය ගැන අපේ පක්ෂය අවසන් තීන්දුවක් අරන් තියෙන එක ගැන නෙවෙයි.


ඒ කොහොම වුණත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම කෙසේ වෙතත් බලතල අඩුකිරීම ගැන අපේ අවධානය යොමු වෙලා තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න නම් ජනමත විචාරණයකට යා යුතු වෙනවා. අනිත් එක තමයි පළාත් සභා හැසිරවීමේ හැකියාව යම් ආකාරයකට මේ විධායක ජනාධිපති ධුරයට තියෙනවා. අපි මේ කාරණයත් සැලකිල්ලට ගන්නවා.
මේ කාරණා ගැන අපේ පක්ෂයයි, එක්සත් ජාතික පක්ෂයයි අතර අවබෝධයක් නෑ කියලා කියන්න බෑ. වෙලා තියෙන්නෙ  මේ කාරණය ගැන පක්ෂ දෙකේ උදවිය විවිධ මත ප්‍රකාශ කරන එක. එක්සත් ජාතික පක්‍ෂයේම එක මන්ත්‍රී පිරිසක් ජනාධිපතිධුරය අහෝසි කළ යුතුයි කියන කොට තව කට්ටියක් කියනවා ඒක තියා ගන්න ඕනෑ කියලා. ඒ නිසා මේ හැම දෙයක්ම තවම අදහස් විතරයි.


අවසානයේදී රජය විදියට කවුරුත් එකඟ වෙන තීරණයක් ගන්නවා. විධායක ජනාධිපතිධුරය සම්බන්ධයෙන් වන අපේ පක්‍ෂයේ ස්ථාවරය ළඟදීම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට බාර දෙනවා. දැනටමත් ඒ ගැන අපේ පක්‍ෂයේ විවිධ මත ඉදිරිපත් වෙලා තියෙනවා.
හැට දෙලක්ෂයක් වන ජනතාවට දුන් පොරොන්දුව ඉටු කරන්න ජනාධිපතිවරයා බැඳිලා ඉන්නවා.

 


ගාමිණී වියන්ගොඩ
පුරවැසි බලය සංවිධානය

සුසිල් ප්‍රේම ජයන්ත, එස්. බී. දිසානායක, ඩිලාන් පෙරේරා වගේ මේ ආණ්ඩුවේ ඇමැතිකම් දරන අය මේ කාරණය ගැන කියන කතා අදාළ නෑ. මොකද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා මේ රට හමුවේ කියද්දී ඔය එක ඇමැතිවරයෙක්වත් ජනාධිපතිවරයා එක්ක හිටියෙ නෑ. 2015 ජනවාරි අට වෙනිදා ඒ ගොල්ලො හිටියෙ විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු නෑ කියන මතය එක්ක. පසුගිය ජනාධිපතිවරණයේදී ඒ මතයට ඡන්ද ලක්‍ෂ පනස් හතක් ලැබුණා. නමුත් ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි කියලා කියපු අපේක්ෂකයාට  (මෛත්‍රීපාල සිරිසේන මහතාට) ඡන්ද ලක්ෂ හැට දෙකක් ලැබුණා.
දැන් අපි මේ කතා කරන්නෙ එතුමට ලැබුණු ජනවරම ගැනයි. එහෙනම් ඒ ජනවරමෙ හිටපු නැති එස්.බී. දිසානායක හරි සුසිල් ප්‍රේමජයන්ත හරි තව වෙන කෙනෙක් හරි කියන දෙයක් දැන් අදාළ නෑ. ඇත්තටම මේ කතාවට අදාළ වෙන්නෙ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණ අපේක්‍ෂකයා විදියටයි. ජනාධිපති වුණාට පස්සෙයි කිව්වෙ මොනවද කියන දේ. උදාහරණයක් විදියට එතුමා මාදුළුවාවේ සෝභිත හිමිගෙ අවමංගල උත්සවයේදී මේ කාරණය ගැන කිව්වෙ මොනවද කියන එක දක්වන්න පුළුවන්. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මේ විධායක ජනාධිපති ධුරය ගැන දැන් කියන කතා මෙතනැට අදාළ වෙන්නේ නෑ. ඒක ජනාධිපතියි ශ්‍රීලනිපයයි අතර තියෙන ප්‍රශ්නයක්.


