(අජන්ත කුමාර අගලකඩ සහ දයාසීලී ලියනගේ)
හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීම සඳහා කලින් සකස් කළ ගිවිසුම අධ්‍යයනය කිරීමට පත් කරන ලද ඇමැති අනුකමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ඇමැතිවරුන් පිරිසක් විරෝධය පළ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බදාදා පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන් පිරිස මේ විරෝධය පළකර ඇති බව වාර්තා වේ.
අර්ජුණ රණතුංග, පාඨලී චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත යන ඇමැතිවරුන් මෙම විරෝධය පළකර ඇති බව ද එම ආරංචිමාර්ග කියයි.
ඇමැති අනුකමිටුවේ සඳහන් යෝජනා සියල්ලම පාහේ අලුතින් අත්සන් කළ වරාය ගිවිසුමට ඇතුළත් කර ඇති බැවින්, අනුකමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකළ බව වරාය හා නාවික ඇමැති මහින්ද සමරසිංහ මහතා එහිදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
ඇමැති අනුකමිටුවේ සභාපති ලෙස කටයුතු කළ ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා අදහස් දක්වමින්, අනුකමිටුවේ යෝජනා ඇතුළත් කර ගිවිසුම අත්සන් කර ඇති බැවින්, අනුකමිටුව අහෝසි වී ඇතැයි ප්‍රකාශ කර ඇති බව දැනගන්නට ඇත. අනුකමිටුවක් පත්කළේ නම්, එහි වාර්තාව සහ නිර්දේශ කැබිනට් මණ්ඩලය හමුවට අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතු බව ඇමැතිවරුන් පිරිසක් ප්‍රකාශ කර ඇත.
ඒ අනුව අදාළ අනුකමිටු වාර්තාව ලබන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනුකමිටුවේ සභාපති ආචාර්ය සරත් අමුණුගම මහතාට දැනුම් දී තිබේ.
මේ අතර ගිවිසුම වෙනස් කිරීම නම් දෙපාර්ශ්වයම එකඟවිය යුතු අතර ඒ සඳහා චීනය එකඟ නොවනු ඇතැයි තාක්ෂණ, අධ්‍යාපන හා රැකියා ඇමැති සුසිල් ප්‍රේම ජයන්ත මහතා කීය.
මෙම ගිවිසුම සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමට පත් කරන ලද අමාත්‍ය මණ්ඩල කමිටුව මගින් රටට හිතකර වන ආකාරයට එය සංශෝධනය විය යුතු කරුණු ගණනාවක් පෙන්වාදීමට නියමිතව සිටි බවද ඇමැතිවරයා කීය.
ගිවිසුමේ කාලය අඩු කිරීම, හවුල් ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන යාම, කොටස් බෙදීමේදී අවම වශයෙන් සියයට 50 බැගින්වත් නියම කිරීම ආදි වශයෙන් රටට හිතකර යෝජනා රැසක් ගිවිසුමට ඇතුළත් කළ යුතු බවට නිර්දේශ කර සිටියදී හදිසියේ මෙම ගිවිසුම අස්සන් කිරීම නිසා රටට විශාල හානියක් සිදුවුන බවද ඇමැතිවරයා කීය.
ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් ජනතාවගේ මතය දැන ගැනීම සඳහා විවිධ ආකාරයේ සමීක්ෂණ කරවා ගැනීමට සමීක්ෂණ ආයතනවලට රුපියල් කෝටි දාහකට වැඩි මුදලක් පසුගිය කාලයේදී
දැඩි ආර්ථික පීඩනය මත ආතතිය, ලෙඩ රෝග වැඩිවීම හේතුවෙන් මේ රටේ පුරවැසියන් දහ දෙනෙකුගෙන් හය දෙනෙකුම අවදානම් කලාපයට ගොස් ඇතැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලි
මුදල් අමාත්‍යාංශය ප්‍රසිද්ධ කර ඇති දත්තවලට අනුව 2022 අප්‍රේල් 12 වැනි දින විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවූ දා සිට 2023 සැප්තැම්බර් අවසන් වන විට ශ්‍රී ලංකා
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමේ සාකච්ඡා සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධ
කැලෑ ගිනි තැබීම් දිගින් දිගටම ඉහළ යාම නිසා විශාල පරිසර හානියක් සිදුවෙමින් තිබෙන බවත් මේ මාසයේ 01 වැනි දින සිට 21 වැනි දින දක්වා ගෙවීගිය සති තුනක කාලයේදී ග
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වරාය ගිවිසුමට ඇමැති හමුවේදී මතභේද