IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මට දේශපාලනය නොකර ඉන්න බෑ

(අජන්ත කුමාර අගලකඩ)   
මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් ​ෙවනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තමා පැහැදිලි තීන්දුවක් ගෙන නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පෙරේදා (26) පැවැති සාකච්ඡාවකදී පැවැසීය.  

තමා දේශපාලන ජීවියකු බවත්, තනතුරු තිබුණත් නැතත් පණ තිබෙන තෙක් දේශපාලනයේ සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති සිරිසේන, මහතා මේ බව සඳහන් කළේ තව වසර දෙකකින් පසුව එන ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් ​ෙවන්නේ දැයි මාධ්‍ය ප්‍රධානියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.   


වර්තමාන ආණ්ඩුව පත්වී මාස දෙකෙන් රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකෑ බව කී ජනාධිපතිවරයා තමාගේ හෙට දවස ගැන නොසිතා තමාට තීන්දු ගැනීමට සිදුව ඇති බව පැවැසීය. ලොරි දෙකක් පිරෙන තරමට බැඳුම්කර වාර්තාවට අදාළ අතිරේක ලිපි ලේඛණ ඇතිබව කී ජනාධිපතිවරයා ඒවා එක්වරම එළියට දැමිය නොහැකි බවද කීවේ.  


පසුගිය වසර දහයේදී විදේශ ණය ලෙස රුපියල් ට්‍රිලියන 10ක ණය ලබාගෙන ඇතත් වත්කම් විදියට පෙනෙන්නට ඇත්තේ රුපියල් ට්‍රිලියනයක් පමණක් බවද ජනාධිපතිවරයා කීවේය.   


ගතවූ වසර තුනේදී රජයේ ආදායම බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි කී ජනාධිපතිවරයා ඍජුවම භාණ්ඩාගාරයට ආ ආදායම පුද්ගලික සමාගම්වලට ගොස් ඇතැයි කීවේය.   


රජයට සම්බන්ධව සිටි සහ හිටපු ඇතැම් අයගේ ව්‍යාපාරවලට එම මුදල් ගොස් ඇති බවද ජනාධිපතිවරයා පැවැසීය. බැඳුම්කර වංචාව පිළිබඳව සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව බොරු බව හිටපු ඇමැති රවී කරුණානායක මහතා ප්‍රකාශ කර ඇති බව කී ජනාධිපතිවරයා තමා කළ ප්‍රකාශයද වැරැදි යැයි රවී කරුණානායක මහතා පවසා ඇති බව සඳහන් කළේය.   


මෙවැනි ප්‍රකාශවලින් සිදුවන්නේ ඔහු තවදුරටත් අමාරුවේ වැටීම බවද ජනාධිපතිවරයා කීය.   


රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේ කරන්නට ගිය ප්‍රකාශය කළේ නම් එය ඔහුගේ සිය දිවි නසා ගැනීමක් වනු ඇති බවද ජනාධිපතිවරයා කීවේය.  ඉදිරියේදී වැටෙන්නට යන නඩුවලින් බේරීම සඳහා ප්‍රභූ චෞර සන්ධානයක් දේශපාලන පක්ෂ බේදයෙන් තොරව ගොඩනැඟී ඇති බව කී ජනාධිපතිවරයා තමා අභියෝගවලට බිය නොවන බවද කීවේය.   
මෙම හමුව කොටුව ජනාධිපති මන්දිරයේදී පැවත්විණි.  

 



අදහස් (0)

මට දේශපාලනය නොකර ඉන්න බෑ

ඔබේ අදහස් එවන්න

පුවත්

සමගි ජන සන්ධානය එළි දකී
2024 අප්‍රේල් මස 08 125 0

සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.


අප්‍රේල් 12 වැනිදාට ණය ගෙවීම පැහැර හැර අවුරුදු දෙකයි
2024 අප්‍රේල් මස 08 36 0

ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ


දේශපාලන පලිගැනීම්වලට ලක්වූ එ.ජා. පාක්ෂිකයන්ට මැයි මස සිට වන්දි
2024 අප්‍රේල් මස 08 55 0

දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.


බාල ඖෂධ ගෙනත් කෝටි 15ක් වතුරේ
2024 අප්‍රේල් මස 08 23 0

ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා


දුප්පතුන් සංඛ්‍යාව ලක්ෂ 57 කට නැගලා
2024 අප්‍රේල් මස 08 9 0

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලු‍ත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප


උසස් පෙළ ප්‍රතිඵල මැයි මුල
2024 අප්‍රේල් මස 08 9 0

අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1509 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site