(ප්‍රේමකීර්ති රණතුංග)
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සියලු දේශපාලන පක්ෂ සමග සෘජු සම්බන්ධතා පවත්වාගෙන යන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී යූ. ජියාන්හුවා මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
චීනයේ බීජිං නුවර කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ ජාත්‍යන්තර අංශයේ ඉකුත්දා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඒ මහතා මේ බව පැවැසීය.
එක්සත් ජාතික පක්ෂය, ශ්‍රීලනිපය, ජනතා විමුක්ති පෙරමුණ, වාමාංශික පක්ෂ, මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ජාතික සංධානය සමග ද තම සබඳතා ඉතා යහපත්ව පවත්වාගෙන යන බව කී ඒ මහතා මෙම වසරේ ඔක්තෝබර් මස 18 වැනිදා පැවැත්වෙන චීන කොමියුනිස්ට් පක්ෂ ජාතික කොංග්‍රසයේ 19 වැනි සමුළුවට ද මෙයින් පක්ෂ කීපයකට ආරාධනා කර ඇති බවද පැවැසීය.
ජාතික කොංග්‍රසයේ කමිටු රැස්වීමක් කැඳවන්නේ වසර 5කට වරකි. එමගින් පත්කරගන්නා නිලධාරීහු ඉදිරි වසර 5 සඳහා චීනයේ පාලන බලයට සුදුසුකම් ලබති.
මෙහිදී අදහස් දැක් වූ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කමිටුවේ ජාත්‍යන්තර අංශයේ සහකාර ලේකම් කාඕ සින්ගැන් මහතා පැවසුවේ චීන-ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැඩි වෑයමක යෙදී සිටින බවයි.
චීනය සමග දැඩි සබඳතා පවත්වන රටවල ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ තම පක්ෂයේ 19 වැනි සමුළුවට ගෙන්වා ගැනීම තම අරමුණ බව කී යූ ජියැන්හුවා මහතා ලෝකයේ රටවල 600කට ආසන්න දේශපාලන පක්ෂවල නියෝජිතයන් මෙම සමුළුවට සහභාගිවනු ඇතැයි ද සඳහන් කළේය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ පළමු ජාතික සම්මේලනය 1921දී ෂැංහයි නුවරදී පැවැත්වුණු අතර 1928 දී රුසියාවේ මොස්කව් නුවරදී ද ජාතික සමුළුව රැස්වී තිබේ. 1956 රැස් වූ 8 වැනි ජාතික කොංග්‍රසයේ සිට දිගටම මෙම රැස්වීම පැවැත්වෙන්නේ බීජිං නුවරදීය. 1969 වසරේ සිට මෙම ජාතික කොංග්‍රස් මහා සමුළුව වසර 5කට වතාවක් රැස්වේ.
සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.
ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ
දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.
ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා
ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලංකාවේ සියලු ප්‍රධාන පක්ෂ සමග චීන කොමියුනිස්ට් පක්ෂයේ දැඩි සබඳතා