IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලංකාවත් ඈඳුණු ජාත්‍යන්තර සොරකම

තායිවානයේ ෆා ඊස්ටන් ඉන්ටර්නැෂනල් බැංකුවේ පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළුවී පරිගණක දත්ත වෙනස් කර මුදල් සොරා ගැනීමේ සිදුවීමක් ගැන පසුගිය සතියේ අන්තර් ජාතික මාධ්‍ය වාර්තා කළේය. එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වූයේ එලෙස සොරාගත් මුදල් ඇමෙරිකා එක්සත් ජනපදයට,! කාම්බෝජයට සහ ශ්‍රී ලංකාවට එවා ඇති බවයි.   


මෙම ජාත්‍යන්තර අපරාධය ගැන ලංකාවේ විමර්ශන ඇරැඹෙන්නේ ඔක්තෝබර් හයවැනි දා සිටය. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුගත් අමරසිංහ මහතාට ලද පැමිණිල්ලක් අනුවය.   
ජනක චමින්ද නම්මුණි නම් පුද්ගලයකු ලංකා බැංකුවේ ප්‍රධාන ශාඛාවට එන්නේ ඔක්තෝබර් හතර වැනිදාය. ඒ තවත් පුද්ගලයකු ද සමගිනි. තම ගිණුමට විදේශයකින් මුදලක් බැර කර ඇත්දැයි ඔහු විමසන්නේය. මුදල් ලැබෙන්නේ කෙලෙසදැයි බැංකුවෙන් විමසද්දී නම්මුණි කියා ඇත්තේ බැංකු අණකර දෙකක් මගින් මුදල් ලැබෙන බවයි.   


ඒ අනුව බැංකු නිලධාරීන් ඔහුගේ ගිණුම පරීක්ෂා කර තිබේ. නම්මුණි කී ආකාරයටම ඔහුගේ බැංකු ගිණුමට ඇමෙරිකා ඩොලර් 1,103,960ක් බැරවී තිබිණි. ලංකාවේ දැනට මුදල් අනුපාතය අනුව එය රුපියල් කෝටි 16කට ආසන්න ගණනකි.   


එම මුදලින් රුපියල් මිලියන 30ක් එසේ නැතිනම් කෝටි තුනක් ලබාගැනීමට අවශ්‍ය බව ඔහු දැනුම් දී තිබේ. ඒ අනුව අදාළ පෝරම පුරවාගෙන එන ලෙස බැංකුව උපදෙස් දී ඇතැයි පොලිසිය කියයි. පෝරම පිරවීමෙන් අනතුරුව රුපියල් කෝටි තුනක මුදලක් සිය ගිණුමෙන් ලබා ගන්නා නම්මුණි, ඉන් රුපියල් මිලියන 20ක් එසේ නැතිනම් රුපියල් කෝටි දෙකක මුදලක් ඔහු සමඟ පැමිණි අනිත් පුද්ගලයාට ලබා දී තිබේ.   


නිව්යෝර්ක් නුවර සිට ඇමරිකන් එක්ස්ප්‍රස් නිලධාරියකුගෙන් ලංකා බැංකුවට පණිවිඩයක් ලැබෙන්නේ මේ අතුරුවය. ඉන් කියැවී ඇත්තේ ෆා ඊස්ටන් බැංකුවේ පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළුවී සොරා ගන්නා ලද මුදලින් කොටසක් ලංකා බැංකුවේ විවෘත කර ඇති ගිණුමකට බැර කර ඇති බවයි. එම බැංකුවෙන් අදාළ ගිණුම් අංකය ද ලබා දී තිබිණි.   


බැංකුවෙන් කළ සොයා බැලීමේ දී එය නම්මුණි නම් පුද්ගලයකුට අයත් ගිණුමක් බව අනාවරණය වූයෙන් ලංකා බැංකුවේ පුද්ගලික බැංකු සේවා අංශයේ කළමනාකාර ජගත් කුරුප්පු ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේය. විමර්ශන ආරම්භ වූයේ ඒ අනුවය.   


මේ අතර සැකකරු යළිත් මුදල් ගැනීමට ලංකා බැංකුවට පැමිණ ඇති අතර එම අවස්ථාවේ දී ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.  
ඔහු සමඟ එදා කෝටි තුන ගැනීමට ආවේ කවුද? මේ ගැන රහස් පොලිසිය විමර්ශන ආරම්භ කළේය. ඒ සඳහා බැංකු සේවකයන්ගේ සාක්කි පමණක් නොව සීසීටීවී සාක්කි ද එක්රැස් කළේය. රහස් පොලිස් විමර්ශනවලදී අනාවරණය වූයේ එම පුද්ගලයා ශලිල මුණසිංහ නැමැත්තෙකු බවයි. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස කටයුතු කළේ ශලිල මුණසිංහ මහතාය.  