මෙතන ඇත්තටම තියෙන්නෙ මේ රටේ ජනාධිපතිවරයා සහ එතුමට ඡන්දය දුන් හැට දෙලක්ෂයක් වන ජනතාව අතර ඇති ප්‍රශ්නයක්. ඒ හැට දෙලක්ෂයක් වන ජනතාවට දුන් පොරොන්දුව ඉටු කරන්න ජනාධිපතිවරයා බැඳිලා ඉන්නවා.
අනිත් කාරණය තමයි 1994 ඉඳන් බලය ඉල්ලපු හැම නායකයෙක්ම මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියන පොරොන්දුව රට හමුවේ තැබුවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්‍ෂ, මෛත්‍රීපාල සිරිසේන කියන මේ හැම විධායක ජනාධිපති කෙනෙක්ම මේ පොරොන්දුව රටට දීලා තියෙනවා. 2015 ජනාධිපතිවරණයෙදී මේ පොරොන්දුව නැතිව ජනාධිපතිවරණයට තරග කළේ මහින්ද රාජපක්‍ෂ විතරයි. ඒ ජනාධිපතිවරණයෙදී ජනතාව ඔහුව පරාජයට පත් කළා. ඒ කියන්නෙ 1994 ඉඳන් 2015 වෙනකන් අඛණ්ඩව මේ රටේ ජනතාව ජනාධිපතිධුරයට පත් කරගෙන තියෙන්නෙ විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියන පොරොන්දුව දුන් අපේක්‍ෂකයන්වයි.


තත්ත්වය මේක නම් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ජනවරමක් තියෙනවද, වෙන පක්ෂවල අනුමැතියක් තියෙනවද කියන දේවල් මේ ප්‍රශ්නයට අදාළ දේවල් නෙවෙයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ මේ රටේ හැට දෙලක්ෂයක් ජනතාව අතර ඇතිවෙච්ච ගිවිසුමක් තියෙනවා. ඒ ගිවිසුවේ තියෙනවා විධායක ජනාධිපතිධුරය අහෝසි කරනවා කියලා. ඒක කරන්න ජනාධිපතිවරයා කැපවී ඉන්න බවට අපි තවම විශ්වාස කරනවා.


දැන් ඔය ජනාධිපතිවරයගේ පාර්ශ්වයෙන් මේ විධායක ජනාධිපතිධුරය ගැන කතා කරන ඇමැතිවරු එතුමත් එක්ක 2015 ජනවාරි අට වෙනිදා හිටපු අය නෙවෙයි. ඒ ගොල්ලො කියන කතා අපිට වැඩක් නෑ. ජනාධිපතිතුමා මේ ගැන මොකක්ද කියන්නෙ කියලා බලන්න අපිට ඉන්න වෙනවා. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගෙ දේහය අබියසදී මේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරනවා කියලා එතුමා කියලා තිබුණා. නමුන් දැන් එතුමගෙ ඇමැතිවරු ඊට විරුද්ධ කතා කියන නිසා එතුමා මේ ගැන තමන්ගෙ මතය ඉක්මනින් රටට කිව යුතුයි කියලා අපි විශ්වාස කරනවා.

 


මම හිතන්නෙ ජනාධිපති අදටත් ඒ ස්ථාවරයේම ඉන්නවා
ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
එක්සත් ජාතික පක්‍ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී

පොදු අපේක්ෂකයා ලෙස 2015 ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කලින් ආණ්ඩුවෙන් අයින් වෙලා ආපු දවසෙම කොළඹ නව නගර ශාලාවේ තිබුණ ප්‍රවෘත්ති සාකච්ඡාවෙදී කිව්වෙ මේ විධායක ජනාධිපතිධුරය අහෝසි කළ යුතුයි කියල. ඒ වගේම එතුමයි, එතුමට සහාය දක්වපු දේශපාලන පක්‍ෂ සහ පුරවැසි සංවිධාන අතර විහාරමහා දේවි උද්‍යානයෙදී අස්සන් තබපු අවබෝධතා ගිවිසුමේදීත් මේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බවට සපථ කළා.


දින සීයේ වැඩ සටහන ඉදිරිපත් කළේ ජනාධිපතිවරණයට ගිය වෙලාවෙ ජනමත විචාරණයක් තියන්න කල් නොතිබුණු නිසයි. ඒ දින සීයෙ වැඩ සටහනේදී තමයි අපි කිව්වෙ ජනමත විචාරණයකට යන්න කල් මදි නිසා ජනමත විචාරණයකට ලක් නොවෙන සංශෝධන  ඉදිරිපත් කරනවා කියලා. ඒකෙන් කියන්නෙ නෑ අවුරුදු පහේම ව්‍යවස්ථා සංශෝධන සඳහා ඒ දින සීයේ වැඩපිළිවෙළ ඇතුළෙ කියපු කතාව අදාළයි කියලා


ඒ කොහොම වුණත් මේ විධායක ජනාධිපතිධුරය අහෝසි කළ යුතුයි කියන පැහැදිලි ස්ථාවරයෙ ජනාධිපතිතුමා හිටියා. මම හිතන්නෙ එතුමා අදත් ඒ ස්ථාවරයෙ ඉන්නවා. සෝභිත හාමුදුරුවන්ගෙ ආදාහන පූජෝත්සවය වෙලාවෙත් එතුමා මේ බව පැහැදිලිව කිව්වා. ගිය අවුරුද්දෙ මැද හරියෙදි පදනම් ආයතනයෙදි පක්ෂ සංවිධායකවරු හමුවුණ වෙලාවෙත් එතුමා විධායක ජනාධිපතිධුරය අහෝසි කළ යුතු බව කියලා තිබුණා.


