(අජන්ත කුමාර අගලකඩ)
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සිය රාජ්‍ය ඇමැති ධුරයේ වැඩ බාර ගැනීම තවදුරටත් කල්ගොස් ඇතැයි වාර්තා වේ.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය පවත්වාගෙන යන කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ 36 වැනි මහලේ රාජ්‍ය අමාත්‍ය කාර්යාලය පවත්වාගෙන යාමට අවශ්‍ය ඉඩ පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන කඹඇදිල්ල හේතුවෙන් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා වැඩ බාර නොගෙන සිටී.
ඔහු ඉකුත් 31 වැනිදා නව රාජ්‍ය ඇමැති ධුරයේ දිවුරුම් දුන් අතර, අමාත්‍ය කාර්යාලය පවත්වාගෙන යාමට අවශ්‍ය ඉඩකඩ නොලැබීම නිසා ඔහු ඉකුත් දින ගණනාවේම මාතරට වී සිටි බව වාර්තා විය. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාර්යාලය පවත්වාගෙන යාමට අවශ්‍ය ඉඩකඩ ලබාදීම සම්බන්ධයෙන් එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ද මැදිහත් වී සිටින නමුත්, මෙතෙක් එම ප්රශ්නය විසඳී නැතැයි වාර්තා වේ.
ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඉකුත් 2 වැනිදා නව රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ බාර ගැනීමට සූදානමින් සිටිය ද එහි නියෝජ්‍ය ඇමැති ධුරය හෙබවූ ඉරාන් වික්‍රමරත්න මහතාගේ කාර්යාලය පවත්වාගෙන ගිය කොටසේ කාමර 9න් 6ක් කබීර් හෂීම් ඇමැතිවරයාගේ කාර්ය මණ්ඩලය විසින් අත්පත් කර ගෙන තිබීම නිසා දිවුරුම් දීම පසුගිය සඳුදාට කල් දමා තිබිණි.
එහෙත් සඳුදා වන විටත් ප්රශ්නය විසඳී නොතිබූ නිසා රාජ්‍ය ඇමැතිවරයා මේ වනතෙක්ම සිය කාර්යාලයේ වැඩකටයුතු ආරම්භ කර නැත. රාජ්‍ය අමාත්‍ය කාර්යාලය, කබීර් හෂීම් මහතාගේ කාර්යාලය පවත්වාගෙන යන ස්ථානයෙන් බැහැරව එම ගොඩනැගිල්ලේම 20 වැනි මහලේ පවත්වාගෙන යාමට යෝජනා වී ඇතත්, 20 වන මහලේ දැනට පවත්වාගෙන යන පෞද්ගලික සමාගමක කාර්යාල ඉන් ඉවත් කර ගැනීමට තවත් මාස දෙකක පමණ කාලයක් ගතවන බවට දැනුම්දීම නිසා එම ස්ථානය ලබාගැනීම ද ගැටලුවක් වී ඇතැයි වාර්තා වේ.
ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් ජනතාවගේ මතය දැන ගැනීම සඳහා විවිධ ආකාරයේ සමීක්ෂණ කරවා ගැනීමට සමීක්ෂණ ආයතනවලට රුපියල් කෝටි දාහකට වැඩි මුදලක් පසුගිය කාලයේදී
දැඩි ආර්ථික පීඩනය මත ආතතිය, ලෙඩ රෝග වැඩිවීම හේතුවෙන් මේ රටේ පුරවැසියන් දහ දෙනෙකුගෙන් හය දෙනෙකුම අවදානම් කලාපයට ගොස් ඇතැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලි
මුදල් අමාත්‍යාංශය ප්‍රසිද්ධ කර ඇති දත්තවලට අනුව 2022 අප්‍රේල් 12 වැනි දින විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවූ දා සිට 2023 සැප්තැම්බර් අවසන් වන විට ශ්‍රී ලංකා
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමේ සාකච්ඡා සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධ
කැලෑ ගිනි තැබීම් දිගින් දිගටම ඉහළ යාම නිසා විශාල පරිසර හානියක් සිදුවෙමින් තිබෙන බවත් මේ මාසයේ 01 වැනි දින සිට 21 වැනි දින දක්වා ගෙවීගිය සති තුනක කාලයේදී ග
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රාජ්‍ය ඇමැති ලක්ෂ්මන්ගේ කාමර ප්රශ්නය තවත් ඇදෙයි