කළින් අත්අඩංගුවට ගත් නම්මුණි මුලින්ම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූවේ ඔක්තෝබර් හත් වැනි සෙනසුරාදාය. ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ඉදිරියටය. ඔහු ඉදිරිපත් කරමින් රහස් පොලිසිය දැනුම් දුන්නේ පරීක්ෂණවලට අවශ්‍ය කරන අනෙක් සැකකරුවන ශලිල මුණසිංහ මහතා රටින් පිටවීම වළක්වන නියෝගයක් ලබා දෙන ලෙසයි. ඒ අනුව ඔහු රටින් පිටවීම වළක්වමින් ආගමන විගමන පාලකට නියෝගයක් ලබා දී තිබේ.  


රහස් පොලිසිය කළ විමර්ශනවලින් අනාවරණයවී ඇත්තේ මෙම සිදුවීමට ඉන්දියානුවන් දෙදෙනකු ද සම්බන්ධ වී ඇති බවයි. ඔවුන් දෙදෙනා ලංකාවට පැමිණ කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක නවාතැන් ගෙන සිට ඇත. ගනුදෙනුව සැලසුම් කර ඇත්තේ මේ ඉන්දියානුවන් දෙදෙනා බව මේ වෙනවිට අනාවරණය වී තිබේ.  


පෙර සඳහන් කළ පරිදි කෝටි තුන ලබාගැනීමෙන් පසු ශලිල මුණසිංහට ලබා දී ඇති කෝටි දෙකෙන් කෝටි එක හමාරක් එම ඉන්දියානුවන් දෙදෙනාට ලබා දී ඇතැයි අනාවරණය වූ බව රහස් පොලිසිය පවසයි.  


පළමු සැකකරු අත්අඩංගුවට පත්වීමෙන් පසු ඉන්දියානුවන් දෙදෙනා රටින් පළාගොස් තිබේ.  


සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි ශලිල මුණසිංහ පසුගිය සඳුදා රාත්‍රී නීතිඥවරුන් සමඟ පැමිණ රහස් පොලිසියට බාර විය. ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු රහස් පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේය.  


මෙතරම් කාලයක් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස කටයුතු කළ ඔහු ශ්‍රී ලංකා ජාතිකයකු නොවන බවත්, ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයකු බවත්, ඔහු ලංකාවේ රැඳී සිටින්නේ වීසා මත බවත් රහස් පොලිසිය සඳහන් කරයි.  
මේ ගැන සොයා බැලීමට තායිවානයේ නිලධාරීන් දෙදෙනෙක් ද ලංකාවට පැමිණියහ. මේ වෙනවිට සොරා ගත් මුදලෙන් වැඩි හරියක් සොයාගෙන අවසන්ව ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. රහස් පොලිසිය කියනුයේ මෙය ජාත්‍යන්තර අපරාධයක් බැවින් රටවල් කිහිපයක ආරක්ෂක අංශ මේ ගැන විමර්ශනය කරන බවයි.  


සැකකරුවන් දෙදෙනා තවමත් සිටින්නේ රිමාන්ඩ් බාරයේය. ඔවුන් තවමත් වැරදිකරුවන් වී නැත. තවමත් සැකකරුවන් පමණි. රහස් පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ගනුදෙනුවේ තවත් බොහෝ තොරතුරු ඉදිරියේ දී දිගහැරෙනු ඇත.  

 

ඉන්දිකා රාමනායක සහ තරිඳු ජයවර්ධන 



අදහස් (0)

ලංකාවත් ඈඳුණු ජාත්‍යන්තර සොරකම

ඔබේ අදහස් එවන්න

පුවත්

සමගි ජන සන්ධානය එළි දකී
2024 අප්‍රේල් මස 08 392 0

සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.


අප්‍රේල් 12 වැනිදාට ණය ගෙවීම පැහැර හැර අවුරුදු දෙකයි
2024 අප්‍රේල් මස 08 77 0

ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ


දේශපාලන පලිගැනීම්වලට ලක්වූ එ.ජා. පාක්ෂිකයන්ට මැයි මස සිට වන්දි
2024 අප්‍රේල් මස 08 165 0

දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.


බාල ඖෂධ ගෙනත් කෝටි 15ක් වතුරේ
2024 අප්‍රේල් මස 08 38 0

ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා


දුප්පතුන් සංඛ්‍යාව ලක්ෂ 57 කට නැගලා
2024 අප්‍රේල් මස 08 10 0

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලු‍ත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප


උසස් පෙළ ප්‍රතිඵල මැයි මුල
2024 අප්‍රේල් මස 08 13 0

අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 314 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1541 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site