ඊට පස්සෙ අලුත් ව්‍යවස්ථාවක් හදන්න පත් කරලා තියෙන මෙහෙයුම් කාරක සභාවට ආපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයො කිව්වෙ විධායක ජනාධිපති ධුරය සම්බන්ධව වන පක්ෂයේ ස්ථාවරය වෙන්නෙ, ජනාධිපතිතුමාගේ ස්ථාවරයමයි කියලා. ඒ අනුව දැන් ඔය ශ්‍රී ලංකා එකේ සමහර ඇමැතිවරු මේ ගැන විවිධ දේවල් කියන්නෙ ජනාධිපතිතුමාගේ ස්ථාවරයට පටහැනිවයි.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත කරපු යෝජනාවෙ සඳහන් වෙලා තියෙනවා ජනමත විචාරණයකට යනවා කියලා. ඒ කියන්නෙ අපේ ව්‍යවස්ථාවේ මූළික රාමුව වෙනස් කිරීමට අවශ්‍ය මූලික එකඟත්වයක් ඒ යෝජනා වෙනුත් ලැබුණා. අනික් කාරණය තමයි ගිය අවුරුද්දෙ සැප්තැම්බර්වල කුරුණෑගලදි පවත්වපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයෙදි සම්මත කරපු යෝජනාවෙ සඳහන් වෙන්නෙත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියලා. එහෙම අලුත් ව්‍යවස්ථාවක් ගේනවා නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යන්න වෙනවනෙ.


මේ රටේ ජනතාවගෙ වගේම ජනවාරි අට දේශපාලන ජයග්‍රහණයට සම්බන්ධ වුණු දේශපාලන පක්ෂ සහ පුරවැසි සංවිධානවල බලාපොරොත්තුව වෙන්නෙත් අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරල මේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරන එක. විධායක ජනාධිපති ධුරය අහෝසි නොකළ යුතුයි කියලා කියන සමහර අය එදා ජනවාරි දේශපාලන ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරපු අය නෙවෙයි. ඒ නිසා ඔවුන් තුළ එවැනි කැපවීමක් නෑ. ඒ කැපකිරීම තියෙන්නේ ජනවාරි අට ජයග්‍රහණය සඳහා කටයුතු කරපු ජනතාව තුළ විතරයි. ජනතාවට දුන්නු පොරොන්දු ඉෂ්ට කරන්න ජනාධිපතිතුමා කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා.


විධායක ජනාධිපති ධුරය තබා ගත යුතුයි කියලා කිසිම යෝජනාවක් මේ වෙනකන් ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් වෙලා නෑ. ශ්‍රීලනිපයෙ නියෝජිතයො මේ කමිටුවට කිව්වෙ ජනාධිපතිධුරය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා දරන ස්ථාවරය පක්ෂයෙත් ස්ථාවරය වෙනවා කියලා. ශ්‍රීලනිපයේ ඒ ස්ථාවරයේ වෙනසක් තියෙනවා කියලා අපිට දැනුම් දීලා නෑ. ඒ කොහොම වුණත් ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව කටයුතු කරගෙන යන්නෙ විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි කියන ස්ථාවරයෙ ඉඳිමින්.

 



අදහස් (0)

විධායක ජනපති ක්‍රමය දිගටම

ඔබේ අදහස් එවන්න

පුවත්

සමගි ජන සන්ධානය එළි දකී
2024 අප්‍රේල් මස 08 322 0

සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.


අප්‍රේල් 12 වැනිදාට ණය ගෙවීම පැහැර හැර අවුරුදු දෙකයි
2024 අප්‍රේල් මස 08 65 0

ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ


දේශපාලන පලිගැනීම්වලට ලක්වූ එ.ජා. පාක්ෂිකයන්ට මැයි මස සිට වන්දි
2024 අප්‍රේල් මස 08 121 0

දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.


බාල ඖෂධ ගෙනත් කෝටි 15ක් වතුරේ
2024 අප්‍රේල් මස 08 33 0

ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා


දුප්පතුන් සංඛ්‍යාව ලක්ෂ 57 කට නැගලා
2024 අප්‍රේල් මස 08 10 0

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලු‍ත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප


උසස් පෙළ ප්‍රතිඵල මැයි මුල
2024 අප්‍රේල් මස 08 9 0

අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1636 